මොකක්ද මේ Retina Display කියන්නේ ?

1 comment
මොකක්ද මේ Retina Display කියන්නේ ?


ඇපල් සමාගම විසින් 2010 දී එළි දක්වනු ලබූ ඇපල් අයිෆොන් 4 සමග ලෝකයට හදුන්වා දුන් Retina තිරය මේ වන තෙක් ම ලොව හොඳ ම තිරය (Display) එක ලෙස සැලකෙනවා.ඉන් පසුව නිකුත් කළ ඇපල් හි iPhone 4S,iPhone 5,iPad 3,iPad 4,iPod 5G,Macbook Pro with Retina Display යන නිෂ්පාදන වලට ද මෙය යොදා ගැනුණා.


ඕනෑ ම තිරයක යමක් නිරූපණය කරන්නේ Pixel වලිනි.එහි දී එම තිරයේ ඇති Pixel ප්‍රමාණය වැඩිවීමට සාපේක්ෂව එහි ගුණාත්මක බවත් වැඩි වෙනවා.Pixel ප්‍රමාණය ගණනය කරන්නේ අඟලකට ඇති පික්සෙල් ප්‍රමාණයෙනි(PPI=Pixel Per Inch).ඇපල්   Retina තිරයේ විශේෂත්වය වන්නේ එහි අඟලකට Pixel 326 ක් තිබීම යි.(326 Pixel Per Inch)වෙනත් Display වල මෙය Pixel 175 ත් 280 ත් අතර වෙනවා.මේ සමග ම මෙයට IPS(In Plane Switthing) යන නව තාක්ෂණය ද එක්කොට තිබෙනවා.එනම් අප Display එක දෙස බලන කෝණය (viewing angle) එක වෙනස් වුව ද එහි ගුණාත්මකබවේ වෙනසක් ඇති වන්නේ නැහැ.මෙම Display එකට වර්ණ මිලියන 16 ක් නිකුත් කිරීමේ හැකියාව තිබෙනවා.

මෙය හදුන්වා දෙන විට ඇපල්හි තාක්ෂණික ප්‍රධානී Bob Mansfield  ප්‍රකාශ කළේ මෙම තිරයෙන් දිස්වන ඉතා කුඩා අකුරු පවා මුද්‍රණය කළ කඩදාසියන මෙන් ඉතා පැහැදිලි බව යි.මෙහි යමක් ඉතා සමීප කර බැලුව ද  එය  pixellated වෙන්නේ නැහැ.මෙය තවදුරටත් පැහැදිලි කර ගැනීමට පහළ රූපය බලන්න.තවද මෙහි බලපත්‍රය ද ඇපල් සමාගම සතු ‍වෙනවා.

මොකක්ද මේ Retina Display කියන්නේ ?

මොකක්ද මේ Retina Display කියන්නේ ?
ඇපල් Retina තිරය සහ සැම්සුන් Amoled තිරය සංසන්දනය.


1 comment :

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.