iOS 8.0 සිට iOS 8.2 beta දක්වා ඇති සියලු ම iOS අනුවාද Untethered Jailbreak කරමු [Updated]

5 comments
iOS 8.0 සිට iOS 8.2 බීටා දක්වා ඇති සියලු ම iOS අනුවාද Untethered Jailbreak කරමු


ඇපල් සමාගම පසුගියදා iOS 8.1.1 නිකුත් කරන විට කියා සිටියේ Pangu කණ්ඩායම iOS 8 Jailbreak කිරීම සඳහා භාවිත කළ iOS හි අනාරක්ෂිත ස්ථාන(vulnerabilities) 3 ම වසා දැමූ බවත් එම අනාරක්ෂිත ස්ථාන හඳුනාගැනීම තුළින් iOS 8.1.1 වඩාත් ආරක්ෂිත කිරීම පිළිබඳව Pangu කණ්ඩායමට ස්තුතිය ද පළ කර සිටියේ ය.ඒ අනුව Pangu කණ්ඩායමට iOS 8.1.1 Jailbreak කිරීම සඳහා tool එක යාවත්කාලීන කිරීමට නොහැකි විය.

නමුදු පසුගියදා තවත් චීන හැකර් කණ්ඩායමක් වන TaiG කණ්ඩායම විසින් iOS 8.1.1 සහ මේ වන විට ඇපල් මෘදුකාංග ප්‍රවර්ධකයින් වෙත ලබා දී ඇති මීළඟ iOS අනුවාදය වන iOS 8.2 හි බීටා අනුවාදය ද සාර්ථකව Untethered jailbreak(jailbreak ගැන සම්පූර්ණ ලිපිය කියවීම සඳහා මෙම සබැඳියාවට පිවිසෙන්න) කළ හැකි tool එකක් නිකුත් කොට තිබෙනවා.මේ වන විට චීන භාෂාවෙන් පමණක් ඉංග්‍රීසි භාෂාවෙන් ද නිකුත් කොට ඇති මෙම tool එක Windows මෙහෙයුම් පද්ධතිය සඳහා පමණක් සහය දක්වනු ලබනවා.එම නිසා ඔබත් මැක් පරිගණකයක් භාවිත කරනවා නම් dual boot කර හෝ Parallels Desktop(trial version එකක් ඇත) වැනි virtual machine එකක Windows ස්ථාපණය කරගෙන TaiG tool එක ධාවනය කළ යුතු වනවා.

TaiG tool එක සහය දක්වනු ලබන iOS අනුවාද

  • iOS 8.2 beta
  • iOS 8.1.2
  • iOS 8.1.1
  • iOS 8.1
  • iOS 8.0.1
  • iOS 8.0.2
  • iOS 8.0
  • iOS 7.1.2
  • iOS 7.1.1
  • iOS 7.1
  • iOS 7.0.1 – iOS 7.0.6

TaiG tool එක iOS 7.0.1 සිට iOS 8.1.2 දක්වා ද සහය දැක්වුව ද එම අනුවාද jailbreak කිරීම සඳහා pangu tool එක ම භාවිත කරන්න(pangu tool එක stable නිසා සහ වාර්තා වී ඇති bugs මේ වන විට සමනය කොට ඇත).එම නිසා iOS 8.2 beta සහ iOS 8.1.2 iOS අනුවාද සඳහා පමණක් TaiG tool එක භාවිත කරන්න.

TaiG tool එක සහය දක්වනු ලබන iOS උපාංග

iOS 8 සහය දක්වනු ලබන සියලු ම උපාංග සඳහා සහය දක්වනු ලබයි.එනම්



  • iPhone 6, iPhone 6 Plus, iPhone 5s, iPhone 5c, iPhone 5, iPhone 4S
  • iPad Air 2, iPad Air, iPad 4, iPad 3, iPad 2
  • iPad mini 3, iPad mini 2, iPad mini
  • iPod touch 5G
Jailbreak කිරීමට පෙර

  • ඔබ Jailbreak කිරීමට සැරසෙන iOS උපාංගය iTunes හරහා සම්පූර්ණයෙන් backup කරගන්න.මන්ද යම් කිසි ගැටලුවක් ඇති වුවහොත් නැවත restore කරගත හැකි ය.(iTunes හරහා නිවැරදිව backup කරන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙම ලිපිය කියවන්න)
  • මීට අමතරව 50% ක පමණ බැටරි ප්‍රමාණයක්,නවත ම iTunes අනුවාදය ත් වැඩකරන අන්තර්ජාල සබඳතාවයකුත් තිබිය යුතු වේ.
  • තවද ඔබගේ ඇපල් උපාංගය iOS 8.1.1 වෙත OTA update එකක් කර ඇත්නම් iTunes හරහා iOS 8.1.1 clean install කරගන්න.(වැඩිදුර තොරතුරු සඳහා මෙම ලිපිය කියවන්න).මන්ද සමහර විට jailbreak කිරීමේ දි මෙම නිසා බාධා ඇතිවිය හැකි ය. 
  • TaiG tool එකට ගැටලුවකින් තොරව අන්තර්ජාලයට සම්බන්ධ වීම සඳහා Anti-virus මෘදුකාංග සහ firewalls disable කර තබන්න.
Jailbreak කරන ආකාරය

  • මෙම සබැඳියාවට පිවිස TaiG tool එක ඩවුන්ලෝඩ් කරගෙන එම .zip ගොනුව unzip කරගන්න.
  • USB කේබලයක් මාර්ගයෙන් jailbreak කළ යුතු උපාංගය පරිගණකයට සම්බන්ධ කරන්න.ඔබ Windows ධාවනය කිරීම සඳහා virtual machine එකක් භාවිත කරනවා නම් ඇපල් උපාංගය පරිගණකයට සම්බන්ධ කළ විට එම උපාංගය ගනුදෙනු කළ යුතු මෙහෙයුම් පද්ධතිය විමසනු ඇත.එවිට virtual machine එක එනම් Windows මෙහෙයුම් පද්ධතිය ලබා දෙන්න.
  • ඔබගේ ඇපල් උපාංගයේ Settings > iCloud > Find My iPhone වෙත පිවිස Find My iPhone disable කරන්න.
  • ඔබ ඔබගේ ඇපල් උපංගය Unlock කිරීමට Password හෝ Touch ID භාවිත කරනවා නම් settings > Touch ID & Passcode වෙත පිවිස iPhone Unlock යන්න disable කර Touch ID ද ඊට පහළින් ඇති Turn Passcode Off යන්න ද tap කොට Unlock කිරීමට යොදා ඇති passcode එක ද ඉවත් කරගන්න.
  • පසුව Settings ඇප් එක වෙත පිවිස හෝ Control Center ඔස්සේ Airplane mode on කරගන්න.එවිට දුරකතන ඇමතුම් වැනි දෑ වලින් ඇතිවන බාධාවන් ඉවත් වේ.
  • ඔබ Unzip කරගත් ගොනුවේ ඇති .exe ගොනුව Right click කර 'Run as Administrator' යන්න තෝරා ධාවනය කරගන්න.
  • ඉන් පසු මද වේලාවකින් එම tool එක මඟින් ඔබගේ ඇපල් උපාංගය හඳුනාගනු ඇත.එසේ ඔබගේ උපාංගය හඳුනාගත් පසු Cydia ‍| 1.1.16 යන්න පමණක් select කොට ඊට පහළින් ඇති option එක deselect කරන්න(මෙමඟින් TaiG App Store එක අපගේ උපාංගයේ ස්ථාපණය වීම වැලකේ.)එවිට ලැබෙන popup එක X සළකුණ click කොට ඉවත් කරගන්න.
iOS 8.0 සිට iOS 8.2 beta දක්වා ඇති සියලු ම iOS අනුවාද Untethered Jailbreak කරමු [Updated]

  • ඉන් පසු ඊට පහළ ඇති කොළ පාට බටන් එක click කරන්න.එවිට circular progress bar එකක් සමඟ Jailbreak කිරීම ආරම්භ වේ.
  • මෙසේ jailbreak වී අවසන් වූ පසු ඔබගේ ඇපල් උපාංගය Reboot වේ.එසේ reboot වූ පසු ඔබට Cydia ඇප් එක දැක ගත හැකි අතර ඔබගේ ඇපල් උපාංගය අන්තර්ජාලයට සම්බන්ධ කොට Cydia ඇප් එක Open කර ගන්න.
  • එවිට Preparing file system ලෙස සටහන්ව Cydia ධාවනය වීමට අවශ්‍ය දත්ත ලබාගෙන සකස් වී අවසන් වූ පසු නැවත ඔබගේ ඇපල් උපාංගය Reboot වේ.ඉන් පසු නැවත Cydia ඇප් එක Open කර බලන්න.
  • දැන් ඔබගේ ඇපල් උපාංගය සාර්ථකව Untethered Jailbreak වී ඇත.
මෙම ලිපිය ලියන මෙහොත වන විට මේ වන තෙක් මෙහි කිසිම bug එකක් වාර්තා වී නැති අතර ඔබට යම් ගැටලුවක් තිබේ නම් පහළින් Comment කරන්න.

5 comments :

  1. මම බ්‍රෑන්ඩ් නිව් අයි ෆෝන් 6 ප්ලස් එකක් කඩෙන් (Dialcom එකෙන්) ගත්තොත් ෆෝන් එක ජේල් බ්‍රේක් කරන්නම ඕනෙද? ෆෝන් එකක් ගත්ත අලුත කරන්න ඕන දේවල් ටික කියන්නකෝ... ජේල් බ්‍රේක් කරොත් වොරන්ටි එක නැති වෙනවද?

    ReplyDelete
    Replies
    1. jailbreak කළොත් ඇපල් සමාගෙමන් ලබා දෙන warranty එක නැති වෙනවා.හැබැයි අයිෆෝන් එකක් Jailbreak කිරීම අනිවාර්ය නැහැ.කෙසේවෙතත් ඔයා Jailbreak කළත් Full Restore කරල Jailbreak එක අයින් කරගන්න පුළුවන්.

      Delete
  2. ඇපල් ෆෝන් එකක් jailbreak කෙරුවට පස්සෙ සොෆ්ට්වෙයාර් අප්ඩේට්ස් ගන්න බැරිද..

    ReplyDelete
    Replies
    1. පුළුවන්.පරිගණකයක් ආධාරයෙන් විතරක් Update කරන්න.හැබැයි එහිදී Jailbreak වීම නැති වී යනවා...

      Delete

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.