අයිෆෝන් Photography,වෙනත් විශේෂාංග සමඟ ඇපල් ගැන සිංහලෙන්

2 comments
ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවියට දැනට වයස අවුරුදු දෙකකට ආසන්න වනවා.ඇත්තටම ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවිය ලිවීමට ප්‍රධාන හේතුව වූයේ ඇපල් උපාංග භාවිත කරන පරිශීලකයින්ට ඒ පිළිබඳව විස්තර හා තොරතුරු සිංහල මාධ්‍යයෙන් ඔබ වෙත ගෙන ඒමට යි.ඉතිං මෙසේ ඔබ වෙත ගෙනෙන ලද ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවිය අද දින සිට නව මුහුණුවරකින් ඔබ වෙත ගෙන එනු ලබනවා.එසේ සිදුකරනු ලබන වෙනස්කම් සහ නව විශේෂාංග මෙසේ ය.


අයිෆෝන් Photography


අයිෆෝන් Photography
Photo Credit - @ashanrg

අයිෆෝන් Photography කියන්නේ අයිෆෝන් සම්බන්ධයෙන් වඩාත් ජනප්‍රිය මාතෘකාවක්.අයිෆෝන් සඳහා ම නිර්මාණය වූ Lens වර්ග කිහිපයක් ම මේ වෙනකොට වෙළඳපොළ තුළ පවතිනවා.ඒ වගේ ම මේ වන විට අයිෆෝනයෙන් ලබාගන්නා විවිධ අලංකාර ඡායාරූප අන්තර්ජාලයට නිකුත් වනවා.ඉතිං මං හිතුවා ඔබේ අයිෆෝනයෙන් ගන්නා ලද ඡායාරෑප මෙම අඩවියේ පල කරන්න.මේ සඳහා


  1. ඔබේ නම 
  2. දුරකතන අංකය
  3. විද්‍යුත් ලිපිනය
  4. ඡායාරෑපය ලබාගත් ස්ථානය
  5. Title
  6. Facebook/Twitter/G+ profile link එක
  7. අයිෆෝන් මාදිලිය සහ ඡායාරෑපය applesinhalen@gmail.com විද්‍යුත් ලිපිනය වෙත එවන්න.


සැ:යු- 

  • ඔබ එවන ලද ඡායාරෑපයේ පහළ වම් කෙළවරේ ඔබගේ නම/Photo Credit (අනිවාර්යයෙන් ම) සහ සම්බන්ධ කර ගත හැකි ආකාරය(අවශ්‍යනම් පමණක්) ඡායාරෑපයට හානියක් නොවන පරිදි ඇතුලත් කර එවන්න.උදාහරණ සඳහා මෙම සැබැඳියාව බලන්න.
  • ඔබ එවන ලද ඡායාරෑපයේ අයිතිය ඔබ සතු විය යුතු අතර ඔබට හැකිතරම් ඡායාරෑප එවිය හැකි අතර තෝරා ගත් ඡායාරෑප පමණක් මෙම අඩවියේ පල කෙරේ.
  • ලිංගිකත්වය,ආගම්,පක්ෂ වලට අදාළ ඡායාරෑප මෙහි පල නොකරනු ඇත.


ඇපල් උපාංග සහ ඒ සම්බන්ධ වෙනත් උපාංග විමසංනය


ඇපල් උපාංග සහ ඒ සම්බන්ධ වෙනත් උපාංග විමසංනය

ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවිය ප්‍රධාන වශයෙන් ඇපල් උපාංග මූලික කරගෙන ඉදිරිපත් කෙරෙන බ්ලොග් අඩවියකි.එම නිසා ම මින් ඉදිරියට ඇපල් උපාංග සඳහා නිපද වූ/ඇපල් උපාංග සඳහා විශේෂ වූ තෙවන පාර්ෂවයේ උපාංග  පිළිබඳව ද මෙම අඩවිය මඟින් විමංසනය කෙරේ.තවද එවැනි උපාංග ලංකාවට ගෙන්වා ගැනීමට හැකි ආකාර සහ ලැබෙන විශේෂ වට්ටම් පිළිබඳව ද සාකාච්ඡා කෙරේ.

ට්විටර්/ෆේස්බුක්/G+ පිටු

ඇපල් ගැන සිංහලෙන් ට්විටර් පිටුව තුළින් මෙතෙක් ගෙන එනු ලැබුවේ මෙම බ්ලොග් අඩවියේ අලුතෙන් ඵලවන ලිපි පිළිබඳව දැනුම් දීම පමණි.නමුදු මින් ඉදිරියට ඇපල් උපාංග,ඇපල් උපාංග හා සම්බන්ධ වෙනත් උපාංග සඳහා පිරිනමන වට්ටම් හා Free ඇප්ස් පිළිබඳව ඔබව යවත්කාලීන කෙරෙණු ඇත.මේ සඳහා ඇපල් ගැන සිංහලෙන් ට්විටර් පිටුව Follow කරන්න.මෙම දීමනා සහ වට්ටම් සීමිත කාලයක් සඳහා පමණක් වලංගුවන බැවින් ඇපල් ගැන සිංහලෙන් අනෙකුත් සමාජ ජාල අඩවි සමඟ සම්බන්ධ වී සිටින්න.

මෙසේ ඉහත දැක්වෙන්නේ මෙම බ්ලොග් අඩවිය විසින් දැනටමත් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂාංග වන අතර ඔබ මෙම අඩවිය තුළින් බලාපොරොත්තු වන වෙනත් සේවාවක්/යෝජනා ඇතිනම් ඉදිරිපත් කරන්න.

ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවිය ඕනෑම ප්‍රමාණයක තිරයක අපහසුතාවයකින් තොරව නැරඹීමට හැකිවන පරිදි යවත්කාලීන වෙමින් පවතින අතර ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවිය කියවන ඔබගේ පරිශීලක අත්දැකීම උසස් මට්ටමකින් ලබාදෙනුවස් මෙම අඩවියට හා මෙම අඩවිය හා සම්බන්ධ සමාජ ජාල අඩවි පූර්ණ වශයෙන් ඇපල් උපාංග මඟින් පමණක් නිර්මාණය/යවත්කාලීන කෙරේ.
  

2 comments :

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.