ඇපල් ලාංඡනයේ වගතුග

2 comments
ඇපල් ලාංඡනයේ වගතුග

ඕනෑම සමාගමක කැපී පෙනෙන දෙයක් වන්නේ එහි නිළ ලාංඡනය යි.ඉතින් ඇපල් සමාගමට ද ආවේණික වූ සහ සිත් ගන්නාසුලු ලාංඡනයක් පවතිනවා.ඇපල් සමාගම ආරම්භ කළ 1976 වර්ෂයේ සිට අද දක්වා ඇපල් ලාංඡන (Logos) කිහිපයක් තම නිළ ලාංඡනය ලෙස භාවිත කොට තිබෙනවා.මේ ඒ පිළිබඳව සංශිප්ත සටහනකි.

ඇපල් ලාංඡනයේ වගතුග
ප්‍රථම ඇපල් ලාංඡනය
කෙටි කාල සීමාවක් සඳහා භාවිත වුණු මෙම ලාංඡනය නිර්මාණය කර ඇත්තේ " Ronald Wayne "විසිනි.මෙහු සමහරුන්  ඇපල් සමාගමේ තෙවන සම ප්‍රාරම්භකයා (Co-Founder) ලෙසද හඳුන්වනු ලබනවා.ඔබ Jobs 2013 චිත්‍රපටය නැරඹුවා නම් එහිදී මොහුගේ චරිතය දක්නට ලැබෙනවා.මෙහි දිස්වන්නේ සර් අයිසැක් නිව්ටන් ඇපල් ගසක් මුල පොතක් කියවන ආකාරය සහ ඔහුගේ හිසට පතිත වීමට ආසන්නව පවතින ඇපල් ගෙඩියකි.තවද මෙහි "Newton… A Mind Forever Voyaging Through Strange Seas of Thought … Alone." ලෙසද සටහන් වනවා.මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ඇපල් සමාගමේ වෙළඳ නාමය ලෙස "Apple Computer" ලෙස භාවිත වීම යි.මන්ද 2007 වර්ෂයේ Apple Incorporation (Apple Inc)  ලෙස භාවිත වන තෙක් ඇපල් සමාගම හැදින්වූයේ Apple Computer ලෙස ය (1977 සිට 2007 වන තෙක් Apple Computer Inc ලෙස හැදින්වනු ලැබුවා ).

ඇපල් ලාංඡනයේ වගතුග
දෙවන ඇපල් ලාංඡනය
මින් පසුව භාවිත කෙරුණු ඇපල් ලාංඡනය වර්ෂ 1976 සිට 1998 වන තෙක් භාවිත කරනු ලැබුවා.මේ සඳහා අඩක් ආහාරයට ගත් ඇපල් ගෙඩියක් යොදාගෙන තිබෙනවා.මෙලෙස ඇපල් ගෙඩියේ අඩක් ආහාරයට ගත් ඇති බව හඟවා ඇත්තේ මේ දෙස බලන්නෙකුට එය තක්කාලි ගෙඩියක් ලෙස වැටහීම නැති කිරීමට ය.මෙය වර්ණ ගන්වා ඇත්තේ දේදුන්නේ පැහැයන් අනෙක් අතට සිටින සේය.මන්ද ස්ටීව් ‍ජොබ්ස් හට කොළ පැහැය ඉහළ සිටීම අවශය වුණා (ඇපල් ගෙඩියේ ඉහළ ඇති කොළය නිරූපණය වීමට ).තවද මෙමඟින් මානුෂියත්වය,තරගකාරීත්වය සහ දැනුම යන දෑ නිරූපණය කිරීමට උත්සහ දැරූ බව පැවසෙනවා.මෙම ලාංඡනය නිර්මාණය කොට ඇත්තේ "Rob Janoff" නැමැති නිර්මාණකරුවා විසිනි.මෙම ඇපල් ලාංඡනය සහිත ඇපල් මුද්‍රණ යන්ත්‍රයක් මහනුවර මූලික අධ්‍යන ආයතනයේ කෞතුකාගාරයක ප්‍රදර්ශනය සඳහා තැන්පත් කොට තිබෙනවා.

ඇපල් ලාංඡනයේ වගතුග


1997 වර්ෂයේ දී ස්ටීව් ‍ජොබ්ස් නැවත ඇපල් සමාගමට පැමිණෙන විට ඇපල් සමාගම දරුණු කඩා වැටීමකට පත්ව තිබුණා.මෙම තත්වය පාලනය කිරීමට ස්ටීව් ‍ජොබ්ස් විසින් ඇපල් සමාගම නිර්මාණය කරමින් සිටි පාඩු ලබන අසාර්ථක උපාංග නිෂ්පාදනය කිරීම නවතා දැමුණු අතර ඇපල් සමාගම තුළ නව වෙනසක් ඇති කිරීමට ඔහු නව ඇපල් ලාංඡනයක් යොදා ගැනුණා.මේ සඳහා කලින් භාවිත කළ ඇපල් ලාංඡනයේ සියලු ම වර්ණ ඉවත් කොට තනි වර්ණයක් භාවිත කරනු ලැබුවා.මන්ද 1997 පසු ඇපල් සමාගම නිෂ්පාදනය කළ උපාංග සඳහා පැරණි ඇපල් ලාංඡනය නොගැලපීම සහ එම ලාංඡනය ළදරු පෙනුමක් ගැනීම ය.පසුව මෙම ලාංඡනය සුළු සුළු වෙනස්කම් වලට භාජනය වෙමින් අද දක්නට ලැබෙන තත්වයට පත්ව තිබෙනවා.තවද 1997න් පසුව නිර්මාණය කළ බොහො ඇපල් උපාංග සර් ජොනතන් අයිව් විසින් නිර්මාණය කළ අතර එම නිර්මාණ ඉතා සරල එහෙත් ඇපල් සමාගමට පමණක් ආවේණික හැඩයන්ගෙන් යුක්ත වූවා.ඊට අනුරූපව ඇපල් ලාංඡනය ද යම් යම් වෙනස්කම්වලට භාජනය වුණා.තවද අප භාවිතා කරන ඇපල් Ear-pods,Data Cables,Chargers වැනි දෑ සුදු වර්ණයෙන් නිපදවීමටද  සර් ජොනතන් අයිව්ගේ ආකල්ප ඉවහල් වුණා.


2 comments :

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.