ඇපල් උපාංග පමණක් යොදාගෙන නිර්මාණය වන ලංකාවේ පළමු සිනමාපටය

1 comment
ඇපල් උපාංග පමණක් යොදාගෙන නිර්මාණය වන ලංකාවේ පළමු සිනමාපටය

ඔබට මතක ඇති මීට පෙර ඇපල් ගැන සිංහලෙන් අඩවියේ පළවූ 1-24-14 ලිපියේ ඇපල් සමාගම අයිෆෝනක් මඟින් නිපදවූ වීඩියෝවක් සම්බන්දවත් ලන්ඩනයේ "Burberry runway show" වීඩියෝ කිරීම සඳහාත් අයිෆෝන් යොදාගත් බව ඔබට මතක ඇති.නමුදු අද මා කියන්නට යන්නේ වෙනත් රටක නිර්මාණය වන දෙයක් ගැන නොව අපේ රටේ ඇපල් උපාංග පමණක් යොදාගෙන ප්‍රථමවරට නිෂ්පාදනය වන සිනමාපටය වන "Adventures of Ricky Deen" පිළිබඳව යි.

ශ්‍රී ලාංකාවේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන විශ්වනාත් බුද්ධික කීර්තිසේන  මහතා විසින් අධ්‍යක්ෂණය කෙරෙන සහ ඔනොමි ඒක්,විශ්වනාත් බුද්ධික කීර්තිසේන සහ චෙනාල් රත්නම් විසින් තිර රචනය කරන මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ අසාර්ථක නළුවෙක්ගේ ජීවිත කතාව යි.මෙහි ප්‍රධාන වශයෙන් මහේන්ද්‍ර පෙරේරා,සංගීතා වීරරත්න,පාලිත සිල්වා,දර්ශන් ධර්මරාජ්,දසුන් පතිරණ,සමනලී ෆොන්සේකා සහ ශලිනි තාරකා රංගනයෙන් දායකත්වය දක්වනවා.මෙහි මහේන්ද්‍ර පෙරේරා ත්‍රිත්ව රංගනයකින්(Triple Acting) ද පාලිත සිල්වා ද්විත්ව රංගනයක(Double Acting) ද යෙදෙනවා.

ඇපල් උපාංග පමණක් යොදාගෙන නිර්මාණය වන ලංකාවේ පළමු සිනමාපටය

මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා ඇපල් අයිෆෝන් 5 දුරකතන දෙකක් පමණක් යොදා ගැනීම විශේෂත්වයකි.එසේ අයිෆෝනයක් භාවිත කිරීමේ දී කිසිම Lens වර්ගයක් මේ වන විට භාවිත නොකෙරෙන අතර වීඩියෝ කිරීම සඳහා FILMIC Pro නැමැති ඇප් එක යොදා ගනු ලබයි.මෙසේ පටිගත කෙරෙන වීඩියෝ සංස්කරණය කිරීම සඳහා Final Cut Pro භාවිත කෙරේ.මේ අනුව මෙම සිනමාපටය පූර්ණ වශයෙන් ඇපල් උපංග මඟින් නිර්මාණය කිරීමට මෙහි නිෂ්පාදන කණ්ඩායම කටයුතු කොට තිබෙනවා.



නිෂ්පාදන කණ්ඩායම

විශ්වනාත් බුද්ධික කීර්තිසේන | අධ්‍යක්ෂණය
බුද්ධි කීර්තිසේන | නිෂ්පාදක 
ඔනොමි ඒක්,විශ්වනාත් බුද්ධික කීර්තිසේන,චෙනාල් රත්නම් | තිර රචනය
දිමුතු කාලිංග දහනායක | කැමරාකරණය 
උදාර වීරරත්නසංස්කරණය
ලක්ෂ්මන් ජෝෂප් ද සේරම් | සංගීත සංකලනය
කුමාර කරව්දෙණිය ‍ | ඇදුම් නිර්මාණය
බුවනෙක රණවක | අංග රචනය
Elephant and the Mouse VFX | දෘෂ්‍ය සංකලනය

ඇපල් උපාංග පමණක් යොදාගෙන නිර්මාණය වන ලංකාවේ පළමු සිනමාපටය


1 comment :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

ඇපල් වොච් පිළිබඳව...

1 comment
ඇපල් වොච් පිළිබඳව...

ඇපල් සමාගමේ නවත ම පෙරෙළිකාර උපාංගය වන ඇපල් වොච් මේ වන විට වෙළඳපොළට නිකුත්වීමට නියමිතව තිබෙනවා.ඇපල් සමාගම පසුගිය වසරේ පැවති විශේෂ උත්සවයක දී ඇපල් වොච් පිළිබඳව මූලික වශයෙන් නිවේදනය කරන ලද අතර මෙම වසරේ පැවැති "Spring Forward" event එකේදී එය වෙළඳපොළ සඳහා නිකුත් කෙරෙන දිනය ප්‍රකාශයට පත් කරන ලදී.ඒ අනුව 2015-04-10 වන දින සිට ඇපල් වොච් පෙර ඇනවුම්(Pre-Order) කළ හැකි අතර මෙම වසරේ ජූනි මාසය වන විට වෙළඳපොළට නිකුත් කෙරෙනු ඇත.

ඇපල් වොච් යනු ඇපල් සමාගමේ හිටපු විධායක නිළධාරී ස්ටීව් ජොබ්ස්ගේ අභාවයෙන් පසු ඇපල් සමාගම නිකුත් කළ පළමු නව උපාංගය යි.ඇපල් වොච් පිළිබඳව අදහසක් ප්‍රථමයෙන් සමාගමට ලබී ඇත්තේ ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කළ හයවන පරම්පරාවේ අයිපොඩ් නැනෝ උපාංගය නිසා බවයි පැවසෙන්නේ.මන්ද මෙම උපාංගය බොහෝ දෙනා ඔරලෝසුවක් ලෙස පැළැදීමට පුරුදුව සිටි අතර එය බොහෝ දෙනෙක් ප්‍රිය කළ උපාංගයක් ද විය.

සරලව ම පැවසුවහොත් ඇපල් වොච් කියන්නේ අපගේ අතෙහි පැළදිය හැකි ස්මාර්ට් වොච් එකකි.ස්මාර්ට් වොච් සංකල්පය එතරම් අලුත් සංකල්පයක් නොවුන ද ඇපල් සමාගම විසින් එයට නව අරුතක් එක් කිරීමට මෙමඟින් හැකියාව ලැබී තිබෙනවා.

ඇපල් වොච් ප්‍රධාන වශයෙන් වර්ග 03 ක් නිකුත් කොට තිබෙනවා

  1.Apple Watch Sport Edition
  2.Apple Watch Steel Edition
  3.Apple Watch Gold Edition


නිමාව
ඇපල් වොච් පිළිබඳව...

මෙම සෑම අනුවාදයක ම විශේෂාංග සමාන වන අතර එහි නිමාව,යොදා ගෙන ඇති අමුද්‍රව්‍ය සහ ඔරලෝසු අත් පළදනා පමණක් එකිනෙකට වෙනස්වනු ලබයි.තව ද මෙම සෑම අනුවාදයක් ම ප්‍රමාණ 2 කින් නිකුත් කොට ඇත.එනම් එහි මුහුණත මිලි මීටර් 38 සහ 42 යන ප්‍රමාණයන්ගෙන් නිකුත් කර ඇති අතර ඔබගේ අතට ගැළපෙන මාදිලිය මේ අතුරින් තෝරාගත හැකි ය.

Apple Watch Sport Edition

ඇපල් වොච් පිළිබඳව...


මෙම ඇපල් වොච් මාදිලියෙහි මුහුණත නිපදවා ඇත්තේ බරින් අඩු විද්‍යුත් විච්ඡේදනය කරන ලද ඇලුමිනියම් (anodized aluminum) භාවිත කරමිනි.මෙහි මුහුණත silver සහ space gray යන වර්ණ වලින් ද එහි ඔරලෝසු පටිය රෝස,නිල්,කොළ,සුදු සහ කළු යන ආකර්ෂනීය වර්ණ 05 කින් පැමිණේ.මෙම ඔරලොසු පටි සඳහා යොදා ගැනෙන අමුදුව්‍ය සමට සනීප මෘදු ඒවා වන අතර එහි ශක්තිමත් බව ද එයට දෙවැනි නොවේ.මෙහි තිරය Iron-X නැමැති ශක්තිමත් වීදුරුවකින් නිපදවා ඇති නිසා ඇපල් වොචි හි මුහුණත සීරිමෙන් ආරක්ෂා වේ.මෙහි ආරම්භක මිළ ඇමෙරිකානු ඩොලර් 349 සිට ඉහළට නියම වී ඇත.


Apple Watch Steel Edition

ඇපල් වොච් පිළිබඳව...

මලනොබැඳෙන වානේ වලින් නිර්මාණය කර ඇති මෙහි මුහුණත එම අමුද්‍රව්‍ය නිසා තනි වර්ණයකින් පමණක් නිකුත් කොට තිබෙනවා.මෙහි විශේෂත්වය වන්නේ මෙහි ඔරලෝසු මුහුණත සඳහා දැනට දියමන්ති හැරුණුකොට ලෝකයේ ශක්තිමත් ම පාරදෘෂ්‍යභාවයෙන් යුතු අමුදුව්‍ය වන "sapphire crystal" වලින් නිපදවා තිබීම යි.මේ නිසා මෙහි අතුරුමුහුණත ඉතා ශක්තිමත්,සීරීමට සහ පීඩනයට ඔරොත්තු දෙන මුහුණතක් වන අතර මෙම අමුද්‍රව්‍ය ම අයිෆෝන්හි Touch ID සඳහා සහ කැමරා ලෙන්ස් එක සඳහා ද භාවිත කරනු ලබනවා.

මෙහි ඔරලෝසු පටිය සඳහා මලනොබැඳෙන වානේ මෙන් ම උසස් ගණයේ ලෙදර් ද භාවිත කොට තිබෙනවා.මේ සඳහා භාවිත කර ඇති අමුද්‍රව්‍ය සමහරක් රටවල්වලට පමණක් ආවේණික ඒවා වන අතර මෙහි ඔරලෝසු පටි විවිධ නිමාවන් 20 කින් පමණ සමන්විත වනවා.මේ සඳහා භාවිත කර ඇති Loops සහ buckle ද එකිනෙකට වෙනස් වන ඒවා වන අතර ඒ අතර පාරම්පරික buckle ද ඇතුළත් වනවා.මෙම ඇපල් වොච් අනුවාදයේ ආරම්භක මිළ ඇමෙරිකානු ඩොලර් 549 සිට ඉහළට නියම වී තිබෙනවා ඇත.

Apple Watch Gold Edition

ඇපල් වොච් පිළිබඳව...


ඇපල් වොච්හි වටිනාකමින් වැඩි ම අනුවාදය වන මෙය සමාන්‍ය රත්‍තරන්වලට වඩා දෙගුණයක් ශක්තිමත් කැරට් 18 රත්‍රන් වලින් නිපදවා තිබෙනවා.Yellow Gold සහ Rose Gold යන වර්ණයන්ගෙන් සමන්විත මෙහි මුහුණත සහ Buckles ද රත්‍රන්වලින් නිපදවා ඇති අතර ඔරලෝසු පටිය සඳහා ලෙදර් භාවිත කෙරේ.මෙහි ඔරලෝසු මුහුණත ද "sapphire crystal" වලින් නිපදවා ඇත.මෙහි මිළ ඇමෙරිකානු ඩොලර් 10,000 සිට 17,000 දක්වා අතර මිළක් නියම කොට ඇත.

ක්‍රියා කරන ආකාරය

ඇපල් වොච් නිසියාකාරව භාවිත කිරීම සඳහා iOS 8.2 හෝ ඊට ඉහළ iOS අනුවාදයක් සහිත අයිෆෝන් 5 හෝ ඊට ඉහළ සංස්කරණයක් අවශ්‍ය වනවා.

මෙහි සමාන්‍ය ඔරලෝසුවක දක්නට ලැබෙන ක්‍රවුන් එකක්(ඇප්ල් වොච් හි නම් Digital Crown) සහ තවත් එක් භෞතික බටනයකින් සමන්විත වනවා.මෙම ක්‍රවුන් එක මඟින් Zoom in සහ Zoom Out කිරීමටත් Scroll කිරීමටත් එක්වරක් එබීමෙන් Home Screen එකට පැමිණීමටත් තද කර සිටීමෙන් Siri ලබා ගැනීමටත් හැකියාව පවතී.මෙහි තිරය ස්පර්ෂ සංවේදී Retina තිරයකින් සමන්විත වන අතර හඳුන්වා දෙන Force Touch පහසුකමින් ද සමන්විත වේ.එනම් ඔබ ඇපල් වොච්හි තිරයෙහි යමක් tap කරන විට එහිදී යොදන පීඩනය අනුව එමඟින් ලබා දෙන ප්‍රතිචාර  සහ තේරීම් වෙනස් වේ.

මෙහි මුහුණත පිටුපස අපගේ හෘද ස්පන්දනය මැන බැලීම සඳහා අවශ්‍ය සංවේදකයන් ඇති අතර ඇපල් වොච් විසින් සෑම පැයකට වරක් ම අපගේ හෘද ස්පන්දනය මැන බලා එහි දත්ත සටහන් කරගනු ලබයි.

මෙය චාර්ජ් කිරීම සඳහා කාන්දම් බලය සහිත චාජරය ඇපල් වොච් හි පිටුපසට ළං කළ විට එය චාර්ජ් වීම ආරම්භ වේ.ඇපල් සමාගම පවසන ආකාරයට මෙහි බැටරිය එක්වරක් සම්පූර්ණයෙන් ආරෝපණය කළ විට පැය 18 ක් පමණ නොකඩවා භාවිත කළ හැකි ය.

ඇපල් වොච් පිළිබඳව...


මෙහි භාවිත වන ඔරලෝසු පටි අපට අවශ්‍ය නම් මාරු කර හැකි අතර එය ඉතා පහසුවෙන් ගැලවීමට සහ සවි කිරීමට හැකියාව පවති.

විශේෂාංග

ඇපල් වොච් සමඟින් අප අයිෆෝනයෙන් කරන බොහොමයක් කටයුතු ඊට වඩා ඉක්මණින් පහසුවෙන් කරගත හැකි අතර ඊට අමතරව මීට ආවේණික විශේෂාංග බොහොමයක් ද හඳුන්වා දී ඇත.iOS 7 මෙන් පැතලි අතුරු මුහුණතක් සහිත ඇපල් Watch OS මඟින් බලගැන්වෙන ඇපල් වොච් සඳහා මේ වන විටත් ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇප්ස් ගණනාවක් ඇත.ඇපල් වොච් හි අතුරු මුහුණතෙහි ඇති බොහෝමයක් දෑ අපට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගත හැකි ය.

ඇපල් වොච් තුළින් අපට ලැබෙන ඇමතුම්,කෙටි පණිවුඩ,ඊ-මේල් පණිවුඩ,Reminders වැනි Notification සැණෙකින් ඇපල් වොච් හි මුහුණතට ලබා දෙන අතර එහි අඩංගු Taptic Engine නැමැති දෘඩාංගය මඟින් අපට Notification එකක් ලබුණු විගස තට්ටු කිරීමක් වැනි සංවේදනයක් සිදු කරයි.මේ අධාරයෙන් ම ඔබගේ ළඟ සිටින මිතුරකුගේ ඇපල් වොච් එකෙහි ද එවැනි තට්ටු කිරීමක් සිදු කළ හැකි අතර අවශ්‍ය නම් ඔබට මේ මොහොතේ ඔබේ හෘද ස්පන්දන රිද්මය ද අනෙකා වෙත යැවිය හැකි ය.තවද ඔබට ඔබ විසින් අදින ලද සරල රෑප ද තම සමීපයේ සිටින මිතුරාගේ ඇපල් වොච් එකට යැවිය හැකි ය.

ඔබට පණිවුයඩයක් ලැබුණු පසු ඔබ වේලාව බලන ආකාරයට එදෙස බලා සිටියහොත් එම පණිවුඩයෙහි අන්තර්ගතය තවදුරටත් ලබා දෙන අතර ඔබ අත පහළට කළහොත් පණිවුඩය තිරයෙන් ඉවත්ව යයි.

මේ සමඟම අපට ඇපල් වොච් හරහා ඇමතුම් ලබා ගැනීමටත් පණිවුඩ යැවීමටත්,Siri හරහා තොරතුරු සෙවීමටත්,ගීත ඇසීමටත් ඇපල් සිතියම් නැඹීමටත් හැකියාව පවතී.

ඇපල් වොච්හි ලැබෙන තවත් වැදගත් විශේෂාංගයක් වන්නේ එහි ශාරීරික හා සෞඛ්‍ය යෝග්‍යතාවට අදාළ ඇප්ස් ය.මෙමඟින් අප වැය කර ඇති කැලරි ප්‍රමාණය,අප අද දවසේ ගමන් කළ දුර වැනි දෑ ගණනය කර සටහන් කරගන්නා අතර අපට නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට අදාළ උපදෙස් ද එම අදාළ දත්ත වලට අනුකූලව ලබා දේ. 

ඇපල් වොච් Apple Pay සඳහා ද සහය දක්වනු ලබන අතර අපට ගෙවීමක් කිරීමට අවශ්‍ය වූ විට ඇපල් වොච් එක අදාළ ගෙවීම් උපකරණයට ළං කළ සැණින් ගෙවීම සිදු වේ.

මේ වන විට ඇපල් සමාගමෙන් නිර්මාණය කර ඇති සහ තෙවන පාර්ෂව කරුවන් විසින් නිර්මාණය කරන ලද ඇප්ස් ගණනාවක් ඇපල් වොච් සඳහා පවතින අතර නව ඇප්ස් තවදුරටත් නිර්මාණය වෙමින් පවති.

ඇපල් වොච් පිළිබඳව...

බොහෝ දෙනෙකුට ඔරලෝසුවක් යනු ආභරණයකි.විවිධ විලාසිතාවන්ට විවිධ
මිළ ගණන් යටතේ අද වන විට විශාල ඔරලෝසු ප්‍රමාණයක් වෙළඳපොලෙහි දක්නට ලැබේ.ස්මාර්ට් වොච් ගත්ත ද ලොව ප්‍රකට වෙළඳ නාම යටතේ ස්මාර්ට් වොච් කිහිපයක් ම වෙළඳපොලෙහි දක්නට ලැබේ.නමුදු ඇපල් වොච් ඇපල් සමාගමේ අනෙක් උපාංග මෙන් ම වෙනත් ස්මාර්ට් වොච් පසු කරමින් විලාසිතාවෙන් මෙන් ම තාක්ෂණයෙන් ද ඉදිරියෙන් සිටියි.ඔබට ඇපල් වොච් පිළිබඳව Virtual Demo එකක් මෙම වෙබ් අඩවියට පිවිස අත්විඳිය හැකි ය.

1 comment :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුව 2015 (WWDC15) සඳහා ලියාපදිංචි වීම ඇරඹේ...

No comments
ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුව 2015 (WWDC15)

ඇපල් සමාගම විසින් මීට සුළු මොහොතකට පෙර ඇපල් සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුව 2015" පැවැත්වෙන දිනය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.මෙම වසරේ මෙම සමුළුව ඇමෙරිකාවේ සැන් ෆැන්සිස්කෝ නුවර ජූනි මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි එහි පැවසෙන්නේ.

ලෝකය පුරා විසිර සිටින ඇපල් උපාංග සඳහා මෘදුකාංග ප්‍රවර්ධනය කරන මෘදුකාංග ප්‍රවර්ධකයින්ට සහ ඒ පිළිබඳව හදාරනු ලබන ශිෂ්‍යයින් ඉලක්ක කොට ගෙන පැවිත්වෙන මෙම සමුළුවේ දී මෘදුකාංග ප්‍රවර්ධකයින් සඳහා ඇපල් සමාගමේ ඉංජිනේරුවන් 1,000 කට අධික පිරිසක් විසින් මෙහෙයවනු ලබන තාක්ෂණික සැසි 100 කට අධික ප්‍රමාණයක් සහ ඇපල් සමාගමේ වාර්ෂිකව පවත්වන "Apple Design Awards" සඳහා ද සහභාගී වීමට හැකියාව පවතිනවා.

මෙම වසරේ දී iOS හි මීළඟ මෙහෙයුම් පද්ධතිය වන iOS 9 සහ මැක් සඳහා වූ මීළඟ මෙහෙයුම් පද්ධතිය පිළිබඳව ද නිවේදනය කිරීමට නියමිතව ඇත.

මේ සඳහා ඇපල් සමාගමේ මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ නිල වෙබ් අඩවිය ඔස්සේ මෙම මස 17 වැනිදාට ප්‍රථම ලියාපදිංචි විය යුතු අතර මෙහි ප්‍රවේශ පත්‍රයක් මෙරිකානු ඩොලර් 1,599 ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රැපියල් 220,000 ක්) ලෙස මිල නියම වී ඇති අතර මේ සඳහා ඇති අධික ඉල්ලුම නිසා පසුගිය වසරේ මෙන් මේ වසරේ ද ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලොතරුයි ක්‍රමයට සිදු කෙරේ.එහි ජයග්‍රාහකයින්හට මෙම මස 20 වන දින දැනුම් දීමට නියමිත අතර එම දැනුම් දීම ලබා දුන් වහා ම ඇපල් සමාගම වෙත ගෙවීම සිදු කොට තම අසුන වෙන් කරවා ගත යුතු වේ.

තවද මෙම වසරේ දී මෙම සමුළුව පැවැත්වෙන ස්ථාන පරිශ්‍රය තුළ Selfie Stick,Google Glass වැනි උපකරණ රුගෙන යාම සහ පැළැදීම තහනම් කොට තිබෙනවා.

කෙසේ වෙතත් ඔබට ඇපල් සමාගමේ නිල වෙබ් අඩවිය ඔස්සේ සහ WWDC සඳහා නිර්මාණය කර ඇති ඇප් එක ඔස්සේ ද මෙම සමුළුව සජීවීව නැරුඹීමට ද හැකියාව පවතිනවා.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.