ඇපල් iOS සහ ඇන්ඩ්‍රොයිඩ්

2 comments
ඇපල් iOS සහ ඇන්ඩ්‍රොයිඩ්


ඇපල් iOS සහ ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ විවිධ තේමා යටතේ කථාබහට ලක් වන ජංගම මෙහෙයුම් පද්ධති දෙකකි.ඉතිං මේ ලිපියෙන් කියන්න හදන්නේ iOS සහ ඇන්ඩ්‍රොයිඩ් පැරණි දුරකථන සඳහා සහය දක්වන ආකාරය ගැන කෙරෙන නවත ම වාර්තාවක් ගැන යි.

මෙමගින් කියැවෙන්නේ ඇපල් සමාගම සහ ගූගල් සමාගම තමන්ගේ තරගකාරී ජංගම මෙහෙයුම් පද්ධතිවල නව සංස්කරණයක් නිකුත් කළ පසු එම සංස්කරණය එම මෙහෙයුම් පද්ධතියේ පැරණි සංස්කරණ ධාවනය වූ ප්‍රකට උපාංග සඳහා නිදහස් කිරීමට කොපමණ කාලයක් ගතවනවා ද සහ පැරණි උපාංග සඳහා කෙතරම් කාලයක් යන තෙක් නව සංස්කරණය සහය දක්වනවා ද යන වගය.මෙම සමීක්ෂණය කර තිබෙන්නේ Fidlee නැමැති වෙබ් අඩවිය මඟිනි.


ඇපල් iOS සහ ඇන්ඩ්‍රොයිඩ්
ලෝකයේ දැනට පවතින නව උපාංග සහ මේ වන විට ඒ සඳහා සහය දක්වන නවත ම සංස්කරණ.

ඉහත ප්‍රස්ථාර සටහන විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ ප්‍රකට ඇන්ඩ්‍රොයිඩ් උපාංග වන සැම්සුන්ග් Galaxy Note 2, Galaxy S3 වැනි උපාංග සඳහා මේ වන තෙක් ඇන්ඩ්‍රොයිඩ්හි නවත ම සංස්කරණය වන KitKat (4.4) යවත්කාලීන කිරීම ලැබී නැත.නමුදු 2010 වර්ෂයේ නිකුත් කළ ඇපල් අයිෆෝන් 4 සඳහා ඇපල් iOS 7,එනම් නවත ම සංස්කරණය සහය දක්වනු ලබයි.

තවද 2009 වර්ෂයේ නිකුත් කළ ඇපල් අයිෆෝන් 3GS iOS 6 වන තෙක් එනම් පස් වසරක් (05) යන තෙක් iOS නවත ම සංස්කරණ සහය දක්වනු ලැබී ය.තව ද ඇපල් සමාගම වැඩි ම කාලයක් පාවිච්චිය සඳහා සහ නොකඩවා එම උපාංග සඳහා සහය දැක්වීම ආසන්න වශයෙන් ඇන්ඩ්‍රොයිඩ් මෙන් දෙගුණයකි.

ඇපල් iOS සහ ඇන්ඩ්‍රොයිඩ්
නව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණයක් නිකුත් කළ පසු එය පැරණි උපාංග සඳහා සහය දැක්වීමට ගතවන කාලය.


ඇපල් iOS සහ ඇන්ඩ්‍රොයිඩ්
නව ඇපල් iOS  මෙහෙයුම් පද්ධති සංස්කරණයක් නිකුත් කළ පසු එය පැරණි උපාංග සඳහා සහය දැක්වීමට ගතවන කාලය.


තවද ඇපල් සමාගම iOS 7 නිකුත් කර සතියක කාලයක් ඇතුළත මිලියන 200 කට අධික උපංග වල ස්ථාපණය කර තිබූ අතර මේ වන විට 77% ක පිරිසක් මෙම සංස්කරණය භාවිත කරයි.මෙය ඇන්ඩ්‍රොයිඩ් සමඟ සැසදීමේ දී  ඇන්ඩ්‍රොයිඩ් KitKat නිකුත් කර සතියක් ඇතුළත එය ස්ථාපණය කර ඇත්තේ 1.1% වන අතර එහි පූර්ව සංස්කරණය වන ඇන්ඩ්‍රොයිඩ් 4.3 ස්ථාපනය කර ඇත්තේ 4.2% ක් පමණි.

2 comments :

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.