ලාබෙට iPhone නැත...

No comments

ලාබෙට iPhone නැත...


මීට සති කිහිපයකට පෙර සමහර වෙබ් අඩවි කියා සිටියා ඇපල් සමාගමේ අයිෆෝනය මිළ අඩු නිමාවකින් වෙළඳපොළට පැමිණෙනු ඇති බව.මොකද අද වන විට වෙළඳපොළෙහි පවතින මිළ අඩු Smartphone සමග තරග කිරීමට ඇපල් අයිෆොන් හි මිළ බාධාවක් වන නිසා මෙසේ අඩු නිෂ්පාදන පිරිවැයක් යොදා අයිෆොනයක් නිපදවන බව යි.

නමුදු ඇපල් හි අලෙවිකරණ උප සභාපති පිලිප් ස්කිලර්(Philip Schiller) චීනයේ පුවත්පතක සම්මුඛ සාකච්ඡාවක දී එම පුවත් සියල්ල ප්‍රතික්ෂේප කළා.

ඇපල් සමාගම නිරතුරුව ම ඉතා ඉහළ පරිශීලක අත්දැකීමක්(User Experience)  ලබා දීමට උත්සහ කරන අතර අඩු පිරිවැයක් සහිත අමුද්‍රව්‍ය යොදා මිළ අඩු අයිෆෝනයක් නිපදවීම මගින් මෙයට විශාල හානියක් සිදු විය හැකි ය.පිලිප් ස්කිලර්(Philip Schiller) ප්‍රකාශ කරන්නේ සමහර නිෂ්පාදකයින් තම නිෂ්පාදනවල ඇති සමහර විශේෂාංග ඉවත් කොට තම නිෂ්පාදන වෙළදපොළට නිකුත් කරන නිසා එහි පරිශීලක අත්දැකීම(User Experience ) පාරිභොගිකයට නිසි ලෙස ලැබෙන්නේ නැති බව ත් එමගින් එහි නිෂ්පාදන වටිනාකම පහත වැටෙන බවත් ය.දැනට ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කර තිබෙන උපාංග සාමාන්‍යයෙන් පාරිභොගිකයෙකුට ළඟා විය හැකි මට්ටමක පවතින බව ත් අයිෆෝන් 4 සහ අයිෆෝන් 4S ද තවදුරටත් පාරිභෝගිකයන්ට අඩු මිළ ගණන් යටතේ මිළ දී ගැනීම සඳහා අවස්ථාව තිබෙන බවත් ය.

"So a lot of people in the Chinese market using a functional machine, some manufacturers use cheap smartphones replace feature phones, but this is not Apple’s product development direction."

-Apple Marketing SVP Philip Schiller-


ලාබෙට iPhone නැත...
අයිෆෝන් 5 සහ අයිෆෝන් 4S iOS 6 සංස්කරණය තුළ...


No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.