අයිෆෝන් 5 සමුගනී

No comments
අයිෆෝන් 5 සමුගනී

සාමාන්‍යයෙන් ඇපල් සමාගම නව අයිෆෝනයක් නිකුත් කළ පසු එතෙක් තිබූ අයිෆෝන්වල මිළ ගණන් පහත දමා පාරිභෝගිකයාට ලබා දෙනවා.උදාහරණයක් ලෙස පසුගිය වසරේ අයිෆෝන් 5 නිකුත් වූ පසු ඊට පෙර නිකුත් වූ ඇයිෆෝන් 4S ඇමෙරිකානු ඩොලර් 549 කට(එනම් ඇමෙරිකානු ඩොලර් 100 ක අඩුවීමක්) අළෙවි කිරීම සැලකිය හැකි ය.නමුදු මෙම වසරේ ඇපල්හි ප්‍රධාන විධායක නිළධාරී ටිම් කුක් මහතා ප්‍රකාශ කර සිටියේ එම සමාගමේ නව නිෂ්පාදන වන ඇපල් අයිෆෝන් 5S සහ ඇපල් අයිෆෝන් 5C පැමිණීමත් සමඟ ලොව වඩාත් ආදරය කළ සහ ඇපල් අයිෆෝන් පෙළේ වැඩිම ආදායමක් හිමි කර දුන් අයිෆෝන් 5 හි නිෂ්පාදනය නවතා දමන බව යි.


මෙම තීරණය ඇපල් සමාගමේ නව නිෂ්පාදනයක් වන ඇපල් ඇපල් අයිෆෝන් 5C හි අලෙවිය වැඩි කරගැනීමට පහසුවක් වනවා ඇත.එය ඇපල් අයිෆෝන් 5S ට වඩා ඇමෙරිකානු ඩොලර් 100 ක මිළ වෙනසක්  ඇති බවට තොරතුරු පවති.තවද අයිෆෝන් 5 හි අනර්ඝ නිමාව නිසා ම එහි නිෂ්පාදන වියදම වැඩි වීමත් මෙයට හේතුවක් වන්නට ඇත.මීට අමතරව ඇපල් අයිෆෝන් 5 නිෂ්පාදනය කෙරුණු චීනයේ Foxconn සමාගමේ විධායක නිළධාරියෙකු වරක් ප්‍රකාශ කළේ ඇපල් අයිෆෝන් 5 හි සිහින් බව නිසා එය නිෂ්පාදනය කිරීම ඉතා අසීරු බවත් එය මෙතෙක් තමන් නිපද වූ සංකීර්ණ ම අයිෆෝනය බවත් ය.

කෙසේ වෙතත් අයිෆෝන් 4 චීනයේ තවදුරටත් නිළ වශයෙන් අලෙවිවන අතර අයිෆෝන් 4S දුරකථන ජාලයක ගිවිසුමක් සමඟ නොමිලේ ලබා ගත හැකි වීම,විවිධ වර්ණයන්ගෙන් යුතු ඇපල් අයිෆෝන් 5C සහ ඇපල් අයිෆෝන් 5S  වනි තෝරා ගනීම් පවතින නිසා මෙම තීරණය එතරම් ගැටලුවක් නොවනවා ඇත.


No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.