Find my iPhone/Mac සක්‍රීය කර ගැනීම ‍| iOS සහ මැක් අනුවාදය

5 comments
"Find my iPhone" කියන්නේ ඇපල් සමාගම විසින් ඇපල් පාරිභෝගිකයින් හට ලබා දෙන සුවිශේෂි පහසුකමකි.මෙමඟින් ඔබගේ ඇපල් උපාංගය (අයිෆෝන්,අයිපෑඩ්,අයිපොඩ් ටච්,මැක් පරිගණක) නැතිවුවහොත් හෝ කවුරුන් විසින් හෝ සොරකම් කරනු ලැබුවොත් නැවත සොයා ගැනීමට,ලොක් කිරීමට තොරතුරු සියල්ල මකා දැමීමට හැකියාව ලැබෙනවා.


Find my iPhone සක්‍රීය කර ගැනීම ‍| iOS සහ මැක් අනුවාදය



Find My iPhone විසින් කළ හැකි දේවල්


  • ඇපල් උපාංගය නැති වූ විට එයට පාස්වර්ඩ් එකක් දැමීමට හැකි වීම.
  • නැතිවූ බව හැඟවීම සඳහා Notification එකක් යැවීමට Sound එකක් Play කිරීමට හැකි වීම.මෙය Silent Mode දමා තිබුණ ද ක්‍රියා කර යි.
  • ඇපල් උපාංගය තිබෙන ස්ථානය බලා ගැනීමට සහ අදාළ ස්ථානයට Direction ගැනීමට.
  • ඇපල් උපාංගය Restore කර ගැනීමට.


මේ සඳහා...


  • නවත ම iOS අනුවාදය සහිතව අන්තර්ජාලයට සම්බන්ධ කොට ඇති ඇපල් iOS උපාංගයක්/නවත ම Mac OS X අනුවාදය සහිතව අන්තර්ජාලයට සම්බන්ධ කොට ඇති ඇපල් මැක් පරිගණකයක්.
  • Apple ID එකක්.ඔබට දැනටමත් Apple ID එකක් නැතිනම් මෙම සැබැඳියාවට ගොස් නව Apple ID එකක් සාදා ගන්න.


iCloud Find my iPhone සක්‍රීය කර ගැනීම


මැක් පරිගණකයක


ඔබේ මැක් පරිගණකයේ Apple Menu/System Preferences/iCloud වෙත ගොස් ඔබගේ Apple ID එක ඇතුලත් කොට අවශ්‍ය සේවාවන් සක්‍රීය කර ගන්න.මෙහි දී "Find my Mac" යන්න ද සක්‍රීය කරන්න.

Find my iPhone සක්‍රීය කර ගැනීම ‍| iOS සහ මැක් අනුවාදය

iOS උපාංගයක


ඔබ iOS උපාංගයක් ප්‍රථම වතාවට On කළ විට,Update කළ විට,Restore කළ විට එම ක්‍රියාවලියේ දී ඇපල් ID එක ලබා දීමෙන් හෝ එම ක්‍රියාවලිය Skip කළා නම් Settings/iCloud වෙත ගොස් Apple ID එක ඇතුලත් කිරීමෙන් මෙම සේවාව සක්‍රීය කරගත හැකිය.තව ද ඇපල් උපාංගය තිබෙන ස්ථානය සොයා ගැනීම සඳහා Settings/Privacy/Location Services On කොට Find my iPhone යන්න ද Select කර On කරන්න.

Find my iPhone සක්‍රීය කර ගැනීම ‍| iOS සහ මැක් අනුවාදය

මෙම පියවර කිහිපයින් පසු ඔබට www.iCloud.com වෙත පිවිස Find my iPhone වෙත ගොස් ඔබගේ Apple ID එක හා සබැඳි ඇපල් උපාංග සියල්ල බලා ගත හැකි ය.තවද "Find my iPhone" iOS ඇප් එකෙන් ද මෙම විස්තර බලා ගත හැකිය.මෙහිදී ඔබගේ ඇපල් උපාංගය මාර්ගගත(Online) වී තිබෙන වග,මෙම අවස්ථාවේ එය තිබෙන ස්ථානය යනා දී වූ වැදගත් තොරතුරු කිහිපයක් ලබා ගත හැකි ය.


Find my iPhone සක්‍රීය කර ගැනීම ‍| iOS සහ මැක් අනුවාදය


ඇපල් උපාංගය Unlock කිරීම සඳහා Password එකක් යෙදීම.


  • www.icloud.com වෙත පිවිස Find my iPhone වෙත ගොස් All Devices යන්නෙන් අදාළ උපාංගය තෝරන්න.
  • නැත්නම් "Find my iPhone" iOS ඇප් එක වෙත පිවිස My Devices යන්නෙන් අදාළ උපාංගය තෝරන්න.
  • එහි "Lost Mode" යන්න Select කරන්න.එහිදී Unlock කරගැනීම සඳහා Password එකක් යොදන්න(මෙය සනාථ කර ගැනීම සඳහා ඔබට දෙවරක් එක ම මුරපදය ඇතුලත් කිරීමට සිදුවනු ඇත).ඔබ දැනටමත් Unlock කිරීම සඳහා මුරපදයක් උපාංගයට ලබා දී ඇත්නම් මීළඟ පියවර වෙත යොමුවනු ඇත.
  • ඔබ භාවිත කරන්නේ මැක් පරිගණකයක් නම් මෙසේ Lock කළ විට එය Unlock කරන තෙක් එය Erase කළ නොහැකි ය.
  • මීළඟ පියවරේදී ඔබව සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයක් ඇතුලත් කරන්න(අවශ්‍ය නම් පමණක්).
  • මීළඟට ඔබට නැති වූ උපාංගයේ දිස්වීමට අවශ්‍ය පණිවුඩය ඇතුළත් කරන්න(අවශ්‍ය නම් පමණක්).
  • දැන් Done යන්න Click කරන්න.මෙම පණිවුඩය එම උපාංගයේ දිස් වී Lock වූ පසු ඔබට ඇපල් අයික්ලවුඩ් වෙතින් ඊමේල් පණිවුඩයක් ලැබෙනු ඇත.
  • මේ සඳහා ඔබගේ ඇපල් උපාංගය අන්තර්ජාලය සමඟ සම්බන්ධ වී තිබිය යුතු අතර එසේ නොමැතිනම් එම උපාංගය අන්තර්ජාලය සමඟ සම්බන්ධ වූ වහා ම අදාළ ක්‍රියාවලිය සිදු වේ.


ඇපල් උපාංගයේ Notification Sound එකක් Play කිරීම


  • www.icloud.com වෙත පිවිස Find my iPhone වෙත ගොස් All Devices යන්නෙන් අදාළ උපාංගය තෝරන්න.
  • නැත්නම් "Find my iPhone" iOS ඇප් එක වෙත පිවිස My Devices යන්නෙන් අදාළ උපාංගය තෝරන්න.
  • එහි "Play Sound" යන්න තෝරන්න.
  • මෙවිට අදාළ ඇපල් උපාංගයේ "Find my iPhone Alert" යනුවෙන් සඳහන් වී එයින් නාදයක්(Silent Mode හි තිබුණ ද) උපාංගය Unlock කරන තුරු නාද වේ.
  • මේ සඳහා ඔබගේ ඇපල් උපාංගය අන්තර්ජාලය සමඟ සම්බන්ධ වී තිබිය යුතු අතර එසේ නොමැතිනම් එම උපාංගය අන්තර්ජාලය සමඟ සම්බන්ධ වූ වහා ම අදාළ ක්‍රියාවලිය සිදු වේ.එය සාර්ථක වූ පසු ඔබට ඇපල් අයික්ලවුඩ් වෙතින් ඊමේල් පණිවුඩයක් ලැබෙනු ඇත.


ඇපල් උපාංගය තිබෙන ස්ථානය දැන ගැනීම


  • www.icloud.com වෙත පිවිස Find my iPhone වෙත ගොස් All Devices යන්නෙන් අදාළ උපාංගය තෝරන්න.
  • නැත්නම් "Find my iPhone" iOS ඇප් එක වෙත පිවිස My Devices යන්නෙන් අදාළ උපාංගය තෝරන්න.
  • මේ වන විට එම උපාංගය තිබෙන ස්ථානය අයික්ලවුඩ් මඟින් සොයාගත හැකිනම් එය සිතියමත් මත පෙන්වනු ඇත.එසේ නොමැතිනම් "Notify me when found " යන්න සලකුණු කිරීමෙන් එම උපාංගය තිබෙන ස්ථානය සොයාගත් විගස ඔබට ඇපල් අයික්ලවුඩ් වෙතින් ඊමේල් පණිවුඩයක් ලැබෙනු ඇත.
  • මෙහිදී අදාළ ස්ථානය සොයාගත හැකි වනුයේ GPS Receiver එකක් සහිත උපාංගවලට පමණකි(අයිෆෝන්,Wifi+Cellular Data අයිපෑඩ්).නමුදු සමහර අවස්ථාවල Wifi මඟින් සම්බන්ධ වී ඇති රවුටරය අධාරයෙන් නිවැරදි ස්ථානය පෙන්වනු ලබන බව පැවසෙනවා.


ඇපල් උපාංගය Restore කිරීම


ඉහත පියවර කිසිවක් කර සාර්ථක නොවූ විට කළ හැකි අවසාන පියවර වන්නෙ අදාළ උපාංගය Restore කිරීම යි.මෙමඟින් ඔබගේ උපාංගයේ ඇති සියලු දෑ සම්පූර්ණයෙන් ම මැකී යන අතර එසේ Restore කළ උපාංගයක නැවත ඉහත සඳහන් විශේෂාංග කිසිවක් යොදා ගත නොහැකි ය.නමුදු මෙමඟින් වෙනත් කෙනෙකුගෙන් ඔබගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා වේ.මේ සඳහා
  • www.icloud.com වෙත පිවිස Find my iPhone වෙත ගොස් All Devices යන්නෙන් අදාළ උපාංගය තෝරන්න.
  • නැත්නම් "Find my iPhone" iOS ඇප් එක වෙත පිවිස My Devices යන්නෙන් අදාළ උපාංගය තෝරන්න.
  • එහි "Erase iPhone" යන්න Select කරන්න.
  • ඔබගේ ඇපල් ID එක යොදා එය තහවුරු කරන්න.
  • මේ සඳහා ඔබගේ ඇපල් උපාංගය අන්තර්ජාලය සමඟ සම්බන්ධ වී තිබිය යුතු අතර එසේ නොමැතිනම් එම උපාංගය අන්තර්ජාලය සමඟ සම්බන්ධ වූ වහා ම අදාළ ක්‍රියාවලිය සිදු වේ.එය සාර්ථක වූ පසු ඔබට ඇපල් අයික්ලවුඩ් වෙතින් ඊමේල් පණිවුඩයක් ලැබෙනු ඇත.

යම් ඇපල් උපාංගයක් iCloud Account එකෙන් ඉවත් කිරීම


iCloud වෙබ් අඩවිය මඟින්


  • www.icloud.com වෙත පිවිස Find my iPhone වෙත ගොස් All Devices යන්නෙන් අදාළ උපාංගය තෝරන්න.
  • නැත්නම් "Find my iPhone" iOS ඇප් එක වෙත පිවිස My Devices යන්නෙන් අදාළ උපාංගය තෝරන්න.
  • එහි "Erase iPhone" යන්න Select කරන්න.
  • ඔබගේ ඇපල් ID එක යොදා එය තහවුරු කරන්න.
  • අදාල උපාංගය Erase වූ පසු ඔබට ඇපල් අයික්ලවුඩ් වෙතින් ඊමේල් පණිවුඩයක් ලැබෙනු ඇත.
  • ඉන් පසුව නැවත iCloud වෙත පිවිස අදාළ උපාංගය තෝරා "Remove from Account" ක්ලික් කරන්න.

අදාළ උපාංගය මඟින්


  • ඉවත් කිරීමට අවශ්‍ය උපාංගයේ Settings/iCloud වෙත පිවිස "Find my iPhone" යන්න Disable කරන්න.
  • ඔබගේ ඇපල් ID එක යොදා එය තහවුරු කරන්න.
  • ඔබගේ මැක් උපාංගයේ නම් Apple Menu/System Preferences/iCloud වෙත ගොස් "Find my Mac" යන්න deselect කරන්න.
  • ඔබගේ ඇපල් ID එක යොදා එය තහවුරු කරන්න.

ඉතිං මෙම "Find my iPhone" විශේෂාංගය ඇපල් උපාංග භාවිත කරන්නෙකු ලෙස ඔබ අනිවාර්යයෙන් ම සක්‍රීය කරගත යුතු විශේෂාංගයක් වන අතර කරුණාකර ඔබගේ ඇපල් උපාංගය විකුණන විට,හෝ වෙන කෙනෙකු වෙත පවරණ විට එය Restore කොට ඔබගේ iCloud Account එකෙන් ඉවත් කරන්න.තවද වෙනත් කෙනෙකුගේ ඇපල් උපාංග සඳහා ඔබගේ Apple ID එක භාවිත නොකරන්න.මෙමඟින් අනවශ්‍ය නීතිමය ගැටලු ඇතිවිය හැකි අතර එමඟින් ඔබගේ පෞද්ගලික තොරතුරු ද වෙනත් කෙනෙකු අතට පත්විය හැකි ය.

මීළඟ ලිපියෙන් මෙම දිනවල වඩාත් කතාබහට ලක්වෙන "iOS Activation Lock" පිළිබඳව බලාපොරොත්තු වන්න.






5 comments :

  1. e kiyanne ...restore karapu apple ekakin "Find My iPhone" ayeth active karanna berida..
    plz helpme mchn..

    ReplyDelete
  2. ඇත්තටම කිවුවොත් Restore කරපු එකකින් නෙවෙයි "Find my iPhone" off කරපු නැති එකකින්.ඒ කියන්නේ කලින් User "Find my iPhone" turn off කරල නැත්තන් ඔයාගේ Account එකෙන් "Find my iPhone" on කරන්න බැහැ.

    ඔයාලට ඇපල් Activation Lock එක Status එක මේ වෙබ් අඩවියෙන් Serial Number එක හෝ IMEI Number එක ඇතුළත් කරල බලා ගන්න පුළුවන්.ඉස්සරහට මේ ගැන ටිකක් කතා කරමුකෝ...

    https://www.icloud.com/activationlock/

    ReplyDelete
  3. Mage 6s eka horu aran.hora eke setting gihilla find my iPhone ehema off kaloth mt erase mode eka activate karnd berida?plz help me

    ReplyDelete
  4. First introduce Equals Work area for Mac or VMware Combination followed by Windows. You can then change from Panther to Windows however you see fit.https://macosxtutorial.com

    ReplyDelete

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.