WWDC 2014

No comments
www.applesinhalen.com


ඇපල් සමාගම විසින් මෘදුකාංග ප්‍රවර්ධකයින් සඳහා වාර්ෂිකව පවත්වන සමුළුවක් වන "ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුව" 2014 ජූනි මස 02 වන දා සිට 6 වන දා දක්වා ඇමෙරිකාවේ San Francisco නුවර දී පැවැත්වෙන බව ඇපල් සමාගම පසුගිය දිනෙක නිවේදනය කළා.මෘදුකාංග ප්‍රවර්ධකයින් ඉලක්ක කොට ගෙන පවත්වන මෙම සමුළුවේ දී ඇපල් සමාගම ඔවුන්ගේ නව නිෂ්පාදන සහ ඇපල් මෙහෙයුම් පද්ධතිවල කෙරෙන යවත්කාලීන කිරීම් පිළිබඳව නිවේදනය කරනවා.
මෙවර සමුළුවේ දී ඇපල් සමාගම ඔවුනගේ මීළඟ iOS(iOS 8) සහ මැක් (OS X 10.10) මෙහෙයුම් පද්ධතිවල  බීටා(beta) අනුවාද මෘදුකාංග ප්‍රවර්ධකයින්හට නිකුත් කරනු ලබනවා.මෙම සංස්කරණ වැඩිදියුණු කොට මෙහි අවසාන අනුවාද තවත් මාස කිහිපයකින් මහජනයා වෙත නිකුත් කරනු ඇති. 

මීට අමතරව දැනට අනුමාන කර තිබෙන ආකාරයට 
  • අඟල් 12 කින් යුතු ඇපල් MacBook Air,
  • යවත්කාලීන කරන ලද Mac Mini සංස්කරණයක්,
  • යවත්කාලීන කරන ලද Apple TV සංස්කරණයක්,
  • ඇපල් iWatch
යන උපාංග පිළිබඳව තොරතුරැ නිකුත් කරනු ඇතැයි විශ්ලේෂිකයින් පවසනවා.

www.applesinhalen.com

මෙම සමුළුවට සහභාගී වීම සඳහා ඇමෙරිකානු ඩොලර් 1,599 ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රැපියල් 212,667 ක්) ගෙවා ටිකට්පතක් මිළ දී ගතයුතු වනවා.පසුගිය වර්ෂවල මෙයට පැවැති අධික ඉල්ලුම නිසා මෙම වසරේ ටිකට්පත් මිළදී ගැනීම ලොතැරැයි ක්‍රමයට සිදු කරනු ලැබුවා. 

ඔබගේ ඇපල් උපාංගය සඳහා WWDC 2014 තේමාව සහිත Wallpapers Download කර ගැනීමට http://www.surenix.me/goodies  වෙත පිවිසෙන්න.




No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.