ඇපල් මැක් ප්‍රෝ සහ C4

2 comments


මැක් ප්‍රෝ(Mac Pro) කියන්නේ ඇපල් සමාගම නිපදවන උපාංග අතුරින් මිළ අධික ම උපාංගයකි(පටන්ගැන්මේ මිළ ශ්‍රී ලංකා රුපියල් 400,00 කට ආසන්න වේ).ඇත්තට ම මෙම උපාංගය වැඩිපුර භාවිත කරන්නේ වෘත්තිය මට්ටමේ පරිශීලකයින් ය.පසුගිය වසරේ අග භාගයේ ප්‍රතිනිර්මාණය කරනු ලැබූ ඇපල් මැක් ප්‍රෝ පරිගණකය ඇපල් මැක් පරම්පරාවේ වේගවත්ම මැක් පරිගණකය ද වනවා.මෙය ඇපල් සමාගම මෑතකදී නිර්මාණය කළ සුවිශේෂි නිපැදවුමකි.


අප භාවිත කරන ඇපල් උපාංග වල සඳහන් වන දෙයක් වන්නේ "Design by Apple in Califonia.Assembled in China" ලෙස යි.මෙයින් අදහස් වන්නේ ඇපල් සමාගම විසින් නිපදවන උපාංග එකලැස් කිරීම සඳහා චීනයේ Foxcornn වැනි කර්මාන්ත ශාලා යොදා ගැනෙනවා.මෙයට හේතු වන්නේ චීනයේ ශ්‍රම බලකාය වැඩි නිසා ඇමෙරිකාවට සාපේක්ෂව අඩු මුදලකට චීන ශ්‍රමිකයින් ලබා ගත හැකි වීම යි.මෙමඟින් ඇපල් උපාංගයක් නිපදවීමට යන මුදල අඩු වනවා.නමුදු මැක් ප්‍රෝ නිපදවන්නේ සහ එකලැස් කරන්නේ ද ඇමෙරිකාවේ ය ("Design by Apple in Califonia.Assembled in USA").මෙහිදී වඩාත් අවධාරණයෙන් කිව යුතු කරුණක් වන්නේ බොහෝ නවක පරිශීලකයින් "Design by Apple in Califonia.Assembled in China" ලෙස ඇපල් උපාංගවල තිබෙන නිසා එය චීන නිෂ්පාදනයක් බවත් එය Fake ඇපල් උපාංගයක් ලෙස හුවා දක්වනවා.එවැනි අවස්ථාවන්හිදී එය ඇපල් ගැන දන්නා කෙනෙකු ලවා හෝ ඇපල් සමාගමේ මෙම වෙබ් අඩවියේ එහි Serial කේතය පරික්ෂා කර බලා තහවුරු කරගන්න.

මෙය Core 12 ක් සහිත Intel Xeon E5 ප්‍රොසෙසරයක්,ගිගාබයිට් 64 ක් දක්වා වැඩිකරගත හැකි රැම් ධාරිතාවයක්,Dual AMD FirePro D700 ග්‍රැෆික් කාඩ්පතක්,ටෙරාබයිට් 1ක් දක්වා වැඩිකරගත හැකි Flash Storage එකකින් සමන්විත වනවා.තවද මෙය 4K තිර 3 කට එකවර සහය දක්වනවා.වැඩිදුර තොරතුරු සඳහා http://www.apple.com/mac-pro/specs/ වෙත පිවිසෙන්න.


ඉහතින් දැක්වෙන්නේ මැක් ප්‍රෝ පරිගණකයකට විවිධ උපාංග 42 එකවර සම්බන්ධ කොට ඇති අවස්තාවකි.
පහතින් දැක්වෙන්නේ මීට පෙර අයිෆෝන් 5S වෙඩිතබා ඝාතනය කිරීම ලිපියෙහි කියැවුණු 'RatedRR' නැමැති යූටියුබ් චැනලයක් විසින් මැක් පරිගණකයක් C4 නැමැත් පුපුරණ ද්‍රව්‍ය දමා විනාශ කර දමන අන්දම යි.මෙහිදී මොවුන් විසින් Drop Test එකක් සහ මැක් ප්‍රෝ ජලයේ ගිල්වා පරික්ෂා කොට බලනවා.මැක් ප්‍රෝ එම පරීක්ෂණ 2න් ම සමත් වුවද අවසානයේ C4 වලින් සම්පූර්ණයෙන් ම විනාශ වී යනවා.




2 comments :

  1. Apple gena nodanna dewal sinhalen denaganna
    Thiyena ekama thena meka.. Niyamai kollo.

    ReplyDelete

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.