අලුත් iMac

No comments
අලුත් iMac


ඇපල් සමාගමේ අයිමැක් පෙලගැස්මේ මීළඟ හඳුන්වාදීම පසුගියදා සිදුවුණා.ඇපල් මැක් පරපුරේ ඩෙස්ක්ටොප් පරිගණකය වන අයිමැක් පරිගණකයේ කිසිදු භාහිර වෙනස්කමක් සිදු නොකර ඇති අතර එහි ඇතුළත කාර්යක්ෂමතාවය වැඩි කිරීමට අදාළව වෙනස්කම් කිහිපයක් ඇති කොට තිබෙනවා.

මෙහි ප්‍රොසෙසරය සිවුවන පරම්පරාවේ Intel Haswell ප්‍රොසෙසරයකින් බල ගැන්වෙන අතර මෙහි අඟල් 27 මාදිලිය සඳහා වැඩිදියුණු කරන ලද NVIDIA GeForce 700 මාදිලියේ ග්‍රැෆික් කාඩ් එකක් යොදාගෙන තිබෙනවා.ලෝකයේ Graphic Designing කරණ බොහෝ දෙනා වැඩි වශයෙන් යොදා ගන්නේ ඇපල් අයිමැක් නිසා මෙය ඔවුනට හොඳ ආරංචියක් වනවා නියත යි. 

මීට අමතරව වැඩි කාර්යක්ෂමතාවයකින් යුත් 802.11ac රැහැන් රහිත සම්බන්ධතාවයකින් සහ සාම්ප්‍රධායික දෘඩ තැටියට වඩා අතිශය වේගවත් Fusion Drive යන  තෝරා ගැනීම් ද මෙහි පවතිනවා.

මෙම ඇපල් අයිමැක් පරිගණකය ඇමෙරිකානු ඩොලර් 1,299 සිට ඉහළට මිළ නියම කොට තිබෙනවා.තවද මෙම ඔක්තෝබර් මස ඇපල් සමාගමේ මීළඟ  මෙහෙයුම් පද්ධතිය වන මැව්රික්ස් නිළ වශයෙන් නිකුත් කිරීමට නියමිත යි.

අලුත් iMac
ඇඟල් 27 අයිමැක්හි දිග පළල 

අලුත් iMac
ඇයිමැක්හි පිටුපස



No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.