ඇපල් සමාගම මීළඟ පරම්පරාවේ අයිපෑඩයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරයි

1 comment
ඇපල් සමාගම මීළඟ පරම්පරාවේ අයිපෑඩයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරයි


2014 "Global Mobile Awards" හි ලොව හොඳ ම ටැබ්ලට් පරිගණකය ලෙස නම්කරනු ලබූ iPad Air හි මීළඟ අනුවාදය සහ iPad Mini හි මීළඟ අනුවාදවල නිෂ්පාදන කටයුතු මේ වන විට ඇපල් සමාගම විසින් ආරම්භ කොට තිබෙනවා.iPad Mini හි මීළඟ අනුවාදයේ විශේෂාංග පිළිබඳව තවමත් වඩිදුර තොරතුරු ලැබී නැතත් අඟල් 9.7 කින් යුතු iPad Air හි විශේෂාංග පිළිබඳව යම් තොරතුරු කිහිපයක් අන්තර්ජාලය වෙත නිකුත් වී තිබෙනවා.

දැනට වෙළඳපොලේ දක්නට ලැබෙන iPad Air හි බාහිර පෙනුමට බොහෝසෙයින් සමාන වන මීළඟ අයිපෑඩය බොහෝදුරට iPad Air 2 ලෙස නම් කරනු ඇති.පසුගියදා (11) Bloomberg වෙබ් අඩවියේ සඳහන් වුණ ආකාරයට iPad Air 2 හි තිරය anti reflective coating සහිත වනු ඇත.එනම් ඔබ අයිපෑඩයේ තිරය දෙස බලන විට එහි ඔබ සහ ඔබට පිටුපසින් පිහිටන වස්තූන් අයිපෑඩ් තිරයට පරාවර්තනය නොවීම යි.මෙය අයිපෑඩයත් සමඟ ගනුදෙනු කිරීමේදී ඇතිවන ලොකු ගැටලුවකට පිළියමක් වනු ඇත.

තවද මෙම අයිපෑඩය සඳහා ඇපල් A8 ප්‍රොසෙසරයක් සහ අයිෆෝන් 5S හි දක්නට ලැබෙනවාක් මෙන් ඇපල් Touch ID එකක් ද අන්තර්ගතවනු ඇති බවට ප්‍රකාශ වනවා.

මෙසේ නිර්මාණය වන නව iPad Air සහ iPad Mini මෙම වසරේ අවසානය වන විට වෙළඳපොලට නිකුත්වනවා ඇත.




Update 1

iPad Air 2 සම්බන්ධව ඇති නවත ම තොරතුරුවලට අනුව එහි ඇපල් A8X ප්‍රොසෙසරයක් එනම් අයිෆෝන් 6 හි දක්නට ලැබෙන A8 ප්‍රොසෙසරයට වඩා බල සම්පන්න වන GPU හි කාර්යක්ෂමතාවය ද ඉහළ අගයක් ගන්නා ප්‍රොසෙසරයක් මීට එක්කෙරෙණු ඇති.ඒ අනුව Games වැනි දෑ ඉතා හොඳින්,සුමටව Play කිරීමේ හැකියාව ද මෙය සතුවනු ඇත.

මීට අමතරව iOS 8.1 බීටා සංස්කරණයේ Software Development kit එක අධ්‍යනය කිරීමේ දී වාර්තා වී ඇත්තේ ඇපල් සමාගම නව Retina HD තිරයක් මෙම අයිපෑඩයට ඇතුළත් කෙරෙනු ඇති බවත් එය දැනට පවතින 2048*1536 Resolution එකට වඩා 30% ත් 40% අතර ප්‍රමාණයකින් තියුණු(Shaper) වන නිසාත් දැනට ඇති A8 ප්‍රොසෙසරයට වඩා GPU හි කාර්යක්ෂමතාවයෙන් ඉහළ ප්‍රොසෙසරයක් අවශ්‍ය වන බවයි පැවසෙන්නේ.මේ අතර අඟල් 12 කින් යුතු අයිපෑඩයක් ලබන වසරේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවට ද තොරතුරු වාර්තා වේ.

තවද iPad Air 2 හි ගිගාබයිට් 2 ක රැම් ධාරිතාවයකින් පැමිණෙනු ඇතැයි ද වාර්තා වනවා.මේ නිසා මෙම අයිපෑඩයත් සමඟ Split-screen Multitasking ද පැමිණීමට හැකියාව පවතී.මෙම අයිපෑඩය චීනය වැනි රටවල වැඩි වශයෙන් අලෙවි වන රත්‍රන් පැහැයෙන් ද වෙළඳපොළට නිකුත් වීමට නියමිත ය.දැනට අන්තර්ජාලයට නිකුත් වී ඇති ඡායාරූපවලට අනුව එය දැනට වෙළඳපොළේ ඇති iPad Air එකට වඩා ඝණකමින් අඩු වනු ඇති අතර එහි Mute ස්විචයක් දක්නට ලබෙන්නේ නැත.

ඇපල් සමාගම මීළඟ පරම්පරාවේ අයිපෑඩයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරයි

ඇපල් සමාගම මීළඟ පරම්පරාවේ අයිපෑඩයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරයි

ඇපල් සමාගම මීළඟ පරම්පරාවේ අයිපෑඩයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරයි
ඇපල් සමාගම මීළඟ පරම්පරාවේ අයිපෑඩයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරයි
Credit-Tinhte.vn


කෙසේවුවත් ඇපල් සමාගම ලබන 16 වන දින නව අයිපෑඩය සමඟන් නව ඇපල් උපාංග කිහිපයක් ම වෙළඳපෙළට නිකුත් කරනු ඇති.

1 comment :

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.