ඇපල් සමාගමේ 'Project Titan' 2020 දී මහමඟට...

No comments
ඇපල් සමාගමේ 'Project Titan' 2020 දී මහමඟට...
ඇපල් සමාගම මේ වසරේ දී තවත් අලුත් ව්‍යාපෘතියක් සඳහා මුලපුරා තිබෙනවා.මීට වසර කිහිපයක පෙර සිට iCar,Apple Car යන නම් වලින් විවිධ තොරතුරු,අනුමාන අන්තර්ජාලයට නිකුත් වුව ද මෙම වසරේ දී එය යථාර්ථයක් බවට පත්ව ඇති බවයි පෙනී යන්නේ.එනම් ඇපල් සමාගම විසින් ඉතා රහසිගතව විද්‍යුත් මෝටර් රථයක් නිපදවීම සඳහා නව ව්‍යාපෘතියක් ආරම්භ කොට තිබීම ය.

Bloomberg වෙබ් අඩවියට අනුව මෙම විද්‍යුත් මෝටර් රථය 2020 දී පමණ නිෂ්පාදනය කොට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.මෙම මෝටර් රථයේ අඩංගු විය හැකි විශේෂාංග හෝ එහි හැඩය පිළිබඳව හෝ මේ වන තෙක් කිසි ම තොරතුරක් ලැබී නොමැති බව ද සඳහන් වේ.

ඇපල් සමාගමේ මෙම නව නිෂ්පාදනය පිළිබඳ පුවත ප්‍රථමයෙන් ම කරළියට පැමිණෙන්නේ පසුගිය සතියේ ඇමෙරිකාවේ The Wall Street Journal සඟරාව විසින් Project Titan යන මෑයෙන් පුවතක් ඵල කිරීම යි.ඒ අනුව මෙම විද්‍යුත් මෝටර් රථයේ කේත නාමය 'Titan' ලෙස හැඳින්වෙන අතර මේ වන විට එම ව්‍යාපෘතිය තුළ ඇපල් සමාගමේ සේවකයින් 200 ක් පමණ සේවය කරන බවත් ඇපල් සමාගම මේ සඳහා සේවකයින් 1,000 ක් පමණ ඉදිරියේ දී යෙදවීමට නියමිත බවත් සඳහන් වේ.

තවද ඇපල් සමාගම පසුගිය මාස කිහිපය තුළ මෙම ක්ෂේත්‍රයේ නම් දරා සිටින  Tesla, Ford, GM, A123 Systems, MIT Motorsports, Ogin, Autoliv, Concept Systems, සහ General Dynamics යන සමාගම් වල සේවකයින් කිහිප දෙනෙකු සමාගමට බඳවා ගෙන ඇති අතර තවත් මෙම විෂය සම්බන්ධ විශේෂඥයින් පිරිසක් ඉදිරියේ දී බඳවා ගැනීමට නියමිත බවයි පැවසේන්නේ.

කෙසේ වෙතත් Project Titan මෙසේ ආරම්භ කරනු ලැබුව ද ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමේදී එහි ප්‍රගතිය සම්බන්ධයෙන් සමාගම අසතුටුදායක නම් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම නවතා දැමීමට හෝ ප්‍රමාද කිරීමට අවකාශය ඇති අතර මීට පෙර ද වෙළඳපොළට නිකුත් නොකර අතරමග නවතා දැමූ ව්‍යාපෘති කිහිපයක් ම පැවති බව ද සඳහන් වේ.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.