iPad Pro ගැන...

1 comment
iPad Pro ගැන...


ඇපල් සමාගම විසින් පසුගිය සැප්තැම්බර් 9 වැනිදා නිවේදනය කළ iPad Pro මීට ටික දිනකට පෙර වෙළඳපොළට නිකුත් කරනු ලැබුවා.ඉතින් දීර්ඝ කාලයකට පසුව මා මේ කියන්නට යන්නේ එම iPad Pro පිළිබඳව යි.

iOS 9 මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන ඇපල් සමාගම විසින් මෙතෙක් නිකුත් කොට ඇති විශාලත ම ජංගම උපාංගය වන iPad Pro හි හැඩය iPad Air 2 හි හැඩයට සමානකමක් දක්වනවා.

මිලිමීටර් 6.9 ක ඝනත්වයකින් යුතු ග්‍රැරූම් 453 ක පමණ බරකින් යුතු,එනම් iPad Air 2 ට වඩා ටිකක් බරින් වැඩි iPad Pro අනෙක් අයිපෑඩ් මෙන් ම Gold, Silver සහ Space Gray යන වර්ණයන්ගෙන් වෙළඳපොළට නිකුත් වී තිබෙනවා.

ඇපල්හි ප්‍රධාන විධායක නිළධාරී ටිම් කුක්ට අනුව iPad Pro යනු ඇපල් සමාගම නිර්මාණය කළ වඩාත් ජවසම්පන්න ම ජංගම උපාංගය ලෙස හැඳින්වෙන අතර iPad Pro හි දෘඩාංග ඩෙස්ක්ටොප් පරිගණකයක මෙන් බලසම්පන්න වන නිසා වඩාත් කාර්‍යක්ෂමව වැඩ කටයුතු කළ හැකි බව යි පැවසෙන්නේ.


iPad Pro ගැන...

තිරය

අඟල් 12.9 ක Retina තිරයකින් සමන්විත iPad Pro හි පික්සෙල් මිලියන 5.6 ක් ගැබ්ව පවතිනවා.ඒ අනුව 2732x2048 ක තිරයක් එනම් iPad Air 2 ට වඩා 78% ක විශාල තිරයක් iPad Pro සතු වනවා.මෙම උසස් විභේදනයත් සමඟ සත්‍යාසන්න,වඩාත් උසස් වර්ණ සුසංයෝගයත් සමඟ ඡායාරූප සංස්කරණය,ත්‍රිමාණ ක්‍රීඩා යනාදිය විශිෂ්ට ලෙස මෙම තිරය මත නිරූපණය කිරීමට හැකියාව පවතිනවා.ඇපල් සමාගම ප්‍රථම වතාවට හඳුන්වා දී ඇති "Variable Refresh Rate" නැමැති තාක්ෂණයත් සමඟ iPad Pro තම තිරය සඳහා යොදවන බලය අවස්ථානුකූලව අවම කිරීමට හැකියාව පවතිනවා.එනම් සාමාන්‍යයෙන් තිරයක Refresh rate එක තප්පරයකට 60 කි.නමුත් iPad Pro තම තිරයේ පවතින Static (වෙනස් නොවන) අන්තර්ගතයන් හඳුනාගෙන එහි Refresh rate එක 30 දක්වා අඩු කරමින් බලශක්තිය ඉතිරි කරනු ලබනවා.

කාර්යක්ෂමතාව

iPad Pro තෙවන පරම්පරාවේ 64-bit නව ඇපල් A9X කාර්යක්ෂම,වේගවත් ප්‍රොසෙසරයකින් බලගැන්වෙන අතර සැලකිව යුතු මට්ටමකින් බලශක්තිය ඉතිරි කිරීමට ද එය සමත් වනවා.iPad Air 2 ට වඩා 1.8 ගුණයකින් වේගවත් iPad Pro හි ග්‍රැෆික් කාර්යක්ෂමතාව ද iPad Air 2 ට වඩා දෙගුණයක් ඉදිරියෙන් සිටිනවා.එම නිසාම iPad Pro සමඟ ත්‍රිමාණ නිර්මාණ නිර්මාණය කිරීමත්,මෙහෙයවීම සහ සංස්කරණය කිරීමත් 4K වීඩියෝ වේගවත්ව සුමට ලෙස සංස්කරණය කිරීමටත් iPad Pro හට මනා හැකියාවක් පවතිනවා.තවද ඇපල් සමාගම තම A9X චිප් එකේ ඇති දත්ත හැසිරවීමේ වේගවත් නව ක්‍රමවේදය නිසා ඔබගේ HD කැමරාවකින් ලබා ගන්නා RAW ආකාරයේ ඡායාරූප පවා වේගයෙන් හැසිරවීමට iPad Pro හට හැකියාව ලැබෙනවා.



iPad Pro ගැන...

නිමාව

iPad Pro හි ස්පීකර්ස් 04 ක් දක්නට ලැබෙන අතර iPad Air 2 ට වඩා තුන්ගුණයක ශබ්දයක් නිකුත් කිරීමට එයට හැකියාව ඇත.ඔබ අයිපෑඩය අතෙහි රඳවාගෙන හසුරුවන ආකාරයට අනුරූපව එහි ශබ්ද සංකලනය ද එම අවස්ථාවට වඩාත් උචිත ආකාරයට ස්ව්‍යංක්‍රීයව වෙනස්වනු ලබනවා.iPad Pro හි මෙගාපික්සෙල් 8 ක පිටුපස කැමරාවක් ද මෙගාපික්සෙල් 1.2 ක ඉදිරිපස කැමරාවක් ද 802.11ac Wi-Fi සබඳතාවක් ද LTE පහසුකමක් සමඟින් වැඩිදියුණු කළ Touch ID පහසුකමින් ද සමන්විත වනවා.මෙහි බැටරි ආයුකාලය පැය 10 ක් ලෙස ඇපල් සමාගම පවසනු ලැබුවත් සාමාන්‍ය භාවිතයේ එහි අගය තරමක් අඩු අගයක් ගන්නා බවයි පැවසෙන්නේ.

ඇපල් Pencil සහ Smart Keyboard

iPad Pro හි ප්‍රයෝජනවත් බව සහ භාවිතයේ නම්‍යශීලි බව වැඩි කිරීමේ අරමුණින් ඇපල් සමාගම විසින් iPad Pro සමඟ නව ඇපල් Pencil සහ Smart Keyboard නමින් නව උපාංග දෙකක් හඳුන්වා දී තිබෙනවා.


iPad Pro ගැන...

ඇපල් Pencil මඟින් අප ඒ මත යොදන බලය අනුව වෙනස් ප්‍රතිචාර දක්වන (pressure-sensitive) පැන්සලක් වැනි උපාංගයක් වන අතර එහි ඇති විවිධ සංවේදක මඟින් ස්ථාන මනාව හඳුනා ගැනීමටත් අප ඒ මත යොදන බලය මත වෙනස් ප්‍රතිචාර දැක්වීමටත් අප එය හරවන කෝණයට අනුව ප්‍රතිචාර වෙනස් කිරීමටත් මෙයට හැකියාව ඇති අතර එමඟින් iPad Pro හි තිරයේ ඇති තනි පික්සෙල් එකක් පවා වෙන වෙන ම ග්‍රහණය කර ගැනීමට මෙයට හැකියාව ඇත.එහි ඇති Lightning port එක iPad Pro චාර්ජ් කිරීමට යොදාගන්නා charging port එකට සම්බන්ධ කොට එය ආරෝපණය කළ හැකි අතර මෙම උපාංගය iPad Pro සමඟ වෙන ම මිලදී ගත යුතු වන අතර එහි මිල ඇමෙරිකානු ඩොලර් 99 ක් වනවා.


iPad Pro ගැන...

iPad Pro හි පැතිතකින් ඇති Smart Connector එකට සම්බන්ධ කළ හැකි යතුරු පුවරුවක් සහිත කවරයක් ද iPad Pro සඳහා නිපදවා තිබෙනවා.එම Smart Connector එක හරහා දත්ත මෙන් ම බලශක්තිය ද හුවමාරු කළ හැකි නිසා මෙම Smart Keyboard එකට අමතරව බලයක් සැපයීමට අවශ්‍ය වන්නේ නැත.මෙම උපාංගය ඉතා තුනී නිසා එය iPad Pro සමඟ හොඳින් ගැලපෙනවා.මෙම Smart Keyboard එක iPad Pro සමඟ වෙන ම මිලදී ගත යුතු වන අතර එහි මිල ඇමෙරිකානු ඩොලර් 169 ක් වනවා.

iPad Pro හි මිළ ගැන කතා කළොත් ගිගාබයිට් 32 ක ධාරිතාවක් සහිත Wi-Fi සබඳතාව පමණක් ඇති අයිපෑඩයක් ඇමෙරිකානු ඩොලර් 799 ක් ලෙස සඳහන් වන අතර ගිගාබයිට් 128 ක ධාරිතාවයක් සහිත Wi-Fi + Cellular අයිපෑඩයක් ඇමෙරිකානු ඩොලර් 1,079 ක් ලෙස මිල නියම කොට තිබෙනවා.

1 comment :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

ඇපල් සමාගම ඔවුනගේ Magic Mouse සහ Wireless Keyboard යාවත්කාලීන කිරීමට සැරසේ...

2 comments
ඇපල් සමාගම ඔවුනගේ Magic Mouse සහ Wireless Keyboard යාවත්කාලීන කිරීමට සැරසේ...


ඇපල් සමාගම විසින් ඔවුනගේ Magic Mouse සහ Wireless Keyboard යන උපාංග යාවතත්කාලීන කිරීමට සැරසෙන බවයි පැවසෙන්නේ.පසුගියදා ඇපල් සමාගම විසින් ඇමෙරිකාවේ Federal Communications Commission(FCC) වෙත මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කොට තිබෙනවා.

මෙහිදී ඇපල් Wireless Keyboard සඳහා එම නම ම භාවිත කළ ද Magic Mouse සඳහා 'Magic Mouse 2' ලෙස ද නම් කොට ඇති අතර මෙම උපාංග දෙක Bluetooth 4.2 සහ Bluetooth LE තාක්ෂණයෙන් සමන්විත වේ.එම නිසා අඩු බලශක්තියක් යටතේ ඉතා හොඳ ආරක්ෂාකාරී සබඳතාවයක් මෙමඟින් අපේක්ෂා කළ හැකි ය.

තවද මෙම උපාංග දෙක සඳහා පෙර භාවිත කළ නැවත දැමිය හැකි AA බැටරි වෙනුවට නැවත ආරෝපණය කළ හැකි උපාංගය තුළ ම ඇති USB කේබලයක් ආධාරයෙන් ආරෝපණය කළ හැකි ලිතියම් බැටරි අඩංගු වනවා.එම නිසා ඇපල් Wireless Keyboard හි හැඩය ද යම් ආකාරයකින් වෙනස් විය හැකි ය.

ඇපල් සමාගම ඔවුනගේ Magic Mouse සහ Wireless Keyboard යාවත්කාලීන කිරීමට සැරසේ...

ඇපල් සමාගම ඔවුනගේ Magic Mouse සහ Wireless Keyboard යාවත්කාලීන කිරීමට සැරසේ...


ඇපල් Magic Mouse සහ Wireless Keyboard ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කෙරෙන iMac සමඟ නොමිලේ පැමිණෙන උපාංග දෙකක් වන අතර Mac Mini,Macbook,Macbook Pro,Macbook Air සහ Mac Pro යන උපාංග සමඟ වෙන ම මිළදී ගෙන භාවිත කළ හැකි ය.ඇපල් Magic Mouse සහ Wireless Keyboard අවසන් වරට යාවත්කාලීන කොට ඇත්තේ පිළිවෙලින් 2009 සහ 2011 යන වසරවල දී ය.

2 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

මොකද්ද මේ ඇපල් iCloud Activation Lock කියන්නේ ?

19 comments
මොකද්ද මේ ඇපල් iCloud Activation Lock කියන්නේ ?

ඇපල් උපාංග භාවිත කරන බොහෝ අයට තිබෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඇපල් iCloud Activation Lock එක.බොහෝ දෙනෙකු මේ පිළිබඳව කිහිපවතාවක් මගෙන් විමසීම් කර ඇති අතර මා ඒ පිළිබඳව මෙම ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.

iCloud Activation Lock පිළිබඳව කතා කිරීමේ දී තියෙන පැටලිල්ලක් තමයි බොහෝ දෙනා අයිෆෝන් එකේ Network Lock එකයි iCloud Activation Lock එකයි පටලගෙන තිබීම.ඒක නිසා අපි අයිෆෝන් ලොක් වර්ග සම්බන්ධව ප්‍රථමයෙන් කතා කරමු.

Passcode Lock


මේ ලොක් එකෙන් කියැවෙන්නේ ඔබ අයිෆෝනයේ Home Screen එකට සහ සමහර විශේෂාංග සඳහා පිවිසීම සඳහා භාවිත කරන මුරපදය පිළිබඳව යි.මේ සඳහා අපට මුරපදයක් වෙනුවට Touch ID භාවිත කර ඇඟිලි සළකුණ භාවිත කිරීමට ද පුළුවන.ඉතිං අපට Passcode එක අමතක වුවහොත් අයිෆෝනය භාවිත කිරීමට නොහැකි වන අතර පියවර කිහිපයකින් අපට එය Unlock කර ගැනීමේ හැකියාව පවතිනවා.

Network Lock

මේ ලොක් එකෙන් කියැවෙන්නේ අදාළ අයිෆෝනය එක් දුරකතන ජාලයකට අදාළ සිම්පත් සමඟ පමණක් භාවිත කර හැකිවන ආකාරයට ලොක් කර තිබීම යි.උදාහරණයක් ලෙස UK වල O2 network එකට ලොක් කර ඇති අයිෆෝන් භාවිත කළ හැක්කේ O2 Network එකට අදාළ සිම්පත් සමඟ පමණි.එම නිසා එම අයිෆෝනය අපේ රටේ හෝ වෙනත් ජාලයක් සමඟ භාවිත කිරීමට Network Unlock කළ යුතු වනවා.මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් මීට පෙර නිකුත් කර ඇති අතර ඒ සඳහා මෙම සබැඳියාවෙන් පිවිසෙන්න.

iCloud Activation Lock

ඔබ ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවියේ පල වූ Find my iPhone/Mac සක්‍රීය කර ගැනීම ‍| iOS සහ මැක් අනුවාදය ලිපිය කියවා ඇති නම් මේ පිළිබඳව මේ වන විටත් දැනුවත් ඇති.Find my iPhone විශේෂාංගය iOS සමඟ සම්බන්ධ වන්නේ iOS 6 සමඟ යි.මෙම විශේෂාංගය iOS සඳහා පැමිණිමට ප්‍රධාන හේතුව වූයේ ලොව පුරා අයිෆෝන් විශාල වශයෙන් සොරකමට ලක්වීම සහ එසේ සොරකම් කිරීමෙන් පසු ඒවා නැවත සොයා ගැනීමට නිෂ්චිත ක්‍රමවේදයක් නොමැති වීම යි.එම නිසා මෙවැනි විශේෂාංගයක් අයිෆෝන් සඳහා අත්‍යවශය වූවා.

එහෙත් මෙම විශේෂාංගය iOS 6 සමඟ හඳුන්වා දුන්න ද එය සක්‍රීය නොකර අයිෆෝනයක් භාවිත කිරීමටත් එම උපාංගය සමඟ සම්බන්ධ වී තිබෙන Apple ID එක අමතක නම් Restore කර වෙනත් Apple ID එකක් සමඟ භාවිත කිරීමට හැකියාව පැවතුණා.

නමුදු iOS 7 සමඟ ඇපල් උපාංගයක් restore කර setup කිරීමේ දී එම උපාංගය සඳහා පෙර භාවිතා කළ Apple ID එක සහ එහි මුරපදය ඉල්ලා සිටින අතර එම අවස්ථාව මඟහරවා යාමට නොහැකි වන ලෙස iOS 7 සකසා තිබුණා.මෙහිදී ඇපල් සමාගම විසින් ඔබගේ Apple ID එක සමඟ ඔබගේ ඇපල් උපංගයේ Serial Number එක එකට එකතු කිරීමක්/සම්බන්ධ කිරීමක් සිදු කරනු ලබනවා.එම දත්ත අපගේ ඇපල් උපාංගයේ නොව ඇපල් සමාගමට අයත් ඔවුනගේ ම Server වල එම දත්ත ගබඩා කොට පවත්වාගෙන යන අතර අප Restore කර activation screen එකෙහි නැවත අපගේ Apple ID එක ලබා දීමේ දී සසඳා බලනුයේ එසේ ගබඩා කරන ලද දත්ත සමඟ යි.

ඒ අනුව iOS 7 ට අඩු iOS අනුවාදයක් සහිත ඇපල් iOS උපාංග සඳහා අපට සරල පියවර කිහිපයකින් නව Apple ID එකක් සමඟ භාවිත කිරීමට හැකියාව ලැබිණ.තවද ඇපල් අයිෆෝන් 4 හි iOS 7 අනුවාදයක් ධාවනය වුව ද අපට ලෙහෙසියෙන් එහි Apple iCloud Lock එක මඟහරවා යෑමේ හැකියාව පවතිනවා.මන් ද ඇපල් A4 චිප් එකක් සහිත උපාංග සඳහා Root Access තිබෙන නිසා අපට Apple iCloud Lock ක්‍රියාවලිය මගහැර යාමේ හැකියාව පවතිනවා.

එහෙත් අයිෆෝන් 4 හැර iOS 7 සහ ඊට ඉහළ iOS අනුවාද සහිත කිසි ම ඇපල් උපාංගයක් මෙසේ කලින් භාවිත කළ Apple ID එක නොමැතිව Apple iCloud Lock එක මඟහරවා යාමට නොහැකි අතර එසේ කිරීම ද නීති විරෝධී ක්‍රියාවක් ලෙස සැළකෙනවා.

ඔබ iCloud Activation Lock උපාංගයක් මිළ දී ගැනීමට පෙර

iCloud Activation Lock සහිත උපාංගයක් වෙළඳපොළේ ඉතා අඩු මිළට මිළ දී ගැනීමේ හැකියාව පවතිනවා.මෙම නිසා ම සමහර පරිශීලකයින් මෙවැනි උපාංග මිළ දී ගැනීමට පෙළඹ වී තිබුණත් මෙය යම් ආකාරයක අවධානමක් සහිත ක්‍රියාවලියක් වනවා.මන් ද


  • දිනෙන් දින ඇපල් සමාගම විසින් ශක්තිමත් කරන iCloud Activation Lock ක්‍රියාවලිය Unlock කළ නොහැකි තත්වයකට පත්ව තිබීම.
  • iCloud Activation Lock එක සාර්ථකව Unlock කළ ද සමහර විට එම අයිෆෝනය Network Lock එකක් පැවතීමට හැකි ය.එය Unlock කිරීමට  වෙන ම මුදලක් වැය වේ.
  • මෙම Lock දෙක ම Unlock කළ ද සමහර විට එම අයිෆෝනය වැඩකරන තත්වයේ නොතිබිය හැකි ය.මක් නිසා ද එම උපාංගය අපට iCloud Activation Lock එක Unlock නොකොට පරීක්ෂා කිරීමට නොහැකි වූ බැවින් එහි තොරතුරු නිවැරදිව බලා ගැනීමට නොහැකි වීම.
  • ඉහත කරුණු සියල්ල සාර්ථක කර ගත්ත ද පසු කාලීනව නීතිමය ගැටලු ඇති වීමේ අවධානම.

iCloud Activation Lock එකක් හඳුනා ගන්නා ආකාරය

මොකද්ද මේ ඇපල් iCloud Activation Lock කියන්නේ ?
ඕනෑම ඇපල් උපාංගයක iCloud Activation Lock සක්‍රීය කර ඇත්දැයි බැලීමට ඇති හොඳම මාර්ගය වන්නේ https://www.icloud.com/activationlock/ වෙත පිවිස ඔබ මිළ දී ගැනීමට සැරසෙන ඇපල් උපාංගයේ IMEI හෝ Serial Number එක ලබා දී පරීක්ෂා කිරීම යි.එම තොරතුරු ලබා දුන් පසු ඔබට එම උපාංගයට අදාළ iCloud Activation Lock හි වර්තමාන තත්වය බලා ගත හැකි ය.

දැනටමත් ඔබගේ ඇපල් උපාංගය iCloud Activation Lock එක සක්‍රීය වී ඇතිනම් ඔබට තාවකාලිකව iCloud Activation Lock screen එක මඟහැරවා ගොස් Facetime ඇප් එකට පිවිස මුල් අයිතිකරුගේ විද්‍යුත් ලිපිනය බලා ගැනීමට හැකියාව පවතින අතර (අදාළ උපාංගය Restore කර නැතිනම් හෝ මුල් අයිතිකරු Facetime සක්‍රීය කර ඇතිනම්) එමඟින් එම පුද්ගලයාව සම්බන්ධ කරගෙන යම් එකඟතාවයකට පැමිණ ඔහු ලවා iCloud Activation Lock එක අක්‍රීය කර ගත හැකි ය(මේ පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න).

තව ද යම් යම් තෙවන පාර්ෂවයේ Tools සහ ක්‍රමවේදයන් භාවිත කර iCloud Activation Lock එක අක්‍රීය කිරීමේ හැකියාව පවතින බව සමහර වෙබ් අඩවි ප්‍රකාශ කළ ද එහි සාර්ථකත්වය පිළිබඳව මේ වන තෙක් සහතිකයක් ලබා දිය නො හැකි ය.කෙසේ හෝ මෙවැනි ආකාරයේ සාර්ථක ක්‍රමයක් හමු වු විගස ඒ පිළිබඳව ඇපල් ගැන සිංහලෙන් වෙබ් අඩවියේ සවිස්තරාතමක ලිපියක් පළ කෙරෙනු ඇත.

19 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

ඇපල් උපාංග පමණක් යොදාගෙන නිර්මාණය වන ලංකාවේ පළමු සිනමාපටය

1 comment
ඇපල් උපාංග පමණක් යොදාගෙන නිර්මාණය වන ලංකාවේ පළමු සිනමාපටය

ඔබට මතක ඇති මීට පෙර ඇපල් ගැන සිංහලෙන් අඩවියේ පළවූ 1-24-14 ලිපියේ ඇපල් සමාගම අයිෆෝනක් මඟින් නිපදවූ වීඩියෝවක් සම්බන්දවත් ලන්ඩනයේ "Burberry runway show" වීඩියෝ කිරීම සඳහාත් අයිෆෝන් යොදාගත් බව ඔබට මතක ඇති.නමුදු අද මා කියන්නට යන්නේ වෙනත් රටක නිර්මාණය වන දෙයක් ගැන නොව අපේ රටේ ඇපල් උපාංග පමණක් යොදාගෙන ප්‍රථමවරට නිෂ්පාදනය වන සිනමාපටය වන "Adventures of Ricky Deen" පිළිබඳව යි.

ශ්‍රී ලාංකාවේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන විශ්වනාත් බුද්ධික කීර්තිසේන  මහතා විසින් අධ්‍යක්ෂණය කෙරෙන සහ ඔනොමි ඒක්,විශ්වනාත් බුද්ධික කීර්තිසේන සහ චෙනාල් රත්නම් විසින් තිර රචනය කරන මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ අසාර්ථක නළුවෙක්ගේ ජීවිත කතාව යි.මෙහි ප්‍රධාන වශයෙන් මහේන්ද්‍ර පෙරේරා,සංගීතා වීරරත්න,පාලිත සිල්වා,දර්ශන් ධර්මරාජ්,දසුන් පතිරණ,සමනලී ෆොන්සේකා සහ ශලිනි තාරකා රංගනයෙන් දායකත්වය දක්වනවා.මෙහි මහේන්ද්‍ර පෙරේරා ත්‍රිත්ව රංගනයකින්(Triple Acting) ද පාලිත සිල්වා ද්විත්ව රංගනයක(Double Acting) ද යෙදෙනවා.

ඇපල් උපාංග පමණක් යොදාගෙන නිර්මාණය වන ලංකාවේ පළමු සිනමාපටය

මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා ඇපල් අයිෆෝන් 5 දුරකතන දෙකක් පමණක් යොදා ගැනීම විශේෂත්වයකි.එසේ අයිෆෝනයක් භාවිත කිරීමේ දී කිසිම Lens වර්ගයක් මේ වන විට භාවිත නොකෙරෙන අතර වීඩියෝ කිරීම සඳහා FILMIC Pro නැමැති ඇප් එක යොදා ගනු ලබයි.මෙසේ පටිගත කෙරෙන වීඩියෝ සංස්කරණය කිරීම සඳහා Final Cut Pro භාවිත කෙරේ.මේ අනුව මෙම සිනමාපටය පූර්ණ වශයෙන් ඇපල් උපංග මඟින් නිර්මාණය කිරීමට මෙහි නිෂ්පාදන කණ්ඩායම කටයුතු කොට තිබෙනවා.



නිෂ්පාදන කණ්ඩායම

විශ්වනාත් බුද්ධික කීර්තිසේන | අධ්‍යක්ෂණය
බුද්ධි කීර්තිසේන | නිෂ්පාදක 
ඔනොමි ඒක්,විශ්වනාත් බුද්ධික කීර්තිසේන,චෙනාල් රත්නම් | තිර රචනය
දිමුතු කාලිංග දහනායක | කැමරාකරණය 
උදාර වීරරත්නසංස්කරණය
ලක්ෂ්මන් ජෝෂප් ද සේරම් | සංගීත සංකලනය
කුමාර කරව්දෙණිය ‍ | ඇදුම් නිර්මාණය
බුවනෙක රණවක | අංග රචනය
Elephant and the Mouse VFX | දෘෂ්‍ය සංකලනය

ඇපල් උපාංග පමණක් යොදාගෙන නිර්මාණය වන ලංකාවේ පළමු සිනමාපටය


1 comment :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

ඇපල් වොච් පිළිබඳව...

No comments
ඇපල් වොච් පිළිබඳව...

ඇපල් සමාගමේ නවත ම පෙරෙළිකාර උපාංගය වන ඇපල් වොච් මේ වන විට වෙළඳපොළට නිකුත්වීමට නියමිතව තිබෙනවා.ඇපල් සමාගම පසුගිය වසරේ පැවති විශේෂ උත්සවයක දී ඇපල් වොච් පිළිබඳව මූලික වශයෙන් නිවේදනය කරන ලද අතර මෙම වසරේ පැවැති "Spring Forward" event එකේදී එය වෙළඳපොළ සඳහා නිකුත් කෙරෙන දිනය ප්‍රකාශයට පත් කරන ලදී.ඒ අනුව 2015-04-10 වන දින සිට ඇපල් වොච් පෙර ඇනවුම්(Pre-Order) කළ හැකි අතර මෙම වසරේ ජූනි මාසය වන විට වෙළඳපොළට නිකුත් කෙරෙනු ඇත.

ඇපල් වොච් යනු ඇපල් සමාගමේ හිටපු විධායක නිළධාරී ස්ටීව් ජොබ්ස්ගේ අභාවයෙන් පසු ඇපල් සමාගම නිකුත් කළ පළමු නව උපාංගය යි.ඇපල් වොච් පිළිබඳව අදහසක් ප්‍රථමයෙන් සමාගමට ලබී ඇත්තේ ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කළ හයවන පරම්පරාවේ අයිපොඩ් නැනෝ උපාංගය නිසා බවයි පැවසෙන්නේ.මන්ද මෙම උපාංගය බොහෝ දෙනා ඔරලෝසුවක් ලෙස පැළැදීමට පුරුදුව සිටි අතර එය බොහෝ දෙනෙක් ප්‍රිය කළ උපාංගයක් ද විය.

සරලව ම පැවසුවහොත් ඇපල් වොච් කියන්නේ අපගේ අතෙහි පැළදිය හැකි ස්මාර්ට් වොච් එකකි.ස්මාර්ට් වොච් සංකල්පය එතරම් අලුත් සංකල්පයක් නොවුන ද ඇපල් සමාගම විසින් එයට නව අරුතක් එක් කිරීමට මෙමඟින් හැකියාව ලැබී තිබෙනවා.

ඇපල් වොච් ප්‍රධාන වශයෙන් වර්ග 03 ක් නිකුත් කොට තිබෙනවා

  1.Apple Watch Sport Edition
  2.Apple Watch Steel Edition
  3.Apple Watch Gold Edition


නිමාව
ඇපල් වොච් පිළිබඳව...

මෙම සෑම අනුවාදයක ම විශේෂාංග සමාන වන අතර එහි නිමාව,යොදා ගෙන ඇති අමුද්‍රව්‍ය සහ ඔරලෝසු අත් පළදනා පමණක් එකිනෙකට වෙනස්වනු ලබයි.තව ද මෙම සෑම අනුවාදයක් ම ප්‍රමාණ 2 කින් නිකුත් කොට ඇත.එනම් එහි මුහුණත මිලි මීටර් 38 සහ 42 යන ප්‍රමාණයන්ගෙන් නිකුත් කර ඇති අතර ඔබගේ අතට ගැළපෙන මාදිලිය මේ අතුරින් තෝරාගත හැකි ය.

Apple Watch Sport Edition

ඇපල් වොච් පිළිබඳව...


මෙම ඇපල් වොච් මාදිලියෙහි මුහුණත නිපදවා ඇත්තේ බරින් අඩු විද්‍යුත් විච්ඡේදනය කරන ලද ඇලුමිනියම් (anodized aluminum) භාවිත කරමිනි.මෙහි මුහුණත silver සහ space gray යන වර්ණ වලින් ද එහි ඔරලෝසු පටිය රෝස,නිල්,කොළ,සුදු සහ කළු යන ආකර්ෂනීය වර්ණ 05 කින් පැමිණේ.මෙම ඔරලොසු පටි සඳහා යොදා ගැනෙන අමුදුව්‍ය සමට සනීප මෘදු ඒවා වන අතර එහි ශක්තිමත් බව ද එයට දෙවැනි නොවේ.මෙහි තිරය Iron-X නැමැති ශක්තිමත් වීදුරුවකින් නිපදවා ඇති නිසා ඇපල් වොචි හි මුහුණත සීරිමෙන් ආරක්ෂා වේ.මෙහි ආරම්භක මිළ ඇමෙරිකානු ඩොලර් 349 සිට ඉහළට නියම වී ඇත.


Apple Watch Steel Edition

ඇපල් වොච් පිළිබඳව...

මලනොබැඳෙන වානේ වලින් නිර්මාණය කර ඇති මෙහි මුහුණත එම අමුද්‍රව්‍ය නිසා තනි වර්ණයකින් පමණක් නිකුත් කොට තිබෙනවා.මෙහි විශේෂත්වය වන්නේ මෙහි ඔරලෝසු මුහුණත සඳහා දැනට දියමන්ති හැරුණුකොට ලෝකයේ ශක්තිමත් ම පාරදෘෂ්‍යභාවයෙන් යුතු අමුදුව්‍ය වන "sapphire crystal" වලින් නිපදවා තිබීම යි.මේ නිසා මෙහි අතුරුමුහුණත ඉතා ශක්තිමත්,සීරීමට සහ පීඩනයට ඔරොත්තු දෙන මුහුණතක් වන අතර මෙම අමුද්‍රව්‍ය ම අයිෆෝන්හි Touch ID සඳහා සහ කැමරා ලෙන්ස් එක සඳහා ද භාවිත කරනු ලබනවා.

මෙහි ඔරලෝසු පටිය සඳහා මලනොබැඳෙන වානේ මෙන් ම උසස් ගණයේ ලෙදර් ද භාවිත කොට තිබෙනවා.මේ සඳහා භාවිත කර ඇති අමුද්‍රව්‍ය සමහරක් රටවල්වලට පමණක් ආවේණික ඒවා වන අතර මෙහි ඔරලෝසු පටි විවිධ නිමාවන් 20 කින් පමණ සමන්විත වනවා.මේ සඳහා භාවිත කර ඇති Loops සහ buckle ද එකිනෙකට වෙනස් වන ඒවා වන අතර ඒ අතර පාරම්පරික buckle ද ඇතුළත් වනවා.මෙම ඇපල් වොච් අනුවාදයේ ආරම්භක මිළ ඇමෙරිකානු ඩොලර් 549 සිට ඉහළට නියම වී තිබෙනවා ඇත.

Apple Watch Gold Edition

ඇපල් වොච් පිළිබඳව...


ඇපල් වොච්හි වටිනාකමින් වැඩි ම අනුවාදය වන මෙය සමාන්‍ය රත්‍තරන්වලට වඩා දෙගුණයක් ශක්තිමත් කැරට් 18 රත්‍රන් වලින් නිපදවා තිබෙනවා.Yellow Gold සහ Rose Gold යන වර්ණයන්ගෙන් සමන්විත මෙහි මුහුණත සහ Buckles ද රත්‍රන්වලින් නිපදවා ඇති අතර ඔරලෝසු පටිය සඳහා ලෙදර් භාවිත කෙරේ.මෙහි ඔරලෝසු මුහුණත ද "sapphire crystal" වලින් නිපදවා ඇත.මෙහි මිළ ඇමෙරිකානු ඩොලර් 10,000 සිට 17,000 දක්වා අතර මිළක් නියම කොට ඇත.

ක්‍රියා කරන ආකාරය

ඇපල් වොච් නිසියාකාරව භාවිත කිරීම සඳහා iOS 8.2 හෝ ඊට ඉහළ iOS අනුවාදයක් සහිත අයිෆෝන් 5 හෝ ඊට ඉහළ සංස්කරණයක් අවශ්‍ය වනවා.

මෙහි සමාන්‍ය ඔරලෝසුවක දක්නට ලැබෙන ක්‍රවුන් එකක්(ඇප්ල් වොච් හි නම් Digital Crown) සහ තවත් එක් භෞතික බටනයකින් සමන්විත වනවා.මෙම ක්‍රවුන් එක මඟින් Zoom in සහ Zoom Out කිරීමටත් Scroll කිරීමටත් එක්වරක් එබීමෙන් Home Screen එකට පැමිණීමටත් තද කර සිටීමෙන් Siri ලබා ගැනීමටත් හැකියාව පවතී.මෙහි තිරය ස්පර්ෂ සංවේදී Retina තිරයකින් සමන්විත වන අතර හඳුන්වා දෙන Force Touch පහසුකමින් ද සමන්විත වේ.එනම් ඔබ ඇපල් වොච්හි තිරයෙහි යමක් tap කරන විට එහිදී යොදන පීඩනය අනුව එමඟින් ලබා දෙන ප්‍රතිචාර  සහ තේරීම් වෙනස් වේ.

මෙහි මුහුණත පිටුපස අපගේ හෘද ස්පන්දනය මැන බැලීම සඳහා අවශ්‍ය සංවේදකයන් ඇති අතර ඇපල් වොච් විසින් සෑම පැයකට වරක් ම අපගේ හෘද ස්පන්දනය මැන බලා එහි දත්ත සටහන් කරගනු ලබයි.

මෙය චාර්ජ් කිරීම සඳහා කාන්දම් බලය සහිත චාජරය ඇපල් වොච් හි පිටුපසට ළං කළ විට එය චාර්ජ් වීම ආරම්භ වේ.ඇපල් සමාගම පවසන ආකාරයට මෙහි බැටරිය එක්වරක් සම්පූර්ණයෙන් ආරෝපණය කළ විට පැය 18 ක් පමණ නොකඩවා භාවිත කළ හැකි ය.

ඇපල් වොච් පිළිබඳව...


මෙහි භාවිත වන ඔරලෝසු පටි අපට අවශ්‍ය නම් මාරු කර හැකි අතර එය ඉතා පහසුවෙන් ගැලවීමට සහ සවි කිරීමට හැකියාව පවති.

විශේෂාංග

ඇපල් වොච් සමඟින් අප අයිෆෝනයෙන් කරන බොහොමයක් කටයුතු ඊට වඩා ඉක්මණින් පහසුවෙන් කරගත හැකි අතර ඊට අමතරව මීට ආවේණික විශේෂාංග බොහොමයක් ද හඳුන්වා දී ඇත.iOS 7 මෙන් පැතලි අතුරු මුහුණතක් සහිත ඇපල් Watch OS මඟින් බලගැන්වෙන ඇපල් වොච් සඳහා මේ වන විටත් ඒ වෙනුවෙන් නිර්මාණය කරන ලද ඇප්ස් ගණනාවක් ඇත.ඇපල් වොච් හි අතුරු මුහුණතෙහි ඇති බොහෝමයක් දෑ අපට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගත හැකි ය.

ඇපල් වොච් තුළින් අපට ලැබෙන ඇමතුම්,කෙටි පණිවුඩ,ඊ-මේල් පණිවුඩ,Reminders වැනි Notification සැණෙකින් ඇපල් වොච් හි මුහුණතට ලබා දෙන අතර එහි අඩංගු Taptic Engine නැමැති දෘඩාංගය මඟින් අපට Notification එකක් ලබුණු විගස තට්ටු කිරීමක් වැනි සංවේදනයක් සිදු කරයි.මේ අධාරයෙන් ම ඔබගේ ළඟ සිටින මිතුරකුගේ ඇපල් වොච් එකෙහි ද එවැනි තට්ටු කිරීමක් සිදු කළ හැකි අතර අවශ්‍ය නම් ඔබට මේ මොහොතේ ඔබේ හෘද ස්පන්දන රිද්මය ද අනෙකා වෙත යැවිය හැකි ය.තවද ඔබට ඔබ විසින් අදින ලද සරල රෑප ද තම සමීපයේ සිටින මිතුරාගේ ඇපල් වොච් එකට යැවිය හැකි ය.

ඔබට පණිවුයඩයක් ලැබුණු පසු ඔබ වේලාව බලන ආකාරයට එදෙස බලා සිටියහොත් එම පණිවුඩයෙහි අන්තර්ගතය තවදුරටත් ලබා දෙන අතර ඔබ අත පහළට කළහොත් පණිවුඩය තිරයෙන් ඉවත්ව යයි.

මේ සමඟම අපට ඇපල් වොච් හරහා ඇමතුම් ලබා ගැනීමටත් පණිවුඩ යැවීමටත්,Siri හරහා තොරතුරු සෙවීමටත්,ගීත ඇසීමටත් ඇපල් සිතියම් නැඹීමටත් හැකියාව පවතී.

ඇපල් වොච්හි ලැබෙන තවත් වැදගත් විශේෂාංගයක් වන්නේ එහි ශාරීරික හා සෞඛ්‍ය යෝග්‍යතාවට අදාළ ඇප්ස් ය.මෙමඟින් අප වැය කර ඇති කැලරි ප්‍රමාණය,අප අද දවසේ ගමන් කළ දුර වැනි දෑ ගණනය කර සටහන් කරගන්නා අතර අපට නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට අදාළ උපදෙස් ද එම අදාළ දත්ත වලට අනුකූලව ලබා දේ. 

ඇපල් වොච් Apple Pay සඳහා ද සහය දක්වනු ලබන අතර අපට ගෙවීමක් කිරීමට අවශ්‍ය වූ විට ඇපල් වොච් එක අදාළ ගෙවීම් උපකරණයට ළං කළ සැණින් ගෙවීම සිදු වේ.

මේ වන විට ඇපල් සමාගමෙන් නිර්මාණය කර ඇති සහ තෙවන පාර්ෂව කරුවන් විසින් නිර්මාණය කරන ලද ඇප්ස් ගණනාවක් ඇපල් වොච් සඳහා පවතින අතර නව ඇප්ස් තවදුරටත් නිර්මාණය වෙමින් පවති.

ඇපල් වොච් පිළිබඳව...

බොහෝ දෙනෙකුට ඔරලෝසුවක් යනු ආභරණයකි.විවිධ විලාසිතාවන්ට විවිධ
මිළ ගණන් යටතේ අද වන විට විශාල ඔරලෝසු ප්‍රමාණයක් වෙළඳපොලෙහි දක්නට ලැබේ.ස්මාර්ට් වොච් ගත්ත ද ලොව ප්‍රකට වෙළඳ නාම යටතේ ස්මාර්ට් වොච් කිහිපයක් ම වෙළඳපොලෙහි දක්නට ලැබේ.නමුදු ඇපල් වොච් ඇපල් සමාගමේ අනෙක් උපාංග මෙන් ම වෙනත් ස්මාර්ට් වොච් පසු කරමින් විලාසිතාවෙන් මෙන් ම තාක්ෂණයෙන් ද ඉදිරියෙන් සිටියි.ඔබට ඇපල් වොච් පිළිබඳව Virtual Demo එකක් මෙම වෙබ් අඩවියට පිවිස අත්විඳිය හැකි ය.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුව 2015 (WWDC15) සඳහා ලියාපදිංචි වීම ඇරඹේ...

No comments
ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුව 2015 (WWDC15)

ඇපල් සමාගම විසින් මීට සුළු මොහොතකට පෙර ඇපල් සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුව 2015" පැවැත්වෙන දිනය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.මෙම වසරේ මෙම සමුළුව ඇමෙරිකාවේ සැන් ෆැන්සිස්කෝ නුවර ජූනි මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි එහි පැවසෙන්නේ.

ලෝකය පුරා විසිර සිටින ඇපල් උපාංග සඳහා මෘදුකාංග ප්‍රවර්ධනය කරන මෘදුකාංග ප්‍රවර්ධකයින්ට සහ ඒ පිළිබඳව හදාරනු ලබන ශිෂ්‍යයින් ඉලක්ක කොට ගෙන පැවිත්වෙන මෙම සමුළුවේ දී මෘදුකාංග ප්‍රවර්ධකයින් සඳහා ඇපල් සමාගමේ ඉංජිනේරුවන් 1,000 කට අධික පිරිසක් විසින් මෙහෙයවනු ලබන තාක්ෂණික සැසි 100 කට අධික ප්‍රමාණයක් සහ ඇපල් සමාගමේ වාර්ෂිකව පවත්වන "Apple Design Awards" සඳහා ද සහභාගී වීමට හැකියාව පවතිනවා.

මෙම වසරේ දී iOS හි මීළඟ මෙහෙයුම් පද්ධතිය වන iOS 9 සහ මැක් සඳහා වූ මීළඟ මෙහෙයුම් පද්ධතිය පිළිබඳව ද නිවේදනය කිරීමට නියමිතව ඇත.

මේ සඳහා ඇපල් සමාගමේ මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ නිල වෙබ් අඩවිය ඔස්සේ මෙම මස 17 වැනිදාට ප්‍රථම ලියාපදිංචි විය යුතු අතර මෙහි ප්‍රවේශ පත්‍රයක් මෙරිකානු ඩොලර් 1,599 ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රැපියල් 220,000 ක්) ලෙස මිල නියම වී ඇති අතර මේ සඳහා ඇති අධික ඉල්ලුම නිසා පසුගිය වසරේ මෙන් මේ වසරේ ද ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලොතරුයි ක්‍රමයට සිදු කෙරේ.එහි ජයග්‍රාහකයින්හට මෙම මස 20 වන දින දැනුම් දීමට නියමිත අතර එම දැනුම් දීම ලබා දුන් වහා ම ඇපල් සමාගම වෙත ගෙවීම සිදු කොට තම අසුන වෙන් කරවා ගත යුතු වේ.

තවද මෙම වසරේ දී මෙම සමුළුව පැවැත්වෙන ස්ථාන පරිශ්‍රය තුළ Selfie Stick,Google Glass වැනි උපකරණ රුගෙන යාම සහ පැළැදීම තහනම් කොට තිබෙනවා.

කෙසේ වෙතත් ඔබට ඇපල් සමාගමේ නිල වෙබ් අඩවිය ඔස්සේ සහ WWDC සඳහා නිර්මාණය කර ඇති ඇප් එක ඔස්සේ ද මෙම සමුළුව සජීවීව නැරුඹීමට ද හැකියාව පවතිනවා.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

මාර්තු 9 වනදා ඇපල් සමාගමෙන් අපට බලාපොරොත්තු විය හැකි සියලු දේ...

2 comments
මාර්තු 9 වනදා අපට බලාපොරොත්තු විය හැකි සියලු දේ...

ඇපල් සමාගම මේ වන විටත් මෙම මස 9 වන දා ඔවුන්ගේ මීළඟ Event එක ලෙස  "Spring forward" event එක නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා.මූලිකව ම මෙදින ඇපල් Watch උපාංගය පිළිබඳව අවධානය යොමු කර සිටිය ද මෙදින තවත් විශේෂ නිවේදන කිහිපයක් නිකුත් කිරීමට නියමිත ය.මෙසේ නිවේදනය කරනු ඇතැයි අනුමාන කෙරෙන දෑ මෙසේ ය.

Apple Watch පිළිබඳව වැඩිදුර තොරතුරු

ඇපල් සමාගම පසුගිය වසරේ Apple Watch පිළිබඳව හඳුන්වා දුන් අතර එදින ඇපල් සමාගම ප්‍රකාශ කළේ 2015 වසරේ පළමු කාර්තුවේ දී පමණ Apple Watch වෙළඳපොළට නිකුත් කිරීමට සූදානමින් සිටින බව යි.නමුත් එදින Apple Watch හි සමහරක් තොරතුරු මහජනයා වෙත නිකුත් නොකරනු ලැබී ය.ඒ අනුව Apple Watch හි බැටරියේ ආයු කාලය වැනි වැදගත් තොරතුරු මාධ්‍ය වෙත නිකුත් නොකරනු ලැබූ අතර එළැබෙන මාර්තු 9 වන දා Apple Watch පිළිබඳව තවත් තොරතුරු සහ එය වෙළඳපොළට නිකුත් කරන දිනයන්,Apple Watch හි අතුරු මුහුණත හා ඒ සඳහා නිකුත් කෙරෙන ඇප්ස් පිළිබඳව ද තොරතුරු නිකුත් කිරීමට නියමිත යි.

මේ වන විට ඇපල් සමාගමේ රැකියාවෙහි නිරතවන සේවකයන් ලවා සමාන්‍ය ජීවිතයේදී Apple Watch පරීක්ෂාවට ලක් කරමින් සිටින අතර ඇපල් සමාගම තම ඇපල් ගබඩාවන්හී විශේෂ ප්‍රදර්ශන කුටි සහ ආභරණ වැනි වටිනා දෑ අසුරණු ලබන සේප්පු ද මේ වන විට සමහර ඇපල් ගබඩාවන් වල ස්ථානගත කොට ඇත.

iOS 8.2

මෙදින iOS 8 හි නවත ම අනුවාදය වන iOS 8.2 නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි ය.මේ වන විට එහි බීටා අනුවාද කිහිපයක් ම ඇපල් මෘදුකාංග ප්‍රවර්ධකයින් හට නිකුත් කර ඇති අතර ලබන මාර්තු 9 වන දින iOS 8.2 Apple Watch සමඟ සහය දක්වන ලෙස යාවත්කාලීන කර නිකුත් වනු ඇත. 

මැක් OS X 10.10.3 සමඟින් නව Photos ඇප් එක

ඇපල් සමාගම මේ වන විටත් මැක් OS X 10.10.3 හි බීටා අනුවාද කිහිපයක් ම ඇපල් මෘදුකාංග ප්‍රවර්ධකයින් හට නිකුත් කර ඇති අතර ඒ සමඟ ඇපල් සමාගමේ නව Photos ඇප් එක ද අන්තර්ගතව නිකුත් වනු ඇත.මෙම Photos ඇප් එක මීට පෙර ඇපල් සමාගම විසින් නිකුත් කළ iPhoto සහ Aperture මෘදුකාංග දෙකෙහි එකතුවක් ලෙස නිකුත් වනු ඇත.

මාර්තු 9 වනදා අපට බලාපොරොත්තු විය හැකි සියලු දේ...


නව MacBook Air 

මීට පෙර කිහිපවරක් ම තොරතුරු නිකුත් වූ නව MacBook Air ද මෙදින නිකුත් වනු ඇති බවට අනුමාන කෙරේ.මෙම MacBook Air එක අඟල් 12 කින් යුතු Retina තිරයකින් සමන්විත වනු ඇති අතර දැනට වෙළඳපොළේ ඇති MacBook Air ට වඩා සිහින් බඳක් සහිත වනු ඇති බවට තොරතුරු නිකුත් වී ඇත.

මෙසේ ලබන මාර්තු 9 වන දින ඉහත සඳහන් දෑ නිවේදනය කිරීමට නියමිතව ඇති අතර එම Event එක ශ්‍රී ලංකා වේලාවෙන් එදින පස්වරු 10.30 ට ඇපල් සමාගමේ නිළ වෙබ් අඩවියේ ඔස්සේ සජීවීව නැරඹිය හැකි ය.

2 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

ඇපල් සමාගමේ 'Project Titan' 2020 දී මහමඟට...

No comments
ඇපල් සමාගමේ 'Project Titan' 2020 දී මහමඟට...
ඇපල් සමාගම මේ වසරේ දී තවත් අලුත් ව්‍යාපෘතියක් සඳහා මුලපුරා තිබෙනවා.මීට වසර කිහිපයක පෙර සිට iCar,Apple Car යන නම් වලින් විවිධ තොරතුරු,අනුමාන අන්තර්ජාලයට නිකුත් වුව ද මෙම වසරේ දී එය යථාර්ථයක් බවට පත්ව ඇති බවයි පෙනී යන්නේ.එනම් ඇපල් සමාගම විසින් ඉතා රහසිගතව විද්‍යුත් මෝටර් රථයක් නිපදවීම සඳහා නව ව්‍යාපෘතියක් ආරම්භ කොට තිබීම ය.

Bloomberg වෙබ් අඩවියට අනුව මෙම විද්‍යුත් මෝටර් රථය 2020 දී පමණ නිෂ්පාදනය කොට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.මෙම මෝටර් රථයේ අඩංගු විය හැකි විශේෂාංග හෝ එහි හැඩය පිළිබඳව හෝ මේ වන තෙක් කිසි ම තොරතුරක් ලැබී නොමැති බව ද සඳහන් වේ.

ඇපල් සමාගමේ මෙම නව නිෂ්පාදනය පිළිබඳ පුවත ප්‍රථමයෙන් ම කරළියට පැමිණෙන්නේ පසුගිය සතියේ ඇමෙරිකාවේ The Wall Street Journal සඟරාව විසින් Project Titan යන මෑයෙන් පුවතක් ඵල කිරීම යි.ඒ අනුව මෙම විද්‍යුත් මෝටර් රථයේ කේත නාමය 'Titan' ලෙස හැඳින්වෙන අතර මේ වන විට එම ව්‍යාපෘතිය තුළ ඇපල් සමාගමේ සේවකයින් 200 ක් පමණ සේවය කරන බවත් ඇපල් සමාගම මේ සඳහා සේවකයින් 1,000 ක් පමණ ඉදිරියේ දී යෙදවීමට නියමිත බවත් සඳහන් වේ.

තවද ඇපල් සමාගම පසුගිය මාස කිහිපය තුළ මෙම ක්ෂේත්‍රයේ නම් දරා සිටින  Tesla, Ford, GM, A123 Systems, MIT Motorsports, Ogin, Autoliv, Concept Systems, සහ General Dynamics යන සමාගම් වල සේවකයින් කිහිප දෙනෙකු සමාගමට බඳවා ගෙන ඇති අතර තවත් මෙම විෂය සම්බන්ධ විශේෂඥයින් පිරිසක් ඉදිරියේ දී බඳවා ගැනීමට නියමිත බවයි පැවසේන්නේ.

කෙසේ වෙතත් Project Titan මෙසේ ආරම්භ කරනු ලැබුව ද ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමේදී එහි ප්‍රගතිය සම්බන්ධයෙන් සමාගම අසතුටුදායක නම් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම නවතා දැමීමට හෝ ප්‍රමාද කිරීමට අවකාශය ඇති අතර මීට පෙර ද වෙළඳපොළට නිකුත් නොකර අතරමග නවතා දැමූ ව්‍යාපෘති කිහිපයක් ම පැවති බව ද සඳහන් වේ.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.