iOS 7.x Jailbreak කරමු

No comments


සියල්ලට ම අවසානයේ  Evad3rs නැමැති හැකර් කණ්ඩායම විසින් iOS 7 Untethered jailbreak කළ හැකි Evasi0n 7 ලොවට මුදා හැර තිබෙනවා.මීට වසරකට පෙර iOS 6 සඳහා ද ප්‍රථමයෙන් jailbreak කිරීම නිකුත් කලේ මොවුන් විසිනි.

මෙහි විශේෂත්වය වන්නේ මෙමඟින් දැනට නිකුත් වී ඇති සියලු ම iOS 7 සංස්කරණ (නව්‍යත ම සංස්කරණය වන iOS 7.0.4 ද ඇතුළුව) Jailbreak කළ හැකි වීම යි.තව ද මෙය iOS 7 ධාවනය කළ හැකි සියලු ම උපාංග (iPhone 5S සහ iPhone 5C ද ඇතුළුව) Jailbreak කළ හැකි වනවා.මෙය නිළ වශයෙන් ලොවට නිකුත් කරන තෙක් මෙය රහසක් ලෙස ඔවුන් තබාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.මේ පිළිබඳව විවිධ චෝදනා Evad3rs වෙත එල්ල වනවා.

සහය දක්වන iOS 7 සංස්කරණයන්.

  • 7.0
  • 7.0.1
  • 7.0.2
  • 7.0.3
  • 7.0.4
  • 7.1 beta
සහය දක්වන උපාංග.

  • iPhone 5s
  • iPhone 5c
  • iPhone 5
  • iPhone 4S
  • iPhone 4
  • iPad 2
  • iPad 3
  • iPad 4
  • iPad Air
  • iPad mini
  • iPad mini 2
  • iPod touch 5

පටන් ගැන්මට පෙර.

  • iTunes මෘදුකාංගය නවත ම සංස්කරණය‍ට යවත්කාලීන කරන්න.
  • නවතම iOS සංස්කරණයට ඔබගේ උපාංගය Update කරන්න.(iTunes මඟින් පමණක්.මන්ද OTA update කළ උපාංග Jailbreak කිරීමේදී ගැටලු ඇතිවන බවයි පැවසෙන්නේ)
  • ඔබගේ උපාංගයට මුරපද යොදා ඇත්නම් එය අවලංගු කරන්න.
  • ඔබගේ දුරකතනයේ ඇති සියලු ම දත්ත පරිගණකයේ හෝ iCloud තුළ Backup කරන්න.
  • ඔබගේ උපාංග Jailbreak කර Unlock කර ඇත්නම් iOS 7 වෙත යවත්කාලීන කිරීමෙන් වලකින්න.මන්ද එමඟින් නැවත ඔබේ උපාංගය සදාකාලිකව Lock වී යනු ඇත.


ක්‍රියා පිළිවෙත.

  • මුලින් ම ඔබගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට අදාල Evasi0n 7 සංස්කරණය Download කරගන්න.
  • ඔබගේ උපාංගය USB කේබලය ඔස්සේ පරිගණකයට සම්බන්ධ කොට Download කරගත්  Evasi0n 7 ඇප් එක Open කරන්න.
  • දැන් Jailbreak බොත්තම Click කරන්න.

  • Evasi0n 7 tool එක අදාළ ක්‍රියාවළිය කරන තුරු මඳක් රැදී සිටින්න.මේ අතරතුර පරිගණකයෙන් ඔබගේ උපාංගය විසන්ධි කිරීමට හෝ උපාංගය පාවිච්චි කිරීමට නොයන්න.
  • පිළිවෙත් කිහිපයකට පසු තිරයේ පණිවුඩයක් දිස් වේවි ඔබගේ උපාංගය Unlock කරන ලෙස.එවිට උපාංගය unlock කර Evasi0n 7 අයිකනය Tap කරන්න.
  • නැවතත් ක්‍රියා කිහිපයකට පසු උපාංගය Reboot වී නැවත Unlock කරන ලෙස පවසයි.
  • උපාංගය නැවත Unlock කළ පසු  Reboot වී  "Done!" යනුවෙන් දිස් වේවි.
  • දැන් ඔබට Cydia අයිකනය ඔබගේ උපාංගයේ දක්නට ලැබේවී.
  • මෙම පියවර කිහිපය සාර්ථකව නිම කළ පසු Evasi0n 7 ඇප් එක Close කර උපාංගය පරිගණකයෙන් විසන්ධි කරන්න.
  • දැන් ඔබ සාර්ථකව ඔබේ ඇපල් උපාංගය Jailbreak කර අවසන්. 

සබැදියාවන්.

සැ.යු.

මේ මොහොත වන විටත් iOS 7 සංස්කරණය සඳහා වූ Cydia ඇප් එක සාර්ථකව යවත්කාලීන නොවී ඇති අතර jailbreak tweak සහ ඇප්ස් තවමත් යවත්කාලීන වෙමින් පවතී.මෙම නිසා සමහර විට යම් යම් ගැටලුකාරී තත්වයන් ඇතිවිය හැකිය.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.