ඇපල්වලින් සිංහල උපසිරසි බලන්නේ මෙහෙම යි [iOS අනුවාදය-Updated]

14 comments
ඇපල්වලින් සිංහල උපසිරසි බලන්නේ මෙහෙම යි [iOS අනුවාදය-Updated]


සාමාන්‍යයෙන් අපි බොහෝ දෙනා Films,TV Series වැඩි වශයෙන් සිංහල උපසිරසි සමඟ බලන්නට පුරුදු වී සිටිනවා.නමුදු ඇපල් උපාංග භාවිත කරන අයට තිබෙන ගැටලුව තමයි සිංහල උපසිරසි ධාවනය කිරීමේ දී යම් යම් ගැටලු පැන නැඟීම.එනම්

  • අන්තර්ජාලයෙන් සොයාගන්නා සහ ලැබෙන බොහෝ පිටපත් MKV,AVI,flv,WMA වන අතර ඇපල් උපාංගවල සාමාන්‍යයෙන් පවතින Quicktime Player යෙන් හෝ iOS වල Video ඇප් එකෙන් මෙවැනි ගොනු බැලීමට නොහැකි වීම.
  • සිංහල උපසිරසි සහිත චිත්‍රපට හෝ කතා මාලා බැලීමේ දී සිංහල අක්ෂර නොපෙන්වීම.
ඉතිං මෙම ලිපියෙන් මා කතා කරන්නෙ ඇපල් අයිෆෝන්,අයිපෑඩ් සහ අයිපොඩ් ටච් උපාංගවලින් ගැටලුවකින් තොරව සිංහල උපසිරසි සමඟ චිත්‍රපටයක් නරඹන ආකාරය යි.මෙහි මැක් සංස්කරණය ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.

ඇපල් iOS සඳහා නිකුත් වී ඇති Video Players අතුරින් VLC සහ KMPlayer මඟින් අපට විවිධ වීඩියෝ ගොනු වර්ග ධාවනය කර ගත හැකි ය.සතුටුදායක ම කාරණාව නම් එමඟින් සිංහල උපසිරසි ද ගැටලුවකින් තොරව ධාවනය කරවීමට හැකි වීම යි.

පියවර 1
  • මේ සඳහා මුලින් ම අප VLC ප්ලේයරය හෝ KMPlayer  අපගේ iOS උපාංගයේ ස්ථාපනය කරගත යුතු වේ.VLC ප්ලේයරය සඳහා අපට iOS 6.1 හෝ ඊට වැඩි iOS අනුවාදයක් ද KMPlayer සඳහා iOS 7 හෝ ඉන් ඉහළ අනුවාදයක් අවශය වේ.
පියවර 2
  • දෙවනුව අපට ධාවනය කරවීමට අවශය චිත්‍රපටය සහ ඊට අදාළ උපසිරසි ගොනුව සොයා ගන්න.මෙහිදී එම චිත්‍රපටයේ සහ උපසිරසි ගොනුවේ නම එකම ආකාරයෙන් තිබිය යුතු ය.එහි සිංහල උපසිරසි ගොනුව .sub ලෙස ඇත්නම් එහි .idx ගොනුවද අවශ්‍ය වේ.
www.TamilRockers.net - Naiyaandi (2013) [Lotus DVDRip XviD 1CDRip 700MB - Tamil].avi
www.TamilRockers.net - Naiyaandi (2013) [Lotus DVDRip XviD 1CDRip 700MB - Tamil].idx
www.TamilRockers.net - Naiyaandi (2013) [Lotus DVDRip XviD 1CDRip 700MB - Tamil].sub

  • තවද එහි උපසිරසි ගොනුව .srt එකක් නම් .srt ගොනුව පමණක් ප්‍රමාණවත් වේ.
Raanjhanaa 2013 Hindi 720p WebRip (Mp4) x264...Hon3y.mp4 
Raanjhanaa 2013 Hindi 720p WebRip (Mp4) x264...Hon3y.srt

  • ඔබ ධාවනය කිරීමට යන චිත්‍රපටය BRRip එකක් නම් එහි උපසිරසිගොනුව මෙලෙස Rename කරගන්න.මන්ද VLC මඟින් ධාවනය වීමේදී එය Crash වීමට ඉඩ ඇත.
RoboCop.2014.1080p.BluRay.x264.YIFY.mp4
RoboCop.2014.1080p.BluRay.x264.YIFY.si.srt 

මෙහිදී අප වඩාත් සැලකිය යුතු කාරණයක් වන්නේ අදාල උපසිරසි ගොනුව චිත්‍රපටයේ පිටපතට සමාන එකක්ද යන්න යි.එනම් චිත්‍රපටයේ පිටපත BRRip එකක් වුව ද එහි උපසිරසිය DVDrip එකක් නම් එහි චිත්‍රපටය සහ උපසිරසි බොහෝ විට එකට Play වන්නේ නැත(චිත්‍රපටය වෙනම ම ත් උපසිරසි වෙනම මත් ධාවනය වේ.මෙම කාල පරාසය අවශ්‍ය නම් මෙම වෙබ් අඩවිය තුළින් සකසා ගත හැකිය).කෙසේ වුවද අපට සිංහල උපසිරසි ලබා දෙන ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවි විසින් අන්තර්ජාලයේ නිකුත් වන විවිධ චිත්‍රපට පිටපත්වලට අනුරූපව උපසිරසි යවත්කාලීන කරනු ලබයි. 


පියවර 3
  • මෙලෙස අදාල ගොනු සකසාගත් පසුව එය ඔබගේ iOS උපාංගයේ VLC හෝ KMPlayer ප්ලේයරය තුළට Copy කරගන්න.


මේ සඳහා ඔබ USB කේබලය මඟින් හෝ Wifi මඟින් iTunes හරහා අදාල ගොනු Copy කරගත හැකිය.මේ සඳහා iOS උපාංගය පරිගණකයට සම්බන්ධ කොට අදාල උපාංගය තෝරා එහි Apps යටතේ File Sharing තුළ ඇති VLC ඇප් එක තෝරා දකුණු පැත්තේ ඇති Add යන්න තෝරා අදාල චිත්‍රපටය සහ ඊට අදාල උපසිරසි ගොනු ලබා දෙන්න.


ඇපල්වලින් සිංහල උපසිරසි බලන්නේ මෙහෙම යි [iOS අනුවාදය]


Wifi මඟින් 

එසේත් නැත්නම් ඔබගේ පරිගණකය සහ iOS උපාංගය එක ම Wifi ජාලයක තිබෙනවා නම් VLC ඇප් එක Open කර එහි VLC අයිකනය ඔබා එහි ඇති Wifi Upload යන්න Active කරන්න.


ඇපල්වලින් සිංහල උපසිරසි බලන්නේ මෙහෙම යි [iOS අනුවාදය]

එවිට දිස්වන IP ලිපිනය ඔබගේ පරිගණකයේ ඇති වෙබ් බ්‍රව්සරය මත type කරන්න.එවිට මෙවැනි තිරයක් දිස්වන අතර එහි + මඟින් හෝ Drag and Drop ආකාරයට අදාල චිත්‍රපටය සහ ඊට අදාල උපසිරසි ගොනු ලබා දෙන්න.


ඇපල්වලින් සිංහල උපසිරසි බලන්නේ මෙහෙම යි [iOS අනුවාදය]


පියවර 4

මෙසේ අප ලබා දුන් ගොනු Copy වූ පසුව ඒවා All Files යටතේ දිස්වන අතර එම චිත්‍රපටය ධාවනය කළ ද සිංහල උපසිරසි දිස් වන්නේ නැත.ඒ සඳහා නැවතත් VLC අයිකනය තුළින් Settings වෙත ගොස් Subtitles යටතේ ඇති Text Encoding යන්න "Western European (Windows-1252)" යන්න තෝරන්න.


ඇපල්වලින් සිංහල උපසිරසි බලන්නේ මෙහෙම යි [iOS අනුවාදය]

පියවර 5

දැන් VLC ඇප් එක Close කර (Mutitask තුළින් ද) නැවත Open කර චිත්‍රපටය ධාවනය කරන්න.


ඇපල්වලින් සිංහල උපසිරසි බලන්නේ මෙහෙම යි [iOS අනුවාදය]

ඇපල්වලින් සිංහල උපසිරසි බලන්නේ මෙහෙම යි [iOS අනුවාදය]



සැ:යු :- ඔබගේ iOS උපාංගය 1080p වීඩියෝ ධාවනය වුවද සමහර 1080p චිත්‍රපට සිංහල උපසිරසි සමඟ VLC තුළ ධාවනය වීමේ දී නිසියාකාරව නොපෙන්වනු ඇත(කැඩි කැඩී ධාවනය වීම).එම නිසා ඔබ 1080p චිත්‍රපට ධාවනය කිරීමේ දී සැලකිලිමත් වන්න.එසේ සාර්ථකව ධාවනය නොවන අවස්ථාවන්හී දී VLC මඟින් "Device too slow,Your iPod is likely too slow to play..."ලෙස දිස්වේ (එය ignore කර ධාවනය කළ හැකි ය).

තවද මෙම ලිපිය සඳහා යොදා ගත් උපසිරසි www.baiscopelk.com සහ www.zoom.lk යන වෙබ් අඩවි තුළින් නොමිලේ ලබාගත් උපසිරසි වන අතර එහි අයිතිය එම වෙබ් අඩවිය සහ එහි කතෘවරුන් සතුවන අතර චිත්‍රපටයේ පිටපත සම්බන්ධයෙන් "ඇපල් ගැන සිංහලෙන්" වෙබ් අඩවිය කිසිදු වගකීමක් දරන්නේ නැත.

Update 1

මීට අමතරව GPlayer($2.99) සහ KMPlayer(Free) ඔස්සේ ද ඇප් එකේ මූලික සැකසුමකින් තොරව සිංහල උපසිරසි සමඟ චිත්‍රපට නැරඹීමේ හැකියාව ඇත.


Update 2

VLC ප්ලේයරය යම් හේතුවක් නිසා එය ඇපල් App Store තුළින් ඉවත් කොට තිබෙනවා.එම නිසා මේ වන විට VLC ඇප් එක ඩවුන්ලෝඩ් කර නොමැති අය සිංහල උපසිරසි නැරඹීම සඳහා KMPlayer එක භාවිත කරන්න.මෙහි VLC හි මෙන් ඇප් එක තුළ වෙනත් සැකසුම් වෙනස් කිරීමට අවශ්‍ය නොවන අතර අදාළ චිත්‍රපට පිටපතේත් එයට අදාළ උපසිරසි ගොනුවල file name එක එකසමාන වීම පමණක් ප්‍රමාණවත් වේ.

උදා:
       Raanjhanaa 2013 Hindi 720p WebRip (Mp4) x264...Hon3y.mp4 
       Raanjhanaa 2013 Hindi 720p WebRip (Mp4) x264...Hon3y.srt

Update 3

VLC ප්ලේයරය නැවතත් ඇපල් App Store වෙත නිකුත් කොට තිබේ.ඩවුන්ලේඩ් කරගැනීම සඳහා මෙම සබැඳීයාවට පිවිසෙන්න.

14 comments :

  1. pattaaa................

    ReplyDelete
  2. iphone ekakin App Store ekata gyama vlc streamer kyala players tikak tiyenne.. e player eken sub play wenwada?

    ReplyDelete
    Replies
    1. යම් හේතුවක් මත VLC iOS App එක ඇ‌පල් App Store එකෙන් ඉවත් කො‌ට තිබෙනවා.එම නිසා ඉහත ලිපියේ Update 1 හි දැක්වෙන ඇ‌ප් එකක් මේ සඳහා භාවිත කරන්න.මූලික සැකසුමක් අවශ්‍ය නොවන අතර අදාළ File Names පමණක් සමාන වීම ප්‍රමාණවත් වේ.

      උදා:
      Raanjhanaa 2013 Hindi 720p WebRip (Mp4) x264...Hon3y.mp4
      Raanjhanaa 2013 Hindi 720p WebRip (Mp4) x264...Hon3y.srt

      Delete
  3. me vidihanam patta machan thanks

    ReplyDelete
  4. Mac OS X wala sinhala subtitle play wena player ekk tynwd isubtitle nathuwa...
    Eken samahara format play wenne naaa

    ReplyDelete
  5. Mac OS X wala sinhala subtitle play wena player ekk tynwd isubtitle nathuwa...
    Eken samahara format play wenne naaa

    ReplyDelete
  6. VLC eken .srt format files play wene nahane. Mac OS X wala Sinhala subtitles .srt format eken play wenna widihak reply karanna.plzz..

    ReplyDelete
  7. iphone eken film download karaganne kohomada?

    ReplyDelete
  8. You actually make it appear really easy along with your presentation however I in finding this matter to be actually one thing that I believe I would never understand. It seems too complicated and extremely vast for me. I'm looking forward on your subsequent publish, I'll try to get the grasp of it! capitalone.com login

    ReplyDelete
  9. වයිෆයි වලින් කරද්දි ඩේට කැපෙනවද

    ReplyDelete

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.