2014-10-16 දින ඇපල් සමාගම නිවේදනය කළ සියලු දේ...

No comments
2014-10-16 දින ඇපල් සමාගම නිවේදනය කළ සියලු දේ...

අප බලාපොරොත්තු වූ පරිදි ම ඇපල් සමාගම පසුගිය දින (16) ඔවුනගේ නව ඇපල් උපාංග සහ මෙහෙයුම් පද්ධතිවල නව අනුවාද නිකුත් කරනු ලැබුවා.මේ එදින නිකුත් කළ,නිවේදනය කළ සියලු දෑ පිළිබඳව කෙරෙන සංශිප්ත විමංසනයකි.

iMac with Retina Display

එදින ඇපල් සමාගම විසින් ඔවුනගේ ඇපල් අයිමැක් පරම්පරාවේ නව අයිමැක් අනුවාදයක් නිකුත් කරනු ලැබුවා.iMac with Retina Display,එනම් ඇපල් සමාගමේ ප්‍රථම Retina තිරයක් සමඟ පැමිණෙන ඇපල් අයිමැක් පරිගණකය වෙළඳපොළට නිකුත් කරනු ලැබුවා.

2014-10-16 දින ඇපල් සමාගම නිවේදනය කළ සියලු දේ...
2010 වර්ෂයේ නිකුත් කළ ඇපල් අයිෆෝන් 4 සමඟින් පැමිණි ඇපල් Retina තිරය පසුව අයිපෑඩයටත් අයිපොඩ් ටච් වෙතත් අනතුරුව ඇපල් මැක්බුක් ප්‍රෝ වෙතත් ඇතුළත් කරනු ලැබුවා.ලොව බොහෝමයක් ඇපල් ලෝලීන් බලා සිටි Retina තිරයක් සහිත අයිමැක් අද දින වෙළඳපොළට නිකුත් කරනු ලැබූ අතර ඇපල් සමාගම අඟල් 21.5 සහ අඟල් 27 ක තිරයකින් යුතු අයිමැක් අනුවාද දෙකක් සාමාන්‍යයෙන් වෙළඳපොළට නිකුත් කරනු ලැබුවත් මෙම Retina තිරයක් සහිත අයිමැක් අඟල් 27 ක තිරයකින් පමණක් දැනට නිකුත් කොට ඇත.

5K Retina තිරයක්, 5210 x 2880 resolution එකක් සහිත මෙම තිරයේ පික්සෙල් මිලියන 14.7 ක් පවතිනවා.මෙය අප එදිනෙදා භාවිත කරන HDTV එකකට වඩා 7 ගුණයක පික්සෙල් එකතුවක්.
2014-10-16 දින ඇපල් සමාගම නිවේදනය කළ සියලු දේ...
ඇපල් සමාගම හඳුන්වාදෙන ‘Timing Controller’ නැමැති තාක්ෂණය නිසා ඉතා සුපැහැදිලි රෑප ජනනය කිරීමට හැකියාව මෙයට ඇති අතර මෙම අයිමැක් එක 2012 වර්ෂයේ නිකුත් කළ අයිමැක්හි(Late 2012) හැඩයට සමාන වනවා.

මෙහි දෘඩාංග පිළිබඳව දැනට වෙළඳපෙළේ ඇති අයිමැක් එකට වඩා වෙනත් විශේෂත්වයක් නොමැති වුවත් iMac with Retina Display හි AMD Radeon R9 ග්‍රැෆික් චිප් එකකින් සමන්විත වන නිසා මෙහි ග්‍රැෆික් කාර්යක්ෂමතාවය මීට පෙර නිකුත් කළ අයිමැක්වලට වඩා ඉතා ඉහළ අගයක් ගනී.මෙම අයිමැක් එක ඊයේ දිනයේ සිට ඇපල් මාර්ගගත ගබඩාවෙන් මිළදී ගැනීමට හැකියාව ඇති අතර මෙය ඇමෙරිකානු ඩොලර් 2499 කට මිළ නියම කොට තිබෙනවා.


iPad Air 2

ඇපල් සමාගමේ නව අයිපෑඩ් අනුවාදය ඊයේ දිනයේ නිකුත් කළ අතර ලොව දැනට ඇති සිහින් ම ටැබ්ලට් පරිගණකය ලෙස හඳුන්වනු ලබනවා.මිලිමීටර් 6.1ක ඝණකමකින් යුතු iPad Air 2 දැනට වෙළඳපොළේ ඇති iPad Air එකට වඩා 18% ක් සිහින් වන අතර iPad Air 2 දෙකක ඝණකම 2010 දී නිකුත් කළ ප්‍රථම iPad එකටත් වඩා සිහින් වනවා.


2014-10-16 දින ඇපල් සමාගම නිවේදනය කළ සියලු දේ...


ඇපල් Touch ID ද iPad Air 2 සඳහා අන්තර්ගත කර ඇති අතර එම නිසා අයිෆෝනයේ මෙන් අයිපෑඩ් එක Unlock කිරීමට,වෙනත් ඇප් සඳහා මුරපදයක් වෙනුවට භාවිත කිරීමටත් ඇපල් Pay සඳහා භාවිත කිරීමටත් හැකියාව පවතිනවා.නමුදු iPad Air 2 හි NFC පහසුකම නොමැති නිසා මෙමඟින්  ඇපල් Pay භාවිත කිරීමේ දී Online ගෙවීම් සඳහා පමණක් භාවිත කිරීමට හැකියාව පවති.

ඇපල් A8X ප්‍රොසෙසරයකින් බල ගැනිවෙන මෙය අයිෆෝන් 6 හි දක්නට ලැබෙන A8 ප්‍රොසෙසරයට වඩා කාර්යක්ෂම වන අතර iPad Air ට වඩා දොළොස්ගුණයක්  කාර්යක්ෂමතාවයෙන් ඉහළ ය.මෙහි ග්‍රැෆික් කාර්යක්ෂමතාවය ප්‍රථම අයිපෑඩ් එකට වඩා 180 ගුණයක් වැඩි ය.වැඩි දියුණු කරන ලද Retina HD තිරයකින් සමන්විත මෙය පෙරට වඩා 56% ගුණයකින් තිරයේ පරාවර්තන කිරීම අඩු කරනු ලබ යි.

තවද geekbench benchmarks මඟින් අනාවරණය වී තිබෙන්නේ iPad Air 2 iPhone 6 ට වඩා 55% ගුණයක් ද iPad Air ට වඩා 68% ගුණයක් වේගවත් බවත්  iPad Air 2  Cores 3 කින් යුතු ගිගාහර්ට්ස් 1.5 වේගයෙන් යුතු ඇපල් A8X ප්‍රොසෙසරයකට අමතරව ගිගාබයිට් 2 ක රැම් එකකින් ද සමන්විත වන බවත් ය.

මීට අමතරව මෙහි පිටුපස මෙගා පික්සෙල් 8 ක කැමරාවකුත් එහි ඉදිරිපස Facetime HD කැමරාවකිනුත් සමන්විත වේ.මෙහි පිටුපස කැමරාවෙන් timelapse වීඩියෝ,මෙගා පික්සෙල් 43 panorama පිංතූර ගැනීමේ හැකියාව,Slo-Mo වීඩියෝ පටිගත කිරීමේ හැකියාව ද පවතී.

iPad Air 2  Space Gray, Silver සහ Gold(රත්‍රන්) පැහැයෙන් ද වෙළඳපොළට නිකුත් වන අතර මෙහි මිල ගණන් පහත පරිදි වේ.

iPad Air 2 – 16GB Wi-Fi: $499 
iPad Air 2 – 64GB Wi-Fi: $599 
iPad Air 2 – 128GB Wi-Fi: $699 
iPad Air 2 – 16GB Wi-Fi + Cellular: $629 
iPad Air 2 – 64GB Wi-Fi + Cellular: $729 
iPad Air 2 – 128GB Wi-Fi + Cellular: $829



iPad mini 3


2014-10-16 දින ඇපල් සමාගම නිවේදනය කළ සියලු දේ...


iPad mini 3 සඳහා ද ඇපල් සමාගම ඇපල් Touch ID එකතු කර ඇති අතර Unlock කිරීමට,වෙනත් ඇප් සඳහා මුරපදයක් වෙනුවට භාවිත කිරීමටත් ඇපල් Pay සඳහා භාවිත කිරීමටත් හැකියාව පවතිනවා.නමුදු iPad Air 2 මෙන් ම iPad mini 3 හි ද NFC පහසුකම නොමැති නිසා මෙමඟින්  ඇපල් Pay භාවිත කිරීමේ දී Online ගෙවීම් සඳහා පමණක් භාවිත කිරීමට හැකියාව පවති.

මෙහි පිටුපස කැමරාව මෙගා පික්සෙල් 5 කිනුත් ඉදිරිපස කැමරාව Facetime HD කැමරාවකිනුත් සමන්විත වන අතර මෙය ඇපල් A7 64bit ප්‍රොසෙසරයකින් බල ගැන්වේ.

වෙනත් සැළකිව යුතු වෙනස්කමක් නොමැති වුවත් iPad Air 2 මෙන් ම මෙහි තිරය laminated තිරයක් නිසා පෙරට වඩා 56% ගුණයකින් තිරයේ පරාවර්තන කිරීම අඩු කරනු ලබ යි.

iPad mini 3  Space Gray, Silver සහ Gold(රත්‍රන්) පැහැයෙන් ද වෙළඳපොළට නිකුත් වන අතර මෙහි මිල ගණන් පහත පරිදි වේ.


iPad mini 3 – 16GB Wi-Fi: $399 
iPad mini 3 – 64GB Wi-Fi: $499 
iPad mini 3 – 128GB Wi-Fi: $599 
iPad mini 3 – 16GB Wi-Fi + Cellular: $529 
iPad mini 3 – 64GB Wi-Fi + Cellular: $629 
iPad mini 3 – 128GB Wi-Fi + Cellular: $729

Mac mini 2014


2014-10-16 දින ඇපල් සමාගම නිවේදනය කළ සියලු දේ...


ඇපල් ලෝලීන් දිගු කලක පටන් බලාපොරොත්තු වූ ඇපල් Mac mini පරිගණකයේ මෙවර එහි දෘඩාංග යවත්කාලීන කර තිබෙනවා.ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන මිලෙන් අඩු ම මැක් එක වන මෙහි ආරම්භක මිළ ඇමෙරිකානු ඩොලර් 499 කට එනම් පසුගිය අනුවාදයට වඩා ඩොලර් 100 ක අඩු මුදලකට වෙළඳපොළට පැමිණේ.

මෙහි ආරම්භක මැක් මිනි එක Intel හතරවන පරම්පරාවේ ප්‍රොසෙසරයකින් බලගැන්වෙන අතර මෙහි සියලු විශේෂාංග සඳහා ඇපල් නිල වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න.තවද මෙහි බාහිර හැඩය පසුගිය අනුවාදය හා සසඳා බලන විට වැඩි වෙනසක් දක්නට නොලැබේ.

iTunes 12

නව මැක් OS X 10.10(යෝසැමිටි) හි අතුරුමුහුණතත් සමඟ හොඳින් ගැලපෙන නව iTunes අනුවාදයේ සම්පූර්ණ අතුරුමුහුණත නැවත සකසා ඇත.ඇපල් iCloud වෙතින් හඳුන්වා දෙන Family Sharing පහසුකම ද මෙහි අන්තර්ගත කර ඇති නිසා Username,Password නොමැතිව පවුලේ 6 දෙනෙකු අතර ඇප්ස්,සිංදු,iBooks වැනි දෑ Share කරගත හැකි ය.


Mac OS X Yosemite


2014-10-16 දින ඇපල් සමාගම නිවේදනය කළ සියලු දේ...

නැවුම් අතුරුමුහුණතකින් සමන්විත මැක් OS X 10.10 එනම් මැක් OS X යෝසැමිටී මෙහෙයුම් පද්ධතිය 16 වන දින සිට ම ඇපල් සමාගම මහජනයා වෙත නොමිලේ නිකුත් කරනු ලැබුවා.ඇපල් සමාගමෙන් නිකුත් කොට ඇති පහත දැක්වෙන උපාංග සහ ඉන් පසු නිකුත් කළ උපාංග සමඟ මෙම මෙහෙයුම් පද්ධතිය සහය දක්වනු ලබ යි.

  • iMac (Mid-2007 or later)
  • MacBook (13-inch Aluminum, Late 2008), (13-inch, Early 2009 or later)
  • MacBook Pro (13-inch, Mid-2009 or later), (15-inch, Mid/Late 2007 or later), (17-inch, Late 2007 or later)
  • MacBook Air (Late 2008 or later)
  • Mac Mini (Early 2009 or later)
  • Mac Pro (Early 2008 or later)
  • Xserve (Early 2009)

Apple Pay සහ iOS 8.1

iOS 8.1 ලබන සඳුදා(20) දින මහජනයා වෙත නිකුත් කෙරෙනු ඇති අතර එහි Apple Pay පහසුකම අන්තර්ගත කෙරෙනු ඇත.එතැන් පටන් ඔබට Apple Pay පහසුකම ඔබගේ අයිෆෝන් 6,6 Plus,iPad Air 2,iPad mini 3 මඟින් අත්විඳිය හැකි අතර iOS 8 සඳහා සහය දක්වන සියලු උපාංග සඳහා iOS 8.1 ද සහය දක්වනු ලැබේ.ඒවා නම්

  • iPhone 4S
  • iPhone 5
  • iPhone 5S
  • iPhone 5C
  • iPhone 6
  • iPhone 6 Plus
  • iPad 2
  • iPad 3
  • iPad 4
  • iPad Air
  • iPad Air 2
  • iPad Mini
  • iPad Mini 2
  • iPad Mini 3
  • iPod Touch 5G
ඇපල් iOS 8.1 සමඟ පැමිණෙන නව විශේෂාංග පිළිබඳව වෙන ම ලිපියක් බලාපොරොත්තු වන්න.

Apple iWork

ඇපල් සමාගම විසින් නොමිලේ නිකුත් කරනු ලබන ඇපල් iWork ඇප්ස් ද iOS 8 සහ යෝසැමිටී සඳහා යවත්කාලීන කොට තිබෙනවා.නව මෙහෙයුම් පද්ධති මඟින් හඳුන්වා දෙන Handoff සහ Continuity(මැක් පරිගණකයකින් යම් කාර්යයක් කරමින් සිට එය නැවැත් වූ තැන පටන් iDevice එකෙන් එතැන් සිට ආරම්භ කිරීමේ හැකියාව) යන විශේෂාංග සඳහා මෙය සහය දක්වනු ලබන අතර මෙහි අතුරුමුහුණත ද iOS 8/යෝසැමිටී මෙන් පැතලි නැවුම් ස්වභාවයක් ගනු ලබයි.Pages,Numbers,Keynote වැනි ඇප්ස් වලින් සමන්විත ඇපල් iWork බොහෝ දෙනා භාවිත කරන මයික්‍රෝසොෆ්ට් Office පැකේජයට සමාන වන අතර පසුගිය වසරේ සිට නව උපාංග සඳහා නොමිලේ නිකුත් කරනු ලබයි.මෙහි මැක් සහ iOS අනුවාද ඇපල් සමාගම විසින් නිකුත් කොට ඇත. 


Apple WatchKit


2014-10-16 දින ඇපල් සමාගම නිවේදනය කළ සියලු දේ...
ඇපල් වොච් චීනයේ Vogue සඟරාවේ චීන නිරෑපිකාවක වන
Liu Wen පැළැඳ සිටින අයුරු 
ඇපල් සමාගම පසුගිය සැප්තැම්බර් මස නිවේදනය කළ ඇපල් වොච් උපාංගය පිළිබඳව ද මෙහිදී දැනුවත් කළ අතර ලබන වසරේ මුල් කාර්තුවේ වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත මෙම උපාංගය සඳහා ඇප්ස් නිපදවීම සඳහා අවශ්‍ය ඇපල් WatchKit(ඇපල් වොච් සඳහා ඇප්ස් නිපදවීමට අවශ්‍ය Developer Platform එක) ලබන මාසයේ ඇපල් මෘදුකාංග ප්‍රවර්ධකයින්හට නිකුත් කිරීමට නියමිත බව ඇපල් සමාගම නිවේදනය කරනු ලැබුවා. 

විනාඩි 90 ක් පුරා පැවති මෙම උත්සවය නැරඹීමට අතපසු වූණු කෙනෙකුට ඇපල් සමාගමෙ නිළ වෙබ් අඩවිය තුළින් එම වැඩසටහන නැවත නැරඹීමේ හැකියාව පවතී.

ඇපල් සමාගම පසුගිය දින කිහිපය තුළ සිදුවූ සිදුවීම් එනම් #bendgate,NFL මඟින් බීට්ස් උපංග තහනම් කිරීම වැනි සිද්ධීන් පිළිබඳව මෙහි සඳහනක් කරනු ලැබුවේ නැති අතර ඉතා සීග්‍රයෙන් අලෙවි වන අයිෆෝන් 6 පිළිබඳවත් ඇපල් උපාංග මෙතරම් විස්මිත නිරිමාණ බවට පත්කළ ඇපල් සමාගමේ මෙතෙක් සේවය කරන ලද/කරන සේවකයන්ට සිය ආචාරයත් ඇපල්හි ප්‍රධාන විධායක නිළධාරී ටිම් කුක් විසින් එදින පිරිනමනු ලැබුවා.


මේ හා සැබැඳි වෙනත් ලිපි

ඉතිං ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවිය ගැනත් මේ ලිපිය ගැනත් ඔබට හිතෙන දේ Comment කරන්නත් අමතක කරන්න එපා...

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.