ඇපල් සමාගම නව ලාබදායී iMac පරිගණකයක් හඳුන්වාදෙයි

4 comments
ඇපල් සමාගම විසින් පසුගියදා නව ලාබදායී iMac පරිගණකයක් නිකුත් කරනු ලැබුවා.දැනට වෙළඳපොලේ ඇති සිහින් iMac පරිගණකයේ හැඩයට සහ නිමාවටම මෙය සමාන වුවද එහි ඇතුලාන්තයේ ඇති විශේෂාංගවල වෙනස්කම් කිහිපයක් දක්නට ලැබෙනවා.

ඇපල් සමාගම නව ලාබදායී iMac පරිගණකයක් හඳුන්වාදෙයි



ඇමෙරිකානු ඩොලර් 1,099 කට මිල කර ඇති මෙම පරිගණකය අඟල් 21.5 ක තිරයකින් යුක්ත වනවා.1.4 GHZ වේගයකින් යුතු Dual-core Intel Core i5 ප්‍රොසෙසරයකින්(සිව්වන පරම්පරාවේ) යුතු මෙය 2.7 GHZ ක් දක්වා Turbo Boost කළ හැකි ය(ධාරිතවයෙන් ඉහළ කාර්යයන් කිරීමේ දී ප්‍රොසෙසරයේ පවතින වේගය මෙම අගය දක්වා වැඩි වේ).මීට අමතරව ගිගාබයිට් 8 ක ධාරිතාවයකින් යුතු රුම් මතකයකින් සහ ගිගාබයිට් 500 ක දෘඩ තැටියකින් සමන්විත වේ.

ඇපල් සමාගම නව ලාබදායී iMac පරිගණකයක් හඳුන්වාදෙයි

තවද මේ සමඟ අනෙක් මැක් පරිගණකවලට මෙන් ම iLife,iWork suite එකද නොමිලේ හිමිවනු ඇත.

මෙම පරිගණකය ආරම්භක මට්ටමේ පරිගණකයක් වන අතර ඇපල් සමාගමේ නිල වෙබ් අඩවියේන් පැය 24 ඇතුලත ඇමෙරිකාවේ ලිපිනයකට ගෙන්වා ගත හැකි වුව ද මෙය ශ්‍රී ලංකාව තුල මිල දී ගැනීමට ටික දිනක් ගත වනු ඇත.

කෙසේවුවද ඔබ Video Editing,Gaming වැනි දේ සඳහා iMac පරිගණකයක් මිල දී ගැනීමට සිතනවා නම් මෙහි High-End Version එකකට යාම නුවණට හුරුවනු ඇති.

ඇපල් සමාගම නව ලාබදායී iMac පරිගණකයක් හඳුන්වාදෙයි

4 comments :

  1. Good luck. Digadama lipi danna

    ReplyDelete
  2. aththatama oya me blog eka hodata karagena yanawa.thawath idiriyata api me wage de balaporoththu wenawa saho.good luck...........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..අනිවාර්යයෙන් ම...

      Delete

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.