නව iMac,iPad Air,Yosemite සමඟින් ඇපල් සමාගමේ ඔක්තෝබර් මාසය

6 comments
නව iMac,iPad Air,Yosemite සමඟින් ඇපල් සමාගමේ ඔක්තෝබර් මාසය

ඇපල් සමාගම මෙම මස 16 වැනිදා තවත් විශේෂ උත්සවයක් ඇපල් සමාගමට අයත් Town Hall ශ්‍රවණාගාරය තුළ පැවැත්වීමට කටයුතු කරමින් සිටිනවා.මීට පෙර මෙම උත්සවය ඔක්තෝබර් මස 21 වැනිදා පැවිත්වීමට සැලසුම් කොට තිබුණ ද දැනට ලැබී ඇති වාර්තාවලට අනුව එම උත්සවය 16 වැනිදා පැවැත්වෙනු ඇති.වෙනත් අවස්ථාවල මෙන් ම මෙදින ද නව ඇපල් උපාංග සහ මෙහෙයුම් පද්ධති මහජනයා වෙත නිකුත් කිරීමට නියමිත යි.ඒවා නම්,

නව ඇපල් අයිමැක් පරිගණක

ඇපල් සමාගම වාර්ෂිකව යවත්කාලීන කෙරෙන ඇපල් අයිමැක් උපාංගයේ මේ වසරේ සංස්කරණය මෙදින හඳුන්වාදීමට නියමිත බව පැවසෙනවා.2012 වර්ෂයේ නිකුත් කළ සිහින් අයිමැක් සංස්කරණයේ බාහිර පෙනුමට සහ හැඩයට සමාන හැඩයත්, වැඩිදියුණු කරන ලද දෘඩාංගත් මීට ඇතුළත් වේ.වේගවත් ප්‍රොසෙසරයකින් සමන්විත මෙය නව ඇපල් මෙහෙයුම් පද්ධතියත් සමඟ පැමිණෙනු ඇත.මෙදින හඳුන්වාදීමට නියමිත නව අයිමැක් පරිගණකයේ විශේෂත්වය වන්නේ එයට බොහෝවිට Retina තිරයක් අන්තර්ගත කිරීමට ඇති හැකියාව යි.මන්ද ඇපල් සමාගමේ මීළඟ මැක් මෙහෙයුම් පද්ධතිය වන මැක් OS X යෝසැමිටි මෙහෙයුම් පද්ධතියේ දැනට නිකුත් කොට ඇති බීටා අනුවාදවල කේතයන්හි ඇපල් සමාගම මෙතෙක් නිකුත් කොට නැති උපාංගයකට අයත් Display Resolutions කිහිපයක් දක්නට ලැබී ඇති අතර පසුගිය දිනවල ඇපල් සමාගම 5K තිරයක් සහිත අඟල් 27 අයිමැක් පරිගණක පිළිබඳවද පරීක්ෂණ කිහිපයක් පවත්වා තිබෙනවා.


නව iMac,iPad Air,Yosemite සමඟින් ඇපල් සමාගමේ ඔක්තෝබර් මාසය
ඇපල් අයිමැක්හි පරිණාමය

iPad Air 2

තවද ඇපල් සමාගම අයිපෑඩ් Air හි මීළඟ අනුවාදය (බොහෝවිට iPad Air 2 ) මෙදින හඳුන්වා දෙනු ඇත.දැනට වාර්තා වී ඇති අන්දමට මෙම අයිපෑඩ් අනුවාදයට අයිෆෝනයේ දක්නට ලැබෙන ඇපල් Touch ID පහසුකම අන්තර්ගත වනු ඇති බව සඳහන් වුවත් NFC තාක්ෂණය අන්ත්රගත කිරීම පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.මෙම නිසා මෙම අයිපෑඩ් එකෙන් Online ගෙවීම් සඳහා පමණක් ඇපල් Pay පහසුකම අත්විඳීමට අවස්තාව ලැබෙනු ඇතැයි පැවසේ (Apple Pay ගැන දැනගැනීමට මෙම ලිපිය කියවන්න).තවද මෙම අයිපෑඩය රත්‍රන් වර්ණයෙන් ද නිකුත් වීමට නියමිත ය.මීට අමතරව iPad Air 2 නව A8 ප්‍රොසෙසරයකින් බලගැන්වෙන අතර anti-reflective coating සහිත (පරාවර්තනය නොවන) තිරයක් අන්තර්ගත වේ.iPad Air 2 පිළිබඳව මෙසේ තොරතුරු නිකුත් වුවද නව iPad Mini පිළිබඳවනම් මෙතෙක් සටහනක් නිකුත්ව නොමැත.මේ පිළිබඳව තවත් තොරතුරු සඳහා "ඇපල් සමාගම මීළඟ පරම්පරාවේ අයිපෑඩයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරයි..." ලිපිය කියවන්න.

මැක් OS X 10.10

ඇපල්හි මීළඟ පරම්පරාවේ පරිගණක මෙහෙයුම් පද්ධතිය වන මැක් OS X යෝසැමිටී ද මෙදින නිල වශයෙන් නිකුත් වීමට නියමිත යි.මීට මාස කිහිපයකට පෙර ඇපල් ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුවේදී මෘදුකාංග ප්‍රවර්ධකයින්ට සහ ඇපල් Public Beta වැඩසටහන සඳහා ලියාපදිංචි වූ සමාජිකයින්ට ලබා දුන් මැක් OS X යෝසැමිටී ඇපල් මෙහෙයම් පද්ධත්වලින් වඩාත් සිත්ඇදගන්නාසුලු අතුරුමුහුණතක් සහිත මෙහෙයුම් පද්ධතිය යි.මැක් OS X යෝසැමිටී පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට මෙම අඩවියේ පළ වූ "මැක් OS X යෝසැමිටී පිළිබඳව ඔබ දැනගත යුතු සියලු දේ..." ලිපිය කියවන්න.


නව iMac,iPad Air,Yosemite සමඟින් ඇපල් සමාගමේ ඔක්තෝබර් මාසය


මේ තොරතුරුවලට අමතරව ඇපල් මැක් පරම්පරාවේ Mac mini පරිගණකයේ ද නව අනුවාදයක් පිළිබඳව ද විවිධ අදහස් පළවනවා.මන්ද ඇපල් සමාගම අවසාන වතාවට Mac mini යවත්කාලීන කොට දිගු කාලයක් ගත වී ඇති නිසාත් ඇපල් මැක් මෙහෙයුම් පද්ධතිය භාවිත කිරීමට කැමති,අවශ්‍ය සහ සාපේක්ෂව අඩු මුදලකට මිළදී ගැනීමට හැකියාව ඇති නිසාත් මෙම පරිගණකය යවත්කාලීන වීමේ වැදගත්කම දැඩි ලෙස ඇපල් පාරිභෝගිකයින්ට දැනී ඇත.

මීට අමතරව ඇපල් සමාගම අඟල් 12 ක Retina තිරයක් සහිත Macbook Air,යවත්කාලීන කරන ලද Apple TV,iPod touch සහ iPod Nano හි මීළඟ අනුවාද ද ඇපල් සමාගම මේ වසරේ අවසානයේ හෝ ලබන වසරේ මුල් කාර්තුවේ නිකුත් කරනු ඇත.

6 comments :

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.