Steve Jobs නැවතත් ?

No comments

Steve Jobs නැවතත් ?

2011 ඔක්තෝබර් මස 05 වන දින සුව කළ නොහැකි අග්න්‍යාශයේ පිළිකාවක් නිසා ලොවින් සමුගත් ඇපල් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී සහ  ඇපල් හි සම නිර්මාතෘ වන ස්ටීව් ජොබ්ස්ගේ ජීවිත කථාව ඇසුරෙන් නිර්මාණය කරන ලද  "Jobs" සිනමාපටය මෙම වර්ෂයේ අප්‍රේල් මස ප්‍රදර්ශනය කිරීමට නියමිත බව එහි සංවිධායකයින් පවසනවා.මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් ඇපල් සමාගම කිසිදු ආකාරයක මැදිහත් වීමක් කර නොමැති බව ද පැවසෙනවා.

මෙහි ස්ටීව් ජොබ්ස්ගේ චරිතයට පණ පොවන්නේ ඔස්කාර් සම්මානලාභි Ashton Kutcher ය.මෙයට තේමා වන්නේ ස්ටීව් ජොබ්ස්ගේ  1971 සිට 2000 වර්ෂය දක්වා ඔහුගේ ජීවිත කථාව සහ ඇපල් සමාගමේ මුල් කාලය යි.ඇපල් හි උපන් ස්ථානය වන Palo Alto ගරාජය ද මෙහි දර්ශනතලයක් ලෙස යොදාගෙන තිබෙනවා.Ashton Kutcher ස්ටීව් ජොබ්ස්ගේ තරුණ කාලයේ පෙනුමට බොහෝ ලෙස සමාන නිසා මෙයට ඉතා ඉහළ මට්ටමේ තාත්වික බවක් ගෙන දෙනවා පමණක් නොව මෙය ඇපල් ලොලීන් අතර ද අතිශය ජනප්‍රිය වනවා නොඅනුමාන යි. 

                                              
 ප්‍රධාන චරිතය | Ashton Kutcher

 තිර රචනය | Matthew Whitely 

අධ්‍යක්ෂණය | Joshua Michael Stern

කැමරාකරණය | Russell Carpenter

 නිෂ්පාදනය | Mark Hulme


Steve Jobs නැවතත් ?
Palo Alto ගරාජය තුළ(Steve Jobs වම් පස Ashton Kutcher දකුණු පස)
Steve Jobs නැවතත් ?
Steve Jobs වම් පස Ashton Kutcher දකුණු පස
 *මෙම ලිපිය ඉදිරියේ දී යවත්කාලීන වීමට නියමිත යි.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.