මැක් OS X යෝසැමිටී පිළිබඳව ඔබ දැනගත යුතු සියලු දේ...

No comments
මැක් OS X යෝසැමිටී පිළිබඳව ඔබ දැනගත යුතු සියලු දේ...


අප සියලු දෙනා බලාපොරොත්තු වූ පරිදී ඇපල් සමාගම 2014 ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුවේදී ඇපල් මැක් මෙහෙයුම් පද්ධතියේ මීළඟ අනුවාදය වන මැක් OS X යෝසැමිටි(Yosemite) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

දැනට නිකුත් කර ඇති මැක් මෙහෙයුම් පද්ධතිවල අවසාන අනුවාදය වන Mavericks මෙහෙයුම් පද්ධතිය වන තෙක් ම ඊට පෙර නිකුත් කළ මෙහෙයුම් පද්ධති නම් කෙරුනේ බළල් පවුලේ සතුන්ගේ නම් වලිනි.නමුදු ඇපල් සමාගම පසුගිය වසරේ Mavericks මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදෙන විට කියා සිටියේ ඇපල් සමාගම ඉදිරියේදී නිකුත් කරන මැක් මෙහෙයුම් පද්ධතිවල නම් මැක්වල උපන් බිම වන ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ප්‍රසිද්ධ නම් වලින් හඳුන්වන බව යි.මේ අනුව ඇපල් සමාගම තම නවත ම මෙහෙයුම් පද්ධතිය ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තයේ ප්‍රසිද්ධ ජාතික උද්‍යානයක් වන Yosemite(යෝසැමිටි) හි නම යොදා ගෙන තිබෙනවා.එහි ප්‍රධාන වෙනස්කම් මෙසේ ය.

අතුරු මුහුණත

යෝසැමිටී මෙහෙයුම් පද්ධතියේ අතුරු මුහුණත සම්පූර්ණයෙන් ම ප්‍රතිනිර්මාණය කොට තිබෙනවා.මෙහෙයුම් පද්ධතියේ Tabs,Windows වැනි දෑ ඇපල් iOS 7 හි වැනි පාරදෘෂ්‍ය බවක් ගෙන තිබෙන අතර iOS 7 හි ලෙස ම ඇප්ස් Flat ස්වභාවයක් ගන්නවා.තවද මැක් මෙහෙයුම් පද්ධතියේ දක්නට ලැබුණු Dock එක iOS 7 හි වැනි ස්වභාවයක් ගනු ලබනවා.මෙහි තවත් අරමුණක් වී තිබෙන්නේ පරිශීලකයා යම් කාර්යයක් සිදු කරන විට ඒ සඳහා වැඩි අවකාශයක් ලබා දීම ය(මෙහෙයුම් පද්ධතිය විසින් අනවශය ලෙස ලබා ගන්නා තිරයේ ඉඩ අඩු කිරීම ය.).ඇපල් මැක් OS X මැව්රික්ස් සහ OS X යොසැමිටි මෙහෙයුම් පද්ධතිවල අතුරුමුහුණතෙහි ඇති වෙනස්කම් නැරඹීමට ඇපල් ගැන සිංහලෙන් ෆේස්බුක් පිටුවට යන්න.



මැක් OS X යෝසැමිටී පිළිබඳව ඔබ දැනගත යුතු සියලු දේ...

ඇමතුම් ගැනීමට සහ ලබා ගැනීමට ඇති හැකියාව


මෙම නව මෙහෙයුම් පද්ධතියේ කැපී පෙනෙන විශේෂාංගයක් වන්නේ ඔබගේ iOS උපාංගය සහ මැක් පරිගණකයෙන් කෙරෙන කාර්යයන් එම උපාංග අතර හුවමාරු කර ගැනීමට ඇති හැකියාව යි.උදාහරණයක් ලෙස ඔබගේ අයිෆෝනය Charge වෙමින් පවතින වෙලාවක එයට දුරකතන ඇමතුමක් පැමිණියහොත් එය ඔබගේ මැක් පරිගණකයේ දිස් වෙන අතර එයට පිළිතුරු සැපයීමටත් නැවත ඇමතුමක් ලබා ගැනීමටත් හැකියාව ඇති අතර ඔබට ලැබෙන සියලු ම කෙටි පණිවුඩ කියවීමට සහ එයට පිළිතුරු යැවීමට සහ අලුතින් පණිවුඩයක් යැවීමට ද පුළුවන.

Notification Center 

මැක් OS X යෝසැමිටී පිළිබඳව ඔබ දැනගත යුතු සියලු දේ...

යෝසැමිටී මෙහෙයුම් පද්ධතියේ නව Notification Center තුළින් පරිශීලකයාට අද දින සැකසුම (Today View )පිළිබඳව සියලු තොරතුරු ලබා දෙනු ලබ යි.මෙය iOS 7 හි දක්නට ලැබෙනවාක් මෙන් Flat ස්වරූපයක් ගනු ලබයි.


Spotlight සෙවුම

මැක් OS X යෝසැමිටී පිළිබඳව ඔබ දැනගත යුතු සියලු දේ...


මීට පෙර මෙහෙයුම් පද්ධතිවල මෙන් නොව Spotlight සෙවුම තිරය මැදට පැමිණ තිබෙන අතර සෙවුම කරන අතරතුර එයට අදාල ඉඟි ලබා දෙන අතර එය පරිගණකයෙ දක්නට නොමැති වුව ද එම මාතෘකාවට අදාල තොරතුරු අන්තර්ජාලයෙන් සොයා දෙනු ලබනවා.

Mail ඇප්


මැක් OS X යෝසැමිටී පිළිබඳව ඔබ දැනගත යුතු සියලු දේ...


මැක් මෙහෙයුම් පද්ධතියත් සමඟ පැමිණෙන Mail ඇප්ලිකේෂන් එක මෙවර නව මුහුණුවරක් ගෙන තිබෙනවා.පෙර මෙන් නොව අපට ඊ-මේල් පණිවුඩයක් සමඟ විශාල ප්‍රමාණයේ Attachments යැවීමට හැකියාව පවතිනවා.Mail Drop ලෙස හඳුන්වන මෙම පහසුකම තුළින් විශාල ප්‍රමාණයේ Attachment එකක් යැවීමට බලන විට එය ඇපල් Server වලට Upload වී එය ලබා ගැනීමට අවශ්‍ය සබැඳියාවක් අපට ලබා දෙනවා.තවද අප යවන පිංතූර වැනි දේවල්වල අපට අවශ්‍ය දෑ සළකුණු කිරීමේ හැකියාව පවතිනවා.

සෆාරි වෙබ් බ්‍රව්සරය 

සෆාරි වෙබ් බ්‍රව්සරයේ නව අනුවාදය සමඟින් ටැබ් කිහිපයක් භාවිත කොට වෙබ් පිටු නැරඹීමේදී එහි කාර්යක්ෂමතාවය 9.7 කින් ඉහළ ගොස් තිබෙනවා.

මෙම නව සෆාරි වෙබ් බ්‍රව්සරයේ දක්නට ලැබෙන්නේ වෙබ් අඩවියක ලිපිනය ලිවීමට ඇති තීරුව පමණි.එමඟින් අන්තර්ජාලයේ සැරිසැරීමට ඇති තිරයේ අවකාශය වැඩි වනවා.

මැක් OS X යෝසැමිටී පිළිබඳව ඔබ දැනගත යුතු සියලු දේ...


Air Drop

මැක් පරිගණක අතර දත්ත හුවමාරු කරගන්නා ක්‍රමය හඳුන්වන්නේ Air Drop ලෙසය.මෙමඟින් Wifi හරහා රුහැන් රහිත ක්‍රමයට දත්ත හුවමාරු කරගන්නා අතර මෙය iOS 7 සමඟ iOS උපාංග සඳහා හඳුන්වාදුන් අතර මැක් OS X යෝසැමිටී සමඟ මැක් හා iOS උපාංග අතර දත්ත හුවමාරුකර ගැනීමේ අවකාශය සලසා තිබෙනවා.

Handoff 

ඔබ ඇපල් සමාගමේ මැක් පරිගණකයක් සහ iOS උපාංගයක් යන දෙකම භාවිත කරනවානම් මෙම පහසුකම ගොඩක් වැදගත් වේවී.Handoff ලෙස හඳුන්වන මෙම නව පහසුකම සමඟ ඔබට මැක් පරිගණකය සහ iOS උපාංගය යන දෙක අතර කරන කාර්යයන් අතර හුවමාරු විය හැකි ය.උදාහරණයක් ලෙස ඔබ ඔබගේ අයිෆෝනයෙන් ඊ-මේල් පණිවුඩයක් යැවීමට සැරසෙනවා යැයි සිතන්න.දැන් ඔබගේ මැක් පරිගණකය එය ක්ෂනයෙන් හඳුනාගන්නා අතර අපට මැක් පරිගණකයේ Mail ඇප් Open කොට එම ඊ-මේල් පණිවුඩයේ ඉතිරිය සකස් කොට යැවීමට පුළුවන.

මැක් OS X යෝසැමිටී පිළිබඳව ඔබ දැනගත යුතු සියලු දේ...

OS X 10.10 සහය දක්වන මැක් පරිගණක

  • iMac (Mid-2007 or later)
  • MacBook (13-inch Aluminum, Late 2008), (13-inch, Early 2009 or later)
  • MacBook Pro (13-inch, Mid-2009 or later), (15-inch, Mid/Late 2007 or later), (17-inch, Late 2007 or later)
  • MacBook Air (Late 2008 or later)
  • Mac Mini (Early 2009 or later)
  • Mac Pro (Early 2008 or later)
  • Xserve (Early 2009)

මැක් OS X යෝසැමිටි ස්ථාපනය කරගැනීම සඳහා ගිගාබයිට් 2 ක රුම් මතකයක් ගිගාබයිට් 8 ක ඉඩ ප්‍රමාණයක් සහ අඩු ම වශයෙන් OS X 10.6.8 මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කොට තිබිය යුතු ය.

මතු සඳහන් වන්නේ මැක් OS X 10.10 යෝසැමිටි මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන විශේෂාංග කිහිපයකි.මෙම වසරේ අවසාන කාර්තුවේ නොමිලේ නිකුත් කෙරෙන යෝසැමිටිවල මේ වන විට ඇපල් මැක් මෘදුකාංග ප්‍රවර්ධන වැඩසටහන සඳහා ලියාපදිංචි වී සිටින මෘදුකාංග ප්‍රවර්ධකයින්ට පමණක් ලබා දී ඇති අතර මැක් බීටා වැඩසටහන සමඟ ලියාපදිංචි වී ඇති පරිශීලකයින්(පළමු මිලියනය දක්වා) හට තව ටික කලකින් මෙම මෙහෙයුම් පද්ධතියේ බීටා සංස්කරණ අත්හදා බැලිය හැකි ය.



No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.