iOS 8.0 සිට iOS 8.2 beta දක්වා ඇති සියලු ම iOS අනුවාද Untethered Jailbreak කරමු [Updated]
ඇපල් සමාගම පසුගියදා iOS 8.1.1 නිකුත් කරන විට කියා සිටියේ Pangu කණ්ඩායම iOS 8 Jailbreak කිරීම සඳහා භාවිත කළ iOS හි අනාරක්ෂිත ස්ථාන(vulnerabilities) 3 ම වසා දැමූ බවත් එම අනාරක්ෂිත ස්ථාන හඳුනාගැනීම තුළින් iOS 8.1.1 වඩාත් ආරක්ෂිත කිරීම පිළිබඳව Pangu කණ්ඩායමට ස්තුතිය ද පළ කර සිටියේ ය.ඒ අනුව Pangu කණ්ඩායමට iOS 8.1.1 Jailbreak කිරීම සඳහා tool එක යාවත්කාලීන කිරීමට නොහැකි විය.
නමුදු පසුගියදා තවත් චීන හැකර් කණ්ඩායමක් වන TaiG කණ්ඩායම විසින් iOS 8.1.1 සහ මේ වන විට ඇපල් මෘදුකාංග ප්‍රවර්ධකයින් වෙත ලබා දී ඇති මීළඟ iOS අනුවාදය වන iOS 8.2 හි බීටා අනුවාදය ද සාර්ථකව Untethered jailbreak(jailbreak ගැන සම්පූර්ණ ලිපිය කියවීම සඳහා මෙම සබැඳියාවට පිවිසෙන්න) කළ හැකි tool එකක් නිකුත් කොට තිබෙනවා.මේ වන විට
TaiG tool එක සහය දක්වනු ලබන iOS අනුවාද
- iOS 8.2 beta
- iOS 8.1.2
- iOS 8.1.1
- iOS 8.1
- iOS 8.0.1
- iOS 8.0.2
- iOS 8.0
- iOS 7.1.2
- iOS 7.1.1
- iOS 7.1
- iOS 7.0.1 – iOS 7.0.6
TaiG tool එක iOS 7.0.1 සිට iOS 8.1.2 දක්වා ද සහය දැක්වුව ද එම අනුවාද jailbreak කිරීම සඳහා pangu tool එක ම භාවිත කරන්න(pangu tool එක stable නිසා සහ වාර්තා වී ඇති bugs මේ වන විට සමනය කොට ඇත).එම නිසා iOS 8.2 beta සහ iOS 8.1.2 iOS අනුවාද සඳහා පමණක් TaiG tool එක භාවිත කරන්න.
TaiG tool එක සහය දක්වනු ලබන iOS උපාංග
iOS 8 සහය දක්වනු ලබන සියලු ම උපාංග සඳහා සහය දක්වනු ලබයි.එනම්
- iPhone 6, iPhone 6 Plus, iPhone 5s, iPhone 5c, iPhone 5, iPhone 4S
- iPad Air 2, iPad Air, iPad 4, iPad 3, iPad 2
- iPad mini 3, iPad mini 2, iPad mini
- iPod touch 5G
Jailbreak කිරීමට පෙර
- ඔබ Jailbreak කිරීමට සැරසෙන iOS උපාංගය iTunes හරහා සම්පූර්ණයෙන් backup කරගන්න.මන්ද යම් කිසි ගැටලුවක් ඇති වුවහොත් නැවත restore කරගත හැකි ය.(iTunes හරහා නිවැරදිව backup කරන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙම ලිපිය කියවන්න)
- මීට අමතරව 50% ක පමණ බැටරි ප්‍රමාණයක්,නවත ම iTunes අනුවාදය ත් වැඩකරන අන්තර්ජාල සබඳතාවයකුත් තිබිය යුතු වේ.
- තවද ඔබගේ ඇපල් උපාංගය iOS 8.1.1 වෙත OTA update එකක් කර ඇත්නම් iTunes හරහා iOS 8.1.1 clean install කරගන්න.(වැඩිදුර තොරතුරු සඳහා මෙම ලිපිය කියවන්න).මන්ද සමහර විට jailbreak කිරීමේ දි මෙම නිසා බාධා ඇතිවිය හැකි ය.
- TaiG tool එකට ගැටලුවකින් තොරව අන්තර්ජාලයට සම්බන්ධ වීම සඳහා Anti-virus මෘදුකාංග සහ firewalls disable කර තබන්න.
Jailbreak කරන ආකාරය
- මෙම සබැඳියාවට පිවිස TaiG tool එක ඩවුන්ලෝඩ් කරගෙන එම .zip ගොනුව unzip කරගන්න.
- USB කේබලයක් මාර්ගයෙන් jailbreak කළ යුතු උපාංගය පරිගණකයට සම්බන්ධ කරන්න.ඔබ Windows ධාවනය කිරීම සඳහා virtual machine එකක් භාවිත කරනවා නම් ඇපල් උපාංගය පරිගණකයට සම්බන්ධ කළ විට එම උපාංගය ගනුදෙනු කළ යුතු මෙහෙයුම් පද්ධතිය විමසනු ඇත.එවිට virtual machine එක එනම් Windows මෙහෙයුම් පද්ධතිය ලබා දෙන්න.
- ඔබගේ ඇපල් උපාංගයේ Settings > iCloud > Find My iPhone වෙත පිවිස Find My iPhone disable කරන්න.
- ඔබ ඔබගේ ඇපල් උපංගය Unlock කිරීමට Password හෝ Touch ID භාවිත කරනවා නම් settings > Touch ID & Passcode වෙත පිවිස iPhone Unlock යන්න disable කර Touch ID ද ඊට පහළින් ඇති Turn Passcode Off යන්න ද tap කොට Unlock කිරීමට යොදා ඇති passcode එක ද ඉවත් කරගන්න.
- පසුව Settings ඇප් එක වෙත පිවිස හෝ Control Center ඔස්සේ Airplane mode on කරගන්න.එවිට දුරකතන ඇමතුම් වැනි දෑ වලින් ඇතිවන බාධාවන් ඉවත් වේ.
- ඔබ Unzip කරගත් ගොනුවේ ඇති .exe ගොනුව Right click කර 'Run as Administrator' යන්න තෝරා ධාවනය කරගන්න.
- ඉන් පසු මද වේලාවකින් එම tool එක මඟින් ඔබගේ ඇපල් උපාංගය හඳුනාගනු ඇත.එසේ ඔබගේ උපාංගය හඳුනාගත් පසු Cydia | 1.1.16 යන්න පමණක් select කොට ඊට පහළින් ඇති option එක deselect කරන්න(මෙමඟින් TaiG App Store එක අපගේ උපාංගයේ ස්ථාපණය වීම වැලකේ.)එවිට ලැබෙන popup එක X සළකුණ click කොට ඉවත් කරගන්න.
- ඉන් පසු ඊට පහළ ඇති කොළ පාට බටන් එක click කරන්න.එවිට circular progress bar එකක් සමඟ Jailbreak කිරීම ආරම්භ වේ.
- මෙසේ jailbreak වී අවසන් වූ පසු ඔබගේ ඇපල් උපාංගය Reboot වේ.එසේ reboot වූ පසු ඔබට Cydia ඇප් එක දැක ගත හැකි අතර ඔබගේ ඇපල් උපාංගය අන්තර්ජාලයට සම්බන්ධ කොට Cydia ඇප් එක Open කර ගන්න.
- එවිට Preparing file system ලෙස සටහන්ව Cydia ධාවනය වීමට අවශ්‍ය දත්ත ලබාගෙන සකස් වී අවසන් වූ පසු නැවත ඔබගේ ඇපල් උපාංගය Reboot වේ.ඉන් පසු නැවත Cydia ඇප් එක Open කර බලන්න.
- දැන් ඔබගේ ඇපල් උපාංගය සාර්ථකව Untethered Jailbreak වී ඇත.
මෙම ලිපිය ලියන මෙහොත වන විට මේ වන තෙක් මෙහි කිසිම bug එකක් වාර්තා වී නැති අතර ඔබට යම් ගැටලුවක් තිබේ නම් පහළින් Comment කරන්න.
සුබ ගමන් අයිෆෝන් 5C...
පසුගිය වසරේ නිකුත් වූ අයිෆෝන් 5S සමඟ වෙළඳපොළට නිකුත් කළ අයිෆෝන් 5C ලබන වසරේ(2015) මැද භාගය වන විට නිෂ්පාදනය කිරීම සම්පූර්ණ වශයෙන් නවතා දැමීමට ඇපල් සමාගම තීරණය කර ඇති බව තායිවාන සඟරාවක් වන Industrial and Commercial Times අනාවරණය කොට තිබෙනවා.ඒ අනුව ඇපල් සමාගමේ නිළ සැපයුම්කරුවන් වන Wistron සහ Foxconn යන සමාගම් ලබන වසරේ සිට අයිෆෝන් 5C නිෂ්පාදනය කිරීම නවතා දමනු ඇත.
සමාන්‍යයෙන් ඇපල් සමාගම නව අයිෆෝනයක් වෙළඳපොළට නිකුත් කළ විට එම නව අයිෆෝනයේ මිළට වඩා ඇමෙරිකානු ඩොලර් 100 ක පමණ මිළ අඩුවෙන් ඊට ප්‍රථම නිකුත් කරන ලද අයිෆෝනය විකුණනු ලබනවා.උදාහරණයක් ලෙස 2012 වසරේ අයිෆෝන් 5 16GB අනුවාදය ඇමෙරිකානු ඩොලර් 649 කට වෙළඳපොළට නිකුත් කරන විට 2011 වසරේ නිකුත් කළ අයිෆෝන් 4S ඇමෙරිකානු ඩොලර් 549 කට එනම් පෙරට වඩා ඇමෙරිකානු ඩොලර් 100 ක් අඩුවෙන් වෙළඳපොළේ විකිණීම සිදු කළා.නමුදු 2013 වසරේ අයිෆෝන් 5S නිකුත් කරන විට ඇපල් සමාගම මීට වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරමින් අයිෆෝන් 5 නිෂ්පාදනය නවතා දමා ඒ වෙනුවට අයිෆෝන් 5 හි දක්නට ලැබෙන විශේෂාංග එලෙසම යොදා ගනිමින් නව අයිෆෝන් 5C ඇමෙරිකානු ඩොලර් 549 කට වෙළඳපොළට නිකුත් කරනු ලැබුවා.මෙයට හේතු ලෙස දැක්වුණේ අයිෆෝන් 5 සඳහා යොදා ගැනුණු අමුද්‍රව්‍ය වල මිළත් එය එකළස් කිරීමට ඉතා අසීරුවීමත් ය.
ප්ලාස්ටික් බදක්(polycarbonate) සහිත දැකුම්කළු වර්ණයන්ගෙන් යුක්ත අයිෆෝන් 5C වෙළඳපොළට නිකුත් කරන විට බොහෝ දෙනා සිතුවේ මෙම අයිෆෝනය මිලෙන් අඩු එනම් සමාන්‍යයෙන් පාරිභෝගිකයෙකුට ලෙහෙසියෙන් ළං වන්නට පුළුවන් මිළකට වෙළඳපොළට නිකුත් වනු ඇති බව යි.තවද විවිධ වර්ණයන්ගෙන් යුතු බැවින් පාරිභෝගිකයාට තරමක වෙනස් තේරීමක් ලැබෙන නිසාත් මෙම උපාංගය වඩා ජනප්‍රිය වනු ඇති බවට එකළ මත පළ විය.
පසුගිය අවුරුදු වල සිදු කෙරුණු සංගණනයන්ට අනුව ස්ත්‍රී පාර්ෂවය අත වැඩි වශයෙන් අයිෆෝන් 5C ගැවසුණ ද,එංගලන්තයේ වැඩියෙන් ම අළෙවි වූ ස්මාර්ට්ෆෝනය (සැම්සුන් S5 හි අළෙවියටත් වඩා) අයිෆෝන් 5C වුව ද සමස්තයක් ලෙස එහි වෙළඳාම බලාපොරොත්තු වූ මට්ටමක තිබුණේ නැත.මෙයට ප්‍රධාන ම හේතුව ලෙස සැලකෙන්නේ අයිෆොන් 5C හි මිළෙහි සැළකිව යුතු අඩුවක් දක්නට නොමැති නිසා ත් එහි විශේෂාංග දැන් යම් දුරකට යල් පැණ ගොස් තිබීමත් ය.එම නිසා එහි වෙළදාම දැන් කෙමෙන් අඩුවෙමින් පවතී.
ඇපල් සමාගමේ මෙම ක්‍රියාමාර්ගයත් සමඟ දැනට වෙළඳපොළේ දක්නට ලැබෙන අයිෆෝන්(අයිෆෝන් 5S, අයිෆෝන් 6, අයිෆෝන් 6 Plus) ඇපල් Touch ID අන්තර්ගත කළ සහ ඇපල් 64bit ප්‍රොසෙසරයක් සහිත උපාංග වේ.තව ද මේ සමඟ ම 'C' අක්ෂරය සහිත අයිෆෝන් පරම්පරාව ද අඟල් 4ක තිරයක් තිබූ තවත් අයිෆෝන් පරම්පරාවක් ද මෙයින් අවසන් වේ.
චීනය තුළ සැම්සුන් පරදා ඇපල් පෙරට
![]() |
Credit - CNN Money |
චීනයේ සන්නාම පර්යේෂණ ආයතනය මඟින් සිදු කළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර මීට ප්‍රථම එනම් 2012 වර්ෂයේ සිට මෙහි ප්‍රථම ස්ථානයේ රැඳී සිටියේ සැම්සුන් සමාගම යි.
මෙම සමීක්ෂණවල ආසන්නත ම සමීක්ෂණය 2013 අගෝස්තු මස සිට 2014 ජනවාරි මස දක්වා යවස අවුරුදු 15 ත් 60 ත් අතර නගර 30 ක වෙසෙන චීන ජාතිකයින් 13,500 ක් පමණ සහභාගි කරගනිමින් ක්‍රියාත්මක කර ඇත.
මෙම සමීක්ෂණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ආයතනය සඳහන් කළේ සැම්සුන් සමාගම හුදෙක් වෙළඳපොළ කොටස්(market share) පිළිබඳ පමණක් අවධානය යොමු කිරීමට පෙළඹීම නිසා පාරිභෝගිකයින්ගේ විශ්වාසය,ලැදිකම හීන වී යන බව යි.නමුදු ඇපල් සමාගම මෙකී කාරණා දෙක හොඳින් පවත්වාගෙන යන නිසා මෙම ජයග්‍රහණය අත් වූ බවයි පැවසෙන්නේ.තවද යම් සමාගමක් වෙළඳපොළ කොටස්(market share) සම්බන්ධයෙන් පමණක් දැඩි අවධානයක් යොමු කරමින් පාරිභෝගිකයින් පිළිබඳව අවධානය යොමු නොකිරීම හේතුවෙන් එම සන්නාමය කළමණාකරණය කරගැනීමට හා හොඳින් පවත්වා ගෙන යෑමට අසීරු වන බව එම ආයතනය තවදුරටත් සඳහන් කොට සිටියේ ය.
ඇපල් සමාගමේ අයිෆෝන් 6 සහ 6 Plus චීනය තුළ විශාල වශයෙන් අලෙවි වෙමින් පවතින අතර ඇපල් සමාගම ලබන වසර 2 ඇතුළත ඇපල් Retail Stores 25 විවෘත කිරීමට සූදානමින් සිටි යි.තවද ඇපල්හි ප්‍රධාන විධායක නිළධාරී ටිම් කුක් මහතා පසුගිය වර්ෂයේ සඳහන් කොට තිබුණේ චීනය යනු ඇපල් සමාගමේ දෙවන ලොකු ම වෙළඳපොළ බවත් එය නුදුරු දිනෙක සමාගමේ ලොකු ම වෙළඳපොළ වනු ඇති බවත් ය.
Forbes සඟරාව ද 'ඇපල්',වසරේ ලොව වඩාත් වටිනා ම සන්නාමය ලෙස නම් කෙරේ...
Forbes සඟරාව පසුගියදා වසරේ ලොව වඩාත් වටිනාම සන්නාම ලැයිස්තුව නම් කරනු ලැබුවා.ඒ අනුව එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඇපල් සන්නාමයට හැකි වුණු අතර එහි වටිනාකම සඳහන් වූයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 124.2 ක් ලෙසයි.එය එම ලැයිස්තුවේ තිබෙන අනෙකුත් සන්නාමවලට වඩා දෙගුණයක වටිනාකමකි.
ඇපල් සමාගම පසුගිය වසරට වඩා ඇපල් සන්නාමයේ වටිනාකම 19% කින් ඉහළ ගොස් ඇති අතර මෙම වසරේ නිකුත් වූ අයිෆෝන් 6,අයිපෑඩ් සහ ඇපල් Pay ද මේ සඳහා බලපා ඇතැයි පැවසේ.මීට අමතරව මයික්‍රොසොෆ්ට් සන්නාමය දෙවන ස්ථානයේ ද ගූගල් සන්නාමය තෙවන ස්ථානය ද ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Forbes සඟරාව පවසා ඇත්තේ ඇපල් උපාංග සමඟ කරට කර තරග කළ හැකි උපාංග වෙනත් සන්නාම වලින් නිකුත් වුව ද ඇපල් ලෝලීන් දිගු කාලීනව ඇපල් සන්නාමයත් සමඟ රැඳී සිටින බව ත් එම නිසාම එහි වටිනාකම දිනෙන් දින ඉහළ යන බවත් ය.
මීට දින කිහිපයකට පෙර ද Interbrand's Best global brands වාර්තාවට අනුව දෙවන වතාවටත් ඇපල් සන්නාමය ලොව වඩාත් වටිනා ම සන්නාමය ලෙස නම් කරනු ලැබුවා.ඒ පිළිබඳව දැනගැනීමට මෙම ලිපිය කියවන්න.
iOS සහ මැක් OS X ඉලක්ක කොට නිර්මාණය කෙරුණු මැල්වෙයා එකක් චීනයෙන් වාර්තා වේ
i-නිව්ස්
,
Jail-Break
,
ඇපල් iOS
,
මැක් OS X
.
Thursday, November 06, 2014
. Viraj Ekanayake
No comments
ඇපල් උපාංගවල ධාවනය වන iOS සහ Mac OS X ඉලක්ක කොට නිර්මාණය කෙරුණු මැල්වෙයා එකක් පිළිබඳව චීනයෙන් වාර්තා වනවා.Palo Alto Networks නමින් හැඳින්වෙන ආයතනයක් මඟින් කළ පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර එම වයිරසය 'WireLurker' ලෙස හඳුන්වනු ලබනවා.
චීනයේ භාවිත වන තෙවන පාර්ෂවයේ මැක් App Store හි ඇති ඇප් වල අන්තර්ගතව ඇති මෙම වයිරසය එම ඇප් මැක් පරිගණකයක ස්ථාපණය වන විට ස්වයංක්‍රීයව ස්ථාපණය වන අතර පසුව ආසාදනයට ලක් වූ එම මැක් පරිගණකයකට USB කේබලයක් මඟින් iOS උපාංගයක් සම්බන්ධ කළ විට එම මැල්වෙයා එක jailbreak කළ නොකළ සැම උපාංගයකට ම Download වෙමින් හෝ ස්වයංක්‍රීයව නිර්මාණය වෙමින් ස්ථාපණය වන බවයි පැවසෙන්නේ.
චීනය තුළ ප්‍රසිද්ධ තෙවන පාර්ෂවයේ මැක් App Store එකක් වන 'Maiyadi' නැමැති App Store එක තුළ මෙම මැල්වෙයා එකෙන් අසාදනයට ලක් වූ ඇප්ස් 467 ක් පමණ ඇති අතර එම ඇප්ස් 356,104 වතාවක් මේ වන විට ඩවුන්ලෝඩ් කර ඇත.එම නිසා සැළකිව යුතු ඇපල් උපාංග ප්‍රමාණයක් මේ වන විට ආසාදනය වී ඇති බව අනුමාන කෙරේ.
ඇපල් iOS උපාංගවලට ඇප් නිර්මාණය කිරීමේ දී එම ඇප්ස් ඇපල් App Store එකට නිකුත් නොකොට යම් ආයතනයකට හෝ යම් පාර්ශවයකට අදාළ ඇපල් උපාංගවල පමණක් වෙන වෙන ම ස්ථාපනය කළ හැකි ය.එය iOS Developer Enterprice Programme යටතේ ලැබෙන වරප්‍රසාදයක් වන අතර ඇපල් සමාගම එහි දී භාවිත වන උපක්‍රමයක් ඇසුරෙන් iOS උපාංග වල අදාළ මැල්වෙයා එක ස්ථාපණය කෙරේ.
මෙම මැල්වෙයා එක නිර්මාණය කළ පාර්ශවය අදාළ මැල්වෙයා එක නිර්මාණය කළ අරමුණ මෙතෙක් පැහැදිලි නොවී ඇති අතර මෙම මැල්වෙයා එක මේ වන විටත් සක්‍රියව ව්‍යාප්ත වෙමින් පවති.
මෙම මැල්වෙයා එක මේ මෙහොතේ චීනය තුළ පමණක් ව්‍යාප්තව ඇති බවට අනාවරණය වී ඇති බැවින් ඔබ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන අතර පෙර සූදානමක් ලෙස පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.
WireLurker මැල්වෙයා එකෙන් ආරාක්ෂා වීමට ගත හැකි ක්‍රියාමාර්ග
- සෑම විටම ඔබගේ ඇපල් උපාංගය නවත ම මැක් OS X/iOS අනුවාදයට යාවත්කාලීන කොට තබන්න.
- හැකිනම් මැක් සඳහා නිර්මාණය කෙරුණු Genuine ප්‍රතිවයිරස මෘදුකාංගයක් ස්ථාපණය කොට නිතරම යාවත්කාලීන කොට සක්‍රීයව තබන්න.
- ඔබගේ මැක් මෙහෙයුම් පද්ධතියේ System Preferences/Security & Privacy වෙත ගොස් Allow Apps downloaded from: යන්නෙහි Mac App Store යන්න හෝ Mac App Store and identified developers යන්න පමණක් තෝරා තබන්න.
- තෙවන පාර්ෂවයේ App Store වලින් හෝ වෙනත් Untrusted(අවිශ්වාස) මූලාශ්‍ර වලින් ඇප්ස් Download කිරීම සහ ධාවනය කිරීමෙන් වළකින්න.
- ඔබ නොදන්නා/අවිශ්වාස පරිගණක/උපාංග සමඟ ඔබගේ උපාංගය Connect කිරීමෙන් වළකින්න.
- ඔබගේ iOS උපාංගය චාර්ජ් කිරීමේ දී ඔබ නොදන්නා/අවිශ්වාස මූලාශ්‍ර භාවිත කිරීම හැකි තරම් සීමා කරන්න.තවද ඔබ වෙනත් පරිගණකයක් වෙත USB කේබලයක් ඔස්සේ සම්බන්ධ කළ විට එය අවිශ්වාස නම් එම පරිගණකයට සම්බන්ධ කළ විගස දිස්වන 'Trust This Computer' යන්නෙන් 'No' ලෙස ලබා දෙන්න.
- මේ මෙහොතේ හැකිනම් ඔබගේ iOS උපාංගය Jailbreak කිරීමෙන් වැළකී සිටින්න.මන්ද Jailbreak කළ උපාංගයක් සාපේක්ෂව මෙම මැල්වෙයා එක ස්ථාපණය වීමේ වැඩි අවධානමක් පවතී.ඔබට Jailbreak කිරීමට අවශ්‍ය ම නම් පමණක් Cydia Community මඟින් Credit කර ඇති Trusted Sources/Apps/Tweeks පමණක් භාවිත කරන්න.
මැල්වෙයා යනු සරලව යම් මෙහෙයුම් පද්ධතියකට හානිදායක වන මෘදුකාංගවලට පොදුවේ හඳුන්වනු ලබන නම යි.'Malicious Software' යන වචන දෙක එකතු වී සෑදී ඇති මැල්වෙයා මඟින් අපගේ වැදගත් තොරතුරු මකා දැමීම,සොරා ගැනීම,මෙහෙයුම් පද්ධතිය අඩපණ කිරීම වැනි දෑ කිරීමට පුළුවන.චීනය යනු ඇපල් සමාගමේ දෙවන හොඳ ම වෙළඳපොළ වන අතර පසුගියදා නිකුත් කෙරුණු වාර්තාවකට අනුව ඇපල් සමාගම චීනයේ බලගතු ම ජංගම දුරකතන සන්නාමය බවට පත් විය.ඒ මීට පෙර වසර දෙකෙහි ම ප්‍රථම ස්ථානයේ රැඳී සිටි සැම්සුන් සන්නාමය පරාද කරමිනි.
Update 1
ඇපල් සමාගම විසින් WireLurker මැල්වෙයා එක මඟින් ආසාදනයට ලක් වූ ඇප්ස් ධාවනය වීම අවහිර(block) කොට තිබෙන අතර විශ්වාසනීය(Trusted) මූලාශ්‍ර වලින් පමණක් ඇප්ස් download කර ස්ථාපණය කර ගන්නා ලෙස ඇපල් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කොට තිබෙනවා.
Update 2
චීන බලධාරීන් විසින් පසුගිය දින ලැබුණු ඔත්තුවක් මත WireLurker මැල්වෙයා එක නිපදවමින් සහ බෙදාහරිමින් සිටි සැකකරැවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ සමඟ ම මෙම මැල්වෙයා එක ව්‍යාප්තකරවීමට යොදාගත් වෙබ් අඩවිය ද සම්පූර්ණයෙන් ම වසා දමා තිබෙනවා.කෙසේවෙතත් ඔබ ඉහත සඳහන් උපදෙස් පිළිපඳින ලෙස ඉතා අවධාරණයෙන් ඉල්ලා සිටිනවා.
Subscribe to:
Posts
(
Atom
)
5 comments :
Post a Comment
මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.