සුබ ගමන් අයිෆෝන් 5C...

2 comments
සුබ ගමන් අයිෆෝන් 5C...


පසුගිය වසරේ නිකුත් වූ අයිෆෝන් 5S සමඟ වෙළඳපොළට නිකුත් කළ අයිෆෝන් 5C ලබන වසරේ(2015) මැද භාගය වන විට නිෂ්පාදනය කිරීම සම්පූර්ණ වශයෙන් නවතා දැමීමට ඇපල් සමාගම තීරණය කර ඇති බව තායිවාන සඟරාවක් වන Industrial and Commercial Times අනාවරණය කොට තිබෙනවා.ඒ අනුව ඇපල් සමාගමේ නිළ සැපයුම්කරුවන් වන Wistron සහ Foxconn යන සමාගම් ලබන වසරේ සිට අයිෆෝන් 5C නිෂ්පාදනය කිරීම නවතා දමනු ඇත.

සමාන්‍යයෙන් ඇපල් සමාගම නව අයිෆෝනයක් වෙළඳපොළට නිකුත් කළ විට එම නව අයිෆෝනයේ මිළට වඩා ඇමෙරිකානු ඩොලර් 100 ක පමණ මිළ අඩුවෙන් ඊට ප්‍රථම නිකුත් කරන ලද අයිෆෝනය විකුණනු ලබනවා.උදාහරණයක් ලෙස 2012 වසරේ අයිෆෝන් 5 16GB අනුවාදය ඇමෙරිකානු ඩොලර් 649 කට වෙළඳපොළට නිකුත් කරන විට 2011 වසරේ නිකුත් කළ අයිෆෝන් 4S ඇමෙරිකානු ඩොලර් 549 කට එනම් පෙරට වඩා ඇමෙරිකානු ඩොලර් 100 ක් අඩුවෙන් වෙළඳපොළේ විකිණීම සිදු කළා.නමුදු 2013 වසරේ අයිෆෝන් 5S නිකුත් කරන විට ඇපල් සමාගම මීට වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරමින් අයිෆෝන් 5 නිෂ්පාදනය නවතා දමා ඒ වෙනුවට අයිෆෝන් 5 හි දක්නට ලැබෙන විශේෂාංග එලෙසම යොදා ගනිමින් නව අයිෆෝන් 5C ඇමෙරිකානු ඩොලර් 549 කට වෙළඳපොළට නිකුත් කරනු ලැබුවා.මෙයට හේතු ලෙස දැක්වුණේ අයිෆෝන් 5 සඳහා යොදා ගැනුණු අමුද්‍රව්‍ය වල මිළත් එය එකළස් කිරීමට ඉතා අසීරුවීමත් ය.

ප්ලාස්ටික් බදක්(polycarbonate) සහිත දැකුම්කළු වර්ණයන්ගෙන් යුක්ත අයිෆෝන් 5C වෙළඳපොළට නිකුත් කරන විට බොහෝ දෙනා සිතුවේ මෙම අයිෆෝනය මිලෙන් අඩු එනම් සමාන්‍යයෙන් පාරිභෝගිකයෙකුට ලෙහෙසියෙන් ළං වන්නට පුළුවන් මිළකට වෙළඳපොළට නිකුත් වනු ඇති බව යි.තවද විවිධ වර්ණයන්ගෙන් යුතු බැවින් පාරිභෝගිකයාට තරමක වෙනස් තේරීමක් ලැබෙන නිසාත් මෙම උපාංගය වඩා ජනප්‍රිය වනු ඇති බවට එකළ මත පළ විය.

පසුගිය අවුරුදු වල සිදු කෙරුණු සංගණනයන්ට අනුව ස්ත්‍රී පාර්ෂවය අත වැඩි වශයෙන් අයිෆෝන් 5C ගැවසුණ ද,එංගලන්තයේ වැඩියෙන් ම අළෙවි වූ ස්මාර්ට්ෆෝනය (සැම්සුන් S5 හි අළෙවියටත් වඩා) අයිෆෝන් 5C  වුව ද සමස්තයක් ලෙස එහි වෙළඳාම බලාපොරොත්තු වූ මට්ටමක තිබුණේ නැත.මෙයට ප්‍රධාන ම හේතුව ලෙස සැලකෙන්නේ අයිෆොන් 5C හි මිළෙහි සැළකිව යුතු අඩුවක් දක්නට නොමැති නිසා ත් එහි විශේෂාංග දැන් යම් දුරකට යල් පැණ ගොස් තිබීමත් ය.එම නිසා එහි වෙළදාම දැන් කෙමෙන් අඩුවෙමින් පවතී.


සුබ ගමන් අයිෆෝන් 5C...


ඇපල් සමාගමේ මෙම ක්‍රියාමාර්ගයත් සමඟ දැනට වෙළඳපොළේ දක්නට ලැබෙන අයිෆෝන්(අයිෆෝන් 5S, අයිෆෝන් 6, අයිෆෝන් 6 Plus) ඇපල් Touch ID අන්තර්ගත කළ සහ ඇපල් 64bit ප්‍රොසෙසරයක් සහිත උපාංග වේ.තව ද මේ සමඟ ම 'C' අක්ෂරය සහිත අයිෆෝන් පරම්පරාව ද අඟල් 4ක තිරයක් තිබූ තවත් අයිෆෝන් පරම්පරාවක් ද මෙයින් අවසන් වේ.

2 comments :

  1. In Canada you'll find similar concepts to DTI in which the Canada Mortage and Housing Corporation (CMHC) sets limits to safeguard homeowners from loans they're unlikely to afford paying. canada mortgage calculator Thank you greatly Dashna and were looking toward working with you in the near future. canadian mortgage calculator

    ReplyDelete
  2. I think this is one of the most important pieces of information for me. you can fill your visa application form turkey & within 24 hour you can get your visa and pay Turkey e visa cost.The process is very simple, all you have to do is fill our online application form.

    ReplyDelete

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.