iOS 8.0 සිට iOS 8.2 beta දක්වා ඇති සියලු ම iOS අනුවාද Untethered Jailbreak කරමු [Updated]

5 comments
iOS 8.0 සිට iOS 8.2 බීටා දක්වා ඇති සියලු ම iOS අනුවාද Untethered Jailbreak කරමු


ඇපල් සමාගම පසුගියදා iOS 8.1.1 නිකුත් කරන විට කියා සිටියේ Pangu කණ්ඩායම iOS 8 Jailbreak කිරීම සඳහා භාවිත කළ iOS හි අනාරක්ෂිත ස්ථාන(vulnerabilities) 3 ම වසා දැමූ බවත් එම අනාරක්ෂිත ස්ථාන හඳුනාගැනීම තුළින් iOS 8.1.1 වඩාත් ආරක්ෂිත කිරීම පිළිබඳව Pangu කණ්ඩායමට ස්තුතිය ද පළ කර සිටියේ ය.ඒ අනුව Pangu කණ්ඩායමට iOS 8.1.1 Jailbreak කිරීම සඳහා tool එක යාවත්කාලීන කිරීමට නොහැකි විය.

නමුදු පසුගියදා තවත් චීන හැකර් කණ්ඩායමක් වන TaiG කණ්ඩායම විසින් iOS 8.1.1 සහ මේ වන විට ඇපල් මෘදුකාංග ප්‍රවර්ධකයින් වෙත ලබා දී ඇති මීළඟ iOS අනුවාදය වන iOS 8.2 හි බීටා අනුවාදය ද සාර්ථකව Untethered jailbreak(jailbreak ගැන සම්පූර්ණ ලිපිය කියවීම සඳහා මෙම සබැඳියාවට පිවිසෙන්න) කළ හැකි tool එකක් නිකුත් කොට තිබෙනවා.මේ වන විට චීන භාෂාවෙන් පමණක් ඉංග්‍රීසි භාෂාවෙන් ද නිකුත් කොට ඇති මෙම tool එක Windows මෙහෙයුම් පද්ධතිය සඳහා පමණක් සහය දක්වනු ලබනවා.එම නිසා ඔබත් මැක් පරිගණකයක් භාවිත කරනවා නම් dual boot කර හෝ Parallels Desktop(trial version එකක් ඇත) වැනි virtual machine එකක Windows ස්ථාපණය කරගෙන TaiG tool එක ධාවනය කළ යුතු වනවා.

TaiG tool එක සහය දක්වනු ලබන iOS අනුවාද

  • iOS 8.2 beta
  • iOS 8.1.2
  • iOS 8.1.1
  • iOS 8.1
  • iOS 8.0.1
  • iOS 8.0.2
  • iOS 8.0
  • iOS 7.1.2
  • iOS 7.1.1
  • iOS 7.1
  • iOS 7.0.1 – iOS 7.0.6

TaiG tool එක iOS 7.0.1 සිට iOS 8.1.2 දක්වා ද සහය දැක්වුව ද එම අනුවාද jailbreak කිරීම සඳහා pangu tool එක ම භාවිත කරන්න(pangu tool එක stable නිසා සහ වාර්තා වී ඇති bugs මේ වන විට සමනය කොට ඇත).එම නිසා iOS 8.2 beta සහ iOS 8.1.2 iOS අනුවාද සඳහා පමණක් TaiG tool එක භාවිත කරන්න.

TaiG tool එක සහය දක්වනු ලබන iOS උපාංග

iOS 8 සහය දක්වනු ලබන සියලු ම උපාංග සඳහා සහය දක්වනු ලබයි.එනම්



  • iPhone 6, iPhone 6 Plus, iPhone 5s, iPhone 5c, iPhone 5, iPhone 4S
  • iPad Air 2, iPad Air, iPad 4, iPad 3, iPad 2
  • iPad mini 3, iPad mini 2, iPad mini
  • iPod touch 5G
Jailbreak කිරීමට පෙර

  • ඔබ Jailbreak කිරීමට සැරසෙන iOS උපාංගය iTunes හරහා සම්පූර්ණයෙන් backup කරගන්න.මන්ද යම් කිසි ගැටලුවක් ඇති වුවහොත් නැවත restore කරගත හැකි ය.(iTunes හරහා නිවැරදිව backup කරන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙම ලිපිය කියවන්න)
  • මීට අමතරව 50% ක පමණ බැටරි ප්‍රමාණයක්,නවත ම iTunes අනුවාදය ත් වැඩකරන අන්තර්ජාල සබඳතාවයකුත් තිබිය යුතු වේ.
  • තවද ඔබගේ ඇපල් උපාංගය iOS 8.1.1 වෙත OTA update එකක් කර ඇත්නම් iTunes හරහා iOS 8.1.1 clean install කරගන්න.(වැඩිදුර තොරතුරු සඳහා මෙම ලිපිය කියවන්න).මන්ද සමහර විට jailbreak කිරීමේ දි මෙම නිසා බාධා ඇතිවිය හැකි ය. 
  • TaiG tool එකට ගැටලුවකින් තොරව අන්තර්ජාලයට සම්බන්ධ වීම සඳහා Anti-virus මෘදුකාංග සහ firewalls disable කර තබන්න.
Jailbreak කරන ආකාරය

  • මෙම සබැඳියාවට පිවිස TaiG tool එක ඩවුන්ලෝඩ් කරගෙන එම .zip ගොනුව unzip කරගන්න.
  • USB කේබලයක් මාර්ගයෙන් jailbreak කළ යුතු උපාංගය පරිගණකයට සම්බන්ධ කරන්න.ඔබ Windows ධාවනය කිරීම සඳහා virtual machine එකක් භාවිත කරනවා නම් ඇපල් උපාංගය පරිගණකයට සම්බන්ධ කළ විට එම උපාංගය ගනුදෙනු කළ යුතු මෙහෙයුම් පද්ධතිය විමසනු ඇත.එවිට virtual machine එක එනම් Windows මෙහෙයුම් පද්ධතිය ලබා දෙන්න.
  • ඔබගේ ඇපල් උපාංගයේ Settings > iCloud > Find My iPhone වෙත පිවිස Find My iPhone disable කරන්න.
  • ඔබ ඔබගේ ඇපල් උපංගය Unlock කිරීමට Password හෝ Touch ID භාවිත කරනවා නම් settings > Touch ID & Passcode වෙත පිවිස iPhone Unlock යන්න disable කර Touch ID ද ඊට පහළින් ඇති Turn Passcode Off යන්න ද tap කොට Unlock කිරීමට යොදා ඇති passcode එක ද ඉවත් කරගන්න.
  • පසුව Settings ඇප් එක වෙත පිවිස හෝ Control Center ඔස්සේ Airplane mode on කරගන්න.එවිට දුරකතන ඇමතුම් වැනි දෑ වලින් ඇතිවන බාධාවන් ඉවත් වේ.
  • ඔබ Unzip කරගත් ගොනුවේ ඇති .exe ගොනුව Right click කර 'Run as Administrator' යන්න තෝරා ධාවනය කරගන්න.
  • ඉන් පසු මද වේලාවකින් එම tool එක මඟින් ඔබගේ ඇපල් උපාංගය හඳුනාගනු ඇත.එසේ ඔබගේ උපාංගය හඳුනාගත් පසු Cydia ‍| 1.1.16 යන්න පමණක් select කොට ඊට පහළින් ඇති option එක deselect කරන්න(මෙමඟින් TaiG App Store එක අපගේ උපාංගයේ ස්ථාපණය වීම වැලකේ.)එවිට ලැබෙන popup එක X සළකුණ click කොට ඉවත් කරගන්න.
iOS 8.0 සිට iOS 8.2 beta දක්වා ඇති සියලු ම iOS අනුවාද Untethered Jailbreak කරමු [Updated]

  • ඉන් පසු ඊට පහළ ඇති කොළ පාට බටන් එක click කරන්න.එවිට circular progress bar එකක් සමඟ Jailbreak කිරීම ආරම්භ වේ.
  • මෙසේ jailbreak වී අවසන් වූ පසු ඔබගේ ඇපල් උපාංගය Reboot වේ.එසේ reboot වූ පසු ඔබට Cydia ඇප් එක දැක ගත හැකි අතර ඔබගේ ඇපල් උපාංගය අන්තර්ජාලයට සම්බන්ධ කොට Cydia ඇප් එක Open කර ගන්න.
  • එවිට Preparing file system ලෙස සටහන්ව Cydia ධාවනය වීමට අවශ්‍ය දත්ත ලබාගෙන සකස් වී අවසන් වූ පසු නැවත ඔබගේ ඇපල් උපාංගය Reboot වේ.ඉන් පසු නැවත Cydia ඇප් එක Open කර බලන්න.
  • දැන් ඔබගේ ඇපල් උපාංගය සාර්ථකව Untethered Jailbreak වී ඇත.
මෙම ලිපිය ලියන මෙහොත වන විට මේ වන තෙක් මෙහි කිසිම bug එකක් වාර්තා වී නැති අතර ඔබට යම් ගැටලුවක් තිබේ නම් පහළින් Comment කරන්න.

5 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

සුබ ගමන් අයිෆෝන් 5C...

2 comments
සුබ ගමන් අයිෆෝන් 5C...


පසුගිය වසරේ නිකුත් වූ අයිෆෝන් 5S සමඟ වෙළඳපොළට නිකුත් කළ අයිෆෝන් 5C ලබන වසරේ(2015) මැද භාගය වන විට නිෂ්පාදනය කිරීම සම්පූර්ණ වශයෙන් නවතා දැමීමට ඇපල් සමාගම තීරණය කර ඇති බව තායිවාන සඟරාවක් වන Industrial and Commercial Times අනාවරණය කොට තිබෙනවා.ඒ අනුව ඇපල් සමාගමේ නිළ සැපයුම්කරුවන් වන Wistron සහ Foxconn යන සමාගම් ලබන වසරේ සිට අයිෆෝන් 5C නිෂ්පාදනය කිරීම නවතා දමනු ඇත.

සමාන්‍යයෙන් ඇපල් සමාගම නව අයිෆෝනයක් වෙළඳපොළට නිකුත් කළ විට එම නව අයිෆෝනයේ මිළට වඩා ඇමෙරිකානු ඩොලර් 100 ක පමණ මිළ අඩුවෙන් ඊට ප්‍රථම නිකුත් කරන ලද අයිෆෝනය විකුණනු ලබනවා.උදාහරණයක් ලෙස 2012 වසරේ අයිෆෝන් 5 16GB අනුවාදය ඇමෙරිකානු ඩොලර් 649 කට වෙළඳපොළට නිකුත් කරන විට 2011 වසරේ නිකුත් කළ අයිෆෝන් 4S ඇමෙරිකානු ඩොලර් 549 කට එනම් පෙරට වඩා ඇමෙරිකානු ඩොලර් 100 ක් අඩුවෙන් වෙළඳපොළේ විකිණීම සිදු කළා.නමුදු 2013 වසරේ අයිෆෝන් 5S නිකුත් කරන විට ඇපල් සමාගම මීට වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරමින් අයිෆෝන් 5 නිෂ්පාදනය නවතා දමා ඒ වෙනුවට අයිෆෝන් 5 හි දක්නට ලැබෙන විශේෂාංග එලෙසම යොදා ගනිමින් නව අයිෆෝන් 5C ඇමෙරිකානු ඩොලර් 549 කට වෙළඳපොළට නිකුත් කරනු ලැබුවා.මෙයට හේතු ලෙස දැක්වුණේ අයිෆෝන් 5 සඳහා යොදා ගැනුණු අමුද්‍රව්‍ය වල මිළත් එය එකළස් කිරීමට ඉතා අසීරුවීමත් ය.

ප්ලාස්ටික් බදක්(polycarbonate) සහිත දැකුම්කළු වර්ණයන්ගෙන් යුක්ත අයිෆෝන් 5C වෙළඳපොළට නිකුත් කරන විට බොහෝ දෙනා සිතුවේ මෙම අයිෆෝනය මිලෙන් අඩු එනම් සමාන්‍යයෙන් පාරිභෝගිකයෙකුට ලෙහෙසියෙන් ළං වන්නට පුළුවන් මිළකට වෙළඳපොළට නිකුත් වනු ඇති බව යි.තවද විවිධ වර්ණයන්ගෙන් යුතු බැවින් පාරිභෝගිකයාට තරමක වෙනස් තේරීමක් ලැබෙන නිසාත් මෙම උපාංගය වඩා ජනප්‍රිය වනු ඇති බවට එකළ මත පළ විය.

පසුගිය අවුරුදු වල සිදු කෙරුණු සංගණනයන්ට අනුව ස්ත්‍රී පාර්ෂවය අත වැඩි වශයෙන් අයිෆෝන් 5C ගැවසුණ ද,එංගලන්තයේ වැඩියෙන් ම අළෙවි වූ ස්මාර්ට්ෆෝනය (සැම්සුන් S5 හි අළෙවියටත් වඩා) අයිෆෝන් 5C  වුව ද සමස්තයක් ලෙස එහි වෙළඳාම බලාපොරොත්තු වූ මට්ටමක තිබුණේ නැත.මෙයට ප්‍රධාන ම හේතුව ලෙස සැලකෙන්නේ අයිෆොන් 5C හි මිළෙහි සැළකිව යුතු අඩුවක් දක්නට නොමැති නිසා ත් එහි විශේෂාංග දැන් යම් දුරකට යල් පැණ ගොස් තිබීමත් ය.එම නිසා එහි වෙළදාම දැන් කෙමෙන් අඩුවෙමින් පවතී.


සුබ ගමන් අයිෆෝන් 5C...


ඇපල් සමාගමේ මෙම ක්‍රියාමාර්ගයත් සමඟ දැනට වෙළඳපොළේ දක්නට ලැබෙන අයිෆෝන්(අයිෆෝන් 5S, අයිෆෝන් 6, අයිෆෝන් 6 Plus) ඇපල් Touch ID අන්තර්ගත කළ සහ ඇපල් 64bit ප්‍රොසෙසරයක් සහිත උපාංග වේ.තව ද මේ සමඟ ම 'C' අක්ෂරය සහිත අයිෆෝන් පරම්පරාව ද අඟල් 4ක තිරයක් තිබූ තවත් අයිෆෝන් පරම්පරාවක් ද මෙයින් අවසන් වේ.

2 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

චීනය තුළ සැම්සුන් පරදා ඇපල් පෙරට

No comments
Credit - CNN Money
මේ ගෙවෙන්නේ ඇපල් සමාගමේ සාර්ථක ම වසර යි.මෙම කියමන නැවත පසක් කරමින් ඇපල් සමාගම පසුගියදා තවත් ජයග්‍රහණයක් අත්පත් කරගනු ලැබුවා.ඒ ලොව විශාලත ම ස්මාර්ට්ෆෝන් පරිභෝජන වෙළඳපොළ හිමි චීනය තුළ පාරිභෝගකයින්ගේ විශ්වාසය කැමැත්ත දිනාගත් හොඳම ජංගම දුරකතන සන්නාමය බවට පත්වෙමිනි.

චීනයේ සන්නාම පර්යේෂණ ආයතනය මඟින් සිදු කළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර මීට ප්‍රථම එනම් 2012 වර්ෂයේ සිට මෙහි ප්‍රථම ස්ථානයේ රැඳී සිටියේ සැම්සුන් සමාගම යි.

මෙම සමීක්ෂණවල ආසන්නත ම සමීක්ෂණය 2013 අගෝස්තු මස සිට 2014 ජනවාරි මස දක්වා යවස අවුරුදු 15 ත් 60 ත් අතර නගර 30 ක වෙසෙන චීන ජාතිකයින් 13,500 ක් පමණ සහභාගි කරගනිමින් ක්‍රියාත්මක කර ඇත.

මෙම සමීක්ෂණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ආයතනය සඳහන් කළේ සැම්සුන් සමාගම හුදෙක් වෙළඳපොළ කොටස්(market share) පිළිබඳ පමණක් අවධානය යොමු කිරීමට පෙළඹීම නිසා පාරිභෝගිකයින්ගේ විශ්වාසය,ලැදිකම හීන වී යන බව යි.නමුදු ඇපල් සමාගම මෙකී කාරණා දෙක හොඳින් පවත්වාගෙන යන නිසා මෙම ජයග්‍රහණය අත් වූ බවයි පැවසෙන්නේ.තවද යම් සමාගමක් වෙළඳපොළ කොටස්(market share) සම්බන්ධයෙන් පමණක් දැඩි අවධානයක් යොමු කරමින් පාරිභෝගිකයින් පිළිබඳව අවධානය යොමු නොකිරීම හේතුවෙන් එම සන්නාමය කළමණාකරණය කරගැනීමට හා හොඳින් පවත්වා ගෙන යෑමට අසීරු වන බව එම ආයතනය තවදුරටත් සඳහන් කොට සිටියේ ය.

ඇපල් සමාගමේ අයිෆෝන් 6 සහ 6 Plus චීනය තුළ විශාල වශයෙන් අලෙවි වෙමින් පවතින අතර ඇපල් සමාගම ලබන වසර 2 ඇතුළත ඇපල් Retail Stores 25 විවෘත කිරීමට සූදානමින් සිටි යි.තවද ඇපල්හි ප්‍රධාන විධායක නිළධාරී ටිම් කුක් මහතා පසුගිය වර්ෂයේ සඳහන් කොට තිබුණේ චීනය යනු ඇපල් සමාගමේ දෙවන ලොකු ම වෙළඳපොළ බවත් එය නුදුරු දිනෙක සමාගමේ ලොකු ම වෙළඳපොළ වනු ඇති බවත් ය.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

Forbes සඟරාව ද 'ඇපල්',වසරේ ලොව වඩාත් වටිනා ම සන්නාමය ලෙස නම් කෙරේ...

No comments
Forbes සඟරාව ද 'ඇපල්' වසරේ ලොව වඩාත් වටිනා ම සන්නාමය ලෙස නම් කෙරේ...


Forbes සඟරාව පසුගියදා වසරේ ලොව වඩාත් වටිනාම සන්නාම ලැයිස්තුව නම් කරනු ලැබුවා.ඒ අනුව එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඇපල් සන්නාමයට හැකි වුණු අතර එහි වටිනාකම සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 124.2 ක් ලෙසයි.එය එම ලැයිස්තුවේ තිබෙන අනෙකුත් සන්නාමවලට වඩා දෙගුණයක වටිනාකමකි.

ඇපල් සමාගම පසුගිය වසරට වඩා ඇපල් සන්නාමයේ වටිනාකම 19% කින් ඉහළ ගොස් ඇති අතර මෙම වසරේ නිකුත් වූ අයිෆෝන් 6,අයිපෑඩ් සහ ඇපල් Pay ද මේ සඳහා බලපා ඇතැයි පැවසේ.මීට අමතරව මයික්‍රොසොෆ්ට් සන්නාමය දෙවන ස්ථානයේ ද ගූගල් සන්නාමය තෙවන ස්ථානය ද ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Forbes සඟරාව පවසා ඇත්තේ ඇපල් උපාංග සමඟ කරට කර තරග කළ හැකි උපාංග වෙනත් සන්නාම වලින් නිකුත් වුව ද ඇපල් ලෝලීන් දිගු කාලීනව ඇපල් සන්නාමයත් සමඟ රැඳී සිටින බව ත් එම නිසාම එහි වටිනාකම දිනෙන් දින ඉහළ යන බවත් ය.

Forbes සඟරාව ද 'ඇපල්' වසරේ ලොව වඩාත් වටිනා ම සන්නාමය ලෙස නම් කෙරේ...

මීට දින කිහිපයකට පෙර ද Interbrand's Best global brands වාර්තාවට අනුව දෙවන වතාවටත් ඇපල් සන්නාමය ලොව වඩාත් වටිනා ම සන්නාමය ලෙස නම් කරනු ලැබුවා.ඒ පිළිබඳව දැනගැනීමට මෙම ලිපිය කියවන්න.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

iOS සහ මැක් OS X ඉලක්ක කොට නිර්මාණය කෙරුණු මැල්වෙයා එකක් චීනයෙන් වාර්තා වේ

No comments
iOS සහ මැක් OS X ඉලක්ක කොට නිර්මාණය කෙරුණු මැල්වෙයා එකක් චීනයෙන් වාර්තා වේ

ඇපල් උපාංගවල ධාවනය වන iOS සහ Mac OS X ඉලක්ක කොට නිර්මාණය කෙරුණු මැල්වෙයා එකක් පිළිබඳව චීනයෙන් වාර්තා වනවා.Palo Alto Networks නමින් හැඳින්වෙන ආයතනයක් මඟින් කළ පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර එම වයිරසය 'WireLurker' ලෙස හඳුන්වනු ලබනවා.

චීනයේ භාවිත වන තෙවන පාර්ෂවයේ මැක් App Store හි ඇති ඇප් වල අන්තර්ගතව ඇති මෙම වයිරසය එම ඇප් මැක් පරිගණකයක ස්ථාපණය වන විට ස්වයංක්‍රීයව ස්ථාපණය වන අතර පසුව ආසාදනයට ලක් වූ එම මැක් පරිගණකයකට USB කේබලයක් මඟින් iOS උපාංගයක් සම්බන්ධ කළ විට එම මැල්වෙයා එක jailbreak කළ නොකළ සැම උපාංගයකට ම Download වෙමින් හෝ ස්වයංක්‍රීයව නිර්මාණය වෙමින් ස්ථාපණය වන බවයි පැවසෙන්නේ.

චීනය තුළ ප්‍රසිද්ධ තෙවන පාර්ෂවයේ මැක් App Store එකක් වන 'Maiyadi' නැමැති      App Store එක තුළ මෙම මැල්වෙයා එකෙන් අසාදනයට ලක් වූ ඇප්ස් 467 ක් පමණ ඇති අතර එම ඇප්ස් 356,104 වතාවක් මේ වන විට ඩවුන්ලෝඩ් කර ඇත.එම නිසා සැළකිව යුතු ඇපල් උපාංග ප්‍රමාණයක් මේ වන විට ආසාදනය වී ඇති බව අනුමාන කෙරේ.

ඇපල් iOS උපාංගවලට ඇප් නිර්මාණය කිරීමේ දී එම ඇප්ස් ඇපල් App Store එකට නිකුත් නොකොට යම් ආයතනයකට හෝ යම් පාර්ශවයකට අදාළ ඇපල් උපාංගවල පමණක් වෙන වෙන ම ස්ථාපනය කළ හැකි ය.එය iOS Developer Enterprice Programme යටතේ ලැබෙන වරප්‍රසාදයක් වන අතර ඇපල් සමාගම එහි දී භාවිත වන උපක්‍රමයක් ඇසුරෙන් iOS උපාංග වල අදාළ මැල්වෙයා එක ස්ථාපණය කෙරේ.

මෙම මැල්වෙයා එක නිර්මාණය කළ පාර්ශවය අදාළ මැල්වෙයා එක නිර්මාණය කළ අරමුණ මෙතෙක් පැහැදිලි නොවී ඇති අතර මෙම මැල්වෙයා එක මේ වන විටත් සක්‍රියව ව්‍යාප්ත වෙමින් පවති.

මෙම මැල්වෙයා එක මේ මෙහොතේ චීනය තුළ පමණක් ව්‍යාප්තව ඇති බවට අනාවරණය වී ඇති බැවින් ඔබ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන අතර පෙර සූදානමක් ලෙස පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.

WireLurker මැල්වෙයා එකෙන් ආරාක්ෂා වීමට ගත හැකි ක්‍රියාමාර්ග


  • සෑම විටම ඔබගේ ඇපල් උපාංගය නවත ම මැක් OS X/iOS අනුවාදයට යාවත්කාලීන කොට තබන්න.
  • හැකිනම් මැක් සඳහා නිර්මාණය කෙරුණු Genuine ප්‍රතිවයිරස මෘදුකාංගයක් ස්ථාපණය කොට නිතරම යාවත්කාලීන කොට සක්‍රීයව තබන්න.
  • ඔබගේ මැක් මෙහෙයුම් පද්ධතියේ System Preferences/Security & Privacy වෙත ගොස් Allow Apps downloaded from: යන්නෙහි Mac App Store යන්න හෝ Mac App Store and identified developers යන්න පමණක් තෝරා තබන්න.
  • තෙවන පාර්ෂවයේ App Store වලින් හෝ වෙනත් Untrusted(අවිශ්වාස) මූලාශ්‍ර වලින් ඇප්ස් Download කිරීම සහ ධාවනය කිරීමෙන් වළකින්න.
  • ඔබ නොදන්නා/අවිශ්වාස පරිගණක/උපාංග සමඟ ඔබගේ උපාංගය Connect කිරීමෙන් වළකින්න.
  • ඔබගේ iOS උපාංගය චාර්ජ් කිරීමේ දී ඔබ නොදන්නා/අවිශ්වාස මූලාශ්‍ර භාවිත කිරීම හැකි තරම් සීමා කරන්න.තවද ඔබ වෙනත් පරිගණකයක් වෙත USB කේබලයක් ඔස්සේ සම්බන්ධ කළ විට එය අවිශ්වාස නම් එම පරිගණකයට සම්බන්ධ කළ විගස දිස්වන 'Trust This Computer' යන්නෙන් 'No' ලෙස ලබා දෙන්න.
  • මේ මෙහොතේ හැකිනම් ඔබගේ iOS උපාංගය Jailbreak කිරීමෙන් වැළකී සිටින්න.මන්ද Jailbreak කළ උපාංගයක් සාපේක්ෂව මෙම මැල්වෙයා එක ස්ථාපණය වීමේ වැඩි අවධානමක් පවතී.ඔබට Jailbreak කිරීමට අවශ්‍ය ම නම් පමණක් Cydia Community මඟින් Credit කර ඇති Trusted Sources/Apps/Tweeks පමණක් භාවිත කරන්න.



මැල්වෙයා යනු සරලව යම් මෙහෙයුම් පද්ධතියකට හානිදායක වන මෘදුකාංගවලට පොදුවේ හඳුන්වනු ලබන නම යි.'Malicious Software' යන වචන දෙක එකතු වී සෑදී ඇති මැල්වෙයා මඟින් අපගේ වැදගත් තොරතුරු මකා දැමීම,සොරා ගැනීම,මෙහෙයුම් පද්ධතිය අඩපණ කිරීම වැනි දෑ කිරීමට පුළුවන.
චීනය යනු ඇපල් සමාගමේ දෙවන හොඳ ම වෙළඳපොළ වන අතර පසුගියදා නිකුත් කෙරුණු වාර්තාවකට අනුව ඇපල් සමාගම චීනයේ බලගතු ම ජංගම දුරකතන සන්නාමය බවට පත් විය.ඒ මීට පෙර වසර දෙකෙහි ම ප්‍රථම ස්ථානයේ රැඳී සිටි සැම්සුන් සන්නාමය පරාද කරමිනි.

Update 1

ඇපල් සමාගම විසින් WireLurker මැල්වෙයා එක මඟින් ආසාදනයට ලක් වූ ඇප්ස්   ධාවනය වීම අවහිර(block) කොට තිබෙන අතර විශ්වාසනීය(Trusted) මූලාශ්‍ර වලින් පමණක් ඇප්ස් download කර ස්ථාපණය කර ගන්නා ලෙස ඇපල් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කොට තිබෙනවා.

Update 2

චීන බලධාරීන් විසින් පසුගිය දින ලැබුණු ඔත්තුවක් මත WireLurker මැල්වෙයා එක නිපදවමින් සහ බෙදාහරිමින් සිටි සැකකරැවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ සමඟ ම මෙම මැල්වෙයා එක ව්‍යාප්තකරවීමට යොදාගත් වෙබ් අඩවිය ද සම්පූර්ණයෙන් ම වසා දමා තිබෙනවා.කෙසේවෙතත් ඔබ ඉහත සඳහන් උපදෙස් පිළිපඳින ලෙස ඉතා අවධාරණයෙන් ඉල්ලා සිටිනවා.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

iOS 8.1 නිකුත් වේ...නිවැරදිව iOS 8.1 වෙත යාවත්කාලීන කරන්නේ මෙහෙම යි...

5 comments
iOS 8.1 නිකුත් වේ...නිවැරදිව iOS 8.1 වෙත යාවත්කාලීන කරන්නේ මෙහෙම යි...

Instant Hotspot,SMS Relay,iCloud Photo Library,Apple Pay ඇ‌තුළු තවත් නව විශේෂාංග රැසක් සමඟින් iOS 8.1 මීට සුළූ මො‌හො‌තකට පෙර නිකුත් විය.මේ ලිපියෙන් කියවෙන්නේ ඔබගේ ඇපල් උපාංගය නිවැරදිව iOS 8.1 වෙත යාවත්කාලීන කරන ආකාරය ගැන යි.

iOS 8.1 සහය දක්වන ඇපල් උපංග

  • iPhone 4S
  • iPhone 5
  • iPhone 5S
  • iPhone 5C
  • iPhone 6
  • iPhone 6 Plus
  • iPad 2
  • iPad 3
  • iPad 4
  • iPad Air
  • iPad Air 2
  • iPad Mini
  • iPad Mini 2
  • iPad Mini 3
  • iPod Touch 5G
iOS 8.1 වෙත යාවත්කාලීන කරන ආකාරය

1.පරිගණකය මඟින් යාවත්කාලීන කරගැනීමට

iOS 8.1 නිකුත් වේ...නිවැරදිව iOS 8.1 වෙත යාවත්කාලීන කරන්නේ මෙහෙම යි...


  • ප්‍රථමයෙන් ඔබගේ පරිගණක මෙහෙයුම් පද්ධතියට අදාළ iTunes 12.0.1 ඩවුන්ලෝඩ් කොට ස්ථාපනය කර ගන්න.
  • ඔබගේ ඇපල් උපංගය Data Cable එකක් හරහා පරිගණකයට සම්බන්ධ කොට iTunes ධාවනය කරන්න.iTunes මඟින් ඔබගේ ඇපල් උපංගය Detect කරගත් පසු අදාළ උපාංගය තෝරා Backup Now යන්න Click කරන්න.අදාළ ක්‍රියාවලිය නිමවන තෙක් මඳක් රැදී සිටින්න.මෙහිදී ඔබට Backup එක පරිගණකයේ හෝ iCloud හි save කරගත හැකි ය.
  • ඉහත පියවර අවසන් වූ පසු ඔබගේ උපංගය යාවත් කාලීන කිරීමට අදාළ උපාංගය තෝ‌රා Update යන්න Click කරන්න.මෙහිදී ඔබගේ ඇ‌පල් උපාංගයට අයත් IPSW ගොනුව Download වන අතර(ගිගාබයිට් එකක් හෝ ඊට වැඩි-ඔබගේ උපංගය මත තීරණය වේ) එලෙස Download වූ පසු Update වීම ආරම්භ වේ.මේ සඳහා යම් වේලාවක් ගතවන අතර මෙහිදී ඔබගේ උපාංගයේ සියලු සැකසුම්,ගොනු දත්ත සියල්ල ම එලෙස ම පවතින අතර ස්ථිරාංග(Firmware) පමණක් යාවත්කාලීන වේ.
  • ඔබට iOS 8.1 Clean Install කරගැනීමට අවශ්‍ය නම්(නව ඇපල් උපාංගයක් ලෙස) ඉහත පරිදි පරිගණකයට සම්බන්ධ කොට iTunes වලින් Update යන්න වෙනුවට Restore යන්න Click කරන්න.එහිදී Restore and Update යන්න තෝරන්න.මෙහිදී ද ඔබගේ ඇ‌පල් උපාංගයට අයත් IPSW ගොනුව Download වන අතර(ගිගාබයිට් එකක් හෝ ඊට වැඩි) එලෙස Download වූ පසු Restore වී Update වේ.ඉන් පසුව ඔබට අවශ්‍ය නම් එම උපංගය කළින් Save කරගත් Backup එකකට Restore කළ හැකි අතර නැතිනම් නව උපංගයක් ලෙස Setup කරගත හැකි ය. 
  • තවද ඔබට ඔබගේ උපංගයට අදාළ IPSW ගොනුව මෙම සබැඳියාවෙන් Direct Download කරගත හැකි අතර ඔබ iTunes හි Update බටනය හෝ Restore බටනය Click කරන විට ඔබ මැක් එකක් භාවිත කරනවානම් Option බොත්තම ඔබාගනිමින් ද ඔබ Windows භාවිත කරන්නේනම් Shift බොත්තම ද ඔබා ගනිමින් Restore බටනය Click කරන්න.එවිට ලැබෙන තිරයෙන් Download කරගත් iOS 8.1 අනුවාදයේ IPSW ගොනුව තෝරා Restore හෝ Update කරන්න.


ඇ‌පල් උපාංගයෙන් ම යාවත්කාලීන කර ගැනීමට(OTA Update) 



  • ප්‍රථමයෙන් ඔබගේ ඇපල් උපාංගය Backup කර ගන්න.
  • Settings/General/Software Update යන්න තෝ‌රා Download and Install යන්න Tap කරන්න.මෙහිදී Download වන්නේ iOS 8.1 එකට අදාළ යවත්කාලීන වීමට අවශ්‍ය දත්ත ඇතුළත් ගොනුව පමණක් බැවින් ප්‍රමාණයෙන් කුඩා වේ.(මෙගා බයිට් 100 ක් පමණ)
  • ඉන් පසු ලැබෙන ගිවිසුම හා එකඟ වූ පසු අදාළ IPSW ගොනුව Download වීම ආරම්භ වේ.

iOS 8.1 වෙත Update කිරීමට පෙර

  • ඔබගේ ඇපල් උපංගය iOS 8.1 වෙත යාවත්කාලීන කිරීමේ දී එම උපාංගය iCloud Lock නම් සියල්ලට ම ප්‍රථමයෙන් එය Unlock කර ගන්න ඔබගේ උපාංගය iCloud Lock වී ඇතිදැයි දැන ගැනීමට මෙම අඩවියට පිවිස එහි Serial Number එක හෝ IMEI එක යොදා සොයා බලන්න.
  • ඔබගේ උපාංගය R-Sim වැනි සිම් පතක් භාවිතයෙන් Unlock කර තිබේ නම් එය iOS 8.1 වෙත සහය දක්වනවා ද යැයි තහවුරු වන තෙක් Update කිරීමෙන් වැළකී සිටින්න.තව ද ඔබගේ අයිෆෝනය Factory Unlock කර නොමැතිනම් මෙමඟින් එය නැවත Lock විය හැකි ය.
  • එමෙන් ම ඔබ Jailbreak කර ඇතිනම් සහ තවදුරටත් ඔබට Jailbreak කිරීම අවශ්‍ය නම් iOS 8.1 සඳහා සහය දක්වන තෙක් Update කිරීමෙන් වැළකී සිටින්න.ඔබ ඉදිරියේ දී නැවත Downgrade කිරීමට අදහස් කර සිටී නම් Update කිරීමට පෙර සහය දක්වන iOS අනුවාද සඳහා ඔබගේ උපාංගයට අදළ SHSH Blobs Save කොට තබාගන්න.

5 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

2014-10-16 දින ඇපල් සමාගම නිවේදනය කළ සියලු දේ...

No comments
2014-10-16 දින ඇපල් සමාගම නිවේදනය කළ සියලු දේ...

අප බලාපොරොත්තු වූ පරිදි ම ඇපල් සමාගම පසුගිය දින (16) ඔවුනගේ නව ඇපල් උපාංග සහ මෙහෙයුම් පද්ධතිවල නව අනුවාද නිකුත් කරනු ලැබුවා.මේ එදින නිකුත් කළ,නිවේදනය කළ සියලු දෑ පිළිබඳව කෙරෙන සංශිප්ත විමංසනයකි.

iMac with Retina Display

එදින ඇපල් සමාගම විසින් ඔවුනගේ ඇපල් අයිමැක් පරම්පරාවේ නව අයිමැක් අනුවාදයක් නිකුත් කරනු ලැබුවා.iMac with Retina Display,එනම් ඇපල් සමාගමේ ප්‍රථම Retina තිරයක් සමඟ පැමිණෙන ඇපල් අයිමැක් පරිගණකය වෙළඳපොළට නිකුත් කරනු ලැබුවා.

2014-10-16 දින ඇපල් සමාගම නිවේදනය කළ සියලු දේ...
2010 වර්ෂයේ නිකුත් කළ ඇපල් අයිෆෝන් 4 සමඟින් පැමිණි ඇපල් Retina තිරය පසුව අයිපෑඩයටත් අයිපොඩ් ටච් වෙතත් අනතුරුව ඇපල් මැක්බුක් ප්‍රෝ වෙතත් ඇතුළත් කරනු ලැබුවා.ලොව බොහෝමයක් ඇපල් ලෝලීන් බලා සිටි Retina තිරයක් සහිත අයිමැක් අද දින වෙළඳපොළට නිකුත් කරනු ලැබූ අතර ඇපල් සමාගම අඟල් 21.5 සහ අඟල් 27 ක තිරයකින් යුතු අයිමැක් අනුවාද දෙකක් සාමාන්‍යයෙන් වෙළඳපොළට නිකුත් කරනු ලැබුවත් මෙම Retina තිරයක් සහිත අයිමැක් අඟල් 27 ක තිරයකින් පමණක් දැනට නිකුත් කොට ඇත.

5K Retina තිරයක්, 5210 x 2880 resolution එකක් සහිත මෙම තිරයේ පික්සෙල් මිලියන 14.7 ක් පවතිනවා.මෙය අප එදිනෙදා භාවිත කරන HDTV එකකට වඩා 7 ගුණයක පික්සෙල් එකතුවක්.
2014-10-16 දින ඇපල් සමාගම නිවේදනය කළ සියලු දේ...
ඇපල් සමාගම හඳුන්වාදෙන ‘Timing Controller’ නැමැති තාක්ෂණය නිසා ඉතා සුපැහැදිලි රෑප ජනනය කිරීමට හැකියාව මෙයට ඇති අතර මෙම අයිමැක් එක 2012 වර්ෂයේ නිකුත් කළ අයිමැක්හි(Late 2012) හැඩයට සමාන වනවා.

මෙහි දෘඩාංග පිළිබඳව දැනට වෙළඳපෙළේ ඇති අයිමැක් එකට වඩා වෙනත් විශේෂත්වයක් නොමැති වුවත් iMac with Retina Display හි AMD Radeon R9 ග්‍රැෆික් චිප් එකකින් සමන්විත වන නිසා මෙහි ග්‍රැෆික් කාර්යක්ෂමතාවය මීට පෙර නිකුත් කළ අයිමැක්වලට වඩා ඉතා ඉහළ අගයක් ගනී.මෙම අයිමැක් එක ඊයේ දිනයේ සිට ඇපල් මාර්ගගත ගබඩාවෙන් මිළදී ගැනීමට හැකියාව ඇති අතර මෙය ඇමෙරිකානු ඩොලර් 2499 කට මිළ නියම කොට තිබෙනවා.


iPad Air 2

ඇපල් සමාගමේ නව අයිපෑඩ් අනුවාදය ඊයේ දිනයේ නිකුත් කළ අතර ලොව දැනට ඇති සිහින් ම ටැබ්ලට් පරිගණකය ලෙස හඳුන්වනු ලබනවා.මිලිමීටර් 6.1ක ඝණකමකින් යුතු iPad Air 2 දැනට වෙළඳපොළේ ඇති iPad Air එකට වඩා 18% ක් සිහින් වන අතර iPad Air 2 දෙකක ඝණකම 2010 දී නිකුත් කළ ප්‍රථම iPad එකටත් වඩා සිහින් වනවා.


2014-10-16 දින ඇපල් සමාගම නිවේදනය කළ සියලු දේ...


ඇපල් Touch ID ද iPad Air 2 සඳහා අන්තර්ගත කර ඇති අතර එම නිසා අයිෆෝනයේ මෙන් අයිපෑඩ් එක Unlock කිරීමට,වෙනත් ඇප් සඳහා මුරපදයක් වෙනුවට භාවිත කිරීමටත් ඇපල් Pay සඳහා භාවිත කිරීමටත් හැකියාව පවතිනවා.නමුදු iPad Air 2 හි NFC පහසුකම නොමැති නිසා මෙමඟින්  ඇපල් Pay භාවිත කිරීමේ දී Online ගෙවීම් සඳහා පමණක් භාවිත කිරීමට හැකියාව පවති.

ඇපල් A8X ප්‍රොසෙසරයකින් බල ගැනිවෙන මෙය අයිෆෝන් 6 හි දක්නට ලැබෙන A8 ප්‍රොසෙසරයට වඩා කාර්යක්ෂම වන අතර iPad Air ට වඩා දොළොස්ගුණයක්  කාර්යක්ෂමතාවයෙන් ඉහළ ය.මෙහි ග්‍රැෆික් කාර්යක්ෂමතාවය ප්‍රථම අයිපෑඩ් එකට වඩා 180 ගුණයක් වැඩි ය.වැඩි දියුණු කරන ලද Retina HD තිරයකින් සමන්විත මෙය පෙරට වඩා 56% ගුණයකින් තිරයේ පරාවර්තන කිරීම අඩු කරනු ලබ යි.

තවද geekbench benchmarks මඟින් අනාවරණය වී තිබෙන්නේ iPad Air 2 iPhone 6 ට වඩා 55% ගුණයක් ද iPad Air ට වඩා 68% ගුණයක් වේගවත් බවත්  iPad Air 2  Cores 3 කින් යුතු ගිගාහර්ට්ස් 1.5 වේගයෙන් යුතු ඇපල් A8X ප්‍රොසෙසරයකට අමතරව ගිගාබයිට් 2 ක රැම් එකකින් ද සමන්විත වන බවත් ය.

මීට අමතරව මෙහි පිටුපස මෙගා පික්සෙල් 8 ක කැමරාවකුත් එහි ඉදිරිපස Facetime HD කැමරාවකිනුත් සමන්විත වේ.මෙහි පිටුපස කැමරාවෙන් timelapse වීඩියෝ,මෙගා පික්සෙල් 43 panorama පිංතූර ගැනීමේ හැකියාව,Slo-Mo වීඩියෝ පටිගත කිරීමේ හැකියාව ද පවතී.

iPad Air 2  Space Gray, Silver සහ Gold(රත්‍රන්) පැහැයෙන් ද වෙළඳපොළට නිකුත් වන අතර මෙහි මිල ගණන් පහත පරිදි වේ.

iPad Air 2 – 16GB Wi-Fi: $499 
iPad Air 2 – 64GB Wi-Fi: $599 
iPad Air 2 – 128GB Wi-Fi: $699 
iPad Air 2 – 16GB Wi-Fi + Cellular: $629 
iPad Air 2 – 64GB Wi-Fi + Cellular: $729 
iPad Air 2 – 128GB Wi-Fi + Cellular: $829



iPad mini 3


2014-10-16 දින ඇපල් සමාගම නිවේදනය කළ සියලු දේ...


iPad mini 3 සඳහා ද ඇපල් සමාගම ඇපල් Touch ID එකතු කර ඇති අතර Unlock කිරීමට,වෙනත් ඇප් සඳහා මුරපදයක් වෙනුවට භාවිත කිරීමටත් ඇපල් Pay සඳහා භාවිත කිරීමටත් හැකියාව පවතිනවා.නමුදු iPad Air 2 මෙන් ම iPad mini 3 හි ද NFC පහසුකම නොමැති නිසා මෙමඟින්  ඇපල් Pay භාවිත කිරීමේ දී Online ගෙවීම් සඳහා පමණක් භාවිත කිරීමට හැකියාව පවති.

මෙහි පිටුපස කැමරාව මෙගා පික්සෙල් 5 කිනුත් ඉදිරිපස කැමරාව Facetime HD කැමරාවකිනුත් සමන්විත වන අතර මෙය ඇපල් A7 64bit ප්‍රොසෙසරයකින් බල ගැන්වේ.

වෙනත් සැළකිව යුතු වෙනස්කමක් නොමැති වුවත් iPad Air 2 මෙන් ම මෙහි තිරය laminated තිරයක් නිසා පෙරට වඩා 56% ගුණයකින් තිරයේ පරාවර්තන කිරීම අඩු කරනු ලබ යි.

iPad mini 3  Space Gray, Silver සහ Gold(රත්‍රන්) පැහැයෙන් ද වෙළඳපොළට නිකුත් වන අතර මෙහි මිල ගණන් පහත පරිදි වේ.


iPad mini 3 – 16GB Wi-Fi: $399 
iPad mini 3 – 64GB Wi-Fi: $499 
iPad mini 3 – 128GB Wi-Fi: $599 
iPad mini 3 – 16GB Wi-Fi + Cellular: $529 
iPad mini 3 – 64GB Wi-Fi + Cellular: $629 
iPad mini 3 – 128GB Wi-Fi + Cellular: $729

Mac mini 2014


2014-10-16 දින ඇපල් සමාගම නිවේදනය කළ සියලු දේ...


ඇපල් ලෝලීන් දිගු කලක පටන් බලාපොරොත්තු වූ ඇපල් Mac mini පරිගණකයේ මෙවර එහි දෘඩාංග යවත්කාලීන කර තිබෙනවා.ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන මිලෙන් අඩු ම මැක් එක වන මෙහි ආරම්භක මිළ ඇමෙරිකානු ඩොලර් 499 කට එනම් පසුගිය අනුවාදයට වඩා ඩොලර් 100 ක අඩු මුදලකට වෙළඳපොළට පැමිණේ.

මෙහි ආරම්භක මැක් මිනි එක Intel හතරවන පරම්පරාවේ ප්‍රොසෙසරයකින් බලගැන්වෙන අතර මෙහි සියලු විශේෂාංග සඳහා ඇපල් නිල වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න.තවද මෙහි බාහිර හැඩය පසුගිය අනුවාදය හා සසඳා බලන විට වැඩි වෙනසක් දක්නට නොලැබේ.

iTunes 12

නව මැක් OS X 10.10(යෝසැමිටි) හි අතුරුමුහුණතත් සමඟ හොඳින් ගැලපෙන නව iTunes අනුවාදයේ සම්පූර්ණ අතුරුමුහුණත නැවත සකසා ඇත.ඇපල් iCloud වෙතින් හඳුන්වා දෙන Family Sharing පහසුකම ද මෙහි අන්තර්ගත කර ඇති නිසා Username,Password නොමැතිව පවුලේ 6 දෙනෙකු අතර ඇප්ස්,සිංදු,iBooks වැනි දෑ Share කරගත හැකි ය.


Mac OS X Yosemite


2014-10-16 දින ඇපල් සමාගම නිවේදනය කළ සියලු දේ...

නැවුම් අතුරුමුහුණතකින් සමන්විත මැක් OS X 10.10 එනම් මැක් OS X යෝසැමිටී මෙහෙයුම් පද්ධතිය 16 වන දින සිට ම ඇපල් සමාගම මහජනයා වෙත නොමිලේ නිකුත් කරනු ලැබුවා.ඇපල් සමාගමෙන් නිකුත් කොට ඇති පහත දැක්වෙන උපාංග සහ ඉන් පසු නිකුත් කළ උපාංග සමඟ මෙම මෙහෙයුම් පද්ධතිය සහය දක්වනු ලබ යි.

  • iMac (Mid-2007 or later)
  • MacBook (13-inch Aluminum, Late 2008), (13-inch, Early 2009 or later)
  • MacBook Pro (13-inch, Mid-2009 or later), (15-inch, Mid/Late 2007 or later), (17-inch, Late 2007 or later)
  • MacBook Air (Late 2008 or later)
  • Mac Mini (Early 2009 or later)
  • Mac Pro (Early 2008 or later)
  • Xserve (Early 2009)

Apple Pay සහ iOS 8.1

iOS 8.1 ලබන සඳුදා(20) දින මහජනයා වෙත නිකුත් කෙරෙනු ඇති අතර එහි Apple Pay පහසුකම අන්තර්ගත කෙරෙනු ඇත.එතැන් පටන් ඔබට Apple Pay පහසුකම ඔබගේ අයිෆෝන් 6,6 Plus,iPad Air 2,iPad mini 3 මඟින් අත්විඳිය හැකි අතර iOS 8 සඳහා සහය දක්වන සියලු උපාංග සඳහා iOS 8.1 ද සහය දක්වනු ලැබේ.ඒවා නම්

  • iPhone 4S
  • iPhone 5
  • iPhone 5S
  • iPhone 5C
  • iPhone 6
  • iPhone 6 Plus
  • iPad 2
  • iPad 3
  • iPad 4
  • iPad Air
  • iPad Air 2
  • iPad Mini
  • iPad Mini 2
  • iPad Mini 3
  • iPod Touch 5G
ඇපල් iOS 8.1 සමඟ පැමිණෙන නව විශේෂාංග පිළිබඳව වෙන ම ලිපියක් බලාපොරොත්තු වන්න.

Apple iWork

ඇපල් සමාගම විසින් නොමිලේ නිකුත් කරනු ලබන ඇපල් iWork ඇප්ස් ද iOS 8 සහ යෝසැමිටී සඳහා යවත්කාලීන කොට තිබෙනවා.නව මෙහෙයුම් පද්ධති මඟින් හඳුන්වා දෙන Handoff සහ Continuity(මැක් පරිගණකයකින් යම් කාර්යයක් කරමින් සිට එය නැවැත් වූ තැන පටන් iDevice එකෙන් එතැන් සිට ආරම්භ කිරීමේ හැකියාව) යන විශේෂාංග සඳහා මෙය සහය දක්වනු ලබන අතර මෙහි අතුරුමුහුණත ද iOS 8/යෝසැමිටී මෙන් පැතලි නැවුම් ස්වභාවයක් ගනු ලබයි.Pages,Numbers,Keynote වැනි ඇප්ස් වලින් සමන්විත ඇපල් iWork බොහෝ දෙනා භාවිත කරන මයික්‍රෝසොෆ්ට් Office පැකේජයට සමාන වන අතර පසුගිය වසරේ සිට නව උපාංග සඳහා නොමිලේ නිකුත් කරනු ලබයි.මෙහි මැක් සහ iOS අනුවාද ඇපල් සමාගම විසින් නිකුත් කොට ඇත. 


Apple WatchKit


2014-10-16 දින ඇපල් සමාගම නිවේදනය කළ සියලු දේ...
ඇපල් වොච් චීනයේ Vogue සඟරාවේ චීන නිරෑපිකාවක වන
Liu Wen පැළැඳ සිටින අයුරු 
ඇපල් සමාගම පසුගිය සැප්තැම්බර් මස නිවේදනය කළ ඇපල් වොච් උපාංගය පිළිබඳව ද මෙහිදී දැනුවත් කළ අතර ලබන වසරේ මුල් කාර්තුවේ වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත මෙම උපාංගය සඳහා ඇප්ස් නිපදවීම සඳහා අවශ්‍ය ඇපල් WatchKit(ඇපල් වොච් සඳහා ඇප්ස් නිපදවීමට අවශ්‍ය Developer Platform එක) ලබන මාසයේ ඇපල් මෘදුකාංග ප්‍රවර්ධකයින්හට නිකුත් කිරීමට නියමිත බව ඇපල් සමාගම නිවේදනය කරනු ලැබුවා. 

විනාඩි 90 ක් පුරා පැවති මෙම උත්සවය නැරඹීමට අතපසු වූණු කෙනෙකුට ඇපල් සමාගමෙ නිළ වෙබ් අඩවිය තුළින් එම වැඩසටහන නැවත නැරඹීමේ හැකියාව පවතී.

ඇපල් සමාගම පසුගිය දින කිහිපය තුළ සිදුවූ සිදුවීම් එනම් #bendgate,NFL මඟින් බීට්ස් උපංග තහනම් කිරීම වැනි සිද්ධීන් පිළිබඳව මෙහි සඳහනක් කරනු ලැබුවේ නැති අතර ඉතා සීග්‍රයෙන් අලෙවි වන අයිෆෝන් 6 පිළිබඳවත් ඇපල් උපාංග මෙතරම් විස්මිත නිරිමාණ බවට පත්කළ ඇපල් සමාගමේ මෙතෙක් සේවය කරන ලද/කරන සේවකයන්ට සිය ආචාරයත් ඇපල්හි ප්‍රධාන විධායක නිළධාරී ටිම් කුක් විසින් එදින පිරිනමනු ලැබුවා.


මේ හා සැබැඳි වෙනත් ලිපි

ඉතිං ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවිය ගැනත් මේ ලිපිය ගැනත් ඔබට හිතෙන දේ Comment කරන්නත් අමතක කරන්න එපා...

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

ඇ‌පල්,නැවතත් ලො‌ව වඩාත් වටිනා ම සන්නාමය ලෙස නම් කෙරේ...

No comments
ඇපල්,තවදුරටත් ලොව වටිනා ම සන්නාමය යි...


ඇපල් සන්නාමය,මේ ඔබ වඩාත් ආදරය කරන,වඩාත් කැමති උපාංගයේ සන්නාමය යි.ඇපල් කියන්නේ ලෝකයේ විශාල වටිනාකමක් ඇති සන්නාමයක් වන අතර දිනෙන් දින එහි වටිනාකම ද ඉහළ යනවා.එම නිසා ම Interbrand's Best global brands වාර්තාවට අනුව දෙවන වතාවටත් ඇපල් සන්නාමය ලොව වඩාත් වටිනා ම සන්නාමය ලෙස නම් කරනු ලැබුවා.

ඇපල් සන්නාමය පසුගිය වසරේ(2013) දී ප්‍රථම වතාවට ලොව වටිනාම සන්නාමය බවට පත්වූ අතර ඒ මෙතෙක් ලොව වටිනාම සන්නාමයට හිමි ස්ථානය 13 වතාවක් ලබා ගෙන සිටි කොකා කෝලා සන්නාමය පරදවමිනි.පසුගිය වසරේ මෙන් ම මේ වසරේදී ද ඇපල් සන්නාමය එම ස්ථානය රැකගත් අතර ඒ පසුගිය වසරට වඩා 21% ක වර්ධනයක් එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 20.6 ක වැඩි වීමක් පෙන්නුම් කරමිනි.එම වාර්තාවට අනුව පිළිවෙළින් ඇපල්,ගූගල්,කොකා කෝලා,IBM,මයික්‍රෝසොෆ්ට් සමාගම් ලොව වටිනා ම සන්නාමවල ප්‍රථම ස්ථාන 5 සිටිනවා.

මීට අමතරව Samsung සමාගම 07 වන ස්ථානයේත් Amazon සමාගම 15 වන ස්ථානයේ ත් Facebook සන්නාමය 29 වන ස්ථානයේත් පසුවනවා.


ඇපල්,තවදුරටත් ලොව වටිනා ම සන්නාමය යි...


Interbrand විසින් මෙසේ සන්නාමයේ වටිනාකම ශ්‍රේණිගත කරනු ලබන්නේ එය අදාළ කාල වකවානුව තුළ එහි මූල්‍යමය ක්‍රියාකාරීත්වය,පාරිභෝගිකයින්ගේ තෝරාගැනීම් පිළිබඳ කෙතරම් බලපෑමක් ඇති කෙරේ ද යන්න වැනි සාධක පිළිබඳව අවධානය යොමු කරමිනි.

ඇපල් සමාගම මීට මාසයකට පමණ ප්‍රථම අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus වෙළඳපොළට නිකුත් කළ අතර එම අයිෆෝන් මේ වන විට පසුගිය වර්ෂයන් හි වාර්තා බිඳහෙළමින් සීඝ්‍ර ලෙස අලෙවි වෙමින් පවතින අතර අයිෆොන් 6 Plus වෙත ඇති දැඩි ඉල්ලුම නිසා ඇපල් සමාගම අනෙක් උපාංගවලට නිෂ්පාදනය යම් දුරකට අඩු කරමින් අයිෆොන් 6 Plus හි නිෂ්පාදනය ඉහළ දමා තිබෙනවා.තවද ඇපල් සමාගම මෙම මස(10) 16 වන දින නව උපාංග කිහිපයක් ද වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇත.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

ඇමෙරිකාවේ ජාතික පාපන්දු ලීගය බීට්ස් තහනම් කරයි [Updated]

No comments
ඇමෙරිකාවේ ජාතික පාපන්දු ලීගය බීට්ස් තහනම් කරයි
ඇමෙරිකාවේ ජාතික පාපන්දු ලීගය විසින් එහි ක්‍රීඩකයින්ට කැමරාවට හසුවන අවස්තාවල දී බීට්ස් වෙළඳනාමය සහිත Headphone භාවිත කිරීම තහනම් කොට තිබෙනවා.මේ අනුව මෙම ක්‍රීඩකයින්ට රෑපවාහිනී සම්මුඛ සාකච්ඡා,පුහුණුවීම් අතරතුර,තරග පවත්වන දිනයන්හි සහ තරගය නිමාවී විනාඩි 90 ක් ගත වන තෙක්  බීට්ස් උපාංග භාවිතය තහනම් කොට තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ තවත් මෙවන් Headphone නිෂ්පාදනය කරන සමාගමක් වන Bose සමාගම විසින් මෙම තරගාවලිය සඳහා අනුග්‍රහය දැක්වීම ය.ජාතික පාපන්දු ලීගයේ 1990 වසරේ සිට අනුගමනය කරන ප්‍රතිපත්තිවලට/පිළිවෙතට අනුව Bose සමාගමට හැකියාව පවතිනවා රෑපවාහිනී සම්මුඛ සාකච්ඡාවන්හි අදාළ ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට වෙනත් වෙළඳනාමයක් සහිත උපාංග භාවිත කිරීමෙන් වැළැක්වීමට.

මෙසේ බීට්ස් උපාංග තරගයක දී තහනම් කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.මීට පෙර ද Sony සමාගම සමඟ එළඹුණු ගිවිසුමකට අනුව FIFA විසින් පසුගිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දී මාධ්‍ය සාකච්ඡා සඳහා බීට්ස් උපාංග භාවිත කිරීම තහනම් කොට තිබුණා.



බීට්ස් සමාගම වෙළඳ දැන්වීම් සහ බීට්ස් උපාංග ප්‍රචාරණය සඳහා විශාල මුදලක් වියදම් කරන අතර සමහර ගායක ගායිකාවන්,නළු නිළියන්,ක්‍රීඩකයින් වැනි ප්‍රසිද්ධ අය මහජනයා ඉදිරියේ බීට්ස් උපාංග භාවිත කිරීම වෙනුවෙන් ඔවුනට ගෙවීමක් කරනු ලබනවා.තව ද පර්යේෂණ ආයතනයක් වන 'NPD Group' විසින් කරන ලද පර්යේෂණයකට අනුව ඇමෙරිකානු ඩොලර් 100න් ඉහළ Headphone වෙළඳපොළේ 61% ක වටිනාකමකින් යුතු බීට්ස් උපාංග පවතින අතර මෙහි Bose වෙළඳනාමය සහිත උපාංග පවතින්නේ 22%ක් පමණි.ඒ අනුව බලන විට බීට්ස් සමාගමට මෙය එතරම් පාඩුවක් නොවන බව විචාරකයින් පවසන අතර බීට්ස් සමාගම ආරම්භයේ පටන් බීට්ස් උපාංග ක්‍රීඩකයින් සඳහා අත්‍යාවශ්‍ය උපාංගයක් බවට ප්‍රචාරණය කරනු ලැබුවා.


ඇමෙරිකාවේ ජාතික පාපන්දු ලීගය බීට්ස් තහනම් කරයි


ඇපල් සමාගම පසුගිය මැයි මස බීට්ස් ඉලෙක්ට්‍රෝනික් සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කට මිළදී ගනු ලැබුවා.මෙය ඇපල් සමාගම විසින් වෙනත් සමාගමක් මිළදී ගැනීමට ආයෝජනය කළ වැඩි ම මුදල සහ කලින් එසේ වෙනත් සමාගම් සඳහා ආයෝජනය කළ මුදල්වල එකතුවට වඩා වැඩි ද වනවා.

Update 1

ඇපල් සමාගම ලබන සතියේ සිට Bose වෙළඳනාමය යටතේ ඇති සියලු ම උපාංග අලෙවි කිරීම,ප්‍රදර්ශනය කිරීම සහ ඇපල් Retail Store වල ඇපල් උපංග සමඟ භාවිත කිරීම නවතා දැමීමට සූදානම් වන බව විශ්වාසලත් ආරංචි මාර්ග පවසනවා.මීට හේතු ලෙස මේ වන තෙක් නිල වශයෙන් තොරතුරු ලැබී නැතත් පසුගිය කාල වකවානුවේ ඇතිවුණු සිදුවීම් කිහිපයක් මීට හේතු විය හැකි බව පැවසෙනවා.එනම්

  • Bose සමාගම විසින් නිෂ්පාදනය කෙරෙන QuietComfort headphone පෙළ තුළ අන්තර්ගත වන noise-canceling තාක්ෂණය සඳහා එම සමාගම පේටන්ට් බලපත්‍රයක් ලබා ගෙන සිටින අතර බීට්ස් සමාගමේ "Studio" සහ "Studio wireless" headphone සඳහා භාවිත වන Adaptive Noise Cancellation තාක්ෂණය Bose සමාගමට අයත් එම පේටන්ට් බලපත්‍රයක් උල්ලංගනය කර ඇති බව පවසමින් පසුගිය ජූලි මස නඩුවක් ගොනු කොට තිබීමත් 
  • Bose සමාගම NFL(ජාතික පාපන්දු ලීගය) සමඟ ඇතිකරගත් ගිවිසුමට අනුව තරගය තුළ බීට්ස් උපාංග තහනම් කිරීමත් එසේ බීට්ස් උපංග තරගය තුළ තහනම් කොට තිබිය දී ඇමෙරිකානු ජාතික පාපන්දු ක්‍රීඩකයෙකු වන  Colin Kaepernick විසින් පසුගිය ඉරිදා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම තේමා කරගත් බීට්ස් headphone එකක් භාවිත කිරීම නිසා ඔහුට ඇමෙරිකානු ඩොලර් 10,000 ක දඩයක් ද නියම කරනු ලැබීමත් බව වැඩිදුරටත් සඳහන් වනවා.

තවද ඇපල් සමාගම බීට්ස් සමාගම මිළදී ගැනීමෙන් පසු බීට්ස් උපාංග තම Reatail Store වල සහ මාර්ගගත ගබඩාව තුළ වැඩි වශයෙන් ප්‍රවර්ධනය කිරීමට ද කටයුතු කොට තිබුණා.

Update 2
Bose සමාගම බීට්ස් උපාංගවල දක්නට ලැබෙන Noise Cancellation තාක්ෂණයට එරෙහිව ගොනු කර තිබූ නඩුව ඉල්ලා අස්කොටගෙන තිබෙනවා.මේ සම්බන්ධව ඇපල් සමාගම හෝ බීට්ස් සමාගම මේ වන තෙක් ප්‍රතිචාර දක්වා නැත.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.