මොකද්ද මේ Apple Pay කියන්නේ ?
අප මේ මොහොතේ භාවිත කරන Credit හෝ Debit කාඩ්පත්වල තාක්ෂණය දශක පහක් පමණ පැරණි ය.මෙම ක්‍රමය භාවිත කිරීමේදී ඇතිවන අපහසුතා,ගැටලු සහ එහි අනාරක්ෂිත බව මඟහරවා ගැනීමට විවිධ ක්‍රම මේ වනවිට අත්හදා බැලුව ද ඒවා මෙතෙක් සාර්ථක වී නැහැ.ඉතින් ඇපල් සමාගම මීට පිළියමක් ලෙස Apple Pay හඳුන්වාදුන් අතර මෙමඟින් යම් ගෙවීමක් සාර්ථකව අවසන් කිරීමට ගතවන්නේ තප්පර කිහිපයක් පමණි.
Apple Pay අප භාවිත කිරීමට පෙර අප අපගේ අයිෆෝනයට අප භාවිත කරන කාඩ්පත්වල තොරතුරු ඇතුළත් කිරීමට අවශ්‍ය වනවා.ඒ සඳහා Passbook ඇප් එක හරහා අයිෆෝනයේ කැමරාව භාවිත කරමින් කාඩ්පත Scan කෙරෙන අතර ඉන් පසුව අප බැංකුව වෙත ගොස් එම කාඩ්පතේ හිමිකම අපගේ යැයි තහවුරු කළ පසු එය ඇපල් Pay සමඟ භාවිත කිරීමට හැකියාව පවතිනවා.එහෙත් මෙහිදී අපගේ කාඩ්පතේ කිසිදු තොරතුරක් ඇපල් සමාගම විසින් ගබඩා කරගන්නේ නැති අතර ඒ වෙනුවට අපගේ ඇපල් උපාංගයට පමණක් අවේණික ගිණුම් අංකයක් ජනනය(Generate) කරනු ලබනවා.මින් ඉදිරියට ගෙවීම් සඳහා භාවිත වන්නේ අපගේ කාඩ්පත් අංකය නොව එසේ ඇපල් විසින් ජනනය(Generate) කළ ගිණුම් අංකය යි.එය අයිෆොන් 6 හි අඩංගු Secure Element නැමැති නව චිප් පතේ ගබඩා වනවා.තවද නව අයිෆෝනය ප්‍රථම වතාවට Setup කිරීමේදී අප iTunes සඳහා භාවිත කළ කාඩ්පත් ද මේ සඳහා භාවිත කිරීමේ හැකියාව පවතිනවා.
Apple Pay භාවිත කර ගෙවීමක් කිරීමේදී නව අයිෆෝනයේ අඩංගු NFC,Touch ID සහ Secure Element නැමැති චිප් එක යොදා ගැනෙනවා.අයිෆෝනයේ කිසිම ඇප් එකකට පිවිසෙන්නේ නැතිව තම ඇඟිල්ල Touch ID මත තබාගෙන අයිෆෝනය අදාළ NFC Reader' උපාංගයට ළං කළ යුතු වේ.එහිදී එම ගනුදෙනුව සඳහා ම ජනනය කරන ලද අංකයක් සමඟ විටින් විට වෙනස්වන Security Code එකක්(Credit හෝ Debit කාඩ්පත්වල පිටුපස සඳහන්වන අකුරු 3 හෝ 4 ආරක්ෂිත අංකය වෙනුවට) එක් කොට එම තොරතුරු Secure Element නැමැති චිප් එකේ ගබඩා වනවා.අපගේ ඇගිලි සළකුණ තහවුරු වූ සැණින් බීප් හඩක් නඟමින් ගනුදෙනුව ද සාර්ථකව නිම වේ.ඇත්තට ම මෙම ගනුදෙනුව සිදු වන්නේ අපගේ බැංකුවත් අදාළ වෙළඳ ආයතනයත් අපත් අතරත් පමණි.ඇපල් සමාගම අප ගත්තේ මොනවද,කොහෙන්ද ගත්තේ,කීයක් ගෙවුවද වගේ දේවල් ගබඩා කරගනු ලබන්නේ නැහැ.තවද මෙම ගනුදෙනුව සිදුවන විට අපගේ කිසි ම තොරතුරක් වෙළඳ ආයතනයේ මුදල් අයකැමිගේ(Cashier) අතට පත්වන්නේ නැත.
මෙම සේවාව ඇමෙරිකාවේ American Express,Master Card,Visa කියන කාඩ්පත් වර්ග සහ ප්‍රධාන පෙළේ බැංකු කිහිපයකුත් McDonalds, Nike, Disney Stores ඇපල් Retail Store වගේ වෙළදායතනත් මේ වන විට මෙම සේවාව ලබා දීමට සූදානමින් සිටියි.තවද Target,Groupen වැනි Online Store වල දී ද මෙම සේවාව අත්විඳිය හැකි අතර ඔබ ගෙවීම් කරන විට Apple Pay සළකුණ තෝරා ලැබනෙ මෙනූවේ Shipping Address වැනි තොරතුරු නිවැරදිනම් සාමාන්‍ය පරිදි Touch ID එක භාවිත කරමින් ගෙවීම් කළ හැකි ය.
මෙහි තවත් වැදගත් විශේෂාංගයක් වන්නේ අපට අපගේ අයිෆෝනය නැතිවුවහොත් අපට Find My iPhone මඟින් අප කරන ලද සියලු ම ගනුදෙනු අවලංගු කර දැමිය හැකි අතර කාඩ්පත්වල තොරතුරු අයිෆෝනයේ ගබඩා නොවන නිසා මෙහිදී කාඩ්පත් අවලංගු කිරීමට අවශ්‍ය වන්නේ නැත.
මෙම සේවාව එළැබෙන ඔක්තෝබර් මස ඇමෙරිකාව තුළ ආරම්භ වන අතර Apple Pay API එක සෑම ඇපල් Developer කෙනෙකුට ම භාවිත කිරීමේ හැකියාව ලබා දී ඇත.නමුදු මෙම සේවාව අපේ රටට පැමිණෙන විට ටික කලක් ගතවනු ඇති අතර මෙම සේවාව සඳහා අයිෆොන් 6,අයිෆෝන් 6 Plus හෝ ඇපල් වොච් තිබීම අනිවාර්ය වනවා.හැබැයි Kapruka Global Shop ඇපල් වොච් ගෙන්වීමට මේ වන විටත් සූදානම් නිසා ඔවුන්ගේ ගෙවීම් ක්‍රමයටත් Apple Pay එකතු කළහොත් සමහර විට Apple Pay භාවිත කරල ඇපල් වොච් එකත් ගෙන්වාගන්න පුළුවන් වේවී.
Subscribe to:
Post Comments
(
Atom
)
No comments :
Post a Comment
මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.