ඇපල් අයිෆෝන් 5S | ලොව හොඳ ම ස්මාර්ට් ෆෝනය

1 comment
ඇපල් අයිෆෝන් 5S | ලොව හොඳ ම ස්මාර්ට් ෆෝනය



මීට පැය කිහිපයකට පෙර බලාපොරොත්තු වූ පරිදි ඇපල් සමාගමේ මීළඟ අයිෆෝනය වන ඇපල් අයිෆෝන් 5S සහ ඇපල් අයිෆෝන් 5C නිළ වශයෙන් ඇපල් සමාගම ප්‍රකාශයට පත්කොට තිබෙනවා.මේ ඇපල් අයිෆෝන් 5S පිළිබඳ සංශිප්ත සටහනක්.

මෙම අයිෆෝනය ඇපල් A7 64bit ප්‍රොසෙසරයකින් බල ගැන්වෙන අතර මෙම අයිෆෝනය 64bit ප්‍රොසෙසරයක් සහිත ලොව ප්‍රථම ස්මාර්ට්ෆෝනය ද වනවා.මෙමගින් iOS 7 හි දක්නට ලැබෙන Animation සහ iOS games ඉතා උසස් මට්ටමකින් ක්‍රියාත්මක කරවීමේ හැකියාවක් පවතිනවා.මෙම නිසා ඇපල් අයිෆෝන් 5S පෙර නිකුත් වු අයිෆෝන් වලට වඩා කාර්යක්ෂමතාවයෙන් ඉහළ මට්ටමක පවතිනවා.මෙම A7 ප්‍රොසෙසරය ඇපල්හි ප්‍රථම අයිෆෝනයට වඩා 56% ක graphic කාර්යක්ෂමතාවයකින් සහ 40% කට වැඩි CPU හි ඉහළ කාර්යක්ෂමතාවයක් පවතිනවා.මේ සමඟ ම ඇපල් අයිෆෝන් 5S තුළ ඇපල් M7(Motion Coprocessor ) නමින් නව ප්‍රොසෙසරයක් ද ඇතුළු කොට තිබෙනවා.මෙය චලන දත්ත(motion data, accelerometer, and gestural data) සමඟ ගනුදෙනු කරනු ලබයි.මෙය ශරීර සුවතාවට අදාළ Apps ප්‍රවර්ධනයේදී ඉතා වැදගත් වනු ඇති බවයි පැවසෙන්නේ.

ඇපල් අයිෆෝන් 5S | ලොව හොඳ ම ස්මාර්ට් ෆෝනය
ඇපල් අයිෆෝන් 5S හි දක්නට ලැබෙන වැදගත්,විශේෂ ම පහසුකම වන්නේ මෙයට අලුතින් එක්කොට ඇති ඇඟිලි සළකුණු සංවේදකය යි(Fingerprint Sensor).මෙය අයිෆෝනයේ Home Buttion හි ස්ථාපනය කර තිබෙනවා.නව අයිෆෝනයේ Home Buttion හි පෙර මෙන් කොටු සළකුණක් දක්නට ලැබෙන්නේ නැති අතර මෙමගින් ලබා ගන්නා දත්ත අයිෆෝනයේ ප්‍රොසෙසරයේ පමණක් ගබඩා වනවා පමණක් නොව එම දත්ත ඇපල් මෘදුකාංග ප්‍රවර්ධකයන්ට පවා ලබා ගත නොහැකි බවයි පැවසෙන්නේ.මෙමඟින් ඇපල් අයිෆෝනයක් අන්ලොක් කිරීමේ දී යොදා ගන්නා මුරපදයක් වෙනුවට බාවිත කළ හැකි අතර අයිෆෝනයක් මඟින් සිදුවන ගනුදෙනු සනාථ කිරීමට ද යොදාගනු ලබනවා ඇත.මෙය ඇපල් සමාගම විසින් "Touch ID" ලෙස නම් කොට තිබෙනවා.

මෙම අයිෆෝනයේ පිටුපස කැමරාව සඳහා Dual Flash යොදාගෙන තිබෙනවා.මෙමඟින් ස්වාභාවික ආලෝක ධාරාවක් ලබා දෙන බවයි පැවසෙන්නේ.මෙහි කැමරාව 8 pixel වන අතර තප්පරයට frames 30 ක් (1080p)සහ හඳුන්වාදෙන Slo-Mo පහසුකම සමඟ මෙමඟින් තප්පරයට frames 120 ගැනීමේ හැකියාව පවතිනවා.

මෙහි සැලැස්ම අයිෆෝන් 5 හි හැඩයට බොහෝ සෙයින් සමාන වන අතර මෙම අයිෆෝනය බාහිර නිමාවෙන් Touch ID,Dual Flash LED සහ හඳුන්වා දෙන රත්‍රන් වර්ණයෙන් අසමාන වනවා.

ඇපල් අයිෆෝන් 5S Gold, Silver, සහ Space Gray යන වර්ණයන්ගෙන් සමන්විත වනවා.මෙමගින් පෙර අයිෆෝන් පැමිණි තද කළු වර්ණය ඉවත් වී තිබෙනවා.මෙම වර්ණකයන් iOS 7 සමඟ ඉතා හොඳින් ගැලපෙනු ඇතැයි පැවසෙනවා.

ඇපල් අයිෆෝන් 5S | ලොව හොඳ ම ස්මාර්ට් ෆෝනය
ඇපල් අයිෆෝන් 5S හි සියලු වර්ණයන්

මෙම අයිෆෝනය 16GB, 32GB සහ 64GB යන ධාරිතාවයන්ගෙන් සමන්විත වන අතර මෙය 2013 සැප්තැම්බර් 20 වැනිදායින් පසුව ඇමෙරිකානු ඩොලර් 649 සිට ඉහළට මිළ තීරණය වනවා.

ඇපල් අයිෆෝන් 5S හි සම්පූර්ණ තොරතුරු මෙසේ ය.






  • Will come in Space Grey, Gold, Silver
  • High grade aluminum with chamfered edges
  • Brand new system on a chip–A7–64 bit chip (first ever on a smartphone), will still run older 32-bit apps
  • Desktop-class architecture, 2x general purpose registers. Over one billion transistors.
  • Seamless developer transition
  • Graphics 56x as fast as the iPhone 5, 2 times as fast speed, 40x times as fast CPU
  • 10 hours of 3G talk time, 10 hours of LTE browsing, 8 hours of 3g browsing
  • $199 for 16G, 32G is $299, 64G is $399
  • Arsenic free, mercury free, BFR free, PVC free, highly recyclable
  • M7 coprocessor for health and fitness
  • On sale Sept 20th in US, Australia, Canada, China, France, Germany, Japan, Singapore, United Kingdom
  • 100 countries and 270 carriers by the end of the year
  • 5 element, Apple designed lens
  • 15% larger active area on sensor
  • Bigger pixels – 1.5 microns
  • Sets white balance, dynamic local tone map, autofocus with 15 zones
  • Takes multiple photos and picks the best
  • True tonal flash – combines both flashes for the best color balance
  • Auto image stabilization
  • HD video – 120 fps, slow motion, 720p
  • 28-megapixel panorama, adjust exposure automatically as you pan
  • A key you have with you everywhere you go
  • Capacitive sensor
  • 170 microns
  • 500 ppi resolution
  • Sub-epidermal skin layer recognition
  • 360˚ readability
  • Built right into the home button
  • Laser cut sapphire crystal, stainless steel detection ring, touch ID sensor, tactile switch
  • Can use it to authenticate with iTunes Store
  • Can recognize multiple fingerprints
  • Fingerprints never available to other software, uploaded to Apple’s servers, or backed up to iCloud




  • ඇපල් අයිෆෝන් 5S | ලොව හොඳ ම ස්මාර්ට් ෆෝනය
    Dual LED Flash සහිත 8 pixel කැමරාව

    මීළඟ ලිපියෙන් ඇපල් අයිෆෝන් 5C පිළිබද ලිපියක් සහ 2013 සැප්තැම්බර් 10 දින නිකුත් වූ වෙනත් දෑ පිළිබඳ ලිපියක් බලාපොරොත්තු වන්න.ඇපල් සමාගම සම්බන්ධ තවත් අලුත් තොරතුරු ඇපල් ගැන සිංහලෙන් ෆේස්බුක් පිටුවෙන් බලාපොරොත්තු වන්න.

    ඇපල් අයිෆෝන් 5S | ලොව හොඳ ම ස්මාර්ට් ෆෝනය
    ඇපල් අයිෆෝන් 5S සඳහා ඇපල් සමාගම නිකුත් කළ වීඩියෝව

    1 comment :

    මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.