මීළඟ මැක් මෙහෙයුම් පද්ධතිය Yosemite ලෙස හඳුන්වයි ද ?

2 comments
මීළඟ මැක් මෙහෙයුම් පද්ධතිය Yosemite ලෙස හඳුන්වයි ද ?


ඇපල් සමාගමේ මීළඟ මැක් මෙහෙයුම් පද්ධතිය එනම් OS X 10.10 පිළිබඳව එළබෙන සතියේ ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි.මෙම මෙහෙයුම් පද්ධතිය පෙර මෙහෙයුම් පද්ධතිවලට වඩා අතුරු මුහුණතෙහි යම් වෙනස්කම් කිහිපයක් ඇතිවනු ඇතැයි පැවසෙනවා.එනම් එය iOS 7 වැනි Flat අතුරු මුහුණතක් ගනු ඇති.

දැනට නිකුත් කර ඇති මැක් මෙහෙයුම් පද්ධතිවල අවසාන අනුවාදය වන Mavericks මෙහෙයුම් පද්ධතිය වන තෙක් ම ඊට පෙර නිකුත් කළ මෙහෙයුම් පද්ධති නම් කෙරුනේ බළල් පවුලේ සතුන්ගේ නම් වලිනි.නමුදු ඇපල් සමාගම පසුගිය වසරේ Mavericks මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදෙන විට කියා සිටියේ ඇපල් සමාගම ඉදිරියේදී නිකුත් කරන මැක් මෙහෙයුම් පද්ධතිවල නම් මැක්වල උපන් බිම වන ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ප්‍රසිද්ධ නම් වලින් හඳුන්වන බව යි.


මීළඟ මැක් මෙහෙයුම් පද්ධතිය Yosemite ලෙස හඳුන්වයි ද ?
Yosemite හි El Cap  නැමැති ස්ථානය ය.

මෙසේ හඳුන්වාදීමට නියමිත OS X 10.10 පිළිබඳව බැනරයක් ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුව පවත්වන පරිශ්‍රයේ දක්නට ලැබෙන අතර එහි පසුබිම සඳහා කැලිෆෝනියා ප්‍රන්තයේ ප්‍රසිද්ධ ජාතික උද්‍යානයක් වන Yosemite හි El Cap  නැමැති ස්ථානය යොදාගෙන තිබෙනවා.මෙම නිසා ඇපල් මැක් මීළඟ මෙහෙයුම් පද්ධතිය Mac OS X Yosemite ලෙස හඳුන්වනු ඇති බවට මත පල කෙරෙනවා.

කෙසේවුවද එළබෙන සතියේ ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුවේදී මේ පිළිබඳව සහ එහි නව විශේෂාංග නිල වශයෙන් ප්‍රකාශයට පත් කර එහි බීටා සංස්කරණයක් නිකුත් කෙරෙන අතර මෙහි අවසාන සංස්කරණය සමාන්‍ය ජනයා වෙත මෙම වසර අවසානයේදී නිකුත් කෙරෙනු ඇති.තවද මෙම මෙහෙයුම් පද්ධතියත් පෙර වසරේ මෙන් නොමිලේ නිකුත් කෙරෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිමු. 

යවත්කාලීන කිරීම් 1

ඇපල් සමාගම මීට ස්වල්ප වේලාවකට පෙර ඔවුන්ගේ මීළඟ මැක් මෙහෙයුම් පද්ධතිය වන Mac OS X Yosemite ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුවේදී නිළ වශයෙන් ප්‍රකාශයට පත්කළා.Mac OS X Yosemite පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න

2 comments :

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.