#BENDGATE හි අවසානය මෙසේ සටහන් කරමු
ඇපල් සමාගම අයිෆෝන් 6 සහ 6 Plus වෙළඳපොළට නිකුත් කොට මේ වන විට දින කිහිපයක් ගතව තිබෙනවා.මෙම දින කිහිපය තුළ අයිෆෝන් 6 පරිශීලනය කරන්නන් එය විවිධ ආකාරයෙන් තම එදිනෙදා ජීවිතයේ දී භාවිත කොට තිබෙනවා.මේ අතර විවිධ විශේෂාංග අතින් ඉදිරියෙන් සිටින අයිෆෝන් 6 සහ 6 Plus පිළිබඳව තවත් අලුත් මාතෘකාවක් පසුගිය දින කිහිපය තුළ අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වුණා.
#bendgate නමින් හඳුන්වන මෙම හෑෂ්ටැග් එක නිර්මාණය වීමට හේතු වී ඇත්තේ ඇපල් සමාගමේ අයිෆෝන් 6 Plus කලිසම් සාක්කුවේ දමාගනිමින් භාවිත කිරීමේදී එය යම් තරමක නැමීමක් සිදුවී එය ඒ අයුරින් ම පැවතීම නිසා ය.මේ පිළිබඳව පසුගියදා Unbox theraphy යූටියුබ් චැනල් එකෙන් අන්තර්ජාලයට නිකුත් කෙරැණු වීඩියෝවක් මඟින් අයිෆෝන් 6 Plus අතින් නමා පෙන්වීම මඟින් මේ සම්බන්ධව කතාව වඩා ජනප්‍රියත්වයට පත් වුණා.මේ වන විට එම වීඩියෝව මිලියන 40 කට වැඩි ප්‍රමාණයක් නරඹා තිබෙනවා.
ඇපල් අයිෆෝන් 6 සහ 6 Plus කියන්නේ ඇපල් සමාගම මෙතෙක් නිපද වූ සිහින් ම අයිෆෝන් පෙළ යි.ඉතින් අයිෆෝන් 6 සහ 6 Plus මෙතරම් සැහැල්ලු වීමට සහ සිහින් වීමට එහි නව හැඩය සහ එය නිපදවීමට යොදාගත් අමුද්‍රවය ද හේතුවනවා.ඇපල් සමාගම අයිෆෝන් 6 සහ 6 Plus නිපදවීමේ දී එහි බඳ සඳහා ඇලුමිනියම් ලෝහය යොදා ගැනෙන අතර නව අයිෆෝන් වල වැඩි පීඩනයක් එල්ල වන ස්ථාන සඳහා මළ නොබැඳෙන වානේ සහ ටයිටේනියම් ලෝහය යොදා ගනිමින් එම ස්ථාන වඩාත් ශක්තිමත් කර තිබෙනවා.මෙහි භාවිත වන්නේ anodized aluminum ය.එය සාමාන්‍ය ඇලුමිනියම්වලට සාපේක්ෂව ශක්තිමක්බවින් වැඩි අතර දිගුකල් පැවැත්මකට ඔරොත්තු දෙන බවයි ඇපල් සමාගම පවසන්නේ.තව ද අයිෆෝන් 6 සහ 6 Plus හි ඉදිරිපස වීදුරුව සඳහා යොදා ගැනෙන්නේ මේ වන විට ස්මාර්ට්ෆෝන් සඳහා යොදාගත හැකි ලෝකයේ පවතින ශක්තිමත් ම වීදුරු බව ද ඇපල් සමාගම පවසනවා.
මෙසේ අයිෆෝනයේ බඳ සහ ඉදිරිපස වීදුරුව මේ ආකාරයෙන් නිපදවා තිබුණ ද එහි ඇතුළත ඇලුමිනියම්වලින් හෝ වෙනත් ඝණ ද්‍රව්‍යකින් පිරවී නැත.එම නිසා සැලකිව යුතු පීඩනයක් තුළින් අයිෆෝනය නැවීමකට ලක්කළ හැකි ය.ඇපල් සමාගම ඉහත සඳහන් කරන වීඩියෝව සම්බන්ධයෙන් පවසා ඇත්තේ අප එදිනෙදා භාවිතයේදී එල්ලවන පීඩනයට වඩා වැඩි පීඩනයක් එම අවස්ථාවේදී එල්ල කරන බව යි.තවද එසේ අයිෆෝනයක් නැවීයාම ඉතාමත් ම කලාතුරකින් සිදුවිය හැකි බව යි සමාගම ප්‍රකාශ කරන්නේ.එමෙන්ම එම වීඩියෝවෙහි නිරවද්‍යභාවය සම්බන්ධයෙන් ද මේ වන විට විවිධ මත පළ වී තිබේ.
මේ අතර Consumer Reports නැමැති නව උපාංග විමංසනය සහ පරීක්ෂාවට භාජනය කෙරෙන සඟරාවක් මඟින් අයිෆෝන් 6,අයිෆෝන් 6 Plus,අයිෆෝන් 5 සහ එහි තරගකාරී නිෂ්පාදන වන HTC One M8, Samsung Galaxy Note 3 සහ LG G3 යොදාගෙන විද්‍යාත්මක පරීක්ෂණයක් ඔවුන්ගේ පර්යේෂණාගාරය තුළ සිදු කර ඇති අතර ඒ සඳහා ඔවුන් යොදාගෙන තිබෙන්නේ Instron compression නමින් හඳුන්වනු ලබන මෙවැනි පර්යේෂණ සඳහා ම යොදා ගැනෙන යන්ත්‍රයකි.
'torture testing' ලෙසින් හඳුන්වනු ලබන මෙම පරීක්ෂණය තුළින් ඉහත සඳහන් කළ ස්මාර්ට්ෆෝන් සඳහා මුලින් රාත්තල් කිහිපයක බරක් තප්පර ගණනාවක් රඳවා තබා ඉන් පසුව රාත්තල් 10 බැගින් වැඩිවන පරිදි පීඩනයක් එම දුරකතනයේ ඉදිරිපස සහ පිටුපස වෙන්වී යන තෙක් එල්ලකරනු ලැබේ.වැඩිදුර තොරතුරු සඳහා පහත වීඩියෝව බලන්න.
HTC One M8
ප්‍රථමයෙන් රාත්තල් 70 ක පීඩනයක් එල්ල කර එය ක්‍රමයෙන් රාත්තල් 10 බැගින් වැඩිකරමින් ඉදිරියට යන අතර HTC One M8 රාත්තල් 90 ක පීඩනයකදී ඉදිරිපස සහ පිටුපස වෙන්වී යයි.
අයිෆෝන් 6
රාත්තල් 70 ක පීඩනයකින් පටන් ගෙන එය රාත්තල් 100ක පීඩනයක දී ඉදිරිපස සහ පිටුපස වෙන් වී යයි.
අයිෆෝන් 6 Plus
රාත්තල් 90 ක පීඩන බරකින් ආරම්භ කොට රාත්තල් 110 ක දී ඉදිරිපස සහ පිටුපස වෙන් වී යයි.
Galaxy Note 3 රාත්තල් 150ක පීඩනයකදී ද LG G3 රාත්තල් 130 ක දී ද අයිෆෝන් 5 130න් පටන් ගෙන 150 දී ද වෙන්වී යයි.මෙම පරීක්ෂණය අවසානයේදී අයිෆෝන් 6 සහ HTC One M8 තවදුරටත් වැඩකරන තත්වයේ පැවතුන අතර Consumer Report සඟරාව පවසන්නේ මේ කිසිම දුරකතනයක් ලේසියෙන් විනාශ කළ නොහැකි අතර එම උපාංග එදිනෙදා භාවිතය සඳහා ගැටලුවක් නොවන බව ය.තවද අයිෆෝන් 6 සහ 6 Plus කියන තරම් පහසුවෙන් නැවිය නොහැකි බව ද ප්‍රකාශ කර සිටියේ ය.Consumer Reports සඟරාව මඟින් නිකුත් කළ මෙම වාර්තාව නිසා ලොව පුරා විසිර සිටි ඇපල් ලෝලීන්ගේ #BendGate නිසා ඇතිව තිබූ අනවශ්‍ය බිය තුරන් විය.
මීට අමතරව ඇපල් සමාගමේ ප්‍රධාන දෘඩාංග ඉංජිනේරුවෙකු වන Dan Riccio ප්‍රකාශ කර සිටියේ අයිෆෝන් 6 සහ 6 Plus යනු ඇපල් සමාගම මෙතෙක් නිෂ්පාදනය කළ නිෂ්පාදන අතුරින් වැඩියෙන් ම පරීක්ෂාවන්ට ලක් කළ උපාංග වන බවත් සමාගම ප්‍රධාන වශයෙන් විවිධ පීඩන පරීක්ෂණ(Stress Tests) 05ක් පමණ සිදු කර ඇති බවත් ය.ඒවා නම්
මේ වන විට ඇපල් සමාගම අයිෆෝන් 6 සහ 6 Plus වෙළඳපොළට නිකුත් කොට පළමු දින 3 ඇතුළත එකතුවක් ලෙස මිලියන 10 ක් විකුණා ඇති අතර පසුගිය දින 6 ට ම තම අයිෆෝන් 6 Plus දුරකතනය එදිනෙදා භාවිත කිරීමේදී නැවීමකට ලක් වී ඒ පිළිබඳව පැමිණිලි කොට ඇත්තේ 09 දෙනෙකු පමණි.මෙම අයිෆෝන් සඳහා ඇපල් සමාගම විසින් භාජනය කෙරෙන විශේෂ පරීක්ෂණයකින් පසුව එම අයිෆෝන් සඳහා නොමිලේ නව අයිෆෝනයක් ලබා දීමට සමාගම පියවර ගෙන ඇත.
තවද මෙසේ දෝෂදර්ශනයට ලක් වූ ප්‍රථම උපාංගය අයිෆෝන් 6 Plus නොවේ.මීට පෙර
මෙය ආරම්භය ද නොවේ.අවසානය ද නොවේ.මින් ඉදිරියටත් ඇපල් සමාගම විසින් විස්මිත නිර්මාණ ලොවට බිහි කරනු ඇත.ඉතින් මේ සම්බන්ධව ඔබේ අදහස ද මෙම ලිපියට එකතු කරන්න.
![]() |
ඡායාරෑප : www.consumerreports.org |

අයිෆෝන් 6,අයිෆෝන් 6 Plus,අයිෆෝන් 5,HTC One M8, Samsung Galaxy Note 3 සහ LG G3 'torture testing' පරීක්ෂණයෙන් පසුව |
මීට අමතරව ඇපල් සමාගමේ ප්‍රධාන දෘඩාංග ඉංජිනේරුවෙකු වන Dan Riccio ප්‍රකාශ කර සිටියේ අයිෆෝන් 6 සහ 6 Plus යනු ඇපල් සමාගම මෙතෙක් නිෂ්පාදනය කළ නිෂ්පාදන අතුරින් වැඩියෙන් ම පරීක්ෂාවන්ට ලක් කළ උපාංග වන බවත් සමාගම ප්‍රධාන වශයෙන් විවිධ පීඩන පරීක්ෂණ(Stress Tests) 05ක් පමණ සිදු කර ඇති බවත් ය.ඒවා නම්
- Three-point bending
- Pressure-point cycling
- Torsion testing
- Sit tests
- Real-life user studies
මෙම පරීක්ෂණ කෙරෙන ආකාරය දැක බලා ගැනීමට ඇපල් සමාගම මාධ්‍ය වෙත ද ආරාධනා කොට තිබුණා.මෙසේ විවිධාකාර වූ පරීක්ෂණ යන්ත්‍රානුසාරයෙන් සහ සියයකට අධික ඇපල් සමාගමේ රැකියාවෙහි නිරතවන සේවකයන් ලවා සමාන්‍ය ජීවිතයේදී පවා පරීක්ෂාවට ලක් කරමින් එම පරීක්ෂනවලින් කඩඉම් සීමාවට පැමිණි හෝ කඩඉම් සීමාව ඉක්මවා ගිය පසුවයි නව අයිෆෝනයක් වෙළඳපොළට නිකුත් කරනු ලබන්නේ.
මේ වන විට ඇපල් සමාගම අයිෆෝන් 6 සහ 6 Plus වෙළඳපොළට නිකුත් කොට පළමු දින 3 ඇතුළත එකතුවක් ලෙස මිලියන 10 ක් විකුණා ඇති අතර පසුගිය දින 6 ට ම තම අයිෆෝන් 6 Plus දුරකතනය එදිනෙදා භාවිත කිරීමේදී නැවීමකට ලක් වී ඒ පිළිබඳව පැමිණිලි කොට ඇත්තේ 09 දෙනෙකු පමණි.මෙම අයිෆෝන් සඳහා ඇපල් සමාගම විසින් භාජනය කෙරෙන විශේෂ පරීක්ෂණයකින් පසුව එම අයිෆෝන් සඳහා නොමිලේ නව අයිෆෝනයක් ලබා දීමට සමාගම පියවර ගෙන ඇත.
තවද මෙසේ දෝෂදර්ශනයට ලක් වූ ප්‍රථම උපාංගය අයිෆෝන් 6 Plus නොවේ.මීට පෙර
- 1984 දී එළිදැක්වූ ප්‍රථම මැකින්ටොෂ් පරිගණකය අඩු රැම් මතකයක්,මෘදුකාංග අල්ප වීම සහ මිල අධික වීම නිසා එයට 'Toygate' නමින් ලේබලයක් ද
- 1998 දී ප්‍රතිනිර්මාණය කෙරුණු iMac G3 හි එකල වැඩි පුර භාවිත වූ Floppy Disk Drive එකක් නොමැති වීම නිසා එයට 'Floppygate' නමින් ලේබලයක් ද
- 2001 වර්ෂයේ Powerbook G4 හි ඇතිවුණු Bubble නිසා එයට 'Bubblegate' නමින් ලේබලයක් ද
- 2009 වසරේ අයිෆෝන් 3G හි පසුපස කොටස ප්ලාස්ටික් වලිනි නිපදවීම නිසා එහි Cracks(පැලීම්) ඇතිවිය.එම නිසා එයට 'Crackgate' නමින් ලේබලයක් ද
- 2010 වර්ෂයේ අයිෆෝන් 4 හි නව හැඩය නිසා භාවිත කරන විට අයිෆෝනයේ ඇන්ටනාව වැසී යාම නිසා එහි Network Signal දෝෂ සහගත විය.එම නිසා එයට 'Antennagate' නමින් ලේබලයක් ද
- 2012 වර්ෂයේ නිකුත් කළ අයිපෑඩය චාර්ජ් වීමට වැඩි වේලාවක් ගතවන නිසා එයට 'Batterygate' නමින් ලේබලයක් ද
- අයිෆෝන් 4S සහ අයිෆෝන් 5 හි සමහර අයිෆෝන්වල තිරයේ ඉහළ දක්නට ලැබුණු කහ පැහැති ගතිය නිසා 'Yellowgate' නමින් ලේබලයක් ද මීට පෙර කරලියට පැමිණ තිබේ.
මෙය ආරම්භය ද නොවේ.අවසානය ද නොවේ.මින් ඉදිරියටත් ඇපල් සමාගම විසින් විස්මිත නිර්මාණ ලොවට බිහි කරනු ඇත.ඉතින් මේ සම්බන්ධව ඔබේ අදහස ද මෙම ලිපියට එකතු කරන්න.
Subscribe to:
Post Comments
(
Atom
)
(Y)
ReplyDeleteAnith ayata karanna puluwn boru prachara yawana eka ne bro
ReplyDeleteඒකනේ සහෝ...
DeleteGood luck. Idiriyath me wage lipi balaporoththu wenawa.
ReplyDeleteස්තුතියි හැමෝටම...
ReplyDelete