ලාබ ඇපල්

3 comments
ලාබ ඇපල්
ඇපල් සමාගමේ වැඩි ම ආදායමක් තිබෙන ඇපල් අයිෆෝනයේ ලාබදායී අයිෆෝන් පෙළක් ඉදිරියේදී නිකුත් වීමට නියමිත යි.මීට කලින් ඒ පිළිබඳව නිවැරදි තොරතුරු නිකුත් නොවූවද මීට දින කිහිපයකට පෙර මෙම නව අයිෆෝනයට අදාළ ඡායාරූප කිහිපයක් නිකුත් වී තිබෙනවා.
වර්ණ කිහිපයකින් යුත් මෙම ලාබදායී අයිෆෝනයේ බඳ ප්ලාස්ටික් වලින් නිපදවා තිබෙනවා(polycarbonate).මෙහි හැඩය ඇපල් සමාගමෙන් නිකුත් කළ පස්වන පරම්පරාවේ අයිපොඩ් හී හැඩයට සමාන වනවා.මෙය ලාබදායී වුවද එය Samsung Galaxy Series වල බාවිතා වන ප්ලාස්ටික් නිමාවට වඩා ගුණාත්මක බවින් ඉහළ මට්ටමක පවතිනවා.

"The budget iPhone will be made substantially from plastic (we can feel it’s actually polycarbonate material). It will have a 4” screen, like the iPhone 5, and interestingly, the budget iPhone actually has a shape that’s similar to Apple’s original iPod. When we hold the budget iPhone in our hands, the plastic chassis does not feel cheap at all. Unlike the plastic build quality of the Samsung Galaxy phones, the plastic material used on the budget iPhone feels more sturdy."

මෙම අයිෆෝනය බොහෝ දුරට Apple iPhone Mini ලෙස හඳුන්වනු ඇති.අඟල් හතරකින් යුත් තිරයක් සහිත මෙය ඇමෙරිකානු ඩොලර් 300 ත් 400 ත් අතර මිලකට iOS 7 නිකුත් වීමත් සමඟ නිකුත්වනු ඇති බවයි පැවසෙන්නේ.

ලාබ ඇපල්

ලාබ ඇපල්

ලාබ ඇපල්

ලාබ ඇපල්
iPhone Mini iPhone 5 සමඟ

ලාබ ඇපල්


ඇපල් අයිෆෝන් හි මිල අධිකබව නිසා එයට ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ධාවනය වන දුරකතනවලට සාපේක්ෂව අඩු පිරිසක් අතරේ පැතිර පවතිනවා. මන්ද සෑම පාරිබෝගිකයෙකුට ම ලඟා විය හැකි මිලකට මිලෙන් අඩු ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වෙළදපොලේ තිබෙන නිසා මුලු ලෝකයෙන් ම ගූගල් ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් iOS බාවිත කරන්නන් අතර පරතරය (Marcket Share) වැඩි ය.මෙම නවතම අයිෆෝනය මඟින්   මෙම පරතරය අවම කිරීමට සමත්වනවා නොඅනුමාන යි.ගූගල් ඇන්ඩ්‍රොයිඩ්වල නවත ම සංස්කරණය Jelly Bean වුවද ඊට සාපේක්ෂව 2010 දී නිකුත් කළ Gingerbread සංස්කරණය ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවල බහුලව ධාවනය වනවා.මෙය පාරිබෝගිකයට එහි ප්‍රතිලාභ නියමවශයෙන් නොලැබෙන අතර එය පාරිබෝගිකයට අවාසිදායක වනවා.නමුදු ඇපල් iOS හී නවතම සංස්කරණය වන iOS 6 ඇපල් iOS සංස්කරණ වලින් 93% ක් වැනි ප්‍රතිශතයක් වූ ඇපල් උපාංගවල ධාවනය වන අතර මෙම ලාබදායී අයිෆෝනය iOS 7 සඳහා සහය දක්වනවා.තවද මෙය නිකුත් කළ සැණින් චීනයේ සහ ඉන්දියාවේ වෙළඳපොළට කඩිනමින් නිකුත් කරනු ඇති.






3 comments :

  1. apith apple kama lagadima !!!!ela

    ReplyDelete
  2. Hey I know this is off topic but I was wondering if you knew of any widgets I could add
    to my blog that automatically tweet my newest twitter updates.
    I've been looking for a plug-in like this for quite some time and was hoping maybe you
    would have some experience with something like this.
    Please let me know if you run into anything. I truly enjoy reading your blog and I look forward to your new updates.


    My weblog - http://web.e-kabza.pl

    ReplyDelete

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.