Apple & Yahoo ?

No comments

Apple & Yahoo ?

ඇපල් සහ යාහු යන සමාගම් දෙක මේ දිනවල පෙරට වඩා ඉතා සමීපව කටයුතු කරන බව The Wall Street Journal පුවත්පත සඳහන් කරනවා.මෙයට ආසන්න ම හේතුව ලෙස සැලකෙන්නේ ඇපල් හි Siri සම්බන්ධ පහසුකම් තව තවත් වැඩි දියුණු කිරීමට බව පැව‍සෙනවා.

ඇපල් iOS සමඟ Yahoo Finance සහ Yahoo Weather යන පහසුකම් ලබා දී ඇති අතර Yahoo Sports Stats ඇපල් Siri සමඟ ලබා දී තිබෙනවා.තවද යාහු ඇපල් Safari හි සෙවුම් යන්ත්‍රයක් ලෙස ද ක්‍රියා කරනවා.නමුදු ඇපල් සමාගම යාහු සමාගමේ අනෙකුත් පහසුකම් ද ඇපල් iOS සමඟ ලබා දීමට කටයුතු කිරීමට සූදානම් බව යි සැලකෙන්නේ.මෙම නව පහසුකම් බොහෝ දුරට ඇපල් හී Siri සමඟ ලැබෙනු ඇතැයි පැවසෙනවා.

ඇපල් සහ යාහු සමඟ ඇති සුහදතාව අතීතයේ සිට පැවතෙන්නක්.ඇපල් අයිෆොන් හි Mail ඇප් එක සමඟ පැමිණි ප්‍රථම ඊ-මේල් සේවාව ද යාහු වේ.2007 දී ස්ටීව් ජොබ්ස් ප්‍රථම ඇපල් අයිෆෝනය හදුන්වා දෙන විට යාහූ හී නිර්මාතෘවරුන් ද ස්ටීව් ජොබ්ස් සමඟ එම අවස්ථාවට සහභාගී වුණා.

යාහු සමාගම මේ වන විට ලොව අංක එකේ සෙවුම් යන්ත්‍රය වන ගූගල් මඟින් සහය දක්වන ඇපල් හි ඇති වෙබ් සෙවුම් පහසුකම් ද අවම කිරීමේ අවශ්‍යතාවයකින් පසුවන බව පැවසෙනවා.තව ද මීට පෙර ඇපල් iOS සමඟ පැමිණි ගූගල් සිතියම් (Google Maps)    ඇපල් iOS 6 සමඟ පැමිණි ඇපල් Maps නිසා  ඇපල් iOS තුළින් ඉවත් වුණා.ඔබට අවශ්‍යනම් Google Maps මෙතනින් ලබා ගන්න.

Apple & Yahoo ?
යාහු හි ප්‍රධාන විධායක නිලධාරිනී Marissa Mayer සමඟ ඇපල් කාර්මික නිර්මාණයන් හි  ප්‍රධාන උප සභාපති  Jonathan Ive සමඟ.
(උපුටා ගැනීම 9to5mac මගිනි.)

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.