ඇපල්,නැවතත් ලොව වඩාත් වටිනා ම සන්නාමය ලෙස නම් කෙරේ...
ඇපල් සන්නාමය,මේ ඔබ වඩාත් ආදරය කරන,වඩාත් කැමති උපාංගයේ සන්නාමය යි.ඇපල් කියන්නේ ලෝකයේ විශාල වටිනාකමක් ඇති සන්නාමයක් වන අතර දිනෙන් දින එහි වටිනාකම ද ඉහළ යනවා.එම නිසා ම Interbrand's Best global brands වාර්තාවට අනුව දෙවන වතාවටත් ඇපල් සන්නාමය ලොව වඩාත් වටිනා ම සන්නාමය ලෙස නම් කරනු ලැබුවා.
ඇපල් සන්නාමය පසුගිය වසරේ(2013) දී ප්‍රථම වතාවට ලොව වටිනාම සන්නාමය බවට පත්වූ අතර ඒ මෙතෙක් ලොව වටිනාම සන්නාමයට හිමි ස්ථානය 13 වතාවක් ලබා ගෙන සිටි කොකා කෝලා සන්නාමය පරදවමිනි.පසුගිය වසරේ මෙන් ම මේ වසරේදී ද ඇපල් සන්නාමය එම ස්ථානය රැකගත් අතර ඒ පසුගිය වසරට වඩා 21% ක වර්ධනයක් එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 20.6 ක වැඩි වීමක් පෙන්නුම් කරමිනි.එම වාර්තාවට අනුව පිළිවෙළින් ඇපල්,ගූගල්,කොකා කෝලා,IBM,මයික්‍රෝසොෆ්ට් සමාගම් ලොව වටිනා ම සන්නාමවල ප්‍රථම ස්ථාන 5 සිටිනවා.
මීට අමතරව Samsung සමාගම 07 වන ස්ථානයේත් Amazon සමාගම 15 වන ස්ථානයේ ත් Facebook සන්නාමය 29 වන ස්ථානයේත් පසුවනවා.
Interbrand විසින් මෙසේ සන්නාමයේ වටිනාකම ශ්‍රේණිගත කරනු ලබන්නේ එය අදාළ කාල වකවානුව තුළ එහි මූල්‍යමය ක්‍රියාකාරීත්වය,පාරිභෝගිකයින්ගේ තෝරාගැනීම් පිළිබඳ කෙතරම් බලපෑමක් ඇති කෙරේ ද යන්න වැනි සාධක පිළිබඳව අවධානය යොමු කරමිනි.
ඇපල් සමාගම මීට මාසයකට පමණ ප්‍රථම අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus වෙළඳපොළට නිකුත් කළ අතර එම අයිෆෝන් මේ වන විට පසුගිය වර්ෂයන් හි වාර්තා බිඳහෙළමින් සීඝ්‍ර ලෙස අලෙවි වෙමින් පවතින අතර අයිෆොන් 6 Plus වෙත ඇති දැඩි ඉල්ලුම නිසා ඇපල් සමාගම අනෙක් උපාංගවලට නිෂ්පාදනය යම් දුරකට අඩු කරමින් අයිෆොන් 6 Plus හි නිෂ්පාදනය ඉහළ දමා තිබෙනවා.තවද ඇපල් සමාගම මෙම මස(10) 16 වන දින නව උපාංග කිහිපයක් ද වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
No comments :
Post a Comment
මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.