අයිෆෝන් 5S වෙඩිතබා ඝාතනය කිරීම...
මේ වන විට ඉතා සීඝ්‍රයෙන් ලොව පුරා අලෙවි වන ඇපල් අයිෆෝන් 5S එහි අඩංගු නව විශේෂාංග නිසා ම ඒ පිළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක් වනවා.ඇපල් සමාගම අයිෆෝන් 5S සඳහා ම හඳුන්වා දුන් රත්‍රන් වර්ණයෙන් යුත් අයිෆෝන්හි නොසිතූ ලෙස වැඩි ඉල්ලුමක් පවතිනවා.මේ වන විට රත්‍රන් පැහැති අයිෆෝන් 5S ඇපල්හි නිළ ගබඩාවන්හි ද දැඩි හිඟයක් පවතිනවා.
Slow Motion ලෙස නිමවා ඇති මෙම වීඩියෝව නැරබීමට පහත සබැඳියාවට යන්න...
මේ අතර 'RatedRR' නැමැති යූටියුබ් චැනලයක් විසින් ඇපල් අයිෆෝන් 5S දුරකථනයක් පරීක්ෂණ කිහිපයකට භාජනය කොට තිබෙනවා.බිම වැට්ටවීම,ජලයට දැමීම සහ වෙඩි තැබීමට මෙම අයිෆෝනය භාජනය කොට තිබෙනවා.මෙහි කරන ලද පරීක්ෂණ 04 න් 02 ක් මෙම අයිෆෝනය සමත් වී තිබෙනවා(ජලයට වැටීම ද සමඟ).මෙම වෙඩි තැබීම සඳහා 50-caliber වර්ගයේ උණ්ඩයක් යොදාගෙන තිබෙනවා.අපට එදිනෙදා ජීවිතයේදී අයිෆෝනයක් වෙඩි තැබීමකට භාජනය නොවුවද අයිෆෝන් 5S හදිසි වටීම් සහ වතුරට වටීම වැනි අවස්ථාවන් සඳහා එය තුළ යම් ඔරෝත්තු දීමක් පවතිනවා.
Slow Motion ලෙස නිමවා ඇති මෙම වීඩියෝව නැරබීමට පහත සබැඳියාවට යන්න...
Subscribe to:
Post Comments
(
Atom
)
No comments :
Post a Comment
මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.