චීනය තුළ සැම්සුන් පරදා ඇපල් පෙරට

No comments
Credit - CNN Money
මේ ගෙවෙන්නේ ඇපල් සමාගමේ සාර්ථක ම වසර යි.මෙම කියමන නැවත පසක් කරමින් ඇපල් සමාගම පසුගියදා තවත් ජයග්‍රහණයක් අත්පත් කරගනු ලැබුවා.ඒ ලොව විශාලත ම ස්මාර්ට්ෆෝන් පරිභෝජන වෙළඳපොළ හිමි චීනය තුළ පාරිභෝගකයින්ගේ විශ්වාසය කැමැත්ත දිනාගත් හොඳම ජංගම දුරකතන සන්නාමය බවට පත්වෙමිනි.

චීනයේ සන්නාම පර්යේෂණ ආයතනය මඟින් සිදු කළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර මීට ප්‍රථම එනම් 2012 වර්ෂයේ සිට මෙහි ප්‍රථම ස්ථානයේ රැඳී සිටියේ සැම්සුන් සමාගම යි.

මෙම සමීක්ෂණවල ආසන්නත ම සමීක්ෂණය 2013 අගෝස්තු මස සිට 2014 ජනවාරි මස දක්වා යවස අවුරුදු 15 ත් 60 ත් අතර නගර 30 ක වෙසෙන චීන ජාතිකයින් 13,500 ක් පමණ සහභාගි කරගනිමින් ක්‍රියාත්මක කර ඇත.

මෙම සමීක්ෂණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම ආයතනය සඳහන් කළේ සැම්සුන් සමාගම හුදෙක් වෙළඳපොළ කොටස්(market share) පිළිබඳ පමණක් අවධානය යොමු කිරීමට පෙළඹීම නිසා පාරිභෝගිකයින්ගේ විශ්වාසය,ලැදිකම හීන වී යන බව යි.නමුදු ඇපල් සමාගම මෙකී කාරණා දෙක හොඳින් පවත්වාගෙන යන නිසා මෙම ජයග්‍රහණය අත් වූ බවයි පැවසෙන්නේ.තවද යම් සමාගමක් වෙළඳපොළ කොටස්(market share) සම්බන්ධයෙන් පමණක් දැඩි අවධානයක් යොමු කරමින් පාරිභෝගිකයින් පිළිබඳව අවධානය යොමු නොකිරීම හේතුවෙන් එම සන්නාමය කළමණාකරණය කරගැනීමට හා හොඳින් පවත්වා ගෙන යෑමට අසීරු වන බව එම ආයතනය තවදුරටත් සඳහන් කොට සිටියේ ය.

ඇපල් සමාගමේ අයිෆෝන් 6 සහ 6 Plus චීනය තුළ විශාල වශයෙන් අලෙවි වෙමින් පවතින අතර ඇපල් සමාගම ලබන වසර 2 ඇතුළත ඇපල් Retail Stores 25 විවෘත කිරීමට සූදානමින් සිටි යි.තවද ඇපල්හි ප්‍රධාන විධායක නිළධාරී ටිම් කුක් මහතා පසුගිය වර්ෂයේ සඳහන් කොට තිබුණේ චීනය යනු ඇපල් සමාගමේ දෙවන ලොකු ම වෙළඳපොළ බවත් එය නුදුරු දිනෙක සමාගමේ ලොකු ම වෙළඳපොළ වනු ඇති බවත් ය.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.