සැම්සුන් වෙතිනුත් 64bit ප්‍රොසෙසරයක්

No comments
සැම්සුන් වෙතිනුත්  64bit ප්‍රොසෙසරයක්


සැම්සුන් සමාගමත් තම ස්මාර්ට් ෆෝන් සඳහා 64bit ප්‍රොසෙසරයක් ඇතුළත් කිරීමට සැරසෙන බව පැවසෙනවා.සැම්සුන් හි වෙළඳ ප්‍රධානියෙක් වන Shin Jong-kyun පැවසුවේ ළඟදීම නොවුනත් ඔවුන්ගේ මීළඟ නිෂ්පාදනය සඳහා 64bit ප්‍රොසෙසරයක් ඇතුළත් වනු ඇති බව යි.


“Not in the shortest time. But yes, our next smartphones will have 64-bit processing functionality.” 
-Samsung’s mobile business chief Shin Jong-kyun-

මෙය බොහෝ දුරට සැම්සුන් සමාගමේ ගැලැක්සි එකතුවේ මීළඟ හඳුන්වාදීම වන  සැම්සුන් ගැලැක්සි S5 64bit ප්‍රොසෙසරයක් සමඟ පැමිණේවි යැයි අපේක්ෂා කළ හැකි ය.

ඇත්තවශයෙන් ම දැනට නිකුත් වී ඇති දත්ත අනුව ඇපල් අයිෆෝන් 5S ඉතා වේගවත් බව යි පැවසෙන්නේ.මෙයට ඇපල් A7 ප්‍රොසෙසරය 64bit වීම පමණක් බලපෑවා යැයි සැළකිය නොහැකි ය.ඇපල් සමාගම සහ සැම්සුන් සමාගම මීට පෙර අවස්ථා කිහිපයකදී බලපත්‍ර (Patent)  සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවලදී නීතිමය පියවර ගනු ලැබුවා.

පරිගණකයදී නම් මතක ධාරිතාව 4GB හෝ ඊට වැඩි නම් 64bit ප්‍රොසෙසරයක් පැවතිය යුතු ය.නමුදු මීට සුළු දවසකට පෙර නිකුත් කළ සැම්සුන් ගැලැක්සි Note 3 හි ද ඇත්තේ 3GB RAM එකකි.කෙසේවෙතත් මෙම තාක්ෂණය  තවදුරටත් දියුණු වී ඉදිරියේ පැමිණෙන සෑම ස්මාර්ට් ෆෝනයකම හදවත වනවා නොඅනුමාන යි.

තවද මීට දින කිහිපයකට පෙර බ්‍රිතාන්‍යයේ Dyson නැමැති සමාගමක්  සැම්සුන් සමාගමට විරුද්ධව නඩුවක් ගොනු කර තිබුණා.ඒ එම සමාගමට අයත් වැකුම් ක්ලීනරයකට අයත් තාක්ෂණය අවසරයකින් තොරව බාවිත කිරීම සම්බන්ධයෙනු යි.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.