iOS 8.1 නිකුත් වේ...නිවැරදිව iOS 8.1 වෙත යාවත්කාලීන කරන්නේ මෙහෙම යි...
Instant Hotspot,SMS Relay,iCloud Photo Library,Apple Pay ඇතුළු තවත් නව විශේෂාංග රැසක් සමඟින් iOS 8.1 මීට සුළූ මොහොතකට පෙර නිකුත් විය.මේ ලිපියෙන් කියවෙන්නේ ඔබගේ ඇපල් උපාංගය නිවැරදිව iOS 8.1 වෙත යාවත්කාලීන කරන ආකාරය ගැන යි.
iOS 8.1 සහය දක්වන ඇපල් උපංග
- iPhone 4S
- iPhone 5
- iPhone 5S
- iPhone 5C
- iPhone 6
- iPhone 6 Plus
- iPad 2
- iPad 3
- iPad 4
- iPad Air
- iPad Air 2
- iPad Mini
- iPad Mini 2
- iPad Mini 3
- iPod Touch 5G
iOS 8.1 වෙත යාවත්කාලීන කරන ආකාරය
1.පරිගණකය මඟින් යාවත්කාලීන කරගැනීමට
- ප්‍රථමයෙන් ඔබගේ පරිගණක මෙහෙයුම් පද්ධතියට අදාළ iTunes 12.0.1 ඩවුන්ලෝඩ් කොට ස්ථාපනය කර ගන්න.
- ඔබගේ ඇපල් උපංගය Data Cable එකක් හරහා පරිගණකයට සම්බන්ධ කොට iTunes ධාවනය කරන්න.iTunes මඟින් ඔබගේ ඇපල් උපංගය Detect කරගත් පසු අදාළ උපාංගය තෝරා Backup Now යන්න Click කරන්න.අදාළ ක්‍රියාවලිය නිමවන තෙක් මඳක් රැදී සිටින්න.මෙහිදී ඔබට Backup එක පරිගණකයේ හෝ iCloud හි save කරගත හැකි ය.
- ඉහත පියවර අවසන් වූ පසු ඔබගේ උපංගය යාවත් කාලීන කිරීමට අදාළ උපාංගය තෝරා Update යන්න Click කරන්න.මෙහිදී ඔබගේ ඇපල් උපාංගයට අයත් IPSW ගොනුව Download වන අතර(ගිගාබයිට් එකක් හෝ ඊට වැඩි-ඔබගේ උපංගය මත තීරණය වේ) එලෙස Download වූ පසු Update වීම ආරම්භ වේ.මේ සඳහා යම් වේලාවක් ගතවන අතර මෙහිදී ඔබගේ උපාංගයේ සියලු සැකසුම්,ගොනු දත්ත සියල්ල ම එලෙස ම පවතින අතර ස්ථිරාංග(Firmware) පමණක් යාවත්කාලීන වේ.
- ඔබට iOS 8.1 Clean Install කරගැනීමට අවශ්‍ය නම්(නව ඇපල් උපාංගයක් ලෙස) ඉහත පරිදි පරිගණකයට සම්බන්ධ කොට iTunes වලින් Update යන්න වෙනුවට Restore යන්න Click කරන්න.එහිදී Restore and Update යන්න තෝරන්න.මෙහිදී ද ඔබගේ ඇපල් උපාංගයට අයත් IPSW ගොනුව Download වන අතර(ගිගාබයිට් එකක් හෝ ඊට වැඩි) එලෙස Download වූ පසු Restore වී Update වේ.ඉන් පසුව ඔබට අවශ්‍ය නම් එම උපංගය කළින් Save කරගත් Backup එකකට Restore කළ හැකි අතර නැතිනම් නව උපංගයක් ලෙස Setup කරගත හැකි ය.
- තවද ඔබට ඔබගේ උපංගයට අදාළ IPSW ගොනුව මෙම සබැඳියාවෙන් Direct Download කරගත හැකි අතර ඔබ iTunes හි Update බටනය හෝ Restore බටනය Click කරන විට ඔබ මැක් එකක් භාවිත කරනවානම් Option බොත්තම ඔබාගනිමින් ද ඔබ Windows භාවිත කරන්නේනම් Shift බොත්තම ද ඔබා ගනිමින් Restore බටනය Click කරන්න.එවිට ලැබෙන තිරයෙන් Download කරගත් iOS 8.1 අනුවාදයේ IPSW ගොනුව තෝරා Restore හෝ Update කරන්න.
ඇපල් උපාංගයෙන් ම යාවත්කාලීන කර ගැනීමට(OTA Update)
- ප්‍රථමයෙන් ඔබගේ ඇපල් උපාංගය Backup කර ගන්න.
- Settings/General/Software Update යන්න තෝරා Download and Install යන්න Tap කරන්න.මෙහිදී Download වන්නේ iOS 8.1 එකට අදාළ යවත්කාලීන වීමට අවශ්‍ය දත්ත ඇතුළත් ගොනුව පමණක් බැවින් ප්‍රමාණයෙන් කුඩා වේ.(මෙගා බයිට් 100 ක් පමණ)
- ඉන් පසු ලැබෙන ගිවිසුම හා එකඟ වූ පසු අදාළ IPSW ගොනුව Download වීම ආරම්භ වේ.
iOS 8.1 වෙත Update කිරීමට පෙර
- ඔබගේ ඇපල් උපංගය iOS 8.1 වෙත යාවත්කාලීන කිරීමේ දී එම උපාංගය iCloud Lock නම් සියල්ලට ම ප්‍රථමයෙන් එය Unlock කර ගන්න ඔබගේ උපාංගය iCloud Lock වී ඇතිදැයි දැන ගැනීමට මෙම අඩවියට පිවිස එහි Serial Number එක හෝ IMEI එක යොදා සොයා බලන්න.
- ඔබගේ උපාංගය R-Sim වැනි සිම් පතක් භාවිතයෙන් Unlock කර තිබේ නම් එය iOS 8.1 වෙත සහය දක්වනවා ද යැයි තහවුරු වන තෙක් Update කිරීමෙන් වැළකී සිටින්න.තව ද ඔබගේ අයිෆෝනය Factory Unlock කර නොමැතිනම් මෙමඟින් එය නැවත Lock විය හැකි ය.
- එමෙන් ම ඔබ Jailbreak කර ඇතිනම් සහ තවදුරටත් ඔබට Jailbreak කිරීම අවශ්‍ය නම් iOS 8.1 සඳහා සහය දක්වන තෙක් Update කිරීමෙන් වැළකී සිටින්න.ඔබ ඉදිරියේ දී නැවත Downgrade කිරීමට අදහස් කර සිටී නම් Update කිරීමට පෙර සහය දක්වන iOS අනුවාද සඳහා ඔබගේ උපාංගයට අදළ SHSH Blobs Save කොට තබාගන්න.
Subscribe to:
Post Comments
(
Atom
)
good job (y)
ReplyDeleteThankz :D
DeleteVerry good.. Viraj SHSH blobs save karaganna hatith lipiyak danna puluwanda?
ReplyDeletethanks.Tiny Umbrella iOS 8 walata update kalama daaannam.
Deleteඇපල් දුරකතනයේ නැතිවූ දේවල් නැවත ලබාගැනීම
ReplyDeletehttp://adf.ly/8705589/-------