මීළඟ අයිෆොනය මොන වගේ ද?

No comments
මීළඟ අයිෆොනය මොන වගේ ද?




ඇපල් සමාගමෙන් සැම වර්ෂයකම අලුත් අයිෆෝනයක් වෙළඳපොළට නිකුත් කරනවා.ඉතිං මේ වසරෙදි ආරංචිවල හැටියට ලබන මාස දෙක තුන ඇතුළත නව අයිෆෝනයක් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත යි.
ඉතිං මේ අයිෆෝනයේ ගුණාංග මොන වගේද කියල විවිද කතාබහ පැතිරෙනවා සහ විවිද සංකල්ප අන්තර්ජාලයට මුදාහරිනවා.මේවායින් සමහරක පමණක් යම්කිසි සත්‍යතාවයක් පවතින අතර සමහරක් ඒවා සංකල්ප ම පමණ යි.මේ පිළිබඳ නව කතාබහක් ඇතිවුනේ මීට දවස් කිහිපයකට පෙර නව අයිෆෝනයක පිටුපස කොටසේ සහ ඇතුළත ඡායාරෑප කිහිපයක් නිළ නෙලත් ලෙස අන්තර්ජාලයට මුදාහැරුණා.මා මේ පිළිබඳව තමා මේ කියන්න යන්නේ.



මීළඟ අයිෆොනය මොන වගේ ද?
මීළඟ අයිෆෝනයේ ඇතුළත සහ පිටුපස කොටස්.


මෙහි ප්‍රමාණයෙන් සහ හැඩරුවෙන් බොහෝ දුරට ඇපල් අයිෆෝන් 5 හි දිග පළලට සමාන වනවා.හරියට ඇපල් අයිෆෝන් 4 සහ ඇපල් අයිෆෝන් 4S වගේ.තවද මෙහි ෆ්ලෑෂර් දෙකක් දක්නට ලැබෙනවා.(Dual LED Flash) මෙම නිසා මෙයින් අඩු ආලෝක තත්ව යටතේ ගන්නා ලද ඡායාරූප ඉතා ඉහළ මට්ටමක පවතිනවා ඇති.

මෙහි ඇතුළත ගත්විට මීළඟ අයිෆෝනයේ මධ්‍යම සැකසුම් ඒකකය (CPU) කළින් අයිෆෝන වල මෙන් ඇපල් A series චීපයක් දක්නට ලැබෙන්නේ නැහැ.මෙයට හේතුව නව චීපයක් ඇතුළත් කළාද නැතිනම් එහි නම මැකුවද යන්න ගැටලුවක්ව පවතිනවා.තවද මෙහි බැටරිය තරමක් විශාලව නිපදවා තිබෙනවා.තවද මීළඟ අයිෆොනයෙහි තමාගේ ඇඟිලි සළකුණ මඟින් අන්ලොක් කිරීමට හැකි බව පවසනවා.මෙයට Biomatic Senser කියා හඳුන්වනවා.

ඇපල් අයිෆෝන් නිෂ්පාදනය කරන Foxcorn සමාගමේ විධායක නිළධාරියෙක් මීට ටික දිනකට පෙර සඳහන් කළේ මීළඟ අයිෆොනය වෙළඳපෙල තුළ පෙරළියක් ඇති කරනු ඇති බව යි.මෙම අයිෆෝනය iPhone 5S ලෙස හෝ iPhone 6 ලෙස හඳුන්වනු ඇති.මීට අමතරව ලාබ අයිෆෝනයක් නිකුත් කරනු ඇතැයි ද ආරංචි පවතිනවා.මෙය බොහෝදුරට ලබන වසරේ නිකුත් වේවි.

ඇපල් සමාගමේ නව ජංගම මෙහෙයුම් පද්ධතිය වන iOS 7 ද මෙම අයිෆෝනය සමඟ නිකුත් වේවි.දැනට නිකුත් වී ඇති iOs 7 beta සංස්කරණය සුදු වර්ණයෙන් යුක්න අයිෆෝන් සමඟ හොඳින් ගැලපේ.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.