මීළඟ පරම්පරාවේ අයිෆෝනය පිළිබඳව ඔබ දැනගත යුතු සියලු දේ... [Updated]

2 comments

අයිෆෝන් 5S මහජනයා සඳහා නිකුත් වී දැනට මාස 5 කට වැඩි කාලයක් ගත වී තිබෙනවා.දැන් එළඹ තිබෙන්නේ ඇපල් සමාගමේ අයිෆෝන් 6 විසින් අපට ලබා දෙන ප්රතිලාභ සහ එය මොනවගේ ද යන්න සම්බන්ධයෙන් 
අප දැනුවත් විය යුතු කාලය යි.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව අයිෆෝන් 6 අයිෆෝන් 5S හි පවතින තිරයට වඩා විශාල වනු ඇත.එනම් එය අඟල් 4.7 කින් යුක්ත වනු ඇත.මෙය ප්රත්යකෂ කෙරෙන අයිෆෝන් 6 හි බවට අනුමාන කෙරෙන ඉදිරිපස කොටසෙහි ඡායාරෑපයක් පසුගියදා අන්තර්ජාලයට නිකුත් වුණා.


ඇපල් ගැන සිංහලෙන්
වම්පස දක්නට ලැබෙන්නේ අයිෆෝන් 5 S ය.දකුණුපස අයිෆොන් 6 හි ඉදිරිපස කොටස දක්නට ලැබෙන අතර ඊට පහලින් තවත් එවැනිම කොටස් ගණනාවක් දක්නට ලැබේ.


මීට අමතරව අයිෆෝන් නිපදවීමට යොදාගන්නා උපකරණයක ඡායාරෑප කිහිපයක් ද www.nowhereelse.fr වෙබ් අඩවිය ඔස්සේ නිකුත් කොට තිබුණා.

ඇපල් ගැන සිංහලෙන්

ඇපල් ගැන සිංහලෙන්

මෙහි දකුණුපස ඇති අයිෆෝන් 4S සහ අයිෆෝන් 5 හි දිග පළල සමඟ සැසදීමෙදි අයිෆෝන් 6 හි තිරය නියත වශයෙන් ම අඟල් 4.7 කින් යුතු වනු ඇතැයි එම වෙබ් අඩවිය ප්රකාශ කර සිටිනවා.

"Coincidentally or not, if the boxes iPhone 6 will actually be manufactured using the mold and assuming that my calculations are correct, this model should measure approximately 138mm long by 64mm wide and be fitted with a screen of 4.7 inches. 
Finally, I would just like to clarify that the bottom of the mold measuring around 123mm long and 58mm wide which curiously corresponds to the dimensions of the iPhone 5s (123.8mm 58.6mm on). Therefore remain cautious and keep in mind that it could actually be used in the production of boxes of this model …"

තවද ඇපල් සමාගම විසින් Phablet වර්ගයේ දුරකතනයක් ද මෙම වසරේ අවසානයේ (බොහෝදුරට දෙසැම්බර් මස අවසාන සතියේ) නිකුත් කෙරෙනු ඇතැයි පැවසෙනවා.මෙය අඟල් 5.5 ක තිරයකින් යුතු බවයි පැවසෙන්නේ.මේ පිළිබඳව වඩා නිවැරදි තොරතුරු දැනට ලැබී නැති අතර මෙය වසරේ අවසානයේ නිකුත් කිරීමට හේතු ලෙස දක්වා තිබෙන්නේ ඇපල් මෘදුකාංග ප්රවර්ධකයින් හට තමන් නිපද වූ ඇප්ස් නව අයිෆෝනයට සහ මෙම Phablet දුරකතනයට අනුව හැඩගස්වා ගනීමට කාලය අවැසි නිසා බවයි පැවසෙන්නේ.

මේ අතර අයිෆෝන් 6 අයිෆෝන් 5S ට වඩා අඩු ඝනකමකින් යුත්ත වනවා.එනම් අයිෆෝන් 6 හි ඝනකම අඟල් 0.22 කි (අයිෆෝන් 5S හි  ඝනකම අඟල් 0.30 කි).ඇපල් Retina තිරයකින් යුතු මෙහි අඟලකට Pixel 389 ක් (389 PPI) වනු ඇත.ඇපල් A8 ප්රොසෙසරයකින් බලගැන්වෙන මෙය 2.3 GHz වේගයකින් යුතුවනු ඇති.

තවද පසුගියදා එක්තරා සමාගමක් විසින් අයිෆෝන් 6 වලට ගැලපෙන Case එකක් නිපදවා තිබෙනවා.මීට අනුව  අයිෆෝන් 6 හි බඳ පස්වන පරම්පරාවේ iPod Touch හි හැඩයට සමාන වනවා.තවද අයිෆෝන් 6 හි Power බටනයෙහි පිහිටීමේ වෙනසක් දක්නට ලැබෙනවා(අතට ගත් පසු දකුණුපස,එනම් iPad හි Volume Controller තිබෙන තැන).මන්ද අයිෆෝන් 6 හි විශාල බව සමඟ අයිෆෝන්හි Power බටනය ක්රියා කරවීමට මෙය පහසු වනවා.


ඇපල් ගැන සිංහලෙන්



මීට අමතරව අයිෆෝන් 6 හි කැමරාව වැඩිදියුණු කරන ලද එහෙන් මෙගා පික්සෙල් 8 කින් ම යුක්ත වන බව ද පැවසෙනවා.මන්ද ඇපල් සමාගමට අනුව කැමරාවක මෙගා පික්සෙල් ගණන වැඩි කිරීමට වඩා එහි ගුණාංග ඉහළ දැමීම තුළින් එමඟින් ලබා ගන්නා ඡායාරෑපවල ගුණාත්මක බව වැඩිවන බවයි පැවසෙන්නේ.

අයිෆොන් 6 සමඟ නිකුත් වීමට නියමිත ඇපල් iOS 8 සෞඛ්ය සහ ශාරීරික යෝග්යතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති අතර ඇපල් සමාගම මීට මාස කිහිපයකට පෙර බලපත්රයක් ලියාපදිංචි කරනු ලැබුවා ඇපල් Earpods ඔස්සේ මිනිසෙකුගේ ශාරීරික සුවතාව මැන බැලීමට.බොහෝදුරට මෙයද අයිෆොන් 6 සමඟ නිකුත්වනු ඇත.

මෙසේ විවිධ සංකල්ප,ඡායාරෑප,යෝජනා ඉදිරිපත් වුවද ඒවා 100% සත්ය යැයි අනුමාන කළ නොහැක.කෙසේ නමුදු මෙම වසර අවසානයේ (බොහෝදුරට සැප්තැම්බර් මස) නිල වශයෙන් අයිෆොන් 6 ප්රකාශ කරනු ඇත.එතැන් පටන් තවත් අවුරුද්දක කාලයක් අයිෆොන් 6 ජංගම දුරකතන ලෝකයේ රජයනු ඇත.

යවත්කාලීන කිරීම් 1

දැනට ලැබී ඇති තොරතුරු අනුව අයිෆෝන් 6 2014 සැප්තැම්බර් මස 09 වන දින ප්රකාශයට පත්කරනු ඇති.

යවත්කාලීන කිරීම් 2

තායිලන්තයේ National Broadcasting and Telecommunications Commission විසින් මෙතෙක් වෙළඳපොළට නිකුත් කොට නැති අයිෆෝන් Model Number දෙකකට අනුමැතිය ලබා දී තිබෙනවා.ඒව නම් A1524 සහ A1586 ය.මෙම අයිෆෝන් මාදිලි මීළඟට නිකුත් වීමට නියමිත අයිෆෝන්වල මාදිලි අංක බවයි පැවසෙන්නේ.තව ද මෙහිදී ඇපල් සමාගම නියොජනය කළ නිළධාරියා සඳහන් කොට ඇත්තේ මීළඟ අයිෆෝනය අයිෆෝන් 6 ලෙස නම් නොකෙරෙනු බව යි.





2 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

WWDC 2014

No comments
www.applesinhalen.com


ඇපල් සමාගම විසින් මෘදුකාංග ප්‍රවර්ධකයින් සඳහා වාර්ෂිකව පවත්වන සමුළුවක් වන "ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුව" 2014 ජූනි මස 02 වන දා සිට 6 වන දා දක්වා ඇමෙරිකාවේ San Francisco නුවර දී පැවැත්වෙන බව ඇපල් සමාගම පසුගිය දිනෙක නිවේදනය කළා.මෘදුකාංග ප්‍රවර්ධකයින් ඉලක්ක කොට ගෙන පවත්වන මෙම සමුළුවේ දී ඇපල් සමාගම ඔවුන්ගේ නව නිෂ්පාදන සහ ඇපල් මෙහෙයුම් පද්ධතිවල කෙරෙන යවත්කාලීන කිරීම් පිළිබඳව නිවේදනය කරනවා.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.