රතු නිෂ්පාදන ‍| Product [ RED ]

No comments
රතු නිෂ්පාදන ‍| Product [ RED ]


ජොනී අයිව් (Jony Ive) සහ ඔහුගේ මිතුරෙකු වන මාර්ක් නිව්සන් (Marc Newson) විසින් නිර්මාණය කරණ ලද ඇපල් මැක් ප්‍රෝ (Mac Pro) විශේෂ සංස්කරණය පසුගිය නොවැම්බර් 23 වන දින ඇමෙරිකානු ඩොලර් 977,000 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රැපියල් 128,133,550.00) කට අලෙවි වී ඇත.එහි සංවිධායකයින් එහි විකිණුම් මිළ නිෂ්චය කොට තිබුනේ ඇමෙරිකානු ඩොලර්  40,000 ත් 60,000 ත් අතර මිළකට යි.

මෙම මැක් ප්‍රෝ හි විශේෂත්වය වන්නේ එය රතු වර්ණයෙන් නිමවා තිබීම සහ එය ලෝකයට ම එකක් පමණක් වීම ය.මෙහි සාමාන්‍ය මිළ ඇමෙරිකානු ඩොලර් 2,999 සිට ඉහළට ඇපල් සමාගමේ මාර්ගගත ගබඩාවේ මිළ නියම වී තිබෙනවා.මෙය ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර "Sotheby's charity" නැමැති වෙන්දේසියේ දී මෙලෙස වෙන්දේසි වී ඇත.


රතු නිෂ්පාදන ‍| Product [ RED ]



තවද මෙහිදී  ඇමෙරිකානු ඩොලර් 25,000 කට ලංසු තබා තිබූ රත්‍රන් මිශ්‍ර ඇපල් EarPods ද ඇමෙරිකානු ඩොලර් 461,000 කට ඇලෙවි විය.තවත් විශේෂ සංස්කරණ වන "Leica" කැමරාව ඇමෙරිකානු ඩොලර් 1,805,000 කට ද විශේෂ නිමාවකින් යුතු ඇලුමිනියම් මේසය ඇමෙරිකානු ඩොලර් 1,685,000 කට ද " Steinway & Sons" පියානෝව ඇමෙරිකානු ඩොලර් 1,925,000 කට අලෙවි විය.

මෙම මුදල් Product [RED] නැමැති සංවිධානය හරහා ඒඩ්ස්,මැලේරියාව සහ ක්ෂය රෝගය ලෝකයෙන් තුරන් කිරීමට දායකවනවා.මෙම සංවිධානයට ඇපල් සමාගම 2006 වසරේ සිට එනම් එහි ආරම්භයේ සිට එහි හවුල් කරැවෙකු ද වනවා.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.