iOS 8

No comments
ඇපල් සමාගම සෑම වසරකට ම වරක් ඔවුන්ගේ ඇපල් iOS මෙහෙයුම් පද්ධතිය යවත්කාලීන කරනවා.ඒ අනුව මෙම වසරේ පැමිණිමට නියමිත එහි නවත ම සංස්කරණය වන iOS 8 වල ගුණාංග දැන් අන්තර්ජාලයට නිකුත් වෙමින් පවතිනවා.

මෙම සංස්කරණයේ නව ඇප් කිහිපයක් දක්නට ලැබෙනවා.ඒවා වන්නේ Healthbook, Tips, TextEdit සහ Preview ය.ඔබ දැනටමත් මැක් පරිගණකයක් භාවිත කරනවා නම් TextEdit(සරළ Text Editing ඇප් එකකි.) සහ Preview (විවිධ ගොනු වර්ග බැලීම සඳහා යොදා ගනී) පිළිබඳව දන්නවා ඇති.තවද iOS 7 සමඟ හදුන්වාදුන් iTunes Radio විශේෂාංගය සඳහා වෙනම ම ඇප් එකක් නිකුත් වනු ඇතැයි ද පැවසෙනවා.



www.applesinhalen.com


ඇපල් සමාගම මීළඟ මෙහෙයුම් පද්ධතිය තුළින් සෞඛ්‍ය සහ ශාරීරික යෝග්‍යතාව ගැන වැඩි වශයෙන් අවධානය යොමු කොට තිබෙනවා.මීට මාස කිහිපයකට පෙර සිට Nike සමාගමේ විධායක නිළධාරීන් කිහිප දෙනෙකු ඇපල් සමාගම සමඟ සමීපව මේ සම්බන්ධව කටයුතු කරනවා.තවද මීළඟ නිකුත් වීමට ඇති අයිෆෝනයේ ද මීට අදාල සංවේදක අඩංගු වනු ඇතැයි ද පැවසෙනවා.

තවද ඇපල් iOS වල දක්නට ලැබෙන Game Center ඇප් එක ඉවත් කිරීමට ද ඇපල් සමාගම බලාපොරොත්තු වන බව පැවසෙනවා.මෙයට හේතුව ලෙස සටහන් කොට ඇත්තේ එය අඩු පිරිසක් භාවිතා කිරීම ය.එහෙත් Game Center හි අඩංගු වු පහසුකම් එම පහසුකම අවශ්‍ය ඇප් තුළ තවදුරටත් පවතිනවා.

මීට අමතරව Message ඇප් එකේ ඇති පණිවුඩ යම් කාල සීමාවක් ගත වූ පසු ස්ව්‍යංක්‍රීයව මැකීයාමේ පහසුකමක් ද සලසා තිබෙනවා.මෙය පරිශීලකයාට අවැසි පරිදි සක්‍රීය හෝ අක්‍රීය කර ගැනීමට හැකිවන අතර මෙමඟින් ඔබගේ උපාංගයේ Free Space වැඩි වනවා.

iOS 7.1 සමඟ හදුන්වාදුන් Apple Car Play පහසුකම ක්‍රියාත්මක කිරීමට ඩේටා කේබලයක් භාවිත කිරීමට සිදු වනවා.එහෙත් iOS 8 හි දි එය රැහැන් රහිත ක්‍රමයට වාහනයත් සමඟ සම්බන්ධ කිරීමට හැකි බව පැවසෙනවා.

ඇපල් iOS 8 මෙම වසරේ පැවැත්වෙන ලෝක මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුවේ(WWDC 2014) දී මෘදුකාංග ප්‍රවර්ධකයින් වෙත පමණක් ලබා දෙන අතර වසර අවසානයේ දී මීළඟ අයිෆෝනය සමඟ සාමාන්‍ය පරිශීලකයින් අතට පත්වනවා ඇත.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.