මොකක්ද මේ Jailbreak කරනවා කියන්නේ?

12 comments
Jailbreak කරනවා කියන්නේ ඇපල් iOS මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංගයක (iPhone,iPad,iPod touch,Apple TV) ඇපල් සමාගම විසින් යොදා ඇති බාධක ඉවත් කොට එය අපට අවශ්‍ය විදිහට Customize කරගැනීම යි.හරියට ඇන්ඩ්‍රොයිඩ් Root කරනවා වගේ.මෙමගින් අපට ඇපල් Store එකේ දී වගේ ම තවත් වෙනස් පහසුකම් සහිත ඇප්ස් ගණනාවක් ලබා ගත හැකි අතර අන්ලොක් කිරීම,තේමා(Themes) ස්ථාපනය කිරීම,Ringtones ස්ථාපනය,Pirate ඇප්ස් ස්ථාපනය කිරීම වැනි පහසුකම් ද ලබා ගන්න පුළුවන්.


ඇපල් Store එකේ දි වගේ ම මෙහි ඇපස් ලබා ගත හැකි Cydia නැමැති Store එකක් තිබෙනවා.දැනට තිබෙන හැම iDevice එකක් ම Jailbreak කරන්න,Unlock කරන්න බැහැ.මොකද මේ සඳහා iDevice එකේ මාදිලිය,Baseband Version එක, iOS සංස්කරණය බලපානවා.

Jailbreak කිරීම් ප්‍රධාන වශයෙන් කොටස් 2 ක් තියෙනවා

Tethered Jailbreak

මෙම Jailbreak කිරීම යටතේ iDevice එක Off කර නැවත On කරනකොට(බැටරිය වියළි ගිය අවස්ථාවක දී ද ඇතුළුව) iDevice එක පරිගණකයට සම්බන්ධ කළ යුතු වෙනවා.මොකද මෙහී දී kanel* එක patch කිරීම පරිගණකය මගින් පමණක් සිදු කළ හැකි වීම යි.සාමාන්‍යයෙන් මුලින් ම නිකුත් වන්නේ tethered jailbreak එක යි.පසුව බොහෝදුරට මෙහි Untethered සංස්කරණයක් නිකුත් කරනු ලබනවා.Tethered සිට Untethered කර ගැනීමට Cydia මඟින් ඊට අදාළ කුඩා Patch එකක් Install කරගැනීම මඟින් හෝ නැවත නව Tool එකක් මඟින් Jailbreak කර ගැනීමෙන් පුළුවන.

Untethered Jailbreak

මෙමගින් අපගේ iDevice එක ගැටලුවකින් තොරව On/Off කරන්න පුළුවන්.මෙහි දී අපගේ iDevice එක on වෙනකොට ම kanel* එක එමඟින් ම patch වෙනවා.

ඇපල් විසින් නිකුත් කරන අලුත් iOS සංස්කරණ jailbreak කිරීමට ටික කලක් ගත වෙනවා.බොහෝ විට නව iOS සංස්කරණවලට Tethered Jailbreak තමා ඉස්සෙල්ලා ම එන්නේ.අපට Unthethered Jailbreak එකක් එනකම් මෙසේ පාවිච්චි කළ හැකි අතර එය පසුව "corona" වැනි tweak මගින් Unthethered Jailbreak කර ගත හැකි ය.

Jailbreak කිරීම සඳහා අපට මෘදුකාංග කිහිපයක් අවශ්‍ය වෙනවා.මේවා නිපදවා තිබෙන්නේ ලෝකය පුරා විසිර සිටින iDevice හැකර්ලා විසිනි.මෙම මෘදුකාංග නොමිලේ Download කර ගත හැකි අතර මේවා Windows,MacOSX,Linux වැනි මෙහෙයුම් පද්ධති වල ධාවනය කළ හැකි ය.redsn0w,sn0wbreeze,Pwnagetool,Purplera1n,blackra1n,iJailBreak වැනි මෘදුකාංග මීට උදාහරණ වේ.

Jailbreak කිරීම යම් තරමක අවධානම් සහගත කාර්යයක් සහ ඔබගේ jailbreak කර තිබෙන iDevice එක තවදුරටත් ආරක්ෂාව අතින් ශක්තිමත් යැයි තහවුරු කළ නොහැකි ය.Jailbreak කිරීම මගින් ඇතිවන ගැටලු සම්බන්ධයෙන් ඇපල් සමාගම වගකියන්නේ නැත.එහෙත් ඔබට ඕනෑම අවස්ථාවක ඔබගේ iDevice එක iTunes මගින් Restore කර jailbreak කිරීම ඉවත් කර ගත හැකි ය.මෙහි දී යම් Errors මතු විය හැකි අතර ඒවායින් බොහොමයක් සාර්ථකව මගහරවා ගත හැකි ය.තවද මෙසේ Restore කිරීම මඟින් ඔබගේ අයිෆෝනය නැවත ලොක් විය හැකි ය(Jailbreak කර අන්ලොක් කර ඇතිනම්).


මොකක්ද මේ Jailbreak කරනවා කියන්නේ?
Jailbreak කළ iPod එකක මුහුණතක්...


අපි මීළඟ ලිපියෙන් iDevice එකක් සාර්ථකව jailbreak කරන අන්දම බලමු.


12 comments :

  1. හොඳ ලිපියක්...

    i pad mini එකේ sim card එක use කරලා call ගන්න පුලුවන් apps ගැන ලිපියක් පුලුවන් නම් දාන්න..
    ස්තූතියි..!!!

    ReplyDelete
    Replies
    1. ඔයා අදහස් කළේ local numbers වලට call කරන්නන ද?(Sim number to another number)

      Delete
    2. ඹව්.. local numbers වලට තමයි.. ඒ වගේ ඇප්ස් ගැන දන්නවනම් කියන්න පුලුවන්ද යාලුවා..???
      ලොකු උදව්වක්..

      ස්තූතියි

      Delete
    3. idea එකක් නැද්ද යාළුවා...

      Delete
    4. ඔයාට Use කරන්න වෙන්නේ ස්කයිප් වගේ ඇප් එකක් තමා යාළුවා...

      Delete
  2. ලිපියටනම් අදාල නැති ප්‍රශ්නයක්...

    apple වල Bluetooth connect වෙන්නේ apple වලටම විතරද?? (version 4)
    Samsung එක්ක connect වෙන්නේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් වෙනත් දුරකතන සමඟ Connect වන්නේ නැහැ.

      Delete
    2. Aiyo... cnnect karanna kramayak attema na neda.... :(

      Thanx macho.....

      Delete
    3. ඇප් එකක් USe කරල පුළුවන්.ගොඩක් සාර්ථක නම් නැහැ.

      Delete

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.