Apple WWDC 2013 Announced

No comments
WWDC 2013 Announced


ඇපල් සමාගම විසින් වාර්ෂිකව පවත්වනු ලබන ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුව 2013 ජූනි මස 10 සිට එම මස 14 වන දින දක්වා ඇමෙරිකාවේ San Francisco නුවර පැවැත්වෙන බව ඇපල් සමාගම මීට දින කිහිපයකට පෙර නිළ වශයෙන් ප්‍රකාශයට පත් කෙරුවා.මෙහි දී ඇපල් iOS මීළඟ සංස්කරණය,ඇපල් Mac OS X මීළඟ සංස්කරණය වගේම iOS,Mac ඇප්ස් වල නව සංස්කරණ නිකුත්වීමක් දක්නට ලැබෙනු ඇත.

මෙහි ටිකට්පත් ඇමෙරිකානු ඩොලර් 1,599 කට මිල නියම වී තිබූ අතර මෙම ටිකට්පත් අලෙවිය සඳහා නිකුත් කොට විනාඩි 2 ක් ඇතුළත විකිණි අවසන් වුණා.නමුදු ටිකට්පත් මිල දී ගැනීමට නොහැකි වූ ඇපල් මෘදුකාංග ප්‍රවර්ධකයින් (Developers) ට තවමත් ටිකට්පත් මිල දී ගැනීමට අවස්ථාව පවතිනවා.

මෙම සමුළුවේ දී ඇපල් සමාගමේ මීළඟ  iOS සංස්කරණය වන iOS 7 සහ ඇපල් Mac OS X 10.9 පිළිබඳව පළමුවෙන් ම දැනගැනීමට අවස්ථාව හිමිවන අතර ලෝකය පුරා විසිර සිටින ප්‍රවර්ධකයින් හට නව අත්හදා බැලීම්,නව තාක්ෂණය පිළිබඳව හැදෑරීමට අවස්ථාව උදා වෙනවා.තවද මෙහිදී වසරේ හොඳ ම iOS සහ Mac ඇප් එක සඳහා වන Apple Design Awards ද පිරිනමනු ලබනවා.


“Our developers have had the most prolific and profitable year ever, and we’re excited to show them the latest advances in software technologies and developer tools to help them create innovative new apps. We can’t wait to get new versions of iOS and OS X into their hands at WWDC.” 
                                              -Philip Schiller, Apple’s SVP of Worldwide Marketing.-

ඇපල් ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුව 2013 හි (WWDC) Retina Wallpapers  ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා පහත සබැදියාවන් වෙත පිවිසෙන්න.




මෙහි වැදගත් ම කාරණය ලෙස  වසර 2007 දී නිකුත් කළ ඇපල් iOS හී කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් iOS 7 තුළින් අත්විදීමට හැකි වනු ඇති බව විශ්ලේෂකයින් පවසනවා.මන්ද පසුගිය වසරේ iOS 6 සමඟ හදුන්වා දුන් Apple Maps හි තරමක අසාර්ථකත්වයත් සමඟ ඇපල් සමාගමෙන් ඉවත් කෙරුණු ස්කොට් ෆෝර්ස්ටොල් (Scott Forstall) ට පසුව ඇපල් මෘදුකාංග නිර්මාණ සම්බන්ධ ප්‍රධානියා ලෙස කටයුතු කරන සර් ජොනී අයිව් (Jony Ive) ගේ දායකත්වය දෙනු ලබන ප්‍රථම iOS නිමැවුම ද මෙය වනවා.ස්ටීව් ජොබ්ස් හැරුණුකොට පෞද්ගලිකව මා ද ප්‍රිය කරන චරිතයක් වන සර් ජොනී අයිව් ඇපල් iMac,iPhone,iPad,MacBook යනා දී විශිෂ්ඨ නිර්මාණ බිහි කළ ඔහු පසුගිය දා Times සඟරාවේ ලොව බලවත්ම පුද්ගලයින් සිය දෙනා අතරට ද පත් වුණා.

WWDC 2013 Announced


No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.