මොකද්ද මේ Touch ID කියන්නේ ?
i-නිව්ස්
,
ඇපල් තාක්ෂණය
,
නව හඳුන්වාදීම්
,
විමංසන
.
Thursday, September 12, 2013
. Viraj Ekanayake
3 comments
ඇපල් සමාගම තවත් දැවැන්ත පියවරක් පසුගියදා ඔවුන්ගේ නවත ම නිෂ්පාදනය වන ඇපල් අයිෆෝන් 5S එළිදැක්වීමත් සමඟ තැබුවා.ඒ අයිෆෝන් 5S හි අන්තර්ගතකොට ඇති "Touch ID" නැමැති විශේෂාංගය යි.
මෙය අයිෆෝනයේ Home Button තුළ අන්තර්ගත කොට ඇති ඇඟිලි සළකුණු සංවේදකයකි.(Fingerprint Sensor).මෙමගින් ඔබට ඇපල් අයිෆෝනයක් Unlock කිරීමට යොදාගත් මුරපදය වෙනුවට සහ ඇපල් iTunes හි ගනුදෙනු සනාථ කිරීමට යොදාගත හැකිවනවා.
![]() |
නව Home Button එක |
ඇපල් අයිෆෝන් 5S හි Home Button ය මැද දක්නට තිබූ කොටු සළකුණ මෙහිදී ඉවත්ව තිබෙනවා.තවද Home Button ය වටේට ලෝහමය මුදුවක් පවතිනවා.මෙහි Home Button ය නිපදවා ඇත්තේ ශක්තියෙන් සහ පාරදෘෂ්‍ය බවින් දියමන්ති වලට පමණක් දෙවනි වූ "Sapphire Crystal" වලිනි(මෙය මීට පෙර ඇපල් අයිෆෝන් 5 හි පිටුපස කැමරාවේ Lens එක සඳහා ද යොදාගෙන තිබෙනවා).මෙය සුපුරුදු පරිදි අයිෆෝනයේ Home Button ය ලෙසද ක්‍රියා කරනවා.
ඇපල්හි මීළඟ ජංගම මෙහෙයුම් පද්ධතිය වන iOS 7 හි මූලික සැකසුම් සකස් කිරීමේ දී සහ Settings ඇප් එකෙන් සැකසුම් සකස් කොට (Setup) මෙයට දත්ත ඇතුළත් කළ හැකි අතර මුරපදයක් ද අනිවාර්‍යයෙන් ම ඇතුළත් කළ යුතු වනවා.මන්ද යම් විටක දී Touch ID හි ඇතුළත් ඇඟිලි සළකුණු සංවේදකය තාවකාලිකව හෝ සදාකාලිකව අකර්මන්‍ය වුවහොත් අයිෆෝනය ගැටලුවකින් තොරව භාවිතා කිරීමට හැකිවන බැවිනි.තවද ඔබගේ අයිෆෝනය පැය 48 ක් තුළ භාවිත කර නොමැති නම් සහ අයිෆෝනය Reboot කළ පසු නැවත එය Unlock කිරීමේ දී මුරපදය ඇතුළු කළ යුතු වනවා.ඇපල් සමාගම ප්‍රකාශ කරන්නේ මෙමගින් හැකර්කරුවෙකුට මෙය මඟහැරයාමට(Bypass) ඇති අවකාශය අල්ප බව යි.
"Only that passcode (not a finger) can unlock the phone if the phone is rebooted or hasn’t been unlocked for 48 hours. This feature is meant to block hackers from stalling for time as they try to find a way to circumvent the fingerprint scanner."
තවද අයිෆෝන් 5S හි මෙසේ ගබඩා කරගන්නා ඇඟිලි සළකුනු සම්බන්ධ දත්ත අයිෆෝන් 5S හි A7 ප්‍රොසෙසරයේ ඉතා ආරක්ෂිත ස්ථානයක පමණක් ගබඩා වනවා.මෙයට එකිනෙකට වෙනස් ඇඟිලි සළකණු 5 ක් ගබඩා කර තැබිය හැකි ය.එය ඇපල්හි සර්වරයකවත් Backup එකක වත් ගබඩා නොවන අතර කිසිම App එකකට එහි දත්ත ලබා ගැනීම සීමා කොට තිබෙනවා.
මෙහි පළමු වරට ඇඟිළි සළකුණක් ඇතුළත් කිරීමට කිහිපවරක් Home Button ය මත ඇඟිල්ල එහා මෙහා කළ යුතු වනවා.පසුව එය භාවිතා කිරීමේ දී අප ඇඟිල්ල Home Button ය මත තැබූ විට එය වටේ ඇති ලොහමට මුද්ද Home Button ය පිටුපස ඇති අති සංවේදි ඇඟිලි සළකුණු සංවේදකයට දැනුම් දෙනවා ඇඟිල්ල පරීක්ෂා කරන ලෙසට.ඉන් පසුව එහි තොරතුරු විශ්ලේෂණයෙන් පසුව අයිෆෝනය අන්ලොක් වනවා.
![]() |
නව ඇපල් Touch ID හි කොටස් |
ඇපල් සමාගම මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වලදි නිගමනය කර ඇත්තේ ඇපල් Touch ID දැනට ලැප්ටොප් පරිගණක වල දක්නට ලැබෙන ඇඟිලි සළකුණු සංවේදකවලට වඩා උසස් නිරවද්‍යතාවයක් හා දිගු කල් පැවැත්මක් පවතින බව ය.තවද අප භාවිත කරන ක්‍රීම්(Cream) සහ ලෝෂන්(Lotion) වර්ග අඟිල්ලේ දැවටී ඇත්නම් හා ඇඟිල්ලේ සම හානි වී ඇතිනම් ඇපල් Touch ID විශේෂාංගය නිවැරදිව ක්‍රීයාත්මක නොවන බව ද එහිදී හඳුනාගෙන තිබෙනවා.
මෙම විශේෂාංගය පිළිබඳව අදහස් දැක්වූ ජෛවමිත ප්‍රවීණයෙකු(Biometrics Expert ) වන පිලිප් ස්මිත් (Philip Smith) මහතා සඳහන් කළේ මෙම හඳුන්වාදීම දැවැන්ත පියවරක් බවත් ඔහු ඒ පිළිබඳව අතිශය සතුටට පත්වන බවත් ය.තවද ඇපල් වැනි සමාගමක් මේ සම්බන්ධයෙන් නායකත්වය ගැනීම තුළින් මෙම තාක්ෂණය ඉතා ඉක්මණින් වර්ධනය වීම තහවුරු කෙරන බව ද එහි දී ඔහු ප්‍රකාශ කර සිටියා.
ඇත්තට ම ලෝකයේ කෙතරම් තාක්ෂණය දියුණු වුවද එහි ආරක්ෂාව නියමාකාරයෙන් සනාථ කිරීමට කිසිවෙකුට හැකි වී නැහැ.අපගේ අතිශය පෞද්ගලික දත්ත කෙතරම් අපගේ දුරකතනයේ පවතිනවා ද ? එය යම් ආකාරයකට වත් ආරාක්ෂා කිරීමට මෙම පහසුකම සමත්වනවා ඇත.ඔබ කෙදිනක හෝ අයිෆෝන් 5S ස්මාර්ට් ෆෝනයක් මිළ දී ගන්නා තෙක් අවම වශයෙන් දුරකථනය අන්ලොක් කිරීමට වත් මුරපදයක් යොදන්න.මෙය ඇපල් අයිෆෝනයක නම් Settings/General/Passcode Lock/Turn Passcode On යන්න Tap කිරීමෙන් මුරපදයක් ඇතුල් කර ගත හැකි ය.තවද එහි ඇති Simple Passcode යන්න Off කළ විට අපට මුරපදය සඳහා අක්ෂරද භාවිතා කළ හැකි ය.මෙම මුරපදය මතක තබා ගැනීම සහ එය ආරක්ෂා කර ගැනීම අත්‍යවශය වේ.
Updates
ඇපල් Touch ID iOS 8 අනුවාදය තුළ Apple Pay සඳහා ද යොදා ගැනෙන අතර ඇපල් මෘදුකාංග ප්‍රවර්ධකයින් හට තම ඇපල් සඳහා Touch ID යොදා ගැනීමට මේ වනවිට අවස්තාව ලබා දී ඇත.
Updates
ඇපල් Touch ID iOS 8 අනුවාදය තුළ Apple Pay සඳහා ද යොදා ගැනෙන අතර ඇපල් මෘදුකාංග ප්‍රවර්ධකයින් හට තම ඇපල් සඳහා Touch ID යොදා ගැනීමට මේ වනවිට අවස්තාව ලබා දී ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Helped. Thanks.
ReplyDeleteniyamai...
ReplyDeletehoda wadakk diagatama post dannnaa
ReplyDelete