ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගත යුතු සියලු දේ...

8 comments
ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගතයුතු සියලු දේ...


අප බලාපොරොත්තු වූ පරිදි ම ඇපල් සමාගම පසුගියදා De Anza Community College වල Flint Center නැමැති ස්ථානයේ පැවැති විශේෂ උත්සවයේදී ඔවුනගේ නව අයිෆෝන් අනුවාද ප්‍රකාශයට පත්කෙරුණා.පසුගිය වර්ෂයේ මෙන් ම මෙවර ද ඇපල් සමාගම අයිෆෝන් අනුවාද දෙකක් නිවේදනය කළා.ඒ අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 ප්ලස්(Plus) ය.මෙම අයිෆෝන් පසුගිය දිනවල අන්තර්ජාලයට නිකුත් වූ  නිළ නොලත් ඡායාරෑප සහ තොරතුරුවලට බොහොසෙයින් සමාන වීම ද විශේෂත්වයකි.මේ ඒ පිළිබඳව කෙරෙන සංශිප්ත සටහනකි.

හැඩය සහ නිමාව

අප බලාපොරොත්තු වූ පරිදි ම ඇපල් සමාගම අයිෆෝන් 6 සහ 6 Plus නැවුම් හැඩයක් ගෙන තිබෙනවා.පසුගිය දිනවල අන්තර්ජාලයට නිකුත් වුණු හැඩයට සමාන හැඩයක් මෙය ගෙන තිබෙනවා.මෙම අයිෆෝන්වල බඳ වැඩි වශයෙන් වානේ යොදාගෙන නිර්මාණය වී ඇති අතර මෙය පස්වන පරම්පරාවේ අයිපොඩ් ටච් හි හැඩයට සමාන පෙනුමක් ගන්නා අතර මෙම අයිෆෝනයන් මෙතෙක් ඇපල් සමාගම නිර්මාණය කරන ලද සිහින් ම අයිෆෝනයන් ද වනවා.අයිෆෝන් 6  මිලිමීටර් 6.9ක ඝණකමකිනුත් 6 Plus මිලිමීටර් 7.1ක ඝණකමකිනුත් යුක්ත වනවා.තවද භාවිතයේ පහසුව තකා අයිෆෝනයේ Power බටනයෙහි පිහිටීම වෙනස් කොට තිබෙනවා.


ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගතයුතු සියලු දේ...

තිරය

නව Retina HD තිරයකින් සමන්විත මෙය ඇපල් සමාගම ප්‍රකාශ කරන්නේ එය මේ වන විට වෙළඳපොලේ ඇති හොඳම ස්මාර්ට් ෆෝන් තිරය බව යි. අයිෆෝන් 6 හි තිරය අඟල් 4.7 කින් එනම් 1334*750 ක Resolution එකකින් ද(අඟලකට පික්සෙල් 326ක්) 6 Plus හි තිරය අඟල් 5.5 කින් එනම් 1920*1080 ක Resolution එකකින් ද (අඟලකට පික්සෙල් 401ක්)  සමන්විත වනවා.මෙම නිසා අයිෆෝන් 6  හි තිරයේ පික්සෙල් මිලියනයකට වැඩි සහ 6 Plus තිරයේ මිලියන දෙකකට වැඩි පික්සෙල් ප්‍රමාණයක් ගැබ්ව පවතිනවා.මෙයින් ජනනය කෙරෙන වර්ණ පූර්ණ වශයෙන් sRGB Color ප්‍රමිතියට අනුව නිපදවා ඇති අතර මෙම තිරයෙන් දීප්තිමත් ගුණාත්මක බවින් ඉහළ පිංතූර ලබා දේ.තද හිරු එළියේදී,අව්කණ්නාඩි පැළඳ සිටියදී පවා දීප්තිමත් පිංතූර ජනනය කිරීමේ හැකියාව  මෙම Retina HD තිරයේ අඩංගු කර ඇති වැඩිදියුණු කරන ලද Polarizer එකෙන් ලබා දේ.



ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගතයුතු සියලු දේ...

නව A8 ප්‍රොසෙසරය

අයිෆෝන් 6 සහ 6 Plus සමඟ පැමිණෙන ප්‍රොසෙසරය හඳුන්වන්නේ A8 කියාය.එය අයිෆෝන් 5S හි දක්නට ලැබුනු A7 ප්‍රොසෙසරයට වඩා 13% ක් කුඩාවන අතර දෙවන පරම්පරාවේ 64 bit ආකෘතියකින් යුක්ත වේ.ට්‍රාන්සිස්ටර් මිලියන දෙකකට වඩා ඇති ඇපල් A8 ප්‍රොසෙසරය A7 ට වඩා 25% ගුණයක් වේගවත් වන අතර ප්‍රථම අයිෆොනයට වඩා 84% ක ඉහළ graphic කාර්යක්ෂමතාවයකින් සමන්විත වනවා.අයිෆෝන් 6 සහ 6 Plus හි තවත් විශේෂත්වයක් වන්නේ පසුගිය අයිෆොන්වල මෙන් නොව මෙහි අඩංගු sustained performance විශේෂාංගය නිසා එකදිගට විවිධ වැඩ ප්‍රමාණයක් අයිෆෝනය භාවිත කරමින් කළද එය රත්වන්නේ නැත.මෙය අයිෆෝන්වලින් ගේම් ගහන අයටනම් හොඳ ආරංචියක්.


ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගතයුතු සියලු දේ...
ඇපල් A8 ප්‍රොසෙසරය ප්‍රථම අයිෆෝනයට වඩා 50% ගුණයක් වේගවත් වේ.

බැටරියෙහි ආයු කාලය

අයිෆෝන් 5S සමඟ සැසදීමේදී අයිෆෝන් 6 හි බැටරියේ ආයුකාලයෙහි සැලකිව යුතු වැඩි වීමක් දක්නට ලැබෙනවා.එම නිසා අයිෆොන් 6 හි බැටරියේ කාර්යක්ෂමතාවය පිළබඳව සතුටු විය හැකි ය.පහත රෑප සටහනින් ඒ බව ඔබට පැහැදිලි වනු ඇත.


ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගතයුතු සියලු දේ...

M8 Coprocessor චීපය 


පසුගිය වර්ෂයේ අයිෆොන් 5S සමඟ හඳුන්වාදුන් M7 Coprocessor ය මෙවර තරමක් වැඩිදියුණු කර තිබෙනවා.අයිෆෝනයේ පවතින සංවේදක වන accelerometer, compass, gyroscope වලින් ගැනෙන තොරතුරු ගබඩා කරගනු ලබන්නේ මෙහි ය.මීට අමතරව මෙම නව M8 Coprocessorයට barometer නැමැති සංවේදකය තුළින් ඔබ ගමන් කරන දුර සහ ප්‍රථමවරට ඔබ පඩිපෙළක් නඟින එක පවා මෙමඟින් විශ්ලේශනය කළ හැකි ය.මේ සියලු තොරතුරු ඇපල් iOS 8 සමඟ පැමිණෙන Health ඇප් එකෙන් බලා ගන්නට පුළුවන.මේ වනවිටත් Nike සමාගම තම Fualband ඇප් එක සඳහා මෙම පහසුකම යොදාගනු ලබනවා. 

වැඩිදියුණු කරන ලද සබඳතාවයන්

ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගතයුතු සියලු දේ...
150mbps වේගයක් සහිත වැඩිදියුණු කරන ලද LTE පහසුකම වෙනත් ස්මාර්ට් ෆෝන්වල මෙන් නොව Band 20 ක් දක්වා සහය දක්වන අතර ලොව පුරා LTE සේවාව සඳහා සහය දක්වන දුරකතන සේවා සැපයුම් සමාගම් 200ක් සඳහා සහය දක්වනවා.තවද අයිෆෝන් 6 සමඟ හඳුන්වාදෙනු ලබන VoLTE (Voice over LTE) මඟින් LTE ඩේටාවලට අමතරව Voice ඩේටා ද හුවමාරු කර ගත හැකිය.මෙමඟින් වඩාත් පැහැදිලි ඇමතුම් අපට ලබා ගත හැකි අතර Voice සමඟ Data ද ලබා ගත හැකි ය.තවද අයිෆෝන් 6 සහ 6 Plus තුළ අන්තර්ගත කර ඇති 802.11ac මඟින් පෙරට වඩා තුන්ගුණයක් වේගවත් Wifi සබඳතාවයක් ලබාගතහැකි ය.මීට අමතරව වර්තමානයේ වැඩි වශයෙන් භාවිත වන NFC(Near Field Communication) තාක්ෂණයද මෙම අයිෆෝනයට එකතු කර ඇති අතර ඇපල් සමාගම විසින් හඳුන්වාදුන් Apple Pay(NFC සහ Touch ID යොදාගෙන ගෙවීම් කරන ක්‍රමයකි) සඳහා මෙම පහසුකම ප්‍රධන වශයෙන් භාවිත වේ.Apple Pay ගැන දැනගන්න මෙම ලිපිය කියවන්න.

WiFi-Calling පහසුකම

අයිෆෝන් 6 සහ 6 Plus සමඟ හඳුන්වා දෙන WiFi-Calling පහසුකම මඟින් අපට අපගේ අයිෆෝනයේ Network සිග්නල් අඩු ස්ථානයක හෝ සිග්නල් නැති ස්ථානයක සිටියත් අපට හොඳ Wifi සබඳතාවයක් ඇත්නම් Wifi හරහා පැහැදිලි ඇමතුම් ලබා ගැනීමට හැකියාව ඇති අතර අප Network සිග්නල් ඇති ස්ථානයකට පැමිණි විට දුරකතන ඇමතුම විසංධි නොවී Wifi Network එකෙන් Cellular Network එකට ගැටලුවකින් තොරව මාරැ වේ.

කැමරාව

ඇපල් අයිෆෝන් 4S සිට ඇපල් සමාගම අයිෆෝන් සඳහා භාවිත කරන්නේ මෙගා පික්සෙල් 8 ක කැමරාවකි.එතැන් සිට විවිධාකාරයෙන් අයිෆෝනයේ කැමරාවෙහි විශේෂාංග සහ එය යොදාගන්නා තාක්ෂණය වෙනස් වූවද අයිෆෝන් කැමරාවෙහි මෙගා පික්සෙල් ගණන වෙනස් වූයේ නැත.මන්ද කැමරාවක මෙගා පික්සෙල් ගණන වැඩි කිරීමට වඩා එහි ගුණාංග ඉහළ දැමීම තුළින් එමඟින් ලබා ගන්නා ඡායාරෑපවල ගුණාත්මක බව වැඩිවන බවයි ඇපල් සමාගමට පැවසන්නේ.මේ බව පසක් කරමින් ඇපල් සමාගම මෙම නව අයිෆෝනයේ කැමරාව සඳහා නව තාක්ෂණයන් කිහිපයක් භාවිත කර තිබෙනවා.

ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගතයුතු සියලු දේ...


මෙම නව අයිෆෝනයේ අඩංගුවන iSight කැමරාවෙහි ඇතුළත් විශේෂාංගයක් වන්නේ Focus Pixel තාක්ෂණය යි.මෙම තාක්ෂණය ඉහළ මට්ටමේ DSLR කැමරාවල ද යොදා ගැනෙන අතර මෙමඟින් පෙරට වඩා ඉක්මණින් සහ හොඳින් ඔබ ලබාගන්නා ඡායාරෑපය Focus කර ගනී.තවද මෙමඟින් ලබා ගන්නා ඡායාරෑපයේ අපැහැදිලිබව අවම කරයි(Noise reduction).තවද වැඩිදියුණු කරන ලද Face Detection තාක්ෂණය මඟින් ඔබට ඡායාරෑප කිහිපයක් ගෙන හොඳම ඡායාරෑපය ඔබට ගෙන දෙන අතර මේ සඳහා ඇපල් A8 ප්‍රොසෙසරයේ ඇති Image Signal Processor යොදා ගනී.

මෙහි තවත් වැදගත් විශේෂාංගයක් වන්නේ Optical Image Stabilization තාක්ෂණය යි.Image Stabilization කියන්නේ අප ඡායාරෑපයක් ලබා ගන්නා අවස්ථාවේ අපේ කැමරාව සෙලවෙනවා නම්(Unstable) අප ලබා ගන්නා ඡායාරූපය පැහැදිලි එකක් වන්නේ නැත.මෙම තත්වය මඟහරවා ගැනීමට Image Stabilization තාක්ෂණය යොදා ගනී.අයිෆෝන් 6 හි ඩිජිටල් ක්‍රමයට ඡායාරෑපය Stabalize කර ගත්ත ද අයිෆෝන් 6 Plus හි භාවිත වන Optical Image Stabilization තාක්ෂණය මඟින් කැමරා Lens එක ඉදිරියට සහ පිටුපසට ත් වම්පසට සහ දකුණුපසට ත් ඉහළට සහ පහළට ත් චලනය වෙමින් සහ අයිෆෝනයේ පවතින නව gyroscope එක භාවිත කරමින් ඡායාරෑය Stabalize කරගනී.

ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගතයුතු සියලු දේ...
අයිෆෝන් 6 මඟින් ලබා ගත් ඡායාරෑපයක්

මීට අමතරව අයිෆෝන් 6 කැමරාවෙන් Video පටිගත කිරීමේ දී නව තාක්ෂණයන් යොදා ගැනේ.1080p වීඩියෝ පටිගත කිරීමේදී මෙහි තප්පරයකට රෑප රාමු 60ක්(60fps) යොදා ගැනෙන අතර 720p Slow Motion වීඩියෝ පටිගත කිරීමේදී 240fps භාවිත කරයි.තවද මෙහි භාවිත වන Continuous Autofocus මඟින් අප වීඩියෝ පටිගත කිරීමේදී ප්‍රධාන Object(වස්තුව) එක දිගට,මාරැවෙන් මාරුවට Focus වේ.මේ සඳහා ද යොදා ගැනෙන්නේ Focus Pixel තාක්ෂණය යි.මෙසේ වීඩියෝ පටිගත කිරීමේදී  Cinematic Video Stabilization තාක්ෂණය යොදා ගැනෙන නිසා පටිගත කිරීමේදී අප/අප සිටිනා ස්ථානය කෙතරම් Unstable වුවද එයින් වීඩියෝවට බලපෑමක් ඇති වන්නේ නැහැ.

ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගතයුතු සියලු දේ...
අයිෆෝන් 6 හි වැඩිදියුණු කරන ලද Facetime කැමරාව මඟින් තප්පරයකට ඡායාරෑප 10 ක් ලබා ගත හැකි අතර එසේ ලබා ගන්නා ඡායාරෑප විශ්ලේෂණය කොට ඇස් පියවී නැති ගුණාත්මක මට්ටමෙන් ඉහළ ඡායාරෑපය අපේ තිරයට ලබා දේ.තවද වැඩිදියුණු කරන ලද HDR තාක්ෂණය Facetime කැමරාවට යොදා ගැනෙන නිසා ගුණාත්මක මට්ටමෙන් ඉහළ ඡායාරෑප සහ වීඩියෝ අපට ලබා ගත හැකිය.විශේෂයෙන් ම ගුණාත්මක මට්ටමෙන් ඉහළ Selfies අපට ලබා ගත හැකි ය.

ප්‍රධාන වශයෙන් මෙම විශේෂාංගවලට අමතරව ඇපල් සමාගම අයිෆෝන් 6 Plus සඳහා අයිපෑඩයේ මෙන් Landscape Mode එකක් හඳුන්වා දී තිබෙනවා.මෙමඟින් තවත් විශේෂාංග රැසක් අයිෆෝනයට එක් වේ.පසුගිය වසරේ හඳුන්වා දුන් Touch ID පහසුකම මෙම අයිෆෝනයේත් දක්නට ලැබුණු අතර iOS 8 සමඟ මෙම Touch ID පහසුකම තෙවන පාර්ෂවයේ ඇප් සඳහාද යොදාගත හැකි ය.අයිෆෝන් 6 සහ 6 Plus පෙර අයිෆෝන් වලට වඩා තිරය ප්‍රමාණයෙන් වැඩි බැවින් අපහසුතාවයකින් තොරව එක් අතකින් භාවිත කිරීම සඳහා Reachability නැමැති විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.මෙමඟින් ඔබට තිරයේ ඉහළට වන්න ඇති දෙයක් ටච් කිරීමට අවැසි විටෙක අයිෆෝනයේ Home බටනය දෙවරක් ටච් කළ විට අයිෆෝනයේ තිරය පහළට තල්ලු වේ.තවද අයිෆෝන් 6 සහ 6 Plus හි තාක්ෂණික තොරතුරු තවදුරටත් ලබා ගැනීම සඳහා ඇපල් නිළ වෙබ් අඩවියට පිවිසෙන්න.

මෙවර අයිෆෝන් පෙළේ ගිගාබයිට් 32 ක ධාරිතාවයකින් යුතු අයිෆෝනයක් දක්නට නොලැබෙන අතර එය 16GB,64GB සහ හඳුන්වාදෙන 128GB ධාරිතාවයන්ගෙන් සමන්විත වේ.Silver,Gold සහ Space Gray යන වර්ණයන්ගෙන්  අයිෆෝන් 6 සහ 6 Plus නිකුත් කර ඇති අතර අයිෆෝන් 6 16GB,64GB,128GB ධාරිතාවයන්ගෙන් යුතු සංස්කරණයන් පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් 649,749,849 ක් ද අයිෆෝන් 6 Plus අයිෆෝන් 6 වලට වඩා ඇමෙරිකානු ඩොලර් 100කින් වැඩි වේ.

ඇපල් අයිෆෝන් 6 සහ 6 Plus තවම ශ්‍රී ලංකාවට නිළ වශයෙන් හඳුන්වාදී නැති අතර පසුගිය 12 වැනිදා සිට ඇපල් සමාගමේ මාර්ගගත ගබඩාවේන්(Online Store) Pre Order කළ හැකි අතර සැප්තැම්බර් 19 වන දින සිට අයිෆොන් 6 වෙළඳපොළට නිකුත්වනු ඇත.තවද ඇපල් iOS 8  සැප්තැම්බර් 17 වන දින සහය දක්වන ඇපල් උපාංග සඳහා නිකුත් කෙරෙනු ඇති.

වඩාත් නිවැරදි සවිස්තරාත්මක ලිපියක් ඔබට ලබා දීමට අවැසි නිසා මෙම ලිපිය ප්‍රචාරය කිරීමට ටිකක් කල්ගත වුණා.එයට මගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා.අප මීළඟ ලිපියෙන් ඇපල් වොච් සහ ඇපල් Pay ගැන තවදුරටත් කතා කරමු.අදහස්,යෝජනා එහෙම තියෙනවානම් Comment කරන්න.

8 comments :

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.