දින 3 ක් - අයිෆෝ‌න් මිලියන 10 ක්...

3 comments
අයිෆෝන් 6 සහ 6 Plus නව වාර්තාවක් තබයි.
ඇපල්හි ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් මහතා ඇපල් Palo Alto Store එකේ නව අයිෆෝනය හඳුන්වාදුන් අවස්ථාවට එක්වෙමින්. 

ඇපල් සමාගම අයිෆෝන් 6 සහ 6 Plus වෙළඳපොළට නිකුත් කොට අද වනවිට දින කිහිපයක් ගතවී තිබෙනවා.ලොව පුරා විසිර සිටින ඇපල් පාරිභෝගිකයින් දහස් සංඛ්‍යාත පිරිසක් ඇපල් Store වල පෝලිම් ගැසෙමින් නව අයිෆෝන් මිළ දී ගැනීමට එක්රොක් වුණා.එහි ප්‍රතිඵලයක් ලෙස ඇපල් සමාගම අයිෆෝන් 6 මහජනයා වෙත නිකුත් කර දින 3 ක් ඇතුළත අයිෆෝන් 6 සහ 6 Plus මිලියන 10 ක් විකුණා ඇති බව ඇපල් සමාගම නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.


මෙම සංඛ්‍යාලේඛන සඳහා අදාළ වන්නේ අයිෆෝන් 6 සහ 6 Plus මේ වන විට නිල වශයෙන් නිකුත් කොට ඇති ඇමෙරිකාව,ඕස්ට්‍රේලියාව,කැනඩාව,ප්‍රංශය,ජර්මනිය,හොංකොං,ජපානය,සිංගප්පූරුව,පෝට රිකානුව සහ එක්සත් රාජධානිය යන රටවල සංඛ්‍යාලේඛන යි.ඇපල් සමාගම පසුගිය වර්ෂයේ අයිෆෝන් 5S සහ 5C මිලියන 9 ක් විකුණා තිබෙනවා.ඒ ඇපල් සමාගමේ අයිෆෝන් වෙළදාමේ සැලකිව යුතු වෙළදාමක් ඇති චීනය ද ඇතුළත්ව ය.අයිෆෝන් 6 සහ 6 Plus Pre-order කිරීම ආරම්භ කර පැය 24ක් ඇතුළත මිලියන 4ක් Pre-order කර තිබීම ද විශේෂත්වයකි.ඇපල් සමාගම ලබන සැප්තැම්බර් 26 වන විට තවත් රටවල් 20කට ද මෙම වසර අවසාන වනවිට තවත් රටවල් 115 කට ද නිල වශයෙන් අයිෆෝන් 6 සහ 6 Plus  නිකුත් කෙරෙනු ඇති.


අයිෆෝන් 6 සහ 6 Plus නිල වශයෙන් ශ්‍රී ලංකාවට නිකුත් කොට නැතත් කප්රුක සහ වෙනත් වෙළඳ ආයතන මඟින් අයිෆොන් 6 ලංකාවෙදී මිල දී ගත හැකි ය.

අයිෆෝන් 6 සහ 6 Plus ගැන සියලු දේ දැන ගැනීමට මෙම ලිපිය කියවන්න.

3 comments :

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.