ඇපල් සමාගම බීට්ස්(Beats) මිළදී ගනී.

No comments
ඇපල් ගැන සිංහලෙන්

ලොව ප්‍රමුඛ පෙළේ Headphones සහ Music Streaming සේවාවක් ලබා දෙන  නාමයක් වන Beats (Beats by Dr Dre) ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2($3.2B) කට ඇපල් සමාගම විසින් මිළදී ගෙන ඇති බව පැවසෙනවා.


ප්‍රකට සංගීත ශිල්පියෙකු වන Dr Dre විසින් අලෙවි ප්‍රවර්ධනය කරන ලද මෙම සමාගම පසුගිය දා ඔවුන්ගේම Music Streaming සේවාවක් ද පටන් ගනු ලැබුවා.මෙය ඇපල් සමාගම විසින් වෙනත් සමාගමක් මිළදී ගැනීමට ආයෝජනය කළ වැඩි ම මුදල සහ කලින් එසේ වෙනත් සමාගම් සඳහා ආයෝජනය කළ මුදල්වල එකතුවට වඩා වැඩි ද වනවා.

Dr Dre විසින් ඔහු අන්තර්ජාලයට මුදාහරින ලද වීඩියොවකින් මෙම ගනුදෙනුව සාර්ථකව අවසන් කළ බවට හැඟවෙනවා.එහිදී ඔහු "ලොව ධනවත් ම හිපොප් ගායකයා බව පවසනවා.".


ඇපල් ගැන සිංහලෙන්
Dr Dre 

ඇපල් සමාගම මෙතරම් මුදලකට මෙම සමාගම මිළදී ගැනීම සම්බන්ධයෙන් විවිධ කතා පැතිර පවතිනවා.මන්ද මෙතරම් විශාල මුදලක් මෙම ගනුදෙනුව සඳහා ආයොජනය කළද එය නැවත උපයා ගැනීමට හැකි වේද යන්න යි.කෙසේවුවද මෙමඟින් ඇපල් සමාගම ඉලක්ක කොට ඇත්තේ ඔවුනගේ Beats Headphones හෝ Speakers නොව ඔවුන් අලුතින් ආරම්භ කරන ලද Music Streaming සේවාව යි.තවද HTC,HP වැනි සමාගම් භාවිත කරන්නාක් මෙන් වැඩිදියුණු කරන ලද Speakers සහ Earpods ඇපල් මැක් සහ iDevices වලට එකතු කිරීමට ද පුළුවන.

තවද බීට්ස් හි සම නිර්මාතෘ වන Jimmy Iovine ඉදිරියේදී ටිම් කුක්ගේ විශේෂ උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇතැයි පැවසෙනවා.


www.applesinhalen.com
Tim Cook,Dr Dre සහ Jimmy Iovine
යවත්කාලීනවීම 1

ඇපල් සමාගම විසින් පසුගිය සතියේ Beats සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කට එනම් කලින් සඳහන් කළ මුදලට වඩා අඩු මුදලක මිළදී ගත් බව නිළ වශයෙන් නිවේදනය කළා.සමහර විචාරකයින් පවසන ආකාරයට මෙය නිෂ්ඵල කාර්යයක් බව පැවසෙන අතර මෙය මිළඳී ගැනීම පිළිබඳව නිවැරදි තොරතුරු WWDC තුලදී අනාවරණය කෙරෙනු ඇති බව පැවසෙයි.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.