මේ මොහොතේ ඔබට iOS 8 සිට iOS 7.1.2 වෙත Downgrade කළ හැකි ය.[Updated]

1 comment
ඇපල් සමාගම විසින් ඔවුනගේ නව මෙහෙයුම් පද්ධතිය වන iOS 8 පරිශීලකයින් වෙත නිකුත් කොට දැනට දින කිහිපයක් ගතවී තිබෙනවා.මෙම දින කිහිපය ඇතුළත සැළකිවයුතු ප්‍රමාණයක් iOS 8 වෙත තම උපාංගය යවත්කාලීන කරනු ලැබුව ද iOS 8 සඳහා දැනට පවතින බොහෝමයක් ඇප්ස් යවත්කාලීන නොවී ඇති නිසා Crash වීම,බැටරියෙහි ආයුකාලය,පැරණි උපාංගවල යම් මන්දගාමී තත්වයක් පැවතීම වැනි දෑ(විශේෂයෙන් ම අයිෆෝන් 4S) නිසා බොහෝ දෙනා නැවතත් තම උපාංගය iOS 7 වෙත Downgrade කිරීමට පෙළඹ තිබෙනවා.

මේ මොහොතේ ඔබට iOS 8 සිට iOS 7.1.2 වෙත Downgrade කළ හැකි ය.



මා මේ ලිපිය ලියන මෙහොත තෙක් ම ඔබට ඔබගේ උපාංගය iOS 8 සිට iOS 7.1.2 වෙත සාර්ථකව Downgrade කළ හැකි ය.එය තවදුරටත් වළංගු දැයි දැනගැනීමට මෙම අඩවියට පිවිස ඔබගේ උපාංගය සහ Downgrade කළ යුතු iOS අනුවාදය වන iOS 7.1.2 ඉදිරියෙන් Signing තීරුවේ YES යන්න තිබේදැයි සහතික කර දැන ගන්න.ඇපල් සමාගම මේ වන තෙක් iOS 7.1.2 Signing කරන නිසා තමයි මේ බව කළ හැකි වන්නේ.

පියවර 1

ප්‍රථමයෙන් සියල්ල iTunes වලින් පරිගණකයට හෝ iCloud වෙත Backup කරගන්න.මන්ද කිසියම් ගැටලුවක් පැන නැඟුනොත් නැවත Restore කළ හැකි නිසා.

පියවර 2

ඔබගේ උපාංගයට අදාළ iOS 7.1.2 අනුවාදයේ IPSW ගොනුව Download කර ගන්න.

පියවර 3

Settings/iCloud වෙත පිවිස Find my iPhone Dissable කරන්න.

පියවර 4

iTunes Open කොට ඔබගේ උපාංගය USB කේබලයක් මඟින් පරිගණකයට සම්බන්ධ කරන්න.

පියවර 5

iTunes වලින් අදාළ උපාංගය තෝරා එහි Summery Tab එක වෙත පිවිසෙන්න.

පියවර 6

ඔබ මැක් එකක් භාවිත කරනවානම් Option බොත්තම ඔබාගනිමින් ද ඔබ Windows භාවිත කරන්නේනම් Shift බොත්තම ද ඔබා ගනිමින් Restore බටනය Click කරන්න.

සැ:යු - මෙහිදී ඔබගේ ඇපල් උපාංගයේ ඇති සියලු ම දත්ත මැකී යන අතර Restore වූ පසුව ඔබට කලින් Backup කළ iOS 7.1.2 ගොනුවෙන් පසුව Restore කරගත හැකි ය.

පියවර 7

ලැබෙන තිරයෙන් Download කරගත් iOS 7.1.2 අනුවාදයේ IPSW ගොනුව තෝරා Restore කරන්න.

දැන් ඔබේ ඇපල් උපාංගය iOS 7.1.2 වෙත Downgrade වනු ඇත.යම් හෙයකින් ඇපල් සමාගම iOS 7.1.2 Sign කිරීම නවතා දමා ඇත්නම් මෙම ක්‍රමය අසාර්ථක වනු ඇත.

කෙසේවෙතත් ඇපල් සමාගම ඉදිරි iOS 8 අනුවාදයකින් මෙම ගැටලුවලට පිළියමක් ගෙන දෙනු ඇත.

Update 1

ඇපල් සමාගම iOS 7.1.2 sign කිරීම නවතා දමා ඇති අතර එම නිසා ඔබට තවදුරටත් iOS 7.1.2 වෙත Downgrade කළ නොහැකි ය(iOS 7.1.2 shsh blobs ගබඩා කර නොමැති උපාංග).


1 comment :

  1. successfully Downgraded ayya !!!
    Now um waiting for iOS8 bug fixed version :)

    ReplyDelete

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.