අවවාදය යි : තෙවන පාර්ශවයේ චාජර් භාවිත කිරීම ඔබගේ ඇපල් උපාංගයට මරු කැඳවිය හැකි ය.

6 comments
ඇපල් උපාංග යනු සමාන්‍යයෙන් මිල අධික උපාංග වේ.අප එසේ සැලකිය යුතු මිලක් ගෙවා ඇපල් උපාංගයක් මිලදී ගන්නේ එහි ඇති විශේෂාංග නිසා පමණක් ම නොව එය වෙනත් සමාගම්වල උපාංග මෙන් නොව වැඩි කාලයක් ගැටලුවකින් තොරව භාවිත කිරීමට හැකි වීම නිසා ය.


අවවාදය යි : තෙවන පාර්ශවයේ චාජර් භාවිත කිරීම ඔබගේ ඇපල් උපාංගයට මරු කැඳවිය හැකි ය.


ඇපල් උපාංග මෙන් ම එයත් සමඟ එන උපකරණ ද වෙන ම මිලදී ගැනීමේ දී මිළ අධික වනවා.උදාහරණයක් ලෙස නව iOS උපාංග සඳහා අවශය Lightning Cables ඇපල් මධ්‍යගත ගබඩාවේ ඇමෙරිකානු ඩොලර් 20 ක් වනවා.ඉතිං අප මෙය මිල අධික නිසාත්,Genuine cables සැම තැනම සොයාගත නොහැකි නිසා අප තෙවන පාර්ශවයේ චාජර් සහ ඩේටා කේබල් භාවිත කිරීමට පුරුදුවී තිබෙනවා.

සමාන්‍යයෙන් තෙවන පාර්ශවයේ Lightning Cable එකක් ඩොලර් 1 කට වුවද ebay තුල සොයාගත හැකි ය.නමුදු


  • මෙමඟින් අයිෆෝනයක බැටරිය ආරෝපණය වීමට දිගු වේලාවක් ගනී.
  • එම නිසා අයිෆෝනය අනවශ්‍ය ලෙස රත්වීමට ලක් වෙයි.
  • මෙමඟින් බැටරිය අනවශ්‍ය ලෙස රත්වීම නිසා බැටරිය ඉඳිමීමට ලක් වී එහි ආයුකාලය අඩුවන අතර සමහර විට පුපුරා යාමට ද පුළුවන.
  • මිලෙන් අඩු වුව ද මෙවැනි කේබල් වැඩි කාලයක් භාවිත කළ නොහැකි ය.

ඉතිං පසුගිය කාලයේ තෙවන පාර්ශවයේ චාජර් සහ ඩේටා කේබල් භාවිත කොට මරණ කිහිපයක් වාර්තා වූණා.එහිදී ඇපල් සමාගම තරයේ ප්‍රකාශ කර සිටියේ එය දුරකතනයේ අඩුපාඩුවක් නොව එය තෙවන පාර්ශවයේ චාජර් සහ ඩේටා කේබල් භාවිත කිරීම නිසා සිදු වූ බව ය.තවද මෙම නිසා එහි Warrenty එක ද නැති වී යනවා.

මෙවැනි අතුරුවිපාක වලට අමතරව MendMyi නැමති ආයතනය විසින් සොයාගෙන තිබෙනවා තෙවන පාර්ශවයේ චාජර් සහ ඩේටා කේබල් භාවිත කිරීම නිසා අයිෆෝනයේ මව්පුවරුව(Logic Board-අයිෆෝනයේ සියලු ම පරිපථ සම්බන්ධ කොට ඇති පුවරුව) එකට ද හානි වන බව.

අවවාදය යි : තෙවන පාර්ශවයේ චාජර් භාවිත කිරීම ඔබගේ ඇපල් උපාංගයට මරු කැඳවිය හැකි ය.
U2 IC නැමැති චිප් එක පිහිටා ඇති ස්ථානය

අපගේ අයිෆෝනයේ Logic Board එකෙහි ඇති U2 IC නැමැති චිප් එක තුළින් තමයි  අයිෆෝනයේ බැටරියට ලබාදෙන විදුලි ධාරාව පාලනය කිරීම,අයිෆෝනයේ බැටරිය සම්පූර්ණයෙන් ම වියලී ගොස් නැවත ආරෝපණය කරන විට ස්වයංක්‍රීයව On වන්නේ ද මෙම චිප් එක නිසා ය.අප තෙවන පාර්ශවයේ චාජර් සහ ඩේටා කේබල් භාවිත කිරීම නිසා හානි වනනේ මෙම U2 IC චිප් එකට යි.

මෙහිදී බැටරිය සම්පූර්ණයෙන් ම වියලනය වූ පසු අයිෆෝනය ක්‍රියා විරහිත වන අතර U2 IC චිප් එක හානි වී ඇති නිසා එය නැවත ON වන්නේ නැත.බැටරිය මාරු කිරීමෙන්(ආරෝපණය කරන ලද) නැවත භාවිත කළ හැකි වුව ද  නැවත බැටරිය සම්පූර්ණයෙන් ම වියලනය වූ පසු පෙර පරිදි ම අයිෆෝනය නැවත On වන්නේ නැත.මෙයට පිළියමක් ලෙස U2 IC චිප් එක Repair කළ යුතු වන අතර එයට දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් 112 ක් පමණ වේ.

ඇපල් iOS 7 තුළ දී බොහෝදුරට මෙවැනි තෙවන පාර්ශවයේ ඩේටා කේබල් හඳුනා ගන්නා අතර මෙම පණිවුඩය දිස් වූ වහාම එය අයිෆෝනයෙන් ඉවත් කරන්න.



ඉතිං මෙම නිසා ඔබ Genuine චාජර් සහ ඩේටා කේබල් හෝ ඇපල් සමාගම සහතික කරන ලද ඩේටා කේබල් පමණක් භාවිත කරන්න.එමඟින් ඔබගේ ඇපල් උපාංගයත් ජීවිතයත් මුදලුත් ආරක්ෂා වේ.







6 comments :

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.