මොකද්ද මේ Reversible Lightning to USB කේබල් කියන්නේ ? [Updated]
ඔබ ඇපල් අයිෆෝන් 5,පස්වන පරම්පරාවේ අයිපොඩ් ටච් එකක්,අයිපෑඩ් Mini,අයිපෑඩ් 4 හේ ඊට ඉහළ අනුවාදයක් භාවිත කරනවානම් ඔබ අනිවාර්යයෙන් ම භාවිත කරන්නේ Lightning to USB කේබලයකි.මින් පෙර ඇපල් උපාංග සමඟ පැමිණි 30pin Connecter මෙන් නොව මෙහි ඇපල් උපාංගය හා සම්බන්ධ වන පැත්ත උඩ යට මාරු කර භාවිත කළ හැකි ය.එනම් Reversible Lightning කේබලයක් ලෙස සැලකිය හැකි ය.
![]() |
Image Credit goes to Cult of Mac |
මෙසේ පැමිණෙනවා යැයි සැක කෙරෙන Reversible Lightning to USB කේබලයේ පරිගණකයට සම්බන්ධ කෙරෙන කොටසත් මෙසේ කැමති පැත්තකට සම්බන්ධ කළ හැකි ය.අපට හැම විට ම මොන පැත්ත ද සම්බන්ධ කළ යුතු ද යන්න පිළිබඳව සිතිය යුතු නැත.මෙම නිසා අපට අඳුරු ස්ථානයක හෝ ලේසියෙන් ගමක් කළ නොහැකි ස්ථානයක(මේසය යට වැනි) ඇති USB අතුරු මුහුණතකට පහසුවෙන් මෙය සම්බන්ධ කළ හැකි ය.
ඇපල් සමාගම මේ සම්බන්ධව Patent එකක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.ඇපල් සමාගම එහිදී ප්‍රකාශකර ඇති ආකාරයට මෙය දැනට පවතින ඕනෑම USB අතුරුමුහුණතක් සමඟ ගැලපෙන බව යි පැවසෙන්නේ.මෙම නිසා මෙම කේබලය මීළඟ අයිෆෝනයත් සමඟ පැමිණෙනු ඇතැයි යම් දුරකට විශ්වාස කළ හැකි ය.
![]() | |
|
මේ සම්බන්ධව තවම ඇපල් සමාගම නිළ ප්‍රකාශයක් කර නැති අතර හොංකොංහි සමාගමක් විසින් මෙවැනි තෙවන පාර්ශවයේ කේබලයක් නිකුත් කොට තිබෙනවා.මෙය ඇපල් සමාගමට පෙර වෙළඳපොලට නිකුත් කළ ද ඇපල් සමාගමේ වරලත් කේබලයක් නොවේ.එම නිසා මෙය මිළදී ගැනීම දැනට නුවණට හුරු නොවේ.තව ද මෙය කෙතරම්දුරට දැනට පරිගණකවල පවතින USB අතුරුමුහුණත් සමඟ ගැලපේවි ද යන්න ගැටලුසහගතය.
Update 1 2014/08/26
මෙම Reversible Lightning to USB කේබලය ඇපල් සමාගමේ මීළඟ අයිෆෝනය වන අයිෆෝන් 6 සමඟ නොපැමිණෙනු ඇති බව එක් වෙබ් අඩවියක් (Moca.co) ප්‍රකාශ කර තිබෙනවා.මන්ද මේ වන තෙක් ඇපල් සමාගම මෙම කේබලය නිෂ්පාදනය කිරීමට අදාළ නිෂ්පාදන සමාගමට අනුමැතිය ලබා දුන්නද එහි නිෂ්පාදන කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති නිසාය.අයිෆෝන් Photography
ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවිය විසින් මීට ටික කලකට පෙර ආරම්භ කරන ලද iPhotography වැඩසටහන සඳහා මේ වන විට ඡායාරූප විශාල ප්‍රමාණයක් යොමු කර ඇති අතර එයින් තෝරාගත් ඡායාරූප කිහිපයක් පමණක් මෙම අඩවියේ සහ අපගේ නිල ෆේස්බුක් පිටුවේ පලකෙරෙණු ඇත.
ඔබටත් ඔබ විසින් අයිෆෝනයක් මඟින් ඡායාරූප ගත කරන ලද ඡායාරූප applesinhalen(at)gmail.com විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.මෙහිදී
- ඔබගේ නම
- අයිෆෝන් මාදිලිය
- ඡායාරූපය ලබා ගත් ස්ථානය
- ෆේස්බුක් ලිපිනය
- දුරකතන අංකය යන තොරතුරු ද මේ සමඟ එවන්න.
සැ:යු-
- ඔබ එවන ලද ඡායාරෑපයේ පහළ වම් කෙළවරේ ඔබගේ නම/Photo Credit සහ සම්බන්ධ කර ගත හැකි ආකාරය(අවශ්‍යනම් පමණක්) ඡායාරෑපයට හානියක් නොවන පරිදි ඇතුලත් කර එවන්න.උදාහරණ සඳහා මෙම සැබැඳියාව බලන්න.මෙමඟින් එම ඡායාරූපයේ කර්තෘ හිමිකම සුරැකේ.
- ඔබ එවන ලද ඡායාරෑපයේ අයිතිය ඔබ සතු විය යුතු අතර ඔබට හැකිතරම් ඡායාරෑප එවිය හැකි අතර තෝරා ගත් ඡායාරෑප පමණක් මෙම අඩවියේ පල කෙරේ.
- ලිංගිකත්වය,ආගම්,පක්ෂ වලට අදාළ ඡායාරෑප සහ යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට හානිදායක වන ඡායාරූප මෙහි පල නොකරනු ඇත.
ඇපල් ගැන සිංහලෙන් වෙබ් අඩවිය වෙත එවන ලද අයිෆෝන් මඟින් ඡායාරූප ගත කළ තෝරාගත් ඡායාරූප එකතුව.ඔබ විසින් අයිෆෝනයෙන් ගන්නා ල...
Posted by ඇපල් ගැන සිංහලෙන් on Sunday, May 3, 2015
Lumsing® 10400 mAh Harmonica Style Portable Charger
ඇපල් අයිෆෝන් එකක්,අයිපෑඩ් එකක්,අයිපොඩ් එකක්,මැක්බුක් එකක් වේවා මේ සියල්ල ඇපල් සමාගම විසින් නිපදවා තිබෙන්නේ බැටරිය හැකිතාක් අවම ලෙස භාවිතවන ආකාරයට ය.මේ සඳහා විශේෂයෙන් ම මෙහෙයුම් පද්ධතිය මඟින් මේ බව ප්‍රශස්තිකරණය(Optimize) කෙරෙනවා.නමුදු iOS Device එකක් එකදිගට අධික ලෙස භාවිත කිරීමේ දී (ගේම්ස්,3G/4G,Tethering,Streaming,Web Browsing) වගේ දේවල් නිසා iDevice එකක බැටරිය ඉතා ඉක්මණින් වියළී යනවා.අපට iDevice එකක් චාර්ජ් කිරීමට පහසුකම් නොමැති අවස්ථාවක අපට ගොඩක් ප්‍රයෝජනවත්වන දෙයක් තමයි ජංගම බැටරියක්(Portable Charger).විශේෂයෙන් ම අපි උපාංග කිහිපයක් භාවිත කරන විටෙක.මේ එවැනි උපාංගයක් පිළිබඳව කෙරෙන විමංසනයකි.
ලුම්සිං(Lumsing) සමාගම විසින් නිපදවන Harmonica Style Portable චාජරය ප්‍රමාණයෙන් අයිෆෝන් 5 එකකට වඩා ටිකක් දිග අයිෆෝනයකට වඩා පළලින් අඩු උපාංගයකි.අවුංස 8.48 ක බරකින් යුක්ත මෙම උපාංගය ඇලුමිනියම්,ඝණකම් ප්ලාස්ටික් වලින් සහ උසස් මට්ටමේ මයික්‍රෝ චීප ද ලිතියම්-අයන් බැටරියකින් ද නිපදවා තිබෙන නිසා මෙහි කල් පැවැත්ම සහ නිෂ්පාදන ප්රමිතිය ඉහළ මට්ටමක පවතිනවා.
මිලි ඇම්පියර් පැය(mAh) 10400 ක ධාරිතාවයකින් යුතු මෙම උපාංගයෙන් අයිෆෝනයක් හතර පස් වතාවක් ද අයිපෑඩයක් එක්වරක් ද සම්පූර්ණයෙන් ම ප්‍රතිරෝපණය කළ හැකි ය.
මෙම උපාංගයේ USB අතුරුමුහුණත් 2 ක් දක්නට ලැබෙනවා.ඉන් එකක් ඇම්පියර් 1 කින් යුතු(ජංගම දුරකතන සඳහා) වන අතර අනෙක(ඇම්පියර් 2.1) ටැබ්ලට් පරිගණක සඳහා ද නිපදවා තිබෙනවා.එම නිසා මෙමඟින් උපාංගය ඉක්මණින් චාර්ජ් කරගත හැකි අතර මෙම USB අතුරුමුහුණත් 2 ම එකවර ද භාවිත කළ හැකි ය.තවද මෙහි ඇති කුඩා LED බල්බ මඟින් එහි ඉතිරිව ඇති බැටරි ධාරිතාව(එක් බල්බයකින් 25% කි නිරෑපණය වේ) මැන ගත හැකි ය.මෙයට සපයා ඇති USB to Mini USB කේබලය මඟින් මෙය ප්‍රතිරෝපණය(Recharge) කරගත හැකි අතර මෙය Charging Circles 500 තෙක් භාවිත කළ හැකි බව එම සමාගම පවසනවා.
මෙම උපාංගයට Overcharged,Overvoltage,Overcurrent සහ short-circuit යන අවස්ථාවලින් ආරක්ෂා වීමේ ක්‍රමවේදයක් ඇතුළත් කොට තිබෙනවා.මෙහි තවත් පහසුකමක් වන්නේ අපගේ උපාංගය සම්පූර්ණයෙන් චාර්ජ් වූ පසු හෝ උපාංගය ඉවත් කරගත් පසු මෙම උපාංගය ස්වයංක්‍රීයව ක්‍රියා විරහිත වේ.මෙමඟින් එහි බැටරිය අනවශ්‍ය ලෙස වියළී යාම වැලැක් වේ.මේ බව මෙම උපාංගය ලබා ගත් CE, FCC, ROHS යන ප්‍රමිති සහතික ඔස්සේ තහවුරු කෙරෙනවා.
මෙම උපාංගය සමඟ USB කේබලයක්,ආවරණයක් ලැබෙන අතර iPhone 5s, 5c, 5, 4s, 4, 3gs, iPad 4, iPad Air, the New iPad iPad Mini; Samsung Galaxy S4, S3, S2, Note 2, Note 3; HTC One, Evo, Droid Dna, Motorola Atrix, Droid, Google Glass, Nexus 4, Nexus 7, Nexus 10,lg Optimus,smart Watch,bluetooth Speakers,bluetooth Headsets ඇතුළුව USB මඟින් චාර්ජ් කළ හැකි උපාංග සඳහා සහය දක්වනවා.
මෙහි පවතින අඩුපාඩුවක් වන්නේ මෙය ප්‍රතිරෝපණය කිරීමේදී USB කේබලය සඳහා AC USB ඇඩැප්ටරයක් නොමැති වීම යි.එම නිසා මෙය ප්‍රතිරෝපණය කිරීමේ දී අපට අයිෆෝනයේ AC USB ඇඩැප්ටරය හෝ ලබා දී ඇති USB කේබලය පරිගණකයකට සම්බන්ධ කොට භාවිත කිරීමට සිදුවනවා.මෙහි විශේෂාංග පහත පරිදි වේ.
වර්ණයන් - Black,White සහ Champagne Gold
බර - අවුංස 8.48
ප්‍රමාණය - මිලිමීටර් 138*59*21
ධාරිතාවය - මිලි ඇම්පියර් පැය 10400
Input - Micro USB 5V 1.5A
Output - USB 5V 1A&5v 2.1A
බැටරි වර්ගය - 18650 Samsung battery Cell
වගකීම් කාලය - වසර 1ක්
මෙහි මිල ඇමෙරිකානු ඩොලර් 59.99 ක් වන අතර මෙම දිනවල එය ඇමෙරිකානු ඩොලර් 22 ත් 25 ත් අතර මිලකට(ආසන්න වශයෙන් 62% ක ඉතිරියක්) Amazon වෙබ් අඩවියේ විකිණීමට ඇති අතර මා පසුගියදා මෙවැනි උපාංග 2 ක් Kapruka Global Shop හරහා ගෙන්වා ගත් අතර ඒ සඳහා එක් උපාංගයකට ආසන්න වශයෙන් රැපියල් 5,000 ක්(සියලු බදු,සේවා ගාස්තු,Shipping ඇතුළුව නිවසට ම ගෙන්වා ගැනීමට) පමණ විය.
Editors' note
Editors' note
මගේ අයිෆෝනය,අයිපෑඩය,අයිපොඩ් එක සහ Wireless රවුටරය චාර්ජ් කිරීම සඳහා මෙම උපාංගය භාවිතයට ගැනෙන අතර උපාංග දෙකක් එකවර චාර්ජ් කිරීමට හැකිවීම,එහි නිමාව,රුගෙන යාමේ ඇති පහසුව,ඉක්මණින් චාර්ජ් වීම එහි ඇති ආරක්ෂක පද්ධතිය මෙහි වඩාත් වැදගත් විශේෂාංග වනවා.
ඇපල් සමාගම මීළඟ පරම්පරාවේ අයිපෑඩයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරයි
2014 "Global Mobile Awards" හි ලොව හොඳ ම ටැබ්ලට් පරිගණකය ලෙස නම්කරනු ලබූ iPad Air හි මීළඟ අනුවාදය සහ iPad Mini හි මීළඟ අනුවාදවල නිෂ්පාදන කටයුතු මේ වන විට ඇපල් සමාගම විසින් ආරම්භ කොට තිබෙනවා.iPad Mini හි මීළඟ අනුවාදයේ විශේෂාංග පිළිබඳව තවමත් වඩිදුර තොරතුරු ලැබී නැතත් අඟල් 9.7 කින් යුතු iPad Air හි විශේෂාංග පිළිබඳව යම් තොරතුරු කිහිපයක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබෙනවා.
දැනට වෙළඳපොලේ දක්නට ලැබෙන iPad Air හි බාහිර පෙනුමට බොහෝසෙයින් සමාන වන මීළඟ අයිපෑඩය බොහෝදුරට iPad Air 2 ලෙස නම් කරනු ඇති.පසුගියදා (11) Bloomberg වෙබ් අඩවියේ සඳහන් වුණ ආකාරයට iPad Air 2 හි තිරය anti reflective coating සහිත වනු ඇත.එනම් ඔබ අයිපෑඩයේ තිරය දෙස බලන විට එහි ඔබ සහ ඔබට පිටුපසින් පිහිටන වස්තූන් අයිපෑඩ් තිරයට පරාවර්තනය නොවීම යි.මෙය අයිපෑඩයත් සමඟ ගනුදෙනු කිරීමේදී ඇතිවන ලොකු ගැටලුවකට පිළියමක් වනු ඇත.
තවද මෙම අයිපෑඩය සඳහා ඇපල් A8 ප්‍රොසෙසරයක් සහ අයිෆෝන් 5S හි දක්නට ලැබෙනවාක් මෙන් ඇපල් Touch ID එකක් ද අන්තර්ගතවනු ඇති බවට ප්‍රකාශ වනවා.
මෙසේ නිර්මාණය වන නව iPad Air සහ iPad Mini මෙම වසරේ අවසානය වන විට වෙළඳපොලට නිකුත්වනවා ඇත.
Update 1
iPad Air 2 සම්බන්ධව ඇති නවත ම තොරතුරුවලට අනුව එහි ඇපල් A8X ප්‍රොසෙසරයක් එනම් අයිෆෝන් 6 හි දක්නට ලැබෙන A8 ප්‍රොසෙසරයට වඩා බල සම්පන්න වන GPU හි කාර්යක්ෂමතාවය ද ඉහළ අගයක් ගන්නා ප්‍රොසෙසරයක් මීට එක්කෙරෙණු ඇති.ඒ අනුව Games වැනි දෑ ඉතා හොඳින්,සුමටව Play කිරීමේ හැකියාව ද මෙය සතුවනු ඇත.
මීට අමතරව iOS 8.1 බීටා සංස්කරණයේ Software Development kit එක අධ්‍යනය කිරීමේ දී වාර්තා වී ඇත්තේ ඇපල් සමාගම නව Retina HD තිරයක් මෙම අයිපෑඩයට ඇතුළත් කෙරෙනු ඇති බවත් එය දැනට පවතින 2048*1536 Resolution එකට වඩා 30% ත් 40% අතර ප්‍රමාණයකින් තියුණු(Shaper) වන නිසාත් දැනට ඇති A8 ප්‍රොසෙසරයට වඩා GPU හි කාර්යක්ෂමතාවයෙන් ඉහළ ප්‍රොසෙසරයක් අවශ්‍ය වන බවයි පැවසෙන්නේ.මේ අතර අඟල් 12 කින් යුතු අයිපෑඩයක් ලබන වසරේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවට ද තොරතුරු වාර්තා වේ.
තවද iPad Air 2 හි ගිගාබයිට් 2 ක රැම් ධාරිතාවයකින් පැමිණෙනු ඇතැයි ද වාර්තා වනවා.මේ නිසා මෙම අයිපෑඩයත් සමඟ Split-screen Multitasking ද පැමිණීමට හැකියාව පවතී.මෙම අයිපෑඩය චීනය වැනි රටවල වැඩි වශයෙන් අලෙවි වන රත්‍රන් පැහැයෙන් ද වෙළඳපොළට නිකුත් වීමට නියමිත ය.දැනට අන්තර්ජාලයට නිකුත් වී ඇති ඡායාරූපවලට අනුව එය දැනට වෙළඳපොළේ ඇති iPad Air එකට වඩා ඝණකමින් අඩු වනු ඇති අතර එහි Mute ස්විචයක් දක්නට ලබෙන්නේ නැත.
Credit-Tinhte.vn |
කෙසේවුවත් ඇපල් සමාගම ලබන 16 වන දින නව අයිපෑඩය සමඟන් නව ඇපල් උපාංග කිහිපයක් ම වෙළඳපෙළට නිකුත් කරනු ඇති.
අයිෆෝන් Photography,වෙනත් විශේෂාංග සමඟ ඇපල් ගැන සිංහලෙන්
අයිෆෝන් Photography
![]() |
Photo Credit - @ashanrg |
අයිෆෝන් Photography කියන්නේ අයිෆෝන් සම්බන්ධයෙන් වඩාත් ජනප්‍රිය මාතෘකාවක්.අයිෆෝන් සඳහා ම නිර්මාණය වූ Lens වර්ග කිහිපයක් ම මේ වෙනකොට වෙළඳපොළ තුළ පවතිනවා.ඒ වගේ ම මේ වන විට අයිෆෝනයෙන් ලබාගන්නා විවිධ අලංකාර ඡායාරූප අන්තර්ජාලයට නිකුත් වනවා.ඉතිං මං හිතුවා ඔබේ අයිෆෝනයෙන් ගන්නා ලද ඡායාරෑප මෙම අඩවියේ පල කරන්න.මේ සඳහා
- ඔබේ නම
- දුරකතන අංකය
- විද්‍යුත් ලිපිනය
- ඡායාරෑපය ලබාගත් ස්ථානය
- Title
- Facebook/Twitter/G+ profile link එක
- අයිෆෝන් මාදිලිය සහ ඡායාරෑපය applesinhalen@gmail.com විද්‍යුත් ලිපිනය වෙත එවන්න.
සැ:යු-
- ඔබ එවන ලද ඡායාරෑපයේ පහළ වම් කෙළවරේ ඔබගේ නම/Photo Credit (අනිවාර්යයෙන් ම) සහ සම්බන්ධ කර ගත හැකි ආකාරය(අවශ්‍යනම් පමණක්) ඡායාරෑපයට හානියක් නොවන පරිදි ඇතුලත් කර එවන්න.උදාහරණ සඳහා මෙම සැබැඳියාව බලන්න.
- ඔබ එවන ලද ඡායාරෑපයේ අයිතිය ඔබ සතු විය යුතු අතර ඔබට හැකිතරම් ඡායාරෑප එවිය හැකි අතර තෝරා ගත් ඡායාරෑප පමණක් මෙම අඩවියේ පල කෙරේ.
- ලිංගිකත්වය,ආගම්,පක්ෂ වලට අදාළ ඡායාරෑප මෙහි පල නොකරනු ඇත.
ඇපල් උපාංග සහ ඒ සම්බන්ධ වෙනත් උපාංග විමසංනය
ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවිය ප්‍රධාන වශයෙන් ඇපල් උපාංග මූලික කරගෙන ඉදිරිපත් කෙරෙන බ්ලොග් අඩවියකි.එම නිසා ම මින් ඉදිරියට ඇපල් උපාංග සඳහා නිපද වූ/ඇපල් උපාංග සඳහා විශේෂ වූ තෙවන පාර්ෂවයේ උපාංග පිළිබඳව ද මෙම අඩවිය මඟින් විමංසනය කෙරේ.තවද එවැනි උපාංග ලංකාවට ගෙන්වා ගැනීමට හැකි ආකාර සහ ලැබෙන විශේෂ වට්ටම් පිළිබඳව ද සාකාච්ඡා කෙරේ.
ට්විටර්/ෆේස්බුක්/G+ පිටු
ඇපල් ගැන සිංහලෙන් ට්විටර් පිටුව තුළින් මෙතෙක් ගෙන එනු ලැබුවේ මෙම බ්ලොග් අඩවියේ අලුතෙන් ඵලවන ලිපි පිළිබඳව දැනුම් දීම පමණි.නමුදු මින් ඉදිරියට ඇපල් උපාංග,ඇපල් උපාංග හා සම්බන්ධ වෙනත් උපාංග සඳහා පිරිනමන වට්ටම් හා Free ඇප්ස් පිළිබඳව ඔබව යවත්කාලීන කෙරෙණු ඇත.මේ සඳහා ඇපල් ගැන සිංහලෙන් ට්විටර් පිටුව Follow කරන්න.මෙම දීමනා සහ වට්ටම් සීමිත කාලයක් සඳහා පමණක් වලංගුවන බැවින් ඇපල් ගැන සිංහලෙන් අනෙකුත් සමාජ ජාල අඩවි සමඟ සම්බන්ධ වී සිටින්න.මෙසේ ඉහත දැක්වෙන්නේ මෙම බ්ලොග් අඩවිය විසින් දැනටමත් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂාංග වන අතර ඔබ මෙම අඩවිය තුළින් බලාපොරොත්තු වන වෙනත් සේවාවක්/යෝජනා ඇතිනම් ඉදිරිපත් කරන්න.
ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවිය ඕනෑම ප්‍රමාණයක තිරයක අපහසුතාවයකින් තොරව නැරඹීමට හැකිවන පරිදි යවත්කාලීන වෙමින් පවතින අතර ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවිය කියවන ඔබගේ පරිශීලක අත්දැකීම උසස් මට්ටමකින් ලබාදෙනුවස් මෙම අඩවියට හා මෙම අඩවිය හා සම්බන්ධ සමාජ ජාල අඩවි පූර්ණ වශයෙන් ඇපල් උපාංග මඟින් පමණක් නිර්මාණය/යවත්කාලීන කෙරේ.
Subscribe to:
Posts
(
Atom
)
No comments :
Post a Comment
මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.