iOS 6.x Jailbreak කරමු [Updated]

No comments
iOS 6.x Jailbreak කරමු



ඔබ දැනටමත් iOS 6.x.x සංස්කරණ ධාවනය වන ඔබගේ iDevice එක tethered jailbreak කර ඇත්නම් ඔබගේ iDevice එකේ Cydia ඇප් එක වෙත ගොස් “evasi0n 6.x Untether” යන්න Search කර install කර Reboot කිරීම මගින් ඔබගේ iDevice එක Untethered Jailbreak කර ගත හැකි ය.ඔබ තවමත් Jailbreak කර නැත්නම් ඒ සඳහා පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
iOS 6.x Jailbreak කරමු


අවශ්‍ය වන්නේ...

  • Windows XP,Mac OS X 10.5 හෝ ඊට පසු නිකුත් කළ සංස්කරණ සහ Linux සංස්කරණ.
  • iOS 6.x ධාවනය වන iDevice එකක්.
  • USB කේබලයක් (ඔරිජිනල් නම් වඩාත් හොඳයි).

සහය දක්වන උපාංග...


iOS 6.0,6.0.1,6.1,6.1.1 සංස්කරණ ධාවනය වන iPhone 3Gs,4,4S,5 | iPod Touch 4,5 | iPad 2,3,4 සහ iPad Mini.

සැ.යු :-

  • iOS 6.x Jailbreak කිරීමට පෙර මෙම ලිපිය අවසානය වන තෙක් අවධානයෙන් කියවා බලා තේරුම් ගත හැකි නම් පමණක් Jailbreak කිරීම ආරම්භ කරන්න.තවද iOS 6.x Jailbreak කිරීමේ දී හෝ ඉන් පසුව ඇති වන අතුරු බලපෑම් සම්බන්ධයෙන් කිසිම වගකීමක් මා දරන්නේ නැත. 
  • සාර්ථකව Jailbreak වී නොමැතිනම් නැවත දෙතුන් වරක් උත්සහ කරන්න.
  • iOS Firmware එක Restore කිරීමෙන් Jailbreak වීම ඉවත් වී නැවත යථා තත්වයට පත් කර ගත හැකි ය.
  • සියල්ලට ම පෙර ඔබගේ iDevice එක iTunes මගින් හෝ iCloud මගින් Backup කර ගන්න.සබැදියාව පහතින් ලබා දී ඇත.
  • සාමාන්‍ය නිර්දේශය පරිදි iDevice එකේ බැටරි බලය 50% ක් වත් තිබිම Jailbreak කිරීම බැටරි වියළීමකින් තොරව සාර්ථකව නිම කර ගත හැකි වේ.
  • මෙමගින් iPhone එකක් Carrier Unlock කර ගත නොහැකි බවත් firmware එක Update කිරීමෙන් iPhone එක නැවත Lock විය හැකි බවත් කරුණාවෙන් සළකන්න.(Factory Unlock/Full Activated සඳහා අදාළ නොවේ) Gevey Sim එකක් මඟින් හෝ SAM Activation Ticket එකක් මඟින් iPhone එක Unlock කර ඇත්නම් ඒ පිළිබඳව සැළකිලිමත් වන්න.(Baseband Version එක,iOS Version එක)


1) Evasi0n jailbreak Tool එක Download කරගන්න.

2) iTunes මගින් ම පමණක් iOS 6.x වලට update කරගන්න.මන්ද මෙමගින් Jailbreak කිරීම ගැටලුවකින් තොරව කළ හැකි ය.(නිර්දේශිතයි)

3) ඔබගේ iDevice එකේ Password එකක් යොදා ඇත්නම් එය Settings –> General –> Passcode Lock –> 'Off' කරන්න.

4) මේ මොහොතේ iTunes ධාවනය වේ නම් එයින් ඉවත් වන්න.

5) කලින් Download කරගත් Evasi0n jailbreak Tool එක Run කරන්න.(evasi0n.exe මත Right Click කර Run as administrator යන්න තෝරන්න)

6) ඔබගේ iDevice එක පරිගණකයට Connect කරන්න.මෙහිදී ඔබගේ iDevice එක  Evasi0n jailbreak Tool එක මගින් නිසියාකාරව හඳුනාගෙන ඇත්දැයි තහවුරු කරගන්න.
iOS 6.x Jailbreak කරමු



7) සියල්ල නිසියාකාරව තිබේනම් Jailbreak icon එක ක්ලික් කරන්න.Evasi0n jailbreak Tool  එක මගින් Jailbreak කිරීමට අදාල ක්‍රියාවලිය සිදුවනතුරු මඳක් රැඳී සිටින්න.මෙම ක්‍රියාවලිය අතරතුර පරිගණකය සහ iDevice එක නිදහසේ තබන්න.මන්ද මෙහිදී වෙනත් වැඩසටහන් ධාවනය වීම මගින් Jailbreak කිරීමේ ක්‍රියාවලියට බාධා එල්ල විය හැකි ය.මෙම ක්‍රියාවලිය අවසාන වන තෙක් කිහිපවරක් iDevice එක Reboot වේ.

iOS 6.x Jailbreak කරමු


8) ටික වේලාවකින් Evasi0n jailbreak Tool එකේ "To continue please unlock your device and tap the new 'Jailbreak' icon......." ලෙස දිස් වු විට iDevice එක සාමාන්‍ය පරිදි Unlock කර 'Jailbreak' ලෙස සඳහන් icon එක එක් වරක් පමණක් Tap කරන්න.මෙහිදී මෙම App එක Open වී ක්ෂණිකව නැවත  Close වේ.(App එකක් Crash වන විට මෙන්) නැවත මදක් රැඳී සිටින්න.
iOS 6.x Jailbreak කරමු
මෙම අයිකනය එකවරක් පමණක් Tap කරන්න.


9) සුළු මොහොතකින් පසුව Evasi0n jailbreak Tool එකේ "Jailbreak Completed" ලෙස සඳහන් වේ.මේ අතර iDevice එක කිහිපවරක් Reboot වේ.
iOS 6.x Jailbreak කරමු


10)අවසානයේ දී ඔබට Home Screen තුළ Cydia App  එක දැක ගත හැකි ය.එය Tap කර එහි මූලික ක්‍රියාවළිය සිදුවන තුරු මඳක් රැඳී සිටින්න.


11) iOS 6.x Jailbreak කිරීම සාර්ථක යි.

Evasi0n jailbreak Tool එක Download කිරීම සඳහා සබැදියාව.

iOS 6.1.3 සිට 6.1.6 iOS අනුවාද Untethered jailbreak කිරීම.

සහය දක්වනු ලබන උපාංග

  • අයිෆෝන් 3GS,4,4S,5
  • අයිපොඩ් ටච් 4G,5G
  • අයිපෑඩ් 2,3,4 සහ iPad Mini 1
1.ප්‍රථමයෙන් මෙම සබැඳියාවෙන් p0sixspwn tool එක ඩවුන්ලෝඩ් කරගන්න.

2.ඩවුන්ලෝඩ් කරන ලද .zip ගොනුව extract කරගන්න.

3.ඔබ Windows පරිශීලකයෙකු නම් p0sixspwn tool එක Desktop එකේ හෝ C Drive එකේ තබා right click කොට Run as administer ලෙස open කරගන්න.

4.මෙම tool එක ධාවනය කර ඔබගේ iDevice එක USB කේබලයක් හරහා පරිගණකයට සම්බන්ධ කළ පසු එම tool එක විසින් අදාළ උපාංගය සහ එහි iOS අනුවාදය පෙන්වනු ඇත.

5.මේ වන තෙක් පියවර සාර්ථක නම් Jailbreak බටනය Click කරන්න.මේ අවස්ථාවේ ඔබගේ පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ධ වී තිබිය යුතු ය.

6.ඉන් පසු මෙම tool එක විසින් Jailbreak කිරීම ආරම්භ කරන අතර අදාළ පියවර කිහිපයකින් පසුව ස්වයංක්‍රීයව iDevice එක reboot වන අතර ඉන් පසු ඔබගේ iDevice එක සාර්ථකව Untethered jailbreak වී ඇත.

*මෙලෙස Jailbreak කිරීම සම්බන්ධව කිසියම් ගැටලුවක් ඇත්නම්  ~ඇපල් ගැන සිංහලෙන්~ මුහුණුපොතේ පිටුවේ හෝ මෙහි Comment කරන්න.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.